Pages

Wednesday, May 1, 2013

මුස්ලිම් කාන්තා ඇඳුම භායානක පෙර නිමිත්තක් – රතන හිමි

නිල ඇදුම් වෙනස්කරමින් රටේ පොදු නීතියට පිටුපා ක‍්‍රියාකරන අයට දඩුවම් කළ යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ සභාපති අතුරලියේ රතන හිමියන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. එම නිවේදනම සම්පූර්ණයෙන් මෙසේය.

කල්පිටිය රෝහල ඇතුළු පුත්තලම් දිස්ති‍්‍රක්කයේ රෝහල් ගණනාවක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුම වෙනුවට වෙනත් ඇදුමකින් සැරසී සිටින බව මාධ්‍ය මගින් වාර්තාකර ඇත. මෙසේ වෙනත් ඇදුමකින් සැරසී සිටින්නේ මෙම රෝහල්වල මුස්ලිම් ජාතික කාන්තාවන්ය. එය ඔවුන්ගේ ජන වර්ගයේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයට සකස්කරගත් ඇදුමක් බව වාර්තා වේ. මේ තත්වය හේතුකොට ගෙන රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සැරසී සිටිය යුතු නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටීම නිසා ගැටුම්කාරී තත්වයක්, නොසන්සුන් තත්වයක් රෝහල් තුළ ඇතිවෙමින් තිබෙන බවද දැනගන්නට ලැබී ඇත. කල්පිටිය දිසා රෝහල, පුත්තලම මූලික රෝහල, මාම්පූරිය ග‍්‍රාමීය රෝහල සහ ආලන්කුඩා මධ්‍යම බෙහෙත් ශාලාව වැනි රෝහල් තුළ නියමිත නිල ඇදුමට පිටින් වෙනත් ඇදුමකින් සැරසී සිටින බවත්, එම ඇදුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකගේ බලපෑම තිබෙන බවත්, එම රෝහල තුළ සේවකයන් ප‍්‍රකාශකර සිටී.

තත්වය එසේනම් එය ඉතාම භයානක පෙර නිමිති පෙන්වන පිළිකාවකි. රෝහලක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවන් සැරසිය යුතු නිල ඇදුම කවර හෝ කණ්ඩායමකගේ බලපෑමට වෙනස් කරන්නේනම් එසේ කරන සේවිකාවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර නීතිය කි‍්‍රයාත්මක කිරීම විෂයභාර අමාත්‍යවරයාගේත්, ඊට වගකිවයුතු නිලධාරීන්ගේත්, බලධාරීන්ගේත් කාර්යයකි. මෙය පැහැදිලිවම ආයතනික චක‍්‍රලේඛන සහ ආයතනික නීතිරීති උල්ලංඝණය කිරීමක් මෙන්ම රටේ නීති රීති අභියෝගයට ලක් කිරීමකි. මේ සම්බන්ධයෙන් අදාල ස්ථානභාර වෛද්‍යවරුන් නිසි බලධාරීන් දැනුවත් කළමුත් තවමත් අවශ්‍ය පියවර නොගත්තේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට ඇති බිය නිසාද? එසේ නැතිනම් මෙම ප‍්‍රදේශයේ ඇති මුස්ලිම් දේශපාලන අධිකාරියට ඇති බිය නිසාද? මුස්ලිම් අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් දැඩි ලෙස සිදුවන මෙම ප‍්‍රදේශය තුළ ඉතා අවසනාවන්ත සිදු වීම් ගණනාවක් පසුගිය කාලය තුලද වාර්තා විය. අමු අමුවේ සිංහල පොලිස් නිලධාරියෙක් මහදවල් කපා කොටා මරා දැමුවේද පුත්තලම් නගර මධ්‍යයේය. එමෙන්ම මත් කුඩු, මත් පෙති, හොර බඩු, ජවාරම් සිදුවන තිප්පොලක් ලෙසද මෙම ප‍්‍රදේශය ප‍්‍රසිද්ධය.

පසුගිය කාලය පුරා අප අනතුරු ඇගවූයේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් හොල්මන් කරන බවය. මෙම නිල ඇදුම් මාරු කිරීමේ කි‍්‍රයාවෙන් එම සැකය තවත් තවත් තහවුරු කර ඇත. රජයේ පාසැල්වල නිල ඇදුමට පිටින් මුස්ලිම් අනන්‍යතාවයක් සහිත ඇදුම් ඇදීමට මුස්ලිම් දරුවන් යොමු කරමින් ඉන් පසුව එයට චක‍්‍රලේඛන සාදන ආකාරයට රෝහල් කාර්ය මණ්ඩලයේ නිල ඇදුමට පිටින් මුස්ලිම් ඇදුම ආදේශ කිරීමට පටන්ගැනීම තුළින් පෙන්නුම් කරන්නේ පැහැදිලි ලෙසම සමාජ බෙදුම්වාදයකට මුස්ලිම් සමාජයේ අන්‍යතාවය මුවාවෙන් යොමුවෙමින් ඇති බවයි. මෙහි ඇති අනතුර තේරුම් ගෙන වහාම මේ පිළිබදව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගතයුතු බවත් සමාජ ඒකාබද්ධතාවයට, ජාතික ඒකාග‍්‍රතාවයට මෙම ප‍්‍රවණතාවය හානිකර බැවින් වගකිව යුත්තන්ගේ විශේෂ අවධානය යොමුකල යුතුය. එසේ නොවුවහොත් තමන්ගේ අනන්‍යතාවය කියාපෑමේ මුවාවෙන් එන මෙම සමාජ බෙදුම්වාදය සමස්ථ සමාජ දේහයම වෙලාගත් ගැටලූවක් බවට පත්වනු ඇත. එයට ප‍්‍රථම ගතයුතු පියවර ගැනීම රජයේ වගකීමයි.

May 1, 2013 at 1:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93714/

0 comments: