බේරුවල හා අලුත්ගම සිදුවීම් ගැන සිදුකරන පරීක්ෂණ තවම අවසන් නැත. මේ සිදුවීම් සමගින් යළිත් කරළියට පැමිණියේ අන්තවාදී සංවිධාන රට තුළ ක්‍රියාත්මක වන බවට ඇතිවෙමින් තිබූ මතවාදයයි. බොදු බල සේනාව ඇතුළු සංවිධාන අන්තවාදී සංවිධාන ලෙසින් හඳුන්වාදෙන්නේ මුස්ලිම් සංවිධානයි. ඒ අතරම ඇතැම් පිරිස් බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධානවලට ඇඟිල්ල දිගු කරන්නේ එම සංවිධානද අන්තවාදී සංවිධාන ලෙස හඳුන්වා දෙමිනි.
බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කලක සිටම කරන චෝදනාවක් වන්නේ මේ රට තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන රැසක් රහසේ ක්‍රියාත්මක වන බවයි. උන්වහන්සේ මෙම චෝදනාව කරනුයේ කලකට ඉහත ජාත්‍යන්තර පොලීසිය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ අදහසක්ද පදනම් කරගනිමිනි. ලංකාව තුළ අන්තවාදීන් ක්‍රියාත්මක වන බවට ජාත්‍යන්තර පොලීසිය මෙසේ කරුණු අනාවරණය කර තිබුණි. ඥානසාර හිමියන් පවසන්නේ එය ලංකාවේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන බව තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් බවයි.
“අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කලාපයේ සිදුවන දේ සමග එම තත්ත්වයන් විග්රහ කරන විටදීයි. ජාත්‍යන්තර පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු අනුවත් ලංකාවේ අන්තවාදීන් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. ජිහාඩ් මතවාදයන් පතුරවන වහාබ්වාදී ආගමික සංවිධාන මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙනවා”ඥානසාර හිමියෝ පවසති.
ඥානසාර හිමියන්ගේ ඇඟිල්ල දිගුවන්නේ තවුෆික් ජමාඩ්, ජමාතේ ස්ලාම්, ඉහ්වාන් මුස්ලිම් වැනි සංවිධාන වෙතය. මෙම සංවිධානවල සාමාජිකයන් නොයෙක් අරාබි රටවල පුහුණුව ලබා ලංකාවට පැමිණෙන බවත්, මුස්ලිම් සමාජය ඔවුන්ගේ මතවාදයට ගොනු කරගැනීමට ඔවුන් සැලසුම් සහගතව කටයුතු කරන බවත් ඥානසාර හිමියෝ චෝදනා කරති. ඒ සඳහා විවිධ රටවලින් මුදල් ලබාගන්නා බවත්, ලංකාව මුස්ලිම් රටක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ඔවුන් කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කරති.
මේ අතර ජාතික හෙළ උරුමයද බොදු බල සේනාවට සමාන අදහසක් ඉදිරිපත් කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කිරීමෙන් පසුව මුස්ලිම් සමාජය තුළින් අන්තවාදී සංවිධාන මතුවී ඇතැයි ඔවුන් ද පවසයි. මීට වසර පහළොවකටවිස්සකට පෙර මුස්ලිම් සමාජයේ පැවැති ඇවතුම් පැවැතුම් මේ වන විට වෙනස්වී ඇති බවත්, අරාබියේ මෙන් ඇඳුම් පැළඳුම් පවා වෙනස්වී ඇති බවත් හෙළ උරුමය කියයි. එයට හේතු වන්නේ අන්තවාදීන්ගේ බලපෑම්ය යන්න හෙළ උරුමයේ චෝදනාවයි. ලංකාවේ සමාජයෙන් වෙන්වූ පිරිසක් ලෙස මේ අන්තවාදීන් කටයුතු කරන බවද මේ නිසා සමාජය විශාල බෙදීමකට ලක්වීමේ අවදානමක් ඇතැයිද හෙළ උරුමය පෙන්වාදෙයි. එසේ සමාජයේ ඇතිවන බෙදීම කාලයත් සමග බෙදුම්වාදයකට තල්ලුවිය හැකිය යන්න හෙළ උරුමයේ විශ්වාසය බව පෙනේ.
“මුස්ලිම් සමාජයේ මීට පෙර සිටියේ දේශපාලන නායකයින්. මේ දේශපාලන නායකයින් තමයි මුස්ලිම් සමාජයට බලපෑම් කළේ. එදා අශ්රෆ්ලා සිටියා. අද හකීම්ලා, රිෂාඩ් බදියුදීන්ලා, අසාද් සාලිලා දේශපාලන නායකයින් ලෙස සිටිනවා. ඒත් මේ දේශපාලන නායකයින්ට මුස්ලිම් සමාජයට කළ හැකි බලපෑම දැන් බොහෝ දුරට අඩුවෙලා. ඒ වෙනුවට දැන් මුස්ලිම් සමාජයට බලපෑම් කරන්නේ අන්තවාදී ආගමික සංවිධානයි. මේ සංවිධානවල සිටින්නේ කවුද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒවායේ සිටින නායකයින් රහසිගත නායකයින්”ජාතික හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ චෝදනා කරයි. පසුගිය කාලයේදී බොදු බල සේනාව සමග ගැටුම් ඇතිකරගත්තේ මේ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබෙන අන්තවාදී සංවිධාන බවද ඔහු පෙන්වා දෙයි. එම සංවිධාන විශාල වශයෙන් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන බවද, ඊට අමතරව පුත්තලම, බේරුවල මධ්‍යස්ථාන කරගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද වර්ණසිංහ සඳහන් කරයි.
“මේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණයත් සමගයි. මේ අන්තවාදීන්ට විදේශ ආධාර ගලා එනවා. ඒ වගේම දැන් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණි පිරිස් සිටිනවා. පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිට පැමිණි සරණාගතයින්ගෙන් ඇතැමුන් විදේශ රටවල සිටින මූලධර්මවාදීන් සමග සම්බන්ධතා පවත්වනවා. මොවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටිනවා. ජාත්‍යන්තර පොලීසිය සඳහන් කරන ආකාරයට අන්තවාදීන් ලංකාව ඔවුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන කටයුතු කරනවා. ලංකාව ඔවුන්ට ආරක්ෂාකාරී තැනක් බවට පත් කරගෙන සිටින ඔවුන් මෙය නිහඬ තිප්පොළක් කරගෙන සිටිනවා. තබ්ලික් ජමාඩ් නමැති සංවිධානය නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළුවූ නවක මුස්ලිම් සිසුන් අටසියයකට පමණ අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා. මෙම සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය ආගමට අනුවදැයි සොයා බැලීමට ඇති ජමියතුල් උලමා සංවිධානය පවා මේ ගැන නොසලකා සිටීම කනගාටුවට කරුණක්.” වර්ණසිංහ තවදුරටත් චෝදනා කරයි.
මෙම අන්තවාදී සංවිධාන සමාජයේ පැවැත්මට හා සහජීවනයට තර්ජනයක් වන නිසා ඒවා තහනම් කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි. මේ පිළිබඳව සොයා බැලීම රජයේ මෙන්ම බුද්ධි අංශවලත් වගකීම විය යුතු යැයිද ඔහු පෙන්වා දෙයි.
“මේ සංවිධානවල ක්‍රියාකාරීත්වය රටට බරපතළ ලෙස බලපානවා. මේ නිසා තමයි මේවා තහනම් කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ.” ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. “මෙම අන්තවාදී සංවිධාන ඉතාමත් සූක්ෂමවයි කටයුතු කරන්නේ. අපි මේ ගැන අවිහිංසාවාදීව පෙන්වා දෙන විට ඇතැම් අය අපිට අන්තවාදී ලේබල හා ත්‍රස්තවාදී ලේබල අලවන්න හදනවා. ඒත් රහසිගතව ක්‍රියාත්මක වන මේ සංවිධාන ගැන ඔවුන් කටයුතු කරන්නේ නැහැ. මේ ප්රශ්නය තවත් දුරදිගයාමට පෙර අපි කියන දේ ගැන සොයා බලන්න ඕන. මේ හාමුදුරුවෝ කියන දේ ඇත්තද බොරුද කියලා සොයා බලන්න ඕන.”
බොදු බල සේනාව විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කිසියම් ප්‍රමාණයකට සැලකිල්ලක් දක්වා තිබෙන බවද ඥානසාර හිමියෝ කීහ.
බොදු බල සේනාව ඇතුළු සංවිධාන වෙනත් පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කරන විට බොදු බල සේනාව දෙසටද ඇතැමුන් ඇඟිල්ල දිගුකරන්නේ එයද අන්තවාදී සංවිධානයක් බවට චෝදනා කරමිනි. ජනතාව කුපිත කරවමින් බොදු බල සේනාව අන්තවාදී ලෙස හැසිරෙන බවට චෝදනා කරන්නේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිය. අලුත්ගම හා බේරුවල සිදුවීම්වලදී ජනතාව කුපිත කරවමින් කටයුතු කළ බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් යැයි ඔහු චෝදනා කරයි.
බොදු බල සේනාවේ චෝදනාවට ලක් වන තවුෆික් ජමාඩ් සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් ගෙන්ද අපි මෙම චෝදනා පිළිබඳ අදහස් විමසා සිටියෙමු. ඔහු පවසන්නේ සිය සංවිධානය අවිහිංසාවාදී සංවිධානයක් බවය. ලේ දන්දීමේ කඳවුරු පවත්වමින්, සමාජ සේවා කටයුතු කරන සිය සංවිධානය රටට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි. එහෙත් මුස්ලිම් පල්ලිය හරහා ජනතාවට කියාදෙන මුස්ලිම් ආගමට වඩා වෙනස් දෙයක් සිය පදනම කරගෙන සිටින බව ඔහු පිළිගනී. මේ වන විට තිබෙන ඉස්ලාම් ආගමික සංකල්පයන් වූ කලී පිරිසිදු සංකල්පයන් නොව විවිධ කාලවලදී එක්වූ අලුත් මතවාදීමය අදහස් සමග වෙනස් වූ සංකල්ප බව පවසන ඔවුන් කියා සිටින්නේ නබි නායකතුමන් දේශනා කළ පිරිසිදු ධර්මය වෙනුවෙන් තමන් පෙනී සිටින බවය. එහෙත් රටේ නීතියට විරුද්ධව කිසි විටෙකත් කටයුතු කරන්නේ නැතැයි ඔහු පවසයි.
රටේ ආරක්ෂාවට, සාමයට තර්ජනයක් වන මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කිසියම් පැමිණිල්ලක් අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇතිදැයි අපි බොදු බලසේනා සංවිධානයෙන් විමසා සිටියෙමු. බොදු බලසේනාව පොලීසියට ගොස් වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් දැනුවත් කළ යුතු අදාළ අංශ දැනුවත් කර ඇතැයි එහි ලේකම් ඥානසාර හිමියෝ කීහ. උන්වහන්සේ පවසන්නේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා හමුවී කළ සාකච්ඡාවලදී මේ ගැන ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බවය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට මෙම අන්තවාදී සංවිධාන කටයුතුකරන විටදී පැමිණිලි ලැබෙන තෙක් බලා සිටිය යුතු නැතැයිද ඥානසාර හිමියෝ සඳහන් කරති.
බොදු බලසේනාව වෙනමම පැමිණිලි ඉදිරිපත් නොකළත් ආගමික ගැටුම් පිළිබඳ සොයා බැලීම සඳහා මෑතදී පත් කරන ලද විශේෂ පොලිස් ඒකකයට ආගමික ගැටුම් පිළිබඳ පැමිණිලි 64ක් ලැබි තිබුණි. අන්තවාදී ආගමික සංවිධාන පිළිබඳ පැමිණිලි 42ක්ද එයට ඇතුළත්ය. පහරදීම් පිළිබඳ පැමිණිල 22ක් ඊට අමතරව ලැබි තිබුණි. ආගමික ගැටුම් පිළිබඳ සොයා බලන මෙම විශේෂ පොලිස් ඒකකය පවසන්නේ මෙයින් පැමිණිලි දහයක් විසඳා අවසන් කර ඇති බවය. බෞද්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් මෙන්ම වෙනත් ආගම්වලට සම්බන්ධ සංවිධාන හා පුද්ගලයින්ගෙන් ද මෙම පැමිණිලි ඉදිරිපත්වී තිබුණි.
පසුගිය දිනවල හටගත් ආගමික ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළකරන බොහෝ මැදිහත් පාර්ශ්ව පවසන්නේ බොදු බලසේනාව වැනි සංවිධාන පවසන ආකාරයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳ නිසි පියවර ගැනීම රජයේ වගකීම බවයි. එවිට වෙනත් සංවිධානවලට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සිදු නොවන බවද මේ පිරිස් මතු කරන තර්කයකි. අප මේ තර්කය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ අදහස් දැනගැනීම සඳහා ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කරන්නේ බොදු බලසේනාව යනු තවත් එක් සංවිධානයක් පමණක් වන නිසා ඔවුන් කියන ආකාරටයම ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බවයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බොදු බලසේනාවේ අදහස් පමණක් නොව අනෙකුත් ආගමික සංවිධාන ඉදිරිපත් කරන අදහස් පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇති බවය.
ඒ වගේම මේවා ගැන මහා නායක හිමිවරුන් වැනි පාර්ශ්ව මොනවද කියන්නේ කියලාත් අපි බලන්න ඕන. දැන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ එක එක සිදුවීම් පිළිබඳවයි. ඉතින් එවැනි සිදුවීම් ගැන පැමිණිලි ලැබුණ විට ඒ සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙස අදාළ අංශවලට අපි උපදෙස් ලබාදෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් රජය මේ සම්බන්ධයෙන් කිසිවක් නොකරනවාය යන්න පිලිගත හැකි කාරණාවක් නොවෙයි. අනික ආණ්ඩුවක් ලෙස කිසිදු අවස්ථාවකදී අන්තවාදයකට ඉඩ නොතබන බවත් මෙහිදී ස්ථිර වශයෙන්ම සඳහන් කළ යුතුයි” කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කීවේය.
සංජය නල්ලපෙරුම - ලක්බිම
http://lankacnews.com/sinhala/main-news/118537/
සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස් ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්ඩායමක් සමඟ ගනුදෙනු කළ මෙරට මුස්ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්ලාමීය සංවිධාන 13 ක් සහ අන්තවාදී සංවිධාන 4 ක් කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස් ලියවිල්ලක් හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්තාන් ත්‍රස්ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක් යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ්‍රී ලංකාවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]
මියන්මාරයේ මැන්ඩලේ නගරයේ බෞද්ධ සහ මුස්ලිම් ජාතිකයන් අතර වු ගැටුම්වලින් දෙදෙනකු මියයාම නිසා ඇඳිරි නීතිය පනවා ඇත.
මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් බෞද්ධයකු වන අතර අනිත් තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකි.
මෙම ගැටුම මර්දනය කිරීමට සන්නද්ධ පොලිස් භටයන් පියවර ගෙන ඇත.
මුස්ලිම් තේ කඩයක සිදු වූ අතවර කිරීමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී තිබේ. මේ ගැටුම්වලට මුල් වූ 14 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
http://www.divaina.com/2014/07/05/forign02.html
Pic
Source
සුවහසක් බැති දනන්ගේ සිත් මල් පිච්ච මල් සුවඳින් ශෝභාවත් කළ ජාතික පිච්ච මල් පූජා මහෝත්සවයේ "රජත ජයන්තිය" අද ජුලි මස 5 වැනි සෙනසුරාදා සවස 3.00 ට මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝසමිඳු සෙවණේදී පැවැත්වේ.
http://www.divaina.com/2014/07/05/news21.html
මෙරට විහාරස්ථානයන්හි ඇතුළත් බොහෝ චිත්‍ර සැදැහැවතුන්ගේ ආගමික ශ්‍රද්ධාව ඉහළ නැංවීමට සමත්වන බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සඳහා, එම චිත්‍ර නිර්මාණය කරන ලද සිත්තරුන්ගේ ප්‍රතිභාවද බොහෝ සෙයින් බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එවන්වූ විශේෂිත චිත්‍ර ඇතුළත් විහාරස්ථාන අතරින් අගනුවර ආසන්නයේ පිහිටි විහාරස්ථාන තුනක් වන කැලණි විහාරය, ගෝතමී විහාරය සහ බෙල්ලන්විල විහාරය යන විහාරවල බිතු සිතුවම්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
කැලණි විහාරය, ගෝතමී විහාරය සහ බෙල්ලන්විල විහාරය වැඩි ඈතකට නොදිවෙන ඉතිහාසයක් සහිත චිත්රවලින් යුත් පන්සල් ලෙසද හැඳින්විය හැකිය. කැලණි විහාරයේ සහ ගෝතමී විහාරයේ චිත්‍ර නිර්මාණය වූයේ ඉතා සමකාලීනවය. එම විහාරවල බොහෝවිට දකින්නට ලැබෙන්නේ 1940 දශකයේදී නිමකළ චිත්‍රය. ඒ අතරින්, කැලණි විහාරයේ පැරණි චිත්‍ර මෙන්ම නූතන චිත්රද දකින්නට ලැබෙන අතර, ගෝතමී විහාරයේ චිත්‍ර මුළුමනින්ම නූතන අවධියට අයත් ඒවා ලෙස පිළිගැනේ. කැලණි විහාරයේ ඇතුළත් නව චිත්‍ර නිර්මාණය වී ඇත්තේ සොයුලියස් මෙන්ඩිස් සිත්තරා අතිනි. ගෝතමී විහාරයේ චිත්‍ර අඳිනු ලැබුවේ ජෝර්ජ් කිට් විසිනි. බෙල්ලන්විල විහාරයේ චිත්‍ර එකී විහාරස්ථාන දෙකෙහි චිත්රවලට වඩා පසුකාලීනව නිර්මාණය වූ චිත්‍ර ලෙස හැඳින්විය හැකිය. ඒවා නිර්මාණය වී ඇත්තේ පසුගිය සියවසේ අගභාගයේදීය. එහි සිත්තරා වන්නේ සෝමබන්දු විද්‍යාපතිය.
මෙහිදී එම විහාරස්ථාන තුනෙහි චිත්‍ර සඳහා එම සිත්තරුන් භාවිතා කළ චිත්රමය ප්රවේශයන් මොනවාද යන්න විමර්ශනය කිරීම වැදගත්වේ. එතෙක් පැවති ආසන්නතම සාම්ප්‍රදායික චිත්‍ර සම්ප්‍රදායන් වූයේ නුවර යුගයේ පන්සල් ආශ්රිත සම්ප්රදාය සහ දක්ෂිණ වෙරළ ආශ්රිත පන්සල්වල පැවති සම්ප්‍රදායන්ය. එය කථන ක්‍රමයක්, එනම් චිත්‍ර අඳින තලය තිරස් අතට විහිදෙන තීරු ලෙස බෙදාගනිමින් ආඛ්‍යානයක් ඉදිරිපත්කිරීමේ ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය.
කැලණි විහාරයේ සිතුවම්වල බොහෝදුරට මේ සම්ප්‍රදායට සමගාමී බවක් දැකගත හැකිය. නමුත් එහි ඇතුළත් සොයුලියස් මෙන්ඩිස්ගේ චිත්‍ර ආකෘතිය තුළ විශේෂත්වයක්ද දැකිය හැකි වෙයි. චිත්‍ර රාමුවෙන් රාමුවට ගමන් කිරීමක් මෙන්ම තීරුව තුළ අවස්ථා දෙක තුනක් නිරූපණය කිරීමක්ද එහි දක්නට හැකි වෙයිි. එනම්, ඒවා නිර්මාණය වී ඇත්තේ අඛණ්ඩ කථනයක් මෙන්ම, ඛණ්ඩනය වූ සම්පිණ්ඩනයක් සහිතව අඳින ලද චිත්රවලිනි. නමුත් ගෝතමී විහාරයේ දැකගත හැක්කේ සමස්ත බිත්තියම එක චිත්‍ර තීරුවක් ලෙස සලකා නිර්මාණය කිරීමක් බැව් ඒවා නිරීක්ෂණයේදී දැකගත හැකිය.
බෙල්ලන්විල විහාරයේ චිත්‍ර සඳහා අතීතයෙන් සමීප නෑකම් බොහෝ සෙයින් සොයාගත හැකිය. එනම්, නුවර සම්ප්‍රදායට වඩා පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිමගෙයි දක්නට ලැබෙන සංකස්සපුරයට බුදුන් වැඩීම යන චිත්‍රයට පසුබිම් වී ඇති ආකාරයේ සංරචන විලාසයකි බෙල්ලන්විල විහාරයෙහි චිත්රවල දක්නට ලැබෙන්නේ. එය එකින් එක ගලායන සමස්ත රාමු හෝ තීරු නොවන චිත්රමය ක්රමයකි. මෙකී කරුණු සලකා බැලීමේදී මෙම විහාරස්ථාන තුනෙහිම චිත්‍ර, චිත්රමය ආකෘතීන් වශයෙන් සහ චිත්‍ර ශිල්පියාගේ ප්‍රවේශය අතින් ඉතා වැඩි වටිනාකමකින් යුක්ත වන බැව් සඳහන් කළ හැකිය.
සොයුලියස් මෙන්ඩිස් කැලණි විහාරයේ සිය චිත්‍ර සඳහා බිත්තිය තීරු සහ රාමු ලෙස බෙදාගෙන චිත්‍ර නිර්මාණය කිරීමේ ක්‍රමයක් සහ චිත්රවලින් කියවෙන පුවතෙහි ගලායන ක්‍රමයක් භාවිතා කළද සෑම චිත්‍ර ඉදිරිපත් කිරීමකම ඔහු චිත්‍ර අභ්‍යන්තරයේ එනම් චිත්‍රය තුළද ෙශෙලියක් ලෙසට පැහැදිලි වෙනස්කමක් ඉදිරිපත්කොට තිබෙන බවද දැකගත හැකිය. එය සොයුලියස් මෙන්ඩිස් සලකුණ ලෙස හැඳින්විය හැකි යැයි සිතමි. එකල වනවිට මෙරට වඩාත් ජනප්‍රියතම පන්සල් චිත්‍ර ශිල්පියාව සිටියේ එම්. සාර්ලිස් සිත්තරාය. ඔහුගේ චිත්රවල යුරෝපීය ක්‍රමවේදයන් හා මිශ්රවීමක් දැකගත හැකිය. නමුත් සොයුලියස් මෙන්ඩිස්ගේ ෙශෙලිය ඊට වෙනස්වූවකි. සිය ඉන්දියානු සංචාරයන්ගෙන් ලත් අත්දැකීම් සහ යුරෝපය විසින් අවධාරණය කෙරුණු, ත්‍රිමාණමය ලක්ෂණ ඉදිරිපත්කිරීමේ ක්‍රමවේදයන් අතර සම්මිශ්‍රණයක් සහිතව ඔහු සිය චිත්‍ර නිර්මාණය කොට තිබේ. කෙසේවෙතත්, ඔහුගේ චිත්‍ර තුළ ඇතිි හැඩතලවල කෙළවර ඇති රේඛාමය ලක්ෂණවල ආසියාතික ලක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙනගොස් ඇති බව දැකගත හැකිය. ශරීර දිගැටි ස්වභාවයකින් යුක්තවීම හා රිද්මීය ලක්ෂණ සොයුලියස් මෙන්ඩිස්ගේ චිත්රවල දැකගත හැකි සුවිශේෂ
ලක්ෂණයකි.
මෙම චිත්‍ර නිර්මාණය වූ සමය විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපය තුළ චිත්‍ර කලාවේ නව ආකාරයේ ප්රබෝධයක් ඉස්මතු වූ අවධියකි. එවැනි ප්රවණතා මතුවෙද්දී ද, සොයුලියස් මෙන්ඩිස් තමන්ටම ආවේණික වූ ෙශෙලියක් කැලණි විහාරයේ චිත්රවලින් පෙන්නුම් කර තිබේ. එහි ඇති සුමට
ලක්ෂණ, ශරීරයන්හි දක්වා ඇති යථාවට ආසන්න මානවීය ලක්ෂණ හරහා, සංකේතීය ලෙස දැක්වූ පැතිකඩයන් ලෙස ඉදිරිපත් කරන චිත්රමය ලක්ෂණ ඉක්මවා ගොස් වැඩි ලාලිත්‍යයක් චිත්රවලට එකතුකොට තිබේ.
එහි සෑම චිත්‍රයකම අවකාශය අපූූර්ව ලෙස නිරූපණය කොට තිබේ. එමෙන්ම ගහකොළ ඇතුළත් වනගහනයේ ඝනත්වය නිරූපණය අතින්ද කැලණි විහාරයේ සොයුලියස් මෙන්ඩිස්ගේ චිත්‍ර සුවිශේෂී වේ. එහි ඇති, පරංගීන් විසින් පන්සල් බිඳ දැමීමේ චිත්‍රය උදාහරණ ලෙස ගතහොත්, පර්යාවලෝකන රීතීන් භාවිතා කරමින් ගෘහ නිර්මාණ සැලසුම් පවා ත්‍රිමාණාත්මකව නිරූපණය වන පරිදි නිර්මාණය කොට ඇති අයුරු එයින් දැකගත හැකිය. ෙශෙලිගත කරන ලද ත්‍රිමාණීය ලක්ෂණ සමග අවකාශයේ පිටුපස පෘෂ්ඨයේ පෙරබිමේ සිට පසුබිමට ගමන් කළ හැකි අවකාශමය තත්ත්වයක් නිරූපණයට එකතු කරගනිමින් සහ ඊට සාපේක්ෂව කිසියම් ආකාරයක ෙශෙලිගත ලක්ෂණද එක්කර ගනිමින් මුහුන් ෙශෙලියක් කැලණි විහාර චිත්රවලදී සොයුලියස් මෙන්ඩිස් විසින් භාවිතා කරනු ලැබ ඇති බව පෙනේ.
ගෝතමී විහාරයේ චිත්‍ර දෙස ඇගයුම් සහගතව මෙන්ම, විචාරාත්මක ඇසින්ද බලන්නට පුළුවන. මන්ද යත්, ඇතැම්විට එම චිත්‍ර තලයේ පැවැත්ම සහ එම චිත්‍ර නැරඹීමට තිබෙන අවකාශය අතර ගැටුමක් ඇති බවක් දකින්නට ලැබේ. එහි ඇති චිත්රවල උස සහ ඒවා නරඹන්නා අතර ඇත්තේ ඉතා ළඟ සබඳතාවයකි. එබැවින්, නරඹන්නාට එකවර චිත්‍රය විඳීමේ හැකියාව ගැන චිත්‍ර ශිල්පියා සැලකිලිමත් වූයේද යන ගැටලුව මතුවේ.
කෙසේවෙතත්, එතෙක් පැවති සම්ප්‍රදායන් බිඳගෙන යමින් කළ චිත්රමය ප්රවේශයකට අවසර ලබාදීමක් දැකගත හැකි බැවින් ගෝතමී පන්සලේ චිත්‍ර වැදගත්කොට සැලකිය හැකිය. නිරුවත් කාන්තාවන් සහිත චිත්‍ර, වර්ණ ආලේපය අවම වීම, රේඛාමය ලක්ෂණයන් මතුකොට තිබිම හේතුවෙන් එතෙක් පැවතුණු චිත්රමය ලක්ෂණයන්වූ වර්ණිත චිත්රමය පෘෂ්ඨය යන කාරණයෙන් බැහැරව ගොස් අධික ලෙස රේඛාමය ප්රවේශයකින් සංරචනයන් නිමාකළ බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම නූතනවාදී ගණික චිත්රයන් තුළින් මතුකරන චිත්‍ර පෘෂ්ඨය බිඳ දැමීමේ විලාශයද ජෝර්ජ් කිට් විසින් ගෝතමී විහාරයේ චිත්රවලදී නොබියව භාවිත කළ බවක් දැකගත හැකිය.
තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවන් මෙම විහාර තුනෙහිම සිත්තරුන් විසින් පෙන්නුම් කළද, සිත්තරාගේ පෞද්ගලික ලක්ෂණ සලකුණක් ලෙස වැඩිපුරම පෙන්නුම් කෙරෙන්නේ ගෝතමී විහාරයේ ඇතුළත් ජෝර්ජ් කිට්ගේ චිත්රවලය. වක්‍රමය, සුමට රේඛා මෙන්ම දැඩි ආවේගශීලී රේඛා භාවිතයක්ද ඔහුගේ ෙශෙලියෙහි දැකගැනීමට පුළුවන.
සමස්ත බිත්තිය තුළ කතා වස්තූන් කීපයක් රේඛීයව ගලායාමක් වෙනුවට එක් තලයක සිට තවත් තලයක සිද්ධියකට රිද්මීයව ගලායාමක් බෙල්ලන්විල විහාරයේ චිත්‍ර තුළින් පෙන්නුම් කෙරේ. එහිදී සමස්ත බිත්තියම තනි චිත්‍රයක් ලෙස සහ එම චිත්‍රය තුළ තිබෙන කථාංගයන් ලෙස බෙල්ලන්විල විහාරයේ චිත්‍ර සකස් වී තිබේ. එම කථාංගයන් මනා ලෙස ගැළපීම සහ මුසුකිරීම යන කාරණයේදී සිත්තරා අලුත් යමක් යළි ඉදිරිපත්කොට ඇති බැව් කිව හැකිය.
බෙල්ලන්විල විහාරයේ චිත්‍ර සැලකීමේදී ඒවා නිර්මාණය කළ සෝමබන්ධු විද්‍යාපති නර්තනය පිළිබඳ අවබෝධයක් තිබෙන සිත්තරෙකු වීම කැපී පෙනේ. ශාන්ති නිකේතනයේ ඉගෙනුම ලබා නැවත පැමිණි ඔහුගේ චිත්රවල නන්දලාල් බෝස්, අබනීන්ද්රනාත් තාගෝර් සහ ජෙමිනි රෝයි වැනි චිත්‍ර ශිල්පීන්ගේ ආභාෂයත් ගොනුව තිබෙන බවක් දැකගත හැකිය. එම සියලු ආභාෂයන් තුළින් මෙන්ම පොළොන්නරු සිත්තරාගෙන්ද ආභාෂය ලබමින් ගොඩනගා ගත් සෝමබන්ධු සලකුණක් ඔහුගේ චිත්‍ර තුළින් පෙන්නුම් කෙරේ. ඔහුගේ චිත්රවල විලාශයන් හැමවිටම පවතින්නේ රංග වින්යාසයකය. එබැවින් ඔහුගේ චිත්රවල නර්තනාංගයක් ඉදිරිපත් කරන අයුරක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, රිද්මීය ලක්ෂණ හරහා ඇතැම් තාලයන් පවා දැනෙන සහ ගිගිරි හඬ ඇසෙන තරමට මුළු චිත්රාවලියම නිර්මාණය කොට තිබේ. එහි අදහස ඉස්මතුවන පරිදි මෙන්ම තමාගේ ෙශෙලියක් ලෙසද නර්තන ආවේශයක් සහිතව රිද්මීය ලක්ෂණ අපූරුවට ගොනුකර තිබේ. එ්වා නැරඹීමේදී මුද්‍රා නාට්‍යයක් නරඹනවා හා සමාන අත්දැකීමක් විඳ ගතහැකිය.
මෙම විහාරස්ථානයන්හි චිත්‍ර විමර්ශනයේදී සඳහන් කළ හැකි වැදගත් කාරණයක් වන්නේ එම සිත්තරුන් තිදෙනාම එම චිත්‍ර තුළ තමන්ගේ අනන්‍යතාව කදිමට සටහන් කොට ඇති බවය. කෙසේ වෙතත්, සංරක්ෂණ ගැටලු හේතුවෙන්, ගෝතමී විහාරයේ චිත්‍ර මේ වන විට ජනතාවට නැරඹීමට හැකිව තිබෙන්නේ බොහෝවිට මුද්‍රිත මාධ්‍ය හරහා පමණි. ශ්‍රී ලංකාව වැනි තෙතමනය ආශ්රිත පරිසරයක් ඇති රටක චිත්‍ර අරභයා සංරක්ෂණ ගැටලු මතුවීම සාමාන්‍ය කාරණයකි. කෙසේවුවද, යම් සීමාකිරීමකට යටත්ව හෝ ජනතාවට එම චිත්‍ර නැරඹීමට අවස්ථාව ලබාදෙන්නේ නම් එය සුබවාදී පියවරක් වනු ඇති බව කිවයුතුමය.
චන්ද්‍රගුප්ත තේනුවර (කිෂාන් කනංකෙ)
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=37889:2014-07-04-13-38-16&catid=58:urumaya&Itemid=80
ඉස්ලාම් අන්තවාදයක් මේ වන විට රටතුළ මතු වී තිබෙන බවත් භික්ෂූන් වහන්සේලා හා එම අන්තවාදයට එරෙහිව නැගී සිටින සිංහලයන් ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
උන්වහන්සේ මෙම අදහස් පල කලේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡවක් අමතමිනි.
ධම්මානන්ද නාහිමියෝ එහිදී මෙසේද පැවසූහ.
‘අද රටතුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වෙලා තිබෙනවා. රටේ ජාතියේ අනාගතය පිළිබදව අපි කරුණු පැහැදිලි කරදිය යුතුයි. භික්ෂූන් වහන්සේලාට බෞද්ධ ජනතාවට එල්ලවෙන හිරිහැර දිනෙන් දින වැඩිවෙලා තිබෙනවා. අපේ රට තුළ ඉතා පැහැදිලිව ඉස්ලාම් අන්තවාදයක් තිබෙනවා. විවිධ ප්‍රදේශවල මෙම පිරිස් සිටිනවා. බේරුවල සිදුවීම ඔවුන්ගේ ක්‍රියාවක්. ඉන් විනාශයට පත් වුණේ බෞද්ධ ජනතාවගේ නිවාසයි. නමුත් මාධ්‍යද මේවා නිවැරදිව වාර්තා කළේ නෑ.
භික්ෂූන් වහන්සේ නමක් යම් වරදකට හසුවුවහොත් ඒ පිළිබදව නම් ගම් හා උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේද විස්තර ඇතිව මාධ්‍ය වාර්තා කරනවා. කුඩුකාරයෙක්,අපරාධකරුවන් ගැනවත් එහෙම වාර්තා පළවන්නේ නැහැ.
මන්නාරමේ, විල්පත්තුවේ අද සිදුවන්නේ මොනවාද? අද මේ රටේ සිංහල බෞද්ධ පදනම විනාශ කරමින් තිබෙනවා. රජයේ බොහෝ ආයතන මේවාට උදව් කරනවා.
අපේ භික්ෂූන් වහන්සේලා රටතුළ සිදුවන මෙම විනාශය පිළිබදව හඩ නැගුවාම උන්වහන්සේලා වැරදිකරුවන්,අපරාධකරුවන් කරන්න හදනවා’
http://lankacnews.com/sinhala/news/118511/
]
ඓතිහාසික දිඹුලාගල රක්ෂිතයේ පිහිටි නාමල්පොකුණ වැව ඉස්මත්තේ කිසියම් පිරිසක් විසින් පුරාවස්තු සෙවීමේ අරමුණින් විශාල කැණීමක් සිදුකොට ඇත.
පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ පොලිස් ඒකකයේ පොලිස් කණ්ඩායමක් පෙරේදා (02 දා) එම ස්ථානය වටලන අවස්ථාවේ එම කැණීමට සම්බන්ධ පුද්ගලයෝ පලාගොස් ඇති බව කියති.
එම ස්ථානයෙහි අඩි 30 ක් පමණ ගැඹුරැති විශාල වළක් හාරා තිබූ බවත් එහි දිග සහ පළල අඩි 7 බැගින් පමණ වන බවත් පොලිසිය කියයි.
මෙම විශාල වළ කැණීම සඳහා උපයෝගී කරගත් බව කියන උදලු, අලවංගු, වතුර පොම්ප දෙකක්, ජල නළ, වෙඩි බෙහෙත්, ගල් පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර්, මල් පහන්, බුලත්, පූජාවට්ටි යනාදිය ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරන බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විඡේසේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. එම්. එදිරිසිංහ මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදුකරති.
කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/07/04/provin02.html
Pic
Source
අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳනොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැනකෙටි හෝ සටහනක් නොතැබීම යුතුකමේ යුතුකම නොවේ. සමහරෙක් මෙය ‘සිංහල බෞද්ධ ජාතිවාදයට’ සහඑහි මූලයන් වලට, විශේෂයෙන් භික්ෂු සිවුරට උඩ පැන පහර දීමට ලැබුණු අනගිඅවස්ථාවක් ලෙස සලකා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් , තවත් ටික දෙනෙක්මුස්ලිම් ජාතිවාදයට පහර දීමට ලැබුනු අවස්ථාව අත නොහරිමින්ද නා නා සටහන් තබාතිබිණ. මේ බොහෝ විට දක්නට ලැබුණු සරල නිරීක්ෂණයක් නම් බොහෝ දෙනා තමතමන්ගේ පාර්ශවය සම්පූර්ණ සුදුවටත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය තද කලුවටත්දකිමින් කලු – සුදු ලෙස සිදු කරන ද්විමය ආකාර විවේචනයයි. නමුත් අපට මෙහිදීඑලෙස සරල රේඛා ගසා වෙන්කර එක් පාර්ශවයක් ඇගයීමටත් අනෙක් පස පතුරු ගැසීමටත්අවශ්යතාවයක් නොමැති බැවින් හා ඒ හා බැඳුනු බල ව්‍යාපෘතිවල සෘජු කොටස්කරුවන් නොවන බැවිනුත් සරලව අපට දැනෙන අදහස් කිහිපයක් මෙලෙස සටහන් කරන්නෙමු.
අවසන් ගිනි පුළිඟුව පත්තු කලේ කවුරුන් උවත් ඒ ගින්නට පිදුරු , භූමිතෙල් පෙට්‍රල් ආදී කුමක් වුව ටික ටික හෝ වත් කල හා එයට දුම් පිඹිසියළු පාර්ශව මේ සිදුවීම්වල එක සමාන වග උත්තර කරුවන් බව අපේ වැටහීමයි. කාලාන්තරයක් පුරා සිදු වූ සිදුවීම් මාලාවක අවසන් ප්‍රතිඵලය වූ ප්රචණ්ඩහැසිරීමට පසු ‘පළමු ගල ගැසූ එකා මොකාද? ‘ හෝ ‘වැඩිපුරම හානි වුනේ මොනපාර්ශවයටද’ ආදී කිසිඳු වැදගැම්මකට නැති කතාබහක් විනා ඊට එහා යන ගැඹුරක්පිළිබඳ සංවාදයක් ඇති නොවීම අහම්බයක් නොවේ. උගත් ජන ව්‍යාප්තියක් ඇතැයිබොහෝකණ්ඩායම් උදම් අනන නාගරික සමාජයේ මාධ්‍ය මෙවලම් හරහා පසුගිය කාලයක්පුරාවටම ගොඩනැගි මේ දුබලවාග් සංග්රාම පුරාවටම එවැනි විදග්ධ බවක් අපි නොදුටුවෙමු. එහි තිබුනේකාලකන්ණි භාවයත් , වෛරයත් කිසිඳු වැඩකට නැති මමංකාරයත් පමණකි. මෙයින්සාධනය වූයේ ‘නූතන මාධ්‍ය බහුලව භාවිතා කරන උගත් සමාජය’ නරුම අමනෝඥයන් රැළක්බව පමණක් නොවේද?
ලොවම ගිනි අවුලන මුස්ලිම් ව්‍යාප්තවාදය
ලෝකය පුරා දැනට පවතින මහා පරිමාණ ගැටුම්සාතිශය බහුතරයක එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ඉස්ලාම් දැඩි මතධාරී කණ්ඩායම්වීමෙන් ඉස්ලාම් දැඩිමතධාරීත්වය සහ ත්‍රස්ත ප්රචණ්ඩත්වය අතර එතරම් දුරස්ථභාවයක් නොමැතිය යන්න බොහෝ දුරට නිවරදි නිගමනයකි. ඉස්ලාම් දහම බිහිවූවකවානුවට සාපේක්ෂව ඒ දහම තුල නිර්මාණය වී ඇති සමහර කරුණු මෙන්ම ඒ කරුණු සමාජානුයෝජනයකින් තොරව වියුක්තව ගෙන , වෙනස් සංස්කෘතිකාංග මත පෝෂණය වූසමාජයන් තුල අමු අමුවේ පැල කරන්නට තනන බලහත්කාරී උත්සාහයද මේ තත්වයට බලපෑමූලික කරුණු ලෙස හඳුනාගත හැක. මේ උත්සාහය තුලදී වෙනස් සංස්කෘතික සමාජයන්තුලදී නිරන්තර විවාදසම්පන්න වීම, ගැටුම්වලට ලක්වීම අනිවාර්යය. දියුණුශිෂ්ඨ සමාජයක් ලෙස ‘උගතුන්ගේ’ සම්භාවනාවට ලක් වන ඕස්ට්‍රේලියාව ප්‍රංශය අදී ‘සුදු’ සමාජයන් තුලදීද මෙය පසුගිය කාලයේ හොඳින් දැකගත හැකි විය. ප්රංශයතුල මුස්ලිම් කාන්තාවන්ට හිජාබය තහනම් කිරීම මෙන්ම තම සංස්කෘතියට අනුවජීවත් නොහැකිනම් වහා රටින් පිටව යන ලෙස හිටපු ඕස්ට්‍රේලියානු අග්රාමාත්යජුලියා ගිලාඩ් මහත්මිය කල සිදුකල ප්‍රකාශ මෙයට සාක්ෂි සපයයි. නමුත් නමුත්ඉතිහාසය පුරාවට මෙන්ම අදත් මේ ‘සුදු’ මහත්වරුන්ගේ කළු හැසිරීම ගැන මැනවින්දන්නා අප කිසිසේත්ම ඉස්ලාම් දහම ම්ලේච්චත්වයට, ත්රස්තවාදයට උඩගෙදි දෙනදහමක් ලෙස හැඳින්වීමට කලබල නොවන්නෙමු.
ඉස්ලාම් දහම තුල ඉහත දැක්වූ ලක්ෂණ මෙන්ම ඒහා සමානව හෝ සමහර විට ඊටත් වඩා වැඩියෙන් බලපාන බටහිර දේශපාලන උවමනාවද ලොවපුරා ගැටුම් වල මූලික හේතුයි. ගැටුම් ඇවිලිය හැකි වටපිටා පිළිබඳ හොඳින්සවිඥානික මේ මැකියාවේලිලා තම අවස්ථාව එනතෙක් ඇඟිලි ගනින්නේ ලැබෙනඅවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා අපේක්ෂාවෙනි. මේ බටහිර අයියලාගේ දේශපාලනඋවමනාවන්ට මුස්ලිම් සමාජය තුල ඇති දුබලතා හොඳ උත්ප්‍රේරකයක් බව මැදපෙරදිගකලාපය පුරාවට මෙන්ම බුරුමය හරහා හඹායන ප්රචණ්ඩත්වයේ රැල්ල අපට සාක්ෂිසපයයි.
මුස්ලිම් ව්‍යාප්තවාදයේ ලාංකික හැඩය
ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගම අදහන්නන්ගේසම්භවය සෙනරත් රජු දවසටත් ඈතට දිව යයි. එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනුවස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය සහනශීලීත්වයේ හාසහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන්නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම්පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒකොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීමසෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය. අද මවාගත් කෘතීමකඩහඬවල්වලින් සෙනරත් රජුට හෙන ඉල්ලන බොහෝ දෙනා මේවා දන්නවාදැයි අපිනොදනිමු. 1915 සුප්‍රසිද්ධ ‘මරක්කල කෝලාහලය’ හැරුණු කල ප්‍රබල ලෙස මුස්ලිම් ජනයා හා බහුතර සිංහලයා අතර බරපතල ගැටලුවක් ඇති නොවූ තරම්ය. නමුත්මුස්ලිම් ජනයා මෙරට ප්රමුඛ සංස්කෘතිය වෙත අවශොෂණය වීම ඉතා මන්දගාමී වූ අතරඔවුන්ගෙන් මැලේ , ජා වැනි කණ්ඩායම් වඩා වේගයෙන් ප්‍රධාන සංකෘතිය හා එක්විය. සමහර මුස්ලිම් ජන කොටස් සම්පූර්ණයෙන් මෙරට සංස්කෘතියට අවශොෂණය වෙමින්ගොවිතැන් කරමින් සිංහල ජනයා සමග හොඳින් මිශ්‍ර වෙමින් සහජීවනයෙන් ජීවත්විය. සිංහල ජනයා මුස්ලිම් ජනයා තමන්ගේ ප්‍රධාන සංකෘතිය වෙත අවශෝෂණය වියයුතු යැයි අපේක්ෂා කරන මුත් බොහෝ දුරට ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක්ද නොකිරීමකැපී පෙනෙන ලක්ෂණයකි. ඔවුන්ට ස්ව කැමැත්තෙන් සංස්කෘතික මිශ්‍ර වීමට ඉඩ කඩඉන් ලැබිණ.
නමුත් ඉස්ලාම් දහමේ ඇති සුවිසේෂී ආවේණිකලක්ෂණයන් හේතුවෙන් නිසා මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වල සෘජු බලපෑම නිසා ඒමිශ්රවීම ඉතාමත් මන්දගාමී විය. සමහර විට ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වීමවෙනුවට ඉන් විතැන් වෙන ක්‍රියා මාර්ග වෙත වැඩිපුර ඔවුන්ගේ අවධානය යොමු විය.මෙය විශේෂයෙන් දශක දෙකක එනම් මේ සියවසේ ආරම්භක වකවානුවේදී පමණ සිදු වූසිදුවීමක් විය. 2002න් පමණ පසු මේ මූලධර්මවාදී ඉස්ලාම් කණ්ඩායම්වලට හසුවූලාංකික මුස්ලිම් ජනයා එතෙක් හිස තෙක් වසාගෙන සිටි තමන්ගේ ඇඳුම වෙනුට හිසසිට දෙපතුල තෙක් වැසෙන හිජාබ් ඇඳුන්මට මාරු විය.එතෙක් ගමේ පිලේ එකම කඩයෙන්ආහාර පාන ආදිය ලබා ගත් පිළිවෙත වෙනස්වී ‘හලාල්’ මුද්‍රාව සහිත භාණ්ඩ සොයායන සමාජ බෙදුම්වාදය තීව්ර කරන ක්‍රියාමාර්ග වලට ඔවුන් වේගයෙන් අවතීරණයවිය.
මෙතෙක් බොහෝ දෙනාගේ සිත් තුල පැවතිමුස්ලිම් ව්‍යාප්තවාදය පිලිබඳ වූ බිය සිත් තුලම සාධාරණීකරණය වීමට මෙම සමාජබෙදුම්වාදී ක්‍රියාමාර්ග ඉහළ අනුබලයක් සැපයීය. නමුත් එවකට පැවති දරුණුමව්යසනය වූ දෙමළ බෙදුම්වාදී කොටි උවදුර හේතුවෙන් මේ පිලිබඳ සමාජ අවධානයඑතරම් සවිමත්ව යොමු නොවීය. ඒ අනතුරේ දරුණු බව ත්‍රස්තවාදය පැරදවීමත් සමගබොහෝ දුරට අවසන් යැයි වූ සමාජ සිතුවිල්ල මත මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිවඳඅවධානය වැඩිපුර යොමුවීම ස්වාභාවිකය.
බො.බ. සේනාවේ උපත – සුජාතභාවය හා පැවැත්ම
කොටි පැරදවූ සටන අවසන් වීමත් සමග උදා වූකාලය තුල මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ අවධානය වැඩිපුර යොමුවන ඒ නිසගස්වභාවය තුල බෞද්ධ පාර්ශවය නියෝජනය කරන්නේ යැයි කියමින් සංවිධාන කිහිපයක්සෙමෙන් සෙමෙන් දළුලා වැඩෙන්නට විය. එහි ප්රමුඛ කණ්ඩායම බොදු බල සේනාසංවිධානය බව එය සමග මතවාදීව එකඟ නොවන්නන් පවා පිළිගන්නා සත්‍යකි. නමුත්බො.බ.සේ. සංවිධානයේ බිහිවීම සහ එය පසුපස සිටින බලවේග ගැන පළවෙන අදහස් සැලකූකල එහි සුජාතභාවය දරුණු ලෙස අභියෝගයට ලක් වන බවද එලෙසම සත්‍යකි. එහිසභාපතීත්වය දැරූ කිරම විමලජෝති හිමිපාණෝ සාහිත්‍ය බෞද්ධ පොත පත ආදියෙහිවිශිෂ්ඨ මෙහෙවරක් කල යතිවරයන් වහන්සේ නමක් වුවත් ජාතික තලයේ දේශපාලනය ගැනසෘජුව සම්බන්ධ වූ හිමි නමක් නොවීය. උන් වහන්සේ මෙවැනි වේගවත් සංවිධායනක්සමග එක්වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.
එහි මහලේකම් ධූරය දරණ ගලගොඩාත්තේ ඥානසාරහිමියන් නම් දශකයකටත් වැඩි කාලයක් පුර ජාතික තලයේ සිටි ස්වාමීන් වහන්සේනමක් වූ අතර ජාතික සංඝ සම්මේලනය ආදී සංවිධාන හරහා විශේෂයෙන් ත්‍රස්ත විරෝධීසටන සමග මතවාදීව එක්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේගේහැසිරීම් ශෛලියේ යම්කිසි නොමේරූ ස්වරූපයක් පෙන්නුම් කලත් උන්වහන්සේගේඅධ්යාශය ව්‍යාජයක් යැයි පැවසීම සාධාරණ නොවිය හැක. අපට වැටහෙන අන්දමට නම්උන් වහන්සේගේ නිසග ජාතිමාමකත්වය කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ බල ව්‍යාපෘතියසඳහා පාවිච්චි කරමින් පවතී. එහි ප්රමුඛ කාර්යභාරයක් නෝර්වේ රාජ්‍ය සමගසබඳතා පවත්වන එම සංවිධානයේ ක්‍රියාකාරීව සිටින රාජ්‍ය නොවන සංවිධානනියෝජිතයන් විසින් ඉටු කරමින් සිටී. වරක් ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගත් පරිදිකොටි ඩයස්පෝරාව සමග ඒකාබද්ධ වැඩසටහනක් පිළිබඳ නෝවේ රාජ්‍යයේදී පැවැත්වූවැඩමුළු ආදිය බොබසේ සංවිධානයේ සුජාතභාවය දරුණු ලෙස අවපැහැ ගන්වන බව කිවයුතුය. රට ජාතිය ගැන අවංක හැඟීමකින් එය වටා එක්ව සිටින තරුණ කොටස්වලඅපේක්ෂාව මීට වඩා හාත්පසින්ම වෙනස් වුවත් මේ කප්පිත්තන් නැව රැගෙන යන්නේකප්පිත්තන්ටම අවැසි තොටුපළ වෙත බව අමතක නොකළ යුතුය. එදා සෝම හිමියන්ගේහදිසි වියෝව පිටුපස සිටින්නේ යැයි සැක කල චරිතවලට සමාන කළු චරිත මේබෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන සංවිධානවල තීරණාත්මක තනතුරුවලස්ථානගතවන්නේ අහම්බයෙන් නම් විය නොහැක. සාමාන්‍යයෙන් නොර්වේ රාජ්යයබෙදුම්වාදී ක්‍රියාකාරකම් වල ලොව පුරා කටයුතු කර නම කැත කරගත් රටක් වන අතරඑය බොහෝ විට ඉටු කරමින් සිටිනුයේ ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවල උවමනාවන්සපුරන ‘ සහයට ඩැනී’ භීමිකාව බව ලෝකය පුරා උදාහරණ සාක්ෂි සපයයි.
එවැනි කලු රටක් පසුබිමෙ සිදුකරන කුමනාකාරසුදු ක්‍රියාකාරකමක වුවද කලු සෙවනැල්ල වැටෙන බව සිහි කල යුතුය. එබැවින්මෙරටදී කුමන භූමිකාව රඟපෑවද බොදු බල සේනා සංවිධානයේ උපත මෙන්ම පැවතදසුජාතභාවය අහිමි කරගත් එකක් බව පැහැදිලිය. ‘තම්බියාට වඩා සුද්දා හොඳයි’, ‘ඇමරිකාව සමග හෝ එක්වී හම්බයා පරදවමු’ ආදී ළාමක මතවාද මත එම සංවිධානයමෙහෙයවන්නේ ඒ උපතේ සහ පැවතේ ඇති ගැටළුව නිසයි.
බො.බ.සේ. රූස්ස ගසක් කලේ කවුද?
උපතේ සහ පැවතේ සුජාතභාවය පිළිබඳ මෙතරම්ගැටලු මධ්‍යයේ වුවත් බොබසේ සංවිධානය මෑත කාලයේ වඩාත්ම ව්‍යාප්තවූ විශාලතමසංවිධානය බව සත්‍යයි. පසුගිය කාලයේ එවැනි සිවිල් සංවිධානයක් පැවතියේ නම් ඒදේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පමණි. බොබසේ සංවිධානය මෙරට සමාජය තුල මෙතරම්ව්යාප්ත වීමට සහ වර්ධනය වීමට බලපෑ කරුණු කිහිපයක්ම අප දකින්නෙමු.
එයින් ප්‍රධාන වශයෙන්ම හේතු වූ කරුණක් නම්රට ජාතිය කෙරෙහි මෙරට සමාජය තුල ඇති නිසඟ ලැදියාවයි. එදා 77දී ජේ ආර්ජයවර්ධන මහතා ධර්මිෂ්ඨ සමාජය නම් කඩතුරාවට වහං වී බලය ලබාගැනීමට භාවිතාකලේද මේ ස්වදේශවාදය පිළිබඳ ඇති ළැදියාවයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාබලවත් වන්නේදම ඒ ජාතිකවාදී පෙරමුණ සමග ඔවුග ඇති බැඳියාවයි. කැලේ ගහක්නසන්නට තවත් ගසක්ම පාවිච්චි කරන්නා සේ රට ජාතිය පිළිබඳ ඇති විය යුතුඅත්යවශ්ය සංවේදීත්වය රට ජාතිය නැසීමේ උපායක් ලෙසම මෙහිදී භාවිතා වන්නේයයන්න අපට දැනෙන සත්‍යයි.
ඒ සමගම බො.බ.සේ. වැනි ව්‍යාපාරවල වර්ධනයටබලපෑ ප්‍රමුඛම කරුණ නම් ඔවුන් ඉදිරිපත් කරන මතවාදවල , විසේෂයෙන් ඔවුන්ඉදිරිපත් කරන ගැටලු වල ඇති සාධාරණභාවය සහ වලංගුභාවයයි. පසුගිය දශක දෙක තුනකපමණ කාලයක සිට ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සමපාත ගමනකට මෙරට මුස්ල්ම්ව්යාපාරයද මුලපිරීය. එතෙක් මෙරට පොදු හර පද්ධතිය ඉක්මවා නොයන්නට ඔවුන්බොහෝ විට වග බලා ගති. 1915 මරක්කල කෝලාහලය හැරුණු විට වෙනත් ප්රබලසිදුවීම් කිසිවක් පසුගිය සිය වස පුරාවටම වාර්ථා නොවීමට එයද හේතුවක් විය.
[
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
නමුත් විසේෂයෙන් අශ්රොෆ් මහතාගේ දේශපාලනයසමග තත්වය වෙනස් විය. එතෙක් සහජීවනයෙන් සිංහල සමාජය සමග එක්ව විසීමටසූදානම් වෙමුන් තිබූ මුස්ලිම් ජන මනස විසකුරු බෙදුම්වාදී විස පෙව්වේඅශ්රොෆ් මහතාගේ දේශපාලනයයි. ඔහුට ඒ සඳහා ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් හොඳසහයක් ලැබිණ. එදා ගංගොඩවිල සෝම හිමියන් දීඝවාපී මුස්ලිම් ආක්‍රමණයට එරෙහිවනැගි හඬ මෙහිදී අපගේ සිහියට නැගේ. අතීතයේ බෞද්ධ රාජ්‍යන් ලෙස පැවති රටවල්අද වන විට සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යන් බවට පත්ව ඇති ලෝක වටපිටාව හමුවේමුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳව සැක සංකාවක සිටි සිංහල සමාජයට ඒ සැකසංකාවලට සාධාර්ණීත්වයක් එක් කිරීමට අශ්රොෆ්මහතාගේ මේ ගන්ධබ්භ දේශපාලනයසමත් විය. ඒ මුස්ලිම් ව්‍යාප්තවාදය බලහත්කාරී ලෙස මෙරට සමාජය තුලට කඩාවැදුනු තීරණාත්මක අවස්ථාවක් විය. ඉන් වසර කිහිපයකට පසු එතෙක් හිස තෙක්පමණක් ආවරණය කරගෙන සිටි මුස්ලිම් කාන්තාවන් හිජාබ් ඇඳුමට මාරු වීමත් එතෙක්එකාවන්ව බෙදා හදාගෙන කෑ කෑම වේලට හලාල් සහතිකය අනිවාර්ය වීමත් ඒසංධිස්ථානය පිටතට පෙනෙන ප්‍රබල සාධක දෙකක් විය. සමාජ බෙදුම්වාදය තීව්රවන්නේ මේ ක්‍රියාමාර්ග හරහාය. ජනගහන ව්‍යාප්ති වේග වෙනස සමග අනාගතආක්රමණයක් පිලිබඳ බියකින් පසුවූ සිංහල සමාජය තුල ඒ බිය තීව්ර කරන්නට මේක්රියාමාර්ග උල්පන්දම් දුනි.
මෑතවකවානුවේ මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සම්බන්ධිතව වාර්ථා වූ බොහෝ කරුණුහමුවේ නීතිය ක්‍රියාත්මක නොවීම අද ඇතිවී ඇති තත්වයට බලපෑ මූලිකම හේතුවක්ලෙස අප දකින්නෙමු. මුස්ලිම් අන්තවාදී අමාත්‍යවරයකු අධිකරණය වැනි ඉතාමත්තීරණාත්මක ඇමතිධූරයක් අරක් ගෙන සිටින වාතාවරණයක එය පුදුම විය යුතු කරුණක්දනොවේ. මෙතෙක් කල් සංධාන ආණ්ඩුවලට එක්වන සුළුතර පක්ෂ කේවල් කිරීම් හරහාලබාගත්තේ ආර්ථික මර්මස්ථානවලට සම්බන්ධ අමාත්‍ය ධූරයන් වේ. ඒ ඒ මර්මස්ථානහරහා සුලුතර ජනයාට සැලකීමට මේ ඇමතිවරුන්ට අවස්ථාව උදාවන බැවිණි. පසුගියදශක දෙක තුනේ වරාය අමාත්‍ය ධූරය වැඩිපුරම මුස්ලිම් පක්ෂ නියෝජනය කරන්නන්ටලැබෙන්නේ එබැවිනි. නමුත් අද තත්වය ඊට වෙනස්ය. ආර්ථික ක්ෂත්රය හරහාඅත්කරගත් ජයග්‍රහණ නීතිමය ලෙස බලාත්මක කරගැනීම අද ඔවුන්ගේ මූලික උවමනාවයි.රටේ අධිකරණ ඇමතිධූරය හකීම් ඇමතිවරයාට ලැබෙන්නේ ඒ උවමනාවට සමපාත වෙමිනි.
මීට පෙර නම් ඇමතිධූර ඔවුන්ට හිමි වූයේඔවුන්ගේ දේශපාලන කේවල් කිරීම බලය මතයි. රජුන් තනන්නන් ලෙස ප්රකටව සිටිඔවුන්ට අවැසි දේ නොදී ආණ්ඩු පිහිටවීම එකල උගහටය. නමුත් තේරුම් ගත නොහැකිකරුණ නම් එවැනි කේවල් කිරීමේ බලයක් නොමැති රාජපක්ෂ පාලන යුගය තුලදී අධිකරණයවැනි මුස්ලිම් ව්‍යාප්තවාදයේ ඊලඟ පිම්මට අත්‍යවශ්‍ය බලය හකීම් මහතාටලැනුයේ කෙසේද යන්නයි. ඔහු ඇමතිධූරයට පත් වූ පසු එතෙක් නීති විද්යාලප්රවේශය සමත් මුස්ලිම් ඉසින්ගේ ප්‍රමාණය කිසිඳු තර්ක – සංඛ්යානශාස්ත්රයක් මගින් විස්තර කළ නොහැකි ලෙස අභව්‍ය ලෙස ඉහල යන්නේ ඒ උවමනාවවෙනුවෙන් බවට සැක නැත. නමුත් අවසානයේ ඒ ගැටලුවට ලැබුණු විසඳුම කුමක්ද?
එමෙන්ම අතිශය අසාධාරණ ලෙස හලාල් මුද්රාවබලහත්කාරයෙන් සිංහල සමාජය මත පැටවීමේ ක්‍රියාවලිය වැලැක්වීමට අදාළබලධාරීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? කුරගල , දඹුල්ල ආදී බෞද්ධ හිෂ්ඨාචාරයේසංධිස්ථානවල සිදුවූ මුස්ලිම් ආක්රමණයන්ට ලබාදී ඇති පිළිතුරු බහුතර ජනයාසෑහීමකට පත් වී ඇතිද?
මේවා බොබස වැනි සංවිධාන ආමන්ත්‍රණය කරන කරුණුය. ඒවා වෙන්ව වියුක්තව ගත් කල ඉතාමත් යුක්ති සහගත ඉල්ලීම් බව අපගේ හැඟීමයි.
එකින් එක සඳහන් නොකලත් මෙලෙස සඳහන් කල හැකිදහසකුත් එකක් ප්‍රශ්න හමුවේ බලධාරීන් කටයුතු කරනුයේ අඳ ගොළු බිහිරන් ලෙසය.එසේත් නැතහොත් ලාදුරු රෝගීන් ලෙසය. එලෙස සුළු සුළු ගැටළු කර ඇරීම නිසා ඒවාඕනෑම ජඩ න්‍යාය පත්රයකට වුව මෙහෙයවන කණ්ඩායම්වලට හොඳ පල්ලමකි.නියපොත්තෙන් කපන්නට හැකිව තිබූ ගස් අද මහා රූස්ස ගස් වී හිස මතට වැටෙන්නටවූ අනතුරකට පත්ව ඇත්තේ බලධාරීන්ගේ මන්දෝත්සාහී හැසිරීම නිසයි.
ඉහත දැක්වූ කරුණු වලට අමතරව මෑත කාලයේව්යාප්තවූ සමාජ ජාලා හා අන්තර්ජාල මාධ්‍යවල සුලභතාවයද මේ තත්වය වර්ධනයවීමට තවත් එක් හේතුවකි. බොහෝ දෙනා නාගරික උගත් සමාජය ලෙස මහත් උජාරුවෙන්හඳුන්වන සමාජ කන්ඩායම් මේ වතුර , බොර දිය බවට පත් කිරීමට ප්‍රබල දායකත්වයක්සැපයීය..
අප ගත යුතු මග
මේ ඇතිවී ඇති තත්වය හමුවේ වාසි ලබාගන්නා කන්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.
මෙරටට අත පෙවීමට බලාසිටින විසකුරු විදෙස් බලවේග.
සිංහල සමාජයෙන් වෙන්වීමට මග බලා සිටින දෙමළ බෙදුම්වාදින්.
සිංහල සමාජය සමග බද්ධ වෛරයෙන් පසුවන ඊනියා බටහිර රටවල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මතයට අනුව ක්‍රියාකරන ඊනියා උගත් සමාජය.
බෞද්ධයා අපකීරිතියට ලක් කර එමගින් වාසි ලබාගැනීමට සිටින අන්‍යාගමික අන්තවාදී කොටස්.
සිංහල මුස්ලිම් සහජීවනය නොඉවසන අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ එහි ක්රියාකාරිකයන්.
අනාගත ලොව මුස්ලිම් ‘තනි යායක්’ කිරීම වෙනුවෙන් වෙහෙසෙන මුස්ලිම් ව්‍යාප්තවාදයේ ක්රියාකාරිකයන්.
සිංහල – දෙමළ – මුස්ලිම් චන්ද ගොඩවල්තම තමන්ගේ භුක්තියට සවි කරගැනීමේ අභිප්‍රායෙන් සහජීවනය පාපන්දුවක් කරගගත්අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
මෙකී නොකී සතුරු පාර්ශව බොහොමයක් මේ දියබොර වූ අවස්ථාවේ එහි මාළු බෑමට සූදානමින් සිටී. එමෙන්ම ඉදිරි මැතිවරණවලදීමුස්ලිම් සහ සිංහල චන්ද වල කොටස තමන්ගේ කරගැනීමට සූදානම් වන කණ්ඩායම්ද මේතත්වය වර්ධනය වනවාට ඉත සිතින් කැමතිය. තම බල ව්‍යාපෘතිය සඳහා කුමක් වුවදභාවිතා කිරීමට තරම් ඔවුන් අලජ්ජිය.
මේ ඇතිවී ඇති තත්වය හමුවේ ඒය තව තවත්වර්ධනය කර මගින් වාසි ලබන්නට බලාසිටින අවස්ථාවදී කොටස් පරාජය කිරීමට නම්මුලින්ම අප සිහිය එළවා කටයුතු කළ යුතුය. තල් අත්තට බ්ලි ගෙඩිය වැටුනු විටගාල කඩාගෙන දිවූ තිරිසන් ගතියෙන් මිදීමට අප සමාජයක් ලෙස සිතට ගත යුතුය.එමෙන්ම ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂ මුස්ලිම් ව්‍යාප්තවාදය පරාජය කර එක්සමාජයක් ලෙස තම තමන්ගේ අනන්‍යතා රැක ගනිමින් ජීවත් වන්නේ කෙසේද යන්න පිලිබඳදැනුවත් සංවාදයක් ඇරඹිය යුතුය. ඇහැට ඇහක් පන්නයේ පිළිතුරු සෙවීම තෙක් වර්ධනය නොවී සමාජයක් ලෙස කට ජීවත්වීමේදී ස්වාභාවිකව ඇතිවන නොපෑහීම් වළකා ගතහැක්කේ එමගින් පමනි. එමෙන්ම ස්මාජ සාමානුයෝජනයට බාධා ගෙන දෙන විදෙස් ආධාරලබන සහ විදෙස් න්‍යායපත්‍රයන් මත මෙයවෙන අන්තවාදී කණ්ඩායම් වලක්රියාකාරීත්වය ඉක්මන් ප්‍රතිචාරයක් මගින් වහා නැවැත්විය යුතුය. එසේ නොවනතාක් මේ පිලිබඳ ගැඹුරු සංවාදයකට යෑම උගහටය. එමෙන්ම සිංහල බෞද්ධ සමාජයනියෝජනය කරන්නේ යැයි කියන සංවිධානවල ඇති ගැටලු ජාතික සංවිධානවලමැදිහත්වීම්න් හෝ විසඳා ගත යුතුය. කොටින්ම කඳට සරිලන හිසකින් ඒ සංවිධානශක්තිමත් කරගත යුතුය.
උපතේ සිට මරණයට පත් වීම තෙක් සැමට බලපාන නීතිය සරිලන ජනවාර්ගිකත්වය මතවෙනස් නොවී සැමට සරිලන එක නීති පද්ධතියක් යටතට මුළු සමාජයම ගැට නොගසා නම්සහජීවන මගේ අඩියක්වත් ඉදිරියට යාම උගහටය.
අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇතිඅවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගතහැක්කක් නොමැති බව හොඳින් තේරුම් ගත යුතුය. එමගින් සිදුවන්නේ වෙන්වීමේපරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය. දෙමළ ජාතිවාදයපැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙනඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්රස්තවාදියා යනු එකෙක් නොවදෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයිඅයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්රභාකරන් පැරදවීමට හැකිවිය.එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. එමෙන්ම සාමාන්යමුස්ලිම් ජනයා සහ තව්ෆික් ජමාද් හෝ වෙනත් කුමනාකාර අන්තවාදී මුස්ලිම්ත්රස්ත කණ්ඩායම් වෙන්කර හඳුනාගත යුතුය. එසේ නොකර සියල්ල එක කුලකයකට දමා ‘තම්බි ඔක්කොම එකයි’ යනුවෙන් සාමාන්‍යකරණය නොකර ඒ වෙනුවට සාමාන්‍ය මුස්ලිම්ජනයා දිනාගනිමින් මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට අප සවිඥානික විය යුතුය .අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතුකරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකිවිදග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි
කැලුම් නිරංජන, යුතුකම සංවාද කවය
http://lankacnews.com/sinhala/main-news/118478/
මූසලු අන්තවාදය හා සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස් ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්ඩායමක් සමඟ ගනුදෙනු කළ මෙරට මුස්ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්ලාමීය සංවිධාන 13 ක් සහ අන්තවාදී සංවිධාන 4 ක් කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස් ලියවිල්ලක් හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්තාන් ත්‍රස්ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක් යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
-
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. අදේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්න
http://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
-
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]
අනුරාධපුරයේදී හෙට (05 වැනිදා) පැවැත්වෙන පිච්චමල් පූජාව සඳහා විශේෂ දුම්රිය රැසක් යොදවන බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්. ඒ. ආර්. රත්නායක මහතා 'දිවයින' ට කීය.
ඒ අනුව අනුරාධපුරය බලා සාමාන්‍යයෙන් ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී, නගරාන්තර සහ තැපැල් දුම්රියට අමතරව අද (04 දා) සිට ලබන ඉරිදා (06 දා) දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවැසීය.
කොළඹ සිට අද පෙරවරු 07.05 ට මෙම විශේෂ දුම්රිය ආරම්භ කරන අතර හෙට පෙරවරු 4.15, 7.05, 07.50 යන වේලාවන්ට ද දුම්රිය ධාවනය කරන බව ඒ මහතා කීය.
ඊට අමතරව දිනපතා සාමාන්‍ය පරිදි අනුරාධපුරය බලා දුම්රිය ධාවනය කෙරෙන බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේය.
අකිත පෙරේරා
http://www.divaina.com/2014/07/04/news09.html
Pic
Source
අන්තවාදී පිරිසකගෙන් භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට දැඩිසේ තර්ජනයක් එල්ල වී ඇති නිසා රටත් සාසනයත් රැකගැනීමට නම් වහාම පොදු වූ සාධාරණ නීතියක් වගකිව යුත්තන් විසින් ඇති කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.
ඒ හිමියෝ එසේ පැවසුවේ ස්වාධීන උගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එකමුතුව බෞද්ධ මහා සම්මේලන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මානන්ද නාහිමියෝ මෙසේද පැවසූහ. නිවැරැදි ආගමික පරිසරයක් තුළ ජාතික සමඟිය ඇතිකිරීමට නම් අපි සියලු දෙනාම ඉතා සන්සුන්ව, ගැටුම්කාරී දේවල් සිදු නොකර ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ රජය විපක්ෂය ඇතුළු සියලුම වගකිව යුතු අය ඊට ආධාර අනුබල දීමයි. සමහර ඇමැතිවරු පවා මහා සංඝරත්නයට දොස් පවරනවා. අපි මහා සංඝරත්නය විදියට ඒ අයටත් අවවාද දිය යුතුයි. එදා අතීතයේ සිටම රටත්, ජාතියත් ශාසනයත් ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. රජයට පවා අවවාද අනුශාසනා කළේ මහා සංඝරත්නයයි. ආගමික, ජාතික සංහිදියාවක් ඇති කිරීමට භික්ෂූන් වහන්සේලා මූලිකත්වය ගත යුතුයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි - පසුගියදා බේරුවල, අලුත්ගම ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් සමහර අන්තවාදී පිරිසක් විසින් භික්ෂූන් වහන්සේලාට චෝදනා කරනවා. සමහර ඇමැතිවරුත් දොස් කියනවා. නමුත් යථාර්ථය නොදැනයි භික්ෂූන් වහන්සේට චෝදනා කරන්නේ. ඇත්ත වශයෙන්ම එම සිද්ධියේදී පොලිසියෙනුත් වැරදි සිද්ධ වුණා. පොලිසියේ රාජකාරිය නිසි අයුරින් සිද්ධ වුණේ නැහැ. ප්‍රමාදවෙලයි කටයුතු කළේ. ප්‍රමාදවෙලා හරි ගැටුම් මැඩලන්න කටයුතු කිරීම ගැන සතුටු වෙනවා.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ - බොදුබල සේනා සංවිධානයට සමහර අය දොස් නඟනවා. නමුත් ඒක වැරදියි. බොදුබල සේනාව යහපත් අරමුණකින් රටට ආදරය ඇති, සාසනය ගැන කැක්කුමක් ඇති යහපත් බෞද්ධ සංවිධානයක් ලෙස සඳහන් කළ හැකියි.
එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝද අදහස් දැක්වූහ.
ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/07/04/news27.html