Pages

Monday, October 10, 2016

බුදු දහමට ප්‍රමුඛස්ථානය

Image result for buddhism sri lankaඇමති මණ්ඩලය විසින් නව ව්‍යවස්ථාවක් පිලිබඳ මහජන අදහස් ලබා ගැනීමට කමිටුවක් පත් කලේ 2015 වසරේ දීය. දහනව දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධූරයට පත් කලේ වාමාංශික නීතිඥයෙකු වන ලාල් විජේනායක මහතාය.  එබැවින් එය ලාල් විජේනායක කමිටුව ලෙස ප්‍රසිද්ධ විය.  මෙම කමිටුවේ වාර්තාව 2016 මැයි මාසයේ දී ආණ්ඩුවට භාර දෙනු ලැබිණි.  එහි අරුම පුදුම නිර්දේශ ගණනාවක් අඩංගු විය.  බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීම ද ඒ අතරේ විය.

මේ පිලිබඳ ජනපතිගේ ප්‍රතිචාරය වූයේ එය හුදෙක් මහජන අදහස් ලබා ගත් කමිටුවක් පමණක් බවයි.  නමුත් එය සැබෑවක් නොවේ.  එකී කමිටුව මහජන අදහස් ලබා ගැනීමෙන් නොනැවති සිය නිර්දේශ ද ඉදිරිපත් කර ඇත.  කමිටු සාමාජිකයින් 19 දෙනාගෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ඇතුලත් දෙවන පරිච්ඡේදය ඒ ලෙසින්ම පවත්වා ගත යුතු බව පැවසුවේ දෙදෙනෙකු පමණි.  ඒ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් සහ සරසවි ඇදුරියක වන නාලනි දමයන්ති යන අයයි.

මෙය ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිඵලය විය යුතුය.  ඇමති මණ්ඩලය විසින් මෙම දහනව දෙනා පත් කරන්නේ ඔවුන්ගේ පසුබිම හොඳින් දැන ගෙනයි.  වික්‍රමබාහු කරුණාරත්න මහතා කමිටුවේ සිටියේ නම් ඔහු නව වන වගන්තිය පිලිබඳ ලබා දෙන නිර්දේශය මුළු රටටම අනුමාන කළ හැක.  එමෙන්ම නලින් ද සිල්වා මහතා කමිටුවේ සිටියේ නම් ඔහුගේ නිර්දේශය ද ඒ අයුරින්ම අනුමාන කළ හැක.  මක් නිසා ද යත් ඔවුන්ගේ මතවාද රටම දන්නා බැවිනි.  ඒ අනුව ඇමති මණ්ඩලය පත් කළ කමිටුවේ සාමාජිකයින්ගේ මත වාද ඇමති මණ්ඩලය නොදැන සිටිය නොහැක.

මෙම කමිටුව හරහා ආණ්ඩුව අරමුණ දෙකක් ඉටු කර ගැනීමට වෙර දරා ඇති බව පෙනේ. ඒ මහජනතාව නව වන වගන්තිය වෙනස් කළ යුතුය යන අරමුණක සිටින බව සමාජ ගත කිරීම සහ එවැනි සංශෝධනයක් පිලිබඳ සමාජ ප්‍රතිචාරය මැන බැලීමයි.  ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට පෙර විජේනායක කමිටුව පත් කර ඇත්තේ මුට්ටිය දමා බැලීමටයි.

මෙම නිර්දේශයට සංඝ සමාජයෙන් බලවත් විරෝධයක් මතු නොවිණි.  එයින් එඩිය ලැබූ චන්ද්‍රිකා මැතිණිය පැවසුවේ රට අනාගමික කිරීමට විරුද්ධ වන්නේ බෞද්ධ අන්තවාදින් පමණක් බවයි.  ඒ වගේම දෙමළ බෙදුම්වාදින්ට ද මෙම නිහඬතාවයෙන් එඩියක් ලැබිණි.  වෙනදා උතුරේ සිට දෙමළෙන් කියූ තානාපති කාර්යාල වල දී ඉංග්‍රිසියෙන් රහසෙන් මිමිණූ කතා සිංහලෙන් කීම ඇරඹූහ.  දෙමළ සංධානයේ සුමන්දිරන් මහතා සිංහල රූපවාහිනි වැඩසටහන් දෙකක දී ම බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තැන ඉවත් කළ යුතු බවට පැවසීය.

අවසානයේ දී බෞද්ධයින් වෙනුවෙන් නිහඬතාවය බින්ඳේ ලංකාවේ කතෝලිකයින්ගේ මෙන්ම ලෝක කතෝලික ප්‍රජාවගේ ද නායකයෙකු වන මැල්කම් රංජිත් කාදිනල්තුමාය.  ඔහු නව වන වගන්තිය වෙනස් කිරීමට විවෘතවම විරෝධය පල කලා පමණක් නොව එසේ නොකරන බවට සහතිකයක් ජනපතිගෙන් ලබා ගැනීමට ද කටයුතු කලේය.  චන්ද්‍රිකා මැතිණියට අනුව නම් කාදිනල්තුමා බෞද්ධ අන්තවාදියෙකි.  එමෙන්ම නව වන වගන්තිය ව්‍යවස්ථාවට එක් කලේ ලංකාවේ බිහි වුණු ප්‍රමුඛතම මාක්ස්වාදි නායකයෙකි.  ඒ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාය.  චන්ද්‍රිකා මැතිණියට අනුව ඔහු ද බෞද්ධ අන්තවාදියෙකි.  මාක්ස්වාදි නායකයෙකු එකතු කර කතෝලික නායකයෙකු රැක ගැනීමට සටන් වදින මෙම වගන්තියේ වටිනාකම තේරුම් ගැනීමට නම් අතීතයට යා යුතුය.

ලංකාව සහ බුදු දහම අතර ඇත්තේ සුවිශේෂී සබඳතාවයකි.  මිහිඳු හිමියන්ගේ පැමිණීමේ සිට අද දක්වා අඛණ්ඩව වසර 2,300කට අධික කාලයක් ලංකාවේ බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි. ඉන්දියාවෙන් අතුරුදහන් වූ පිවිතුරු බුදු දහම රැකුණේ ලංකාවේය.  ඉන් පසු ලංකාවෙන් අග්නි දිග ආසියානු රටවලට ව්‍යාප්ත වුණු බැවින් අදටත් රටවල් පහක බහුතර ජනතාව අදහන්නේ ථේරවාදි බුදු දහමයි.  පිවිතුරු බුදු දහමේ මූලස්ථානය බවට ලංකාව පත් වන්නේ අහඹුවකින් නොවේ.

බුදු දහම අතීතයේ පැවැතියේ අතිශයින්ම අහිංසක ආගමක් ලෙසිනි.  එබැවින්ම බෞද්ධ රාජ්‍යයන් ඉතා පහසුවෙන් යටත් කර ගෙන බොදු ශිෂ්ටාචාර වැනසීමට අන්‍යාගමික ආක්‍රමණිකයින්ට හැකි විය.  මේ පිලිබඳ කදිම නිදසුන වන්නේ මගධ රාජ්‍යයේ පැවැති නාලන්දා සරසවියයි.  1193 දී මහමුද් බින් බක්තියාර් කිල්ජි විසින් මගධය ආක්‍රමණය කරන විට නාලන්දාවේ සිසුන්, ගුරුවරුන් සහ පරිපාලකයින් ලෙස දහ දහසකට අධික භික්ෂුන් වහන්සේලා වැඩ සිට ඇත.  උදෑසන දානය වලඳමින් සිටි භික්ෂුන් වහන්සේලා හය සීයක පමණ කිල්ජිගේ හමුදාව කඩු ලෙල දෙමින් කන්ද මුදුනට පැමිණෙනවා දුටහ.  එවිට භික්ෂුන් වහන්සේලා කලේ දානය වැලඳීම නවතා භාවනා යෝගී වීමයි.  ඉතා පහසුවෙන් භික්ෂූන් දස දහසම මරා දැමූ මුස්ලිම් අන්තවාදියෝ නාලන්දාව ගිනි තබා විනාශ කළහ.  නාලන්දාවේ පැවැති දැවැන්ත පුස්තකාලය මාස තුනක් පුරා දැවුණු බව වාර්තා වීමෙන් එහි තිබුණු පොත් ගණන අනුමාන කළ හැක.  නාලන්දාව ගිනි තැබීම සනිටුහන් කලේ ඉන්දියානු බොදු ශිෂ්ටාචාරයේ අවසානය බව ඉතිහාසඥයින්ගේ මතයයි.  එදා භාවනා යෝගි වීම වෙනුවට භික්ෂුන් වහන්සේලා විසින් අත රැඳුනු පාත්‍ර දස දහසෙන් ආක්‍රමණික හය සීයට පහර දුන්නේ නම් බොහෝ විට ඉන්දියාව තවමත් බෞද්ධ රටක් වීමට ඉඩ තිබුණි.

ලංකාවේ තත්වය ද ඉන්දියාවට සමානය.  බෞද්ධයින් අතිශයින්ම අහිංසක ලෙස කටයුතු කළ බැවින් අශ්ව වෙළඳාමේ පැමිණි සේන සහ ගුත්තිකට ද රාජ්‍ය බලය පැහැර ගැනීමට හැකි විය.  නිරතුරුව සතුරු ආක්‍රමණ වලට ගොදුරු විය.  දුටුගැමුණු යුගයේ දී බුදු දහමට නැවුම් අර්ථ කතනයක් ලැබිණි.  සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට භික්ෂුන් වහන්සේට හැකි අයුරින්ම බෞද්ධයින්ට ද සිය රාජ්‍යයේ ආරක්ෂාව උදෙසා සටන් කළ හැකි බවයි.  ඒ අනුව ආක්‍රමණික එලාරට එරෙහිව යුද වැදුණු සටන් බිමට පිරිත් දෙසමින් ද අනුශාසනා කරමින් ද මහ සඟ රුවන ද වැඩම කළහ. එදා පටන් ලංකාවට ආක්‍රමණයක් ඇති වුණු විට ඊට එරෙහිව පෙරමුණ ගත්තේ සඟ රුවනයි.  සේනා රැස් කලේ ද පුහුණු වීම් කලේ ද ආයුද සැඟ වූයේ ද පන්සලේය. ක්‍රි පූර්ව දෙවන සියවසේ ‍ථේරපුත්තාභය ගේ සිට 1848 අවසන් නිදහස් අරගලයේ කුඩහපොල හිමි දක්වා ම අපට සිටියේ සටන්කාමි භික්ෂූන්ය.

සිංහල බෞද්ධයින් මව්බිම රැක ගැනීමට ආයුද ගත් නමුත් බොදු හික්මීම හේතුවෙන් කිසිම දිනක විදේශීය රටක් අත්පත් කර ගැනීමට වෙර නොදැරූහ.  ලංකාව චෝල මුම්මුඩ අධිරාජ්‍යයට ඈඳෑ ගත් විට ඊට එරෙහිව සටන් කර දකුණු ඉන්දියාවට ගොස් අධිරාජ්‍යය සුණු විසුණු කිරීමට පළමු විජයබා රජු සමත් විය.  නමුත් තමන් දකුණු ඉන්දියාව පරාජය කළ බවට සෙල් ලිපියක ලියා තබා ඔහු නැවත ලංකාවට පැමිණියේය.  ගජබා රජුගේ ඉන්දියානු ආක්‍රමණය ද පැරකුම් රජුගේ බුරුම ආක්‍රමණය ද සිදු වුණේ හුදෙක් සතුරා පැරදවීමට මිස භූමිය හෝ අනෙකුත් සම්පත් කොල්ලා කෑමට නොවේ.

මංකොල්ලයේ නොයෙදෙන නමුත් ආත්මාරක්ෂාවට සටන් කිරීම සිංහල බුද්ධාගමයි.  බුදු දහම උපන් ඉන්දියාවෙන් බුදු දහම අතුරුදහන් වූ විට එහි මූලස්ථානය වුණේ ලංකාවයි.  එබැවින් වතීකානුවට කතෝලික දහම රැකීමට ද සෞදි අරාබියට ඉස්ලාම් දහම රැකීමට ද ඇති වගකීම බුදු දහම වෙනුවෙන් ඇත්තේ ලංකාවටයි.  එමෙන්ම වසර 2,300 අඛණ්ඩව බහුතර ජනතාව එකම ආගමක් ලෝකයේ අන් කිසිම රටක අදහා නැත.  එබැවින් ලංකාව සහ බුදු දහම අතර ඇත්තේ ලොව අන් කිසිම රටකට කිසිම ආගමක් සම්බන්ධයෙන් නොමැති සුවිශේෂී සම්බන්ධයක්ය.

ඉතාලියේ රාජ්‍ය ආගම කතෝලික ආගමයි.  එංගලන්තයේ ඇංග්ලිකානු ක්‍රිස්තියානි ද නෝර්වේ රෙපරමාදු ක්‍රිස්තියානි ද ග්‍රීසියේ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි ද රාජ්‍ය ආගම් වේ.  භූතානයේ රාජ්‍ය ආගම වන්නේ බුදු දහමයි.  තුර්කිය, බංගලි දේශය සහ ඉන්දුනීසියාවේ හැර අන් සෑම මුස්ලිම් බහුතර රටකම ඉස්ලාම් රාජ්‍ය ආගම වේ.  ඒ සෑම රටකටම වඩා ලංකාවට සුදුසුකම් ඇතත් ලංකාවේ දී බුදු දහමට හිමි වී ඇත්තේ රාජ්‍ය ආගම නොව ප්‍රමුඛස්ථානය පමණි.  අනාගත සංශෝධනයක දී සිදුවිය යුත්තේ බුදු දහම රාජ්‍ය ආගම කිරීම මිස තිබෙන ප්‍රමුඛස්ථානය ද අහිමි කිරීම නොවේ.

– උදය ප්‍රභාත් ගම්මන්පිල

Pic Source

ඔබේ රටේත් විද්‍යාඥයින් ග්ලයිෆොසේට්‌ මිථ්‍යාව වපුරනවා - ප්‍රංශ මාධ්‍යවේදිනී මාරි මොනික්‌ රොබින්සන්

1960 දී උපත ලද මාරි මොනික්‌ රොබින් ප්‍රංශ ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක්‌, වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක්‌ ලෙස ප්‍රචලිත වන අතර, ඇය විසින් හෙළිදරව් කරන ලද විවිධ ජාවාරම් හෝ සමාජ අගතීන් අළලා සැකසුණු වීඩියෝ පට, චිත්‍රපට හා පොත්පත් ඉතා වේගයෙන් ජනයා අතර පැතිර ගියේය. ඇය බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ සමාජ ආරක්‍ෂණය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇය අතින් වූ මෙහෙය නිසාවෙනි. මෙම සමාජ සේවය නිසා ඇතැම් විට ඇයට ලැබුණේ අප්‍රමාණ කෙනෙහිලිකම් හා පීඩනයන්ය. නමුත් ඇය සවිමත් මවක්‌ ලෙස ලෝකයේ සියලුම දුවා දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනක්‌ බිහිකරලීමට කැපවී සිටින්නීය. 

ඇය වසර 30 ක්‌ තිස්‌සේ ජනමාධ්‍යවේදිනියක්‌, පර්යේෂිකාවක්‌, කතුවරියක්‌ ලෙස කටයුතු කළ අතර 'මොන්සැන්ටෝ සමාගමට අනුව ලෝකය' (The world According to Monsanto, 2008) නමැති භාෂා 22 කට පරිවර්තනය වූ කෘතියේ සම්පාදිකාව වූවාය. මෙතුමිය විසින් මොන්සැන්ටෝ සමාගම සහ ඔවුන්ගේ විනාශයන් අළලා සිදු කරන ලද පර්යේෂණ චිත්‍රපටය රටවල් 50 කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත විය. මෙතුමිය අප රටට පැමිණියේ ශ්‍රී ලංකාවේ පැතිර පවතින වකුගඩු රෝගයට විෂ රසායනිකවල ඇති සම්බන්ධතාව ගැන චිත්‍රපටයක්‌ සිදු කිරීමටයි. ඒ අතරවාරයේදී පසුගිය දිනක ඇය විසින් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ දී (SEMA) ග්ලයිෆොසේට්‌ සහ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව පළ කළ අදහස්‌ මෙසේ දක්‌වා සිටිමු. 

මොන්සැන්ටෝව මේ වන විට ලෝක ගෝලයම අනතුරට හෙලමින් විෂ රසායනික ලෝකයට එන්නත් කරමින් සිටින පසුබිමක මෙවැනි සංවාදයක්‌ ඇතිවීම ඉතා වැදගත් වෙනවා. වර්තමානය වන විට ඔවුන් නිෂ්පාදනය කළ විෂ රසායනවලින් බොහෝමයක්‌ තහනම් කරලා. ඒවායින් කිහිපයක්‌ DDT හා PCBs අදටත් මිනිස්‌ සිරුරට ඇතුල් වෙමින් මිනිසා රෝගී තත්ත්වයන්ට පාත්‍ර කරනවා. මේවා මීට වසර 30 කට පමණ පෙර තහනම් කළත් අද බිහිවන දරුවා පවා රෝගී කරවන්නේ ලේ සහ ජාන පවා විකෘති කරමින්. 

මොන්සැන්ටෝ පිළිබඳව නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළඳපළේ ඇති චෝදනා සැලකීමේදී මාධ්‍ය ඔස්‌සේ අසත්‍ය තොරතුරු ගෙනයාම, ඉහත සඳහන් කළ PCB යන විදුලි උත්පාදක යන්ත්‍රවලට භාවිත කළ තෙල් වර්ගවල අන්තර්ගත විෂ රසායනිකය මිහිපිට ජීවීන්ට අහිතකර නොවන්නක්‌ය යන්න ප්‍රකාශ කර ජනතාව මුලා කරවීමෙන්ම තහවුරු වෙනවා. මෙය කැනඩාවේදී මිනිසාට අහිතකර සංයෝග 02ක්‌ ගවයන්ගේ කිරි ප්‍රමාණය වැඩි කිරීමට යොදා ගැනීමත්, එය වසන් කිරීමට කැනඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වගකිවයුත්තන්ට අල්ලස්‌ ලබා දීම පිළිබඳව වන නඩු මාලාවක්‌ මොන්සැන්ටෝවේ තුච්ඡ උපායන්, සඳහා ලිත සාක්‍ෂි සපයනවා. මෙම උදාහරණයන් දෙකේදීම ඒවායේ තහනම් කිරීම සඳහා මගේ පොත් සහ චිත්‍රපටවලින් යම් සත්‍ය පෙන්වාදීමක්‌ සිදුවූවා. මේ සියල්ල සිදු කරන්නේ Revolving Door (කැරකෙන දොරවල්) ක්‍රමයක්‌ මගිනුයි. මොන්සැන්ටෝවේ විද්‍යාඥයන් කලකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී තීරණාත්මක ආයතනවල තීන්දු තීරණ ගන්නා මුල් පුටුවලට පත්වෙනවා. නැවත ඔවුන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව නැවත මොන්සැන්ටෝව ආදී දූෂිත සමාගම්වලට යනවා. මෙය දිගුකාලීනව බැලූවොත් ඔබ රටේත් දකින්න පුළුවන් වේවි. මෙවැනි සාධක 50 කට වඩා මම ලිඛිතව පෙන්වා දී තිබෙනවා. 

මොන්සැන්ටෝ වියට්‌නාමයේදී භාවිත කළ Agent Orange වැනි විෂ ද්‍රව්‍ය පිළිබඳව හා ඔවුන්ගේ නිෂ්පාදන විද්‍යාත්මකව බොරු තර්ක හා න්‍යායන් මගින් ඇතැම් විද්‍යාඥයන් මුලාව සඳහා යොදාගන්නවා. මෙසේ විද්‍යාත්මක බොරුව සඳහා යොදාගන්නා විද්‍යාඥයන් "විද්‍යාත්මක ගණිකාවන්" ලෙසයි මා හඳුන්වන්නේ. මේ වගේ විද්‍යාඥයන් සඳහා මා කොතෙකුත් උදාහරණ ලිතව මගේ ප්‍රකාශවලින් පෙන්වා දී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන් අහිතකර දෑ පිළිබඳව කළ යුතු පරීක්‍ෂණ නොකර බලා සිටීමෙන් ඔවුන්ට උදව් දෙනවා. මෙවැනි විද්‍යාඥයන් තීන්දු තීරණ ගන්නා බල අධිකාරයට කරන වැරදි මඟපෙන්වීම නිසා රටවල්වලට ගන්න වෙලා තියෙන්නේ වැරදි තීරණයන්. 

මෙය ඔබ රටේ ග්ලයිෆොසේට්‌ පිළිබඳව සිදු වෙමින් පවතිනවා. ඔබ රටේ පුවත්පත්වල ග්ලයිෆොසේට්‌ මිනිසාට බලපෑමක්‌ නොමැති බව පුන පුනා කීමට උත්සාහ කළත් එහි බලපෑම පිළිබඳව ගිය අවුරුද්දේ, 2015 දී ඉන් ඇති පිළිකාකාරක ස්‌වභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කළා. ග්ලයිෆොසේට්‌ කියන්නේ වල් නාශකයක්‌. එය පොළවට වැටී පැය 02ක්‌ ඇතුළත විනාශ වන බව අසත්‍යයක්‌, එසේ නම් බොහෝ කාලයකට පසුත් ඔබ අපේ යුරෝපයට එවන නිෂ්පාදන වලින් මේවා හමුවන්නේ කොහොමද? මෙය තමයි විද්‍යාඥයන් සිදුකරන ජනතා මුලාව. ග්ලයිෆොසේට්‌ පිළිබඳව සිදුකළ දහසකට වඩා විද්‍යාත්මක පර්යේෂණවලින් 200 ක්‌ පමණ ඉතා හොඳ විද්‍යාත්මක පදනමක්‌ තිබෙන ඒවායි. මේවා පදනම් කරගෙන තමයි ග්ලයිෆොසේට්‌ බොහෝදුරට පිළිකාකාරකයක්‌ (Probable cardinogen - 2 B) 2 කාණ්‌ඩයට නම් කෙරෙන්නේ. 1 ඛාණ්‌ඩයට අයත් වන්නේ මිනිසාට අදාළව සිදු කළ පර්යේෂණ මගින් පිළිකාකාරක බවට දත්ත වාර්තා කළ සංයෝගයි. මෙය ඇස්‌බැස්‌ටෝවලට සිදු කළත් වල් නාශකයක්‌ වෙනුවෙන් මිනිසා භාවිතා නොකිරීම නිසා පමණයි ග්ලයිෆොසේට්‌ 1 ඛාණ්‌ඩයට ඇතුළත් නොවන්නේ. දිගු කාලීන ග්ලයිෆොසේට්‌ භාවිතය නිසා පිළිකාවලට ගොදුරුවන බව විද්‍යාත්මක සත්ත්ව සෛල හා වෙනත් ජීවීන් භාවිතයෙන් සිදුකළ පර්යේෂණවලින් හොඳින්ම අවබෝධ වී තිබෙනවා. මේ සාධක මිනිසාට පිළිකා ඇති කිරීමට ග්ලයිෆොසේට්‌වල ඇති සම්බන්ධය මොනවට පැහැදිලි කරනවා. බේයර්, මොන්සැන්ටෝ, සින්ජෙන්ටා ආදී කූප්‍රකට සමාගම් සියල්ල වෙනුවෙන් කටයුතු කරන විද්‍යාඥයන් මේවායේ විෂ සැඟවීමේ තුච්ඡ උපායන් විද්‍යාත්මකව කරමින් සිටිනවා. මෙයට එක්‌ සාධකයක්‌ බේයර් සමාගම විසින් මොන්සැන්ටෝව මිලයට ගැනීම. මේ සියල්ලන්ගේ එකම ඉලක්‌කය වී ඇත්තේ එනම්, ජනතාවට අහිතකර, පරිසරයට අහිතකර ද්‍රව්‍ය විකුණමින් විශාල ලාභ ඉපැයිමයි. 

ග්ලයිෆොසේට්‌ වැනි උග්‍ර විෂකාරකවලට ඔරොත්තු දෙන බීජ නිෂ්පාදනය ඔවුන්ගේ තවත් කූප්‍රකට කටයුත්තක්‌. ජාන විකෘති කළ (GM foods) බීජ ලෙස තිරිඟු, සෝයා හා බඩ ඉරිඟු ලොව පුරාම භාවිත කරමින් සිටිනවා. ඔබ රටේ බඩඉරිඟු ව්‍යාපෘතියත් එවැන්නක්‌. ඔබ දන්නේ නැතුව ඇති ඔබ භාවිත කරන බඩ ඉරිඟු ග්ලයිෆොසේට්‌වලට ප්‍රතිරෝධී බව. විද්‍යාඥයන් මුලාවේ හෙළමින් ඔවුන් මෙම බීජ වර්ග ඔබ රටවල් තුළ ව්‍යාප්ත කර තිබෙනවා. මෙයට ඔබ හසු වී හමාරයි. 

ග්ලයිෆොසේට්‌ කියන්නේ පිරිසිදුකාරකයක්‌. 1964 දී ස්‌ටෝµa (Stauffer Chemical company) නම් සමාගම විසින් මෙය හඳුන්වා දෙන්නේ වෙනත් අයන හා ඛණිජ (විශේෂයෙන් බැර ලෝහ) සමඟ එක්‌වී පිරිසිඳු කාරකයක්‌ ලෙස ක්‍රියාකිරීම නිසායි. මෙය ඔබ රටේ වකුගඩු රෝගයට හේතු සොයා ගැනීමට එක්‌ සාධකයක්‌ විය හැකියි. හොඳ අයන මෙන්ම අහිතකර අයනයන්ද බැඳ තබා ගැනීම නිසා පසේ පෝෂණය අඩු වීමත් ග්ලයිෆොසේට්‌ නිසා සිදුවන බව සත්‍යයක්‌. ඔබට තේරේවී ඇයි ඔබේ විද්‍යාඥයන් මේ පර්යේෂණ නොකරන්නේ කියලා. 

බොහෝ ගොවීන්ට ජාන විකෘති බීජ හා විෂ රසායනිකවලින් බැහැරව කලින් පැවති ගොවිතැනට යාමේ කැමැත්තක්‌ තිබුණත් මේ විෂම චක්‍රය ඔවුන් මෙම උගුලේ හිර කරගෙන සිටිනවා. 

ග්ලයිෆොසේට්‌ ප්‍රතිජීවකයක්‌ හැටියටත් ක්‍රියා කරනවා. සියලු හිතකර බැක්‌ටීරියාවන් මරා දමමින් අපගේ බඩවැලේ අහිතකර බැක්‌ටීරියාවන් ප්‍රමුඛ කරමින් මිනිස්‌ ජීවිතවලට බලපෑම් ඇති කරවීම පිළිබඳව දැන් විද්‍යාත්මක පර්යේෂණ සිදුවෙනවා. සතුන්ගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාමාන්‍යතා වගේම ලිංගික බෙලහීනතාව නිසා සතුන් නිසරු වෙලා. මීට ප්‍රධානතම හේතුව, සෝයා, බඩඉරිඟු හා තිරිඟුවලට කෙළින්ම ග්ලයිෆොසේට්‌ යෙදීමයි. අප ආහාරයට ගන්නා කිරි හෝ මස්‌වල ග්ලයිෆොසේට්‌ තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි. මේ සියල්ල විද්‍යාත්මක පසුබිමක්‌ සහිත කාරණා, හෝමෝන පද්ධතියට ඇති කරන බලපෑම මිනිසාගේ අනාගත සෞඛ්‍යයට කෙසේ බලපායිද යන්න පිළිබඳව තවමත් සැකයක්‌ තියෙනවා. මිනිසාගේ ප්‍රතිශක්‌තිය හා ආරක්‍ෂණ යාන්ත්‍රණයට සිදුකරන හානිය, පිළිකාකාරක බව හා ප්‍රතිජීවක හැකියාව. මිනිසාගේ අනාගත සෞඛ්‍යයට ප්‍රබල හානියක්‌ ඇති කරාවි. මේ නිසා අපි යුරෝපයේ පාරිභෝගිකයා ලෙස දැඩි ලෙස වර්ජනය කරනවා මෙසේ ග්ලයිෆොසේට්‌ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර. 

මේ සියල්ල සලකා බලා අපි තීරණය කළා මොන්සැන්ටෝවට විරුද්ධව නීතිමය ක්‍රියාමාලවකට යන්න. දැන් එය යුරෝපයේ දියත් වෙනවා. ලෝකයේ සියලු රටවල මෙය ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අප ප්‍රංශයේදී පෙත්සම් යොමු කිරීමක්‌ මඟින් මේ වසරේ ඔක්‌තෝබර් මැදදී කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ සඳහා ඔබ රටේ විද්‍යාඥයන් කිහිපදෙනකු, විශේෂයෙන්ම වෛද්‍ය චන්න ජයසුමන මේ සඳහා ඉදිරිපත් වෙනවා. රටවල් කිහිපයක ජනතා පෙළගස්‌වමින් තිබෙනවා. මේ සමාගම්වලින් මේ වනතුරු ජනයා ලෙඩ වීම නිසා සිදුවූ ආර්ථික හානිය නැවත ඉල්ලා සිටීමට කටයුතු කරනවා. ඔබේ රටේ වවන්නේ ග්ලයිෆොසේට්‌ අඩංගු තේ නම් අප රටේ හා යුරෝපයේ සිටින මාගේ සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා එම නිෂ්පාදන මිලදී නොගන්නා හැටියට. මන්ද මවක්‌ ලෙස එයයි ඔවුන්ට දිය හැකි උසස්‌ම පණිවුඩය. 

Monsanto Glyphosate Tribunal ලෙස අන්තර්ජාලයේ සෙවීමෙන් ඔබට මේ කටයුතු පිළිබඳව තවත් වැඩිදුර විස්‌තර ලබා ගත හැකි වේවි. මෙහිදී අප ගෝලීයව යහපත් නිගමනයක්‌ හා හිතකර පිළිතුරක්‌ ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා. මොවුන් විසින් සිදු කළ නූතන ජීවී සංහාරය, ජෛව මංකොල්ලයක්‌. මේ නිසා කී දෙනෙක්‌ ගොවීන් ලෙස, මවුවරුන් ලෙස, පාරිභෝගිකයන් ලෙස මිය යන්නට ඇත්ද ?. මෙයට ඔවුන් පිළිතුරු දිය යුතු වෙනවා. විසඳුම් හා අලාභයන් වෙනුවෙන් සමස්‌ත ජනතාව හා නූපන් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා.

ජගත් කණහැරආරච්චි - සචිත්‍ර යාපා
http://www.divaina.com/2016/10/10/feature01.html

සබැඳි ලිපි -
[
තහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේද? මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද... සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා 'භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට ඉහත අපහසුතාවයන් ඇතිවුණේ. ඒ වන විට උන්වහන්සේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රය අනිත්‍යයි කියලා ප්‍රත්‍යක්‍ෂවුණු තත්ත්වයක සිටියේ නැහැ. ඒ නිසාම දුකට පත්වුණා.

පිංවත් ඔබ, කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ඇතිකොට ගනිමින්, කළ්‍යාණමිත්‍ර ආශ්‍රයේ අනිත්‍යභාවය දකින්න. සද්ධර්මය ශ්‍රවණය කරමින්, එම ධර්මදානමය පිංකම්වල අනිත්‍යභාවය දකින්න. නුවනින් මෙනෙහි කරමින්, එම මෙනෙහි කරන සිතිවිලිවල අනිත්‍යභාවය දකින්න. ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බොඡ්Cධංග මතුකොටගනිමින්, මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවනින් දකින්න. සතිය තුළ සිටිමින්, සතියේ අනිත්‍යභාවය දකින්න. ප්‍රීතිය පස්‌සද්ධිය තුළ සිටිමින්, ප්‍රීතිය පස්‌සද්ධියේ අනිත්‍යභාවයම දකින්න. රූපය ඇසුරින් හේතුඵලයක්‌ නිසා සකස්‌වෙන ධර්මතාවයන්ට බැඳෙන්නේ නැහැ. ඒවා නිත්‍ය, ස්‌ථිර වශයෙන් දකින්නේ නැහැ. එම ඵලයන් මමත්වයේ දැඩිභාවයෙන් ගන්නේ නැහැ. පංච උපාදනස්‌කන්ධ මාරයා, මාරයා ලෙසින්ම දකිනවා. පංච උපාදානස්‌කන්ධ මාරයා තුළින්ම, පංච උපාදානස්‌කන්ධ මාරයාගෙන් මිදීමේ දිශාව මතුකොටගන්නවා. කළ්‍යාණ මිත්‍ර ඇසුරේ පටන්, තමන්තුළ සකස්‌වෙන සෑම ධර්මයක්‌ම නිත්‍ය වශයෙන්, සුබ වශයෙන්, ආත්මය වශයෙන් දැකීම පංච උපාදානස්‌කන්ධ මාරයාව පෝෂණය කිරීමක්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංච උපාදානස්‌කන්ධ ධර්මයන්, අවබෝධ නොකිරීමෙන් සත්ත්වයා අවුල්වූ නූල් පන්දුවක්‌ සේ ව්‍යාකූළය කියලා. සැබෑ සැපයෙන් පහවූ නරක ගති ඇති විසිරුණු සිත් ඇතිව සසර භවගමන දික්‌කොට ගන්නවාය කියලා. පංචඋපාදනස්‌කන්ධ ධර්මථාවයන් කෙරෙහි සත්ත්වයාගේ තෘෂ්ණාව වැඩෙනකොට, තෘෂ්ණාව හේතුවෙන් උපාදානය සකස්‌වෙනවා. උපාදානය නිසා භවය සකස්‌වෙනවා. භවය නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක උරුමවෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. 

මහත් රුකක්‌ තිබෙනවා. එහි යටට බසිනා මුදුන් මුලත්, සතර අතට ගමන්ගත් මුල් වේද, ඒ සියලුම මුල් පසේ ඕජාව උඩට ගෙනයනවා. ඒම හා රුක, ඒ ආහාර ඇතිසේ, ආහාර කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානයන් ඇතිසේ අතිදීර්ඝ කාලයක්‌ පවතිනවා වගේ, සත්ත්වයා, ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවන රූපයන් කෙරෙහි ඇතිකොටගන්නා වූ ඡන්ද රාගය නිසාම, භවගමනේ දීර්ඝ කාලයක්‌ ගමන් කරනවාය කියලා බුදුරජාණන්හන්සේ දේශනා කරනවා. 

වරක්‌ සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසනවා, අන්‍ය තීර්ථකයින් ඔබලාගෙන් ප්‍රශ්න කළොත්, ඔබලාගේ ශාස්‌තෘන්වහන්සේ මොනවිදිහේ ධර්මයක්‌ද දේශනා කරන්නේ කියලා ඔබලා මෙහෙමයි පිළිතුරු දෙන්න ඕනේ කියලා.

'මාගේ ශාස්‌තෘන්වහන්සේ වන බුදුරජාණන්වහන්සේ ඡන්ද රාගය දුරුකිරීම ගැනයි දේශනා කරන්නේ' කියලා පිළිතුරු දෙන්න.

'කුමන ඡන්ද රාගය දුරුකිරීමටද? රූපය කෙරෙහි, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීම ගැනයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ' කියලා.

'එවිට එම අන්‍ය තීර්ථකයන් ඔබෙන් ඇසුවහොත්, කුමන් ආදීනවයන් දැකලද රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ වෙනස්‌වී යනකොට, විකෘතිවී යනකොට දුකට පත්වෙනවා. සත්ත්වයා විඳින ඉහත ආදීනවයන් දැකලයි බුදුරජාණන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මතාවයන් කෙරෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන්නේ' කියලා සාරිපුත්ත මහරහතන්වහන්සේ දේශනා කරනවා.

දැන් පිංවත් ඔබට වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමී ධර්මයන් පූර්ණකොට, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය වෙන්නේ ලෝක සත්ත්වයාට පංච උපාදනස්‌කන්ධය කෙරෙහි ඇති ඡන්ද රාගය දුරුකිරීමේ මාර්ගය මතුකොටදීමටය කියන කාරණය.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/10/09/feature08.html

පීනසට හොඳම බෙහෙත ගොටුකොළ සහ රතුලූනු!

වෛද්‍ය දුමින්ද රණවීර - පීනස බෝ නොවෙන රෝගයක්‌ ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්‌. ඒත් කල් ගිහින් පීනස නරක්‌ වුණාම නියුමෝනියාව, ක්‍ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්. පීනස බෝ නොවුණාට ක්‍ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි.

ප්‍රශ්නය - අද පීනස්‌ රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් වැඩි වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මෙයට හේතුව මොකක්‌ද?

වෛද්‍ය දුමින්ද රණවීර - ප්‍රධාන හේතුව දුහුවිල්ල වෙන්නත් පුළුවන්. දුහුවිලි තිබෙන්නේ එළිමහනේ විතරක්‌ නොවෙයි. කම්හල් ඇතුළෙත් දුහුවිලි තිබෙනවා. ඇඟලුම් ෆැක්‌ටරි ඇතුළේ නූල් සහ රෙදිවල තිබෙන කුඩා අංශු තිබෙනවා. වැඩ බිම්වල ඕනෑ තරම් දුහුවිලි තිබෙනවා. මේ දුහුවිලි ශරීරගත වුණාම ඒවා අසාත්මික අයට නාසයෙන් දිගින් දිගටම සොටු එන්නට පටන් ගන්නවා. සමහරුන්ට ශීතල සුදුසු නැහැ. සිසිල් බීම, අයිස්‌ක්‍රීම් අසාත්මිකයි. ඒවා පරිහරණය කළ විට පීනස හැදෙනවා.

ප්‍රශ්නය -පීනස්‌ රෝගයට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද? 

වෛද්‍ය දුමින්ද රණවීර - ඔව්. දිගින් දිගටම සාමාන්‍ය මට්‌ටමින් පීනස තිබෙන අය දවසක්‌ හැර දවසක්‌ පහත සඳහන් සරල කසාය පානය කළ විට පීනස පාලනය වෙනවා. ඒ කියන්නේ නිට්‌ටාවටම සනීප නොවුණත් සොටු දියර ගැලීම ඇනහිටිනවා. ගොටුකොළ දඬු මිටක්‌, වළඟසාල් මිටක්‌ සහ රතුලූනු ගෙඩි හතක්‌ පමණ අරගෙන වතුර කෝප්ප 7 ක්‌ දමලා එය එක කෝප්පයට හින්දලා පානයන කළ යුතුයි. මෙය සුදුසු වන්නේ පීනස අලුතෙන්ම හැදුණ අයට විතරයි. රෝගය යම් ප්‍රමාණයකට බරපතළ වූ අයකුට පහත සඳහන් ප්‍රතිකාරය සුදුසුයි.

ගොටුකොළ මිටක්‌, (මේ ගොටුකොළ ගම්වල වැවෙන කුඩා ප්‍රමාණයේ පත්‍ර සහිත සිංහල ගොටුකොළ වීම වැදගත්) රතුලූනු ගෙඩි 7 යි. මේ ද්‍රව්‍ය දෙක කුඩා වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක දමා හොඳින් ඉස්‌ම ටික මිරිකා ගන්න. මේ ඉස්‌ම උදේ හවස පානය කළ හැකි නම් මූලික අවස්‌ථාවේ පවතින පීනස සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකියි. ගොටුකොළ කියන්නේ පීනසට ඉතාම යෝග්‍ය ඖෂධයක්‌. ගොටුකොළ සම්බෝලයක්‌ (රතුලූනු සහ අමු මිරිස්‌ ලියා දමන ලද) ආහාර වේලට එකතු කරගන්නට හැකිනම් එය පීනස නොවැළඳීමට හේතුවක්‌ වෙනවා. ඉහත සඳහන් ගොටුකොළ රතුලූනු ඉස්‌ම දින 7 ක්‌ නොකඩවා පාලනය කළ විට තමන්ටම වටහා ගන්නට පුළුවන් එහි ඇති ගුණය මොකක්‌ද කියලා.

ගොටුකොළවල ගුණාගුණ - ගොටුකොළවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Centella asiatica යන්නයි. මෙය ඉන්දියානු උප මහාද්වීපය ඇතුළු ආසියාතික රටවලට ආවේණික වූ ශාකයක්‌. ගොටුකොළවලට කිසි විටෙකත් රසායනික පොහොර නොයෙදිය යුතුයි. කුඹුරුවලින් ගලා එන වල් නාශක සහ කෘමි නාශක වැව්වලට ගලා විත් නෙළුම් අලවලට උරා ගන්නවා වගේ ගොටුකොළවලට ඕනෑම රසායනික ද්‍රව්‍යයක්‌ උරා ගන්නවා. ඒ නිසා වාණිජ වැවිල්ලක්‌ ලෙස ගොටුකොළ වවන අය ඒ සඳහා රසායනික පොහොර යොදා නොගත යුතුයි. ගොටුකොළ මැල්ලුමට යහමින් පොල් මිශ්‍ර කිරීම ඉතා සුදුසු බවයි සිංහලයන්ගේ මතය. ඉන්දුනීසියාව ගොටුකොළ ගන්නේ සලාද කොළයක්‌ ලෙසයි. තායිලන්තය සහ වියට්‌නාමය ගොටුකොළ ඉස්‌මවලින් සෞඛ්‍යාරක්‍ෂක පානයක්‌ හදනවා. මැලේසියාවෙත් මෙය සලාද කොළයක්‌. බංගලාදේශය ගොටුකොළ සහ බත් මිශ්‍ර කර ආහාරයට ගන්නවා. ඕනෑම ආහාරයක්‌ ඖෂධයක්‌ බවට පරිවර්තනය කරගත හැකිය යන විශ්වාසය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල තිබෙනවා. ඒ අනුව ඔවුන් ආහාර රැසකට ගොටුකොළ මිශ්‍ර කර එම ආහාරය ඖෂධයක්‌ බවට පරිවර්තනය කර ගන්නවා. ආසියාතික සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ වෙරිකෝස්‌ හෙවත් නහර ගැට ගැසීම, නහරවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීම, සොරයිසිස්‌ වැනි රෝගවලදී ඖෂධයක්‌ ලෙස ගොටුකොළ පාවිච්චි කරනවා. ගොටුකොළ ආයුකාලය වැඩි කර ගැනීම සඳහා යොදාගත හැකි බව චීනයේ පාරම්පරික විශ්වාසයයි. 1677 දී චීනයේදී උපන් ලී- චිං- යූඑන් නමැති ආත්මාරක්‍ෂක සටන්ක්‍රම විශාරදයා ගොටුකොළ තම ආහාර වේලේ ප්‍රධාන ආහාරයක්‌ කරගත් නිසා අවුරුදු 256 ක්‌ ජීවත් වූ බව වාර්තා වෙනවා. 

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

වෛද්‍ය දුමින්ද රණවීර - සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
http://www.divaina.com/2016/10/09/feature02.html

Tuesday, October 4, 2016

“වෙනම රාජ්‍යකට පසුබිම හදන විග්නේෂවරන් වහාම නෙරපිය යුතුයි” – අමරපුර මහානාහිමි

trikunamale-ananda-na-himiබෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.

‘අද මෙරට සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් කතා බහට ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරේ මහ ඇමැතිවරයා පසුගියදා කළ ප‍්‍රකාශයද කතා බහට ලක්වෙනවා. අප දකින්නේ ඔහුගේ පටු චින්තනය සමග කරන ප‍්‍රකාශ මුළුමහත් ශ‍්‍රී ලංකාවටම වින කරන අදහසක් හැටියටයි. ජාතීන් අතර සහජීවනය ඇති කිරීම උදෙසා කටයුතු සිදුවෙමින් තිබෙන මෙවන් වකවානුවකදී ඔහුගේ ප‍්‍රකාශය රට තුළ අලූත් බෙදුම්වාදයක් ඇතිකිරීමට හේතුවෙනවා.

ඉන්දියාවේ නම් ප‍්‍රාන්ත‍්‍ර මහ ඇමැතිවරයෙකුට මෙවැනි ප‍්‍රකාශයක් කල නොහැකි ලෙස නීති පනවලා තියෙනවා. අපේ රටේ එසේ නීති නැහැ. එනිසා වෙනම රාජ්‍යයක් සදහා මූලික පසුබිමක් සකස් කරන උතුරේ මහ ඇමැතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතුය’

http://www.colombotoday.com/22964-256/

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න!

kwidkwid-22Renault India සමාගම විසින් 2016 සදහා හදුන්වා දුන් Kwid වර්ගයේ මෝටර් රථ දෙදහසක් පමණ කොළඹ වරායට පැමිණීමේ පුවතත් සමග එම රථය පිළිබදව සමාජ ජාලා හරහා දැඩිලෙස කතාබහට ලක්වී තිබෙනවා. කෙසේ වෙතත් දැනටත් මෙම මෝටර් රථය මිළදී ගත් අයගෙන් සහ මෝටර් රථ ලෝලීන්ගෙන් ඇහෙන්නේ ඒතරම් සතුටුදායක කතා නම් නෙවෙයි.

ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහස් සහ ඵලකිරීම් කිහිපයක් පහත පල වෙයි

kwidRenault Kwid සහ ලංකාවේ අපි…

අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි.

මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.

රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.

මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.

කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.

පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.

ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවිය හැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය.

කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතර සමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.

Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.

මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.

– කෝසල චතුරංග FB
http://www.colombotoday.com/22986-23256523/

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන විග්නේෂ්වරන්ලාගේ දෙමළ නිජබිම මිත්‍යාව

vig1201. උතුරේ දෙමළ රාජ්‍යයක් පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාළිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු, සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්‌තු ද සාහිත්‍යයද කෘති ද තිබිය යුතුය. එබඳු කිසිවක්‌ යාපනේ නැත. මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය. නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය.

2. ජැෆ්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක්‌ පමණි. ලංකාවේ සිතියමක්‌ නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක්‌ ලෙස පරංගීහු සැලකූහ. එම්පරර් ඔෆ් කෝට්‌ටේ, කිං ඔෆ් සීතාවක, කිං ඔෆ් රයිගම, කිං ඔෆ් ගම්පල, කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස්‌ ද සඳහන් කරමිනි. ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්‌ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක්‌ විය. ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක, රයිගම, ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක්‌ ඉතිරි කළහ. ෆ්‍රැන්සිස්කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්‌වේරෝස්‌ පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක්‌ තිබූ බවය. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි.

3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි. යාපනය වන ලැහැබ් සහිත කැලෑවක්‌ මිස රාජධානියක්‌ නොවේ. උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්‌හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි. මුදලි යනු “මුදල්” යන අර්ථයයි. යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්‌වේරෝස්‌ ග්ර න්ථය පවසයි. මාතොටද මුදලිවරයෙක්‌ විය.

4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ. සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි. ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය. අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්‌වේරෝස්‌ ග්‍රන්ථය)

5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක්‌ ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්ෂූළන්ට හා විහාරස්‌ථානවලට අගෞරව හා හානි කරන බවටය. මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්‌බන් කෞතුකාගාර ලේඛන)

6. යාපනය මුස්‌ලිම් වෙළෙඳ නගරයක්‌ බව ක්වෙරෝස්‌ පවසයි. සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්ද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්‌වේරෝස්‌) ගොවිතැන් ගැන සඳහන් නැත. සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්‍රමණිකයන්ය. (ක්‌වේරෝස්‌)

7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ. උතුරට ගෙනගිය භාණ්‌ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය. යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්‍රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්‍රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි. වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්‌වේරෝස්‌)

8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී “තේසවලමෙයි” නීතිය ඇතිකෙරිණි.

9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි. II රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය.

10. 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්චේරිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත. මේ තනි සිංහල ජනපදයකි. එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ. ඉන් දකුණ රජුගේ පාලනයයි.

11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්‌කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක්‌ ලියවීමය. ඉල්ලීම පිළිගත් මයිල්වාකනම් පුලවර් විසින් “යාල්පානම් වයිපව මාලෙයි“ ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්‌ද ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්‌වන්නට ගොස්‌ පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක්‌ කරගෙන ඇත. සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට “දෙමළ මහවංශය” යනුවෙන් කියති. එහි එන සෑම කරුණක්‌ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක.

12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක්‌ පළල ඇති බිම්පටියක්‌ 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්රීැ රාජසිංහ රජුගෙනි.

13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්ර‌දේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි. ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි. මේ සිංහල රජුගේ “දිසාව” නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය.

14. 1818 ඇතිවූ වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය. තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්රලභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්ර වුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය. අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්රියයාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්රිළයාවලිය එදා සිට අද දක්‌වා ක්‍රියාත්මකය.

15. 1640 ක්‌වේරෝස්‌ සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන. 25 දිනත් එසේමය. යාපනේ කලෙක්‌ටර් (දිසාපති) කෝල්බෲක්‌ට මෙදින එය පැවසීය. ස්‌ථිර ජනගහනයක්‌ නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්රිම නැති යාපන අර්ධද්වීපයක්‌ ගැන කලෙක්‌ට සාක්ෂිු දී ඇත. එනිසා කෝල්බෲක්‌ යෝජනා කළේ යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය. පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම නිර්දේශ කළේය.

ඉඩම් අයිතිය සදාකාලිකව ස්‌ථිරකර දීමට තේසවලමෙයි සම්ප්‍රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස්‌ කැමරන්ය. සිංහලයාගේ හිස්‌ මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන් බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක්‌ පැරණි දෙමළ නිජබිම විය. පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට අත්සන් කිරීමය. ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක්‌ තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ මුස්‌ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්‌නයිඩර් පවසයි.

16. උතුරේ බිහිවන නව උගත් මධ්යුම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක්‌ දිටී. එබැවින් ආසියාවේ ප්රාථම වරට ලංකාවේ ව්යලවස්‌ථාදායක සභාවක්‌ ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය ලබාදීම ඉන් අදහස්‌ කළේය. ඉංග්රීටසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්‌ටමේ දෙමළ අයට ආනිවාර්යයෙන් හිමි විය.

17. 1880 දී පමණ ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක්‌ බිහිවන විට දෙමළ අය දේශපාලනයේ හා පරිපාලනයේ වැජඹුණි. 1874 පී. අරුණාචලම් කේම්බ්‍රිජ්හී – එම්. ඒ. සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්‌ෂෝව ඇදගෙන ගියේ සිංහල ප්‍රභූවරුන්ය. ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි.

18. 1914 දී උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්කරණ ඉඩදුන් විට සිංහල ප්‍රභූහූ තම දොස්‌තර මාකස්‌ ප්රදනාන්දු පරදවා පී. රාමනාදන්ව ජයග්‍රහණය කරවූහ.

19. දෙමළ නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල, දෙමළ, මුසිල්ම හැම දෙනාම පී. අරුණාචලම් විසින් නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද විය.

20. අනපේක්ෂි ත සිදුවීමක්‌ නිසා 1920 මැනිං ප්‍රතිසංස්කරණ වලින් දෙමළ දේශපාලන ප්‍රමුඛත්වය බිඳවැටුණි. උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රී ආසන 16 ක්‌ ව්‍යවස්ථාදායකයට පත්කර ගැනීමට ඉඩ දුන් විට සිංහල 13 ක්‌ හා දෙමළ 03 ක්‌ තේරුණි. එවිට රාමනාදන් හා අරුණාචලම් සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ.

21. 1931 සිට ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී ගියේය. නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව සිංහල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද බිහිවුණි. දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව පනහට පනහේ සිංහල – දෙමළ සමතැන් බලයයි.

22. සෝල්බරී කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්‌ඩුකාර මේසන් මුවර් විසින් සිංහල මහ සභාව, දෙමළ කොංග්රයසය හා මුස්‌ලිම් ලීගය කැඳවා විමසුවේ “පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ දීමට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ‌ කෝ” යනුවෙනි. මෙම සිංහල, දෙමළ හා මුස්‌ලිම් සංවිධාන තුන එකතු වීමෙන් වුවද පක්ෂ‍යක්‌ සෑදිය හැකි බවට ආණ්‌ඩුකාරයා පොඩි “අයිඩියාවක්‌” දුණි. එය පිළිගත් සිංහල මහ සභාව, ලංකා දෙමළ කොංග්රසසය හා මුස්‌ලිම් ලීගය එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්යකqහයක්‌ ඇති වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්රීමසීන්ගේ වුමනවාට පක්ෂඅයක්‌ සෑදූහ.

23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්ය වස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්ර+ ලෙස නැතිකර දැමිණ. දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක්‌ සිංහලයාට නැති බව ඉන් කියවුණි.

24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක්‌ ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි.

25. 1956 දී බණ්‌ඩාරනායක විසින් සිංහල එක්‌ රාජ්යය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.

26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්රීභ ලංකා ලෙස වෙනස්‌ කර ජාතිය ශ්රීස ලාංකික ලෙස වෙනස්‌ කළාය. දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි. ශ්රී. ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක්‌ වන්නේය. එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය. එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක්‌ නොවේ.

27. සියල්ල සැකසුණ විට 1976 වඩුක්‌කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන ඇරැඹුණි. දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ (ඩයස්‌පෝරාව) ලෙස පෙරමුණු 3 ක්‌ සටන සඳහා විය.

28. 1978 ව්යුවස්‌ථාවෙන් බහුජාතික කොඩිය ව්‍යවස්ථා ගත කරන ලදී.  ශ්‍රීලාංකික ජාතියක්‌ මිස සිංහල ජාතිය හෝ සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්‌වේ.

29. 1987 ජුලි 29 දින එල්. ටී. ටී. ඊ. සංවිධානයට ත්‍රස්තවාදයෙන් බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි. ඉන්දු – ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය විසින් සම්බන්ධන්, විග්නේෂ්වරන් මහතා පවසන බොරුව වන උතුරු – නැඟෙනහිර දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය. ඊට අර්ධ ස්‌වාධීන පාලන ක්‍රමයක් උතුරේ ලබාදී ඇත. දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට හා නැඟෙනහිරට බෙදා ගැනීමටය.

1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ.ජා.ප. සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති.

සටහන – නන්දන වඩුතන්ත්‍රී

මූලාශ්‍රය – “උතුරු නැගෙනහිර නිජබිම මිත්‍යාව බෙදුම්වාදයට අභියෝගයයි“
ආචාර්ය සූරිය ගුණසේකර, රුවන් රත්නායක - 2016 අගෝස්තු
http://www.colombotoday.com/23008-23256936/

Monday, October 3, 2016

සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්‍ෂි යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී

සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ. 

ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ යන මහත්ම මහත්මීන් සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ.

වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා පැවැසීය. ඒ අතර මැටි මෙවලම්, වීදුරු, පබළු, කානේලියන් පබළු වැනි ද්‍රව්‍ය වන බවත් ඒ මහතා පැවැසීය.

මේ අතර නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් පබළු අනූවකට වැඩි සංඛ්‍යාවක්‌ එම භරණය තුළ තිබී හමුවී ඇත.

ක්‍රි.පු. අටසියය පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන් පබළු නිෂ්පාදනය කිරීමේ තාක්‌ෂණික ක්‍රියාවලිය පිළිබඳව මනා දැනුමකින් සිට ඇති බවට කැණීම්වලදී හමු වූ වීදුරු පබළුවලින් පැහැදිලි වන බවද පැවසූ ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා කැණීම් වලදී හමු වූ පුරා වස්‌තු සාම්පල කාල නිර්ණය කිරීම සඳහා යොමු කළ බවත් එම වාර්තාවට අනුව කොක්‌ඇබේ සුසාන සංකීර්ණය වසර දෙදහස්‌ අටසියයකට පමණ පෙර සකස්‌ කොට ඇති බවට සනාථ වී ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ අතර එම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ ඉපැරණිතම මෙගලිsතික සුසානය බවත් පවසන ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඉතාමත් හොඳ සංස්‌කෘතික ලක්‌ෂණ වලින් පොහොසත් පිරිසක්‌ අතීතයේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ බවට මෙම සුසානයේදී හමුවූ සාධකවලින් පැහැදිලි වන බවත් කීය.

මෙය විජය කතා පුවතට එහා යන ශ්‍රී ලාංකික ජනතාවගේ අනන්‍යතාවන් පිළිබිඹු කරන සංස්‌කෘතික ප්‍රවාහයක්‌ ලෙසට හැඳින්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු 
http://www.divaina.com/2016/10/03/news07.html

සබැඳි ලිපි -
[
http://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
]

Monday, September 5, 2016

'වකුගඩු සටන' යුද්ධයක්‌ වන හැටි! රටක් වෙනුවෙන් හඬක් නඟනා චන්න ජයසුමනයන්ට උපහාර වේවා!


ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්‌තු 3 වැනි දා එළිදැක්‌විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක්‌ ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්‌ස හරවන උගතුන්ට චන්න විසින් බරපතළ අභියෝගයක්‌ එල්ල කොට ඇත.

චන්න ජයසුමනයන් වකුගඩු සටන්බිමට කඩා වැදීමට පෙර වසර 10 ක පමණ කාලයක්‌ තිස්‌සේ එම සටන රෝගීන් සහ රෝගය අතර සටනක්‌ ලෙස පැවතින. යම් මට්‌ටමකට එය යම් වෛද්‍යවරු පිරිසක්‌ සහ රෝගය අතර සටනක්‌ ලෙසද දක්‌නට ලැබුණි. අද වන විට එම සටනින් 25000 කට අධික අසරණයන් පිරිසක්‌ පරාජය වී දිවි අහිමි කොට ගෙන ඇත. එසේම තවත් 75000 කට අධික පිරිසක්‌ නිරායුධව එම සටන් බිමේදී එකා බැගින් ඇද වැටෙමින් ඇත. සටන් බිමේ ඇද වැටෙන සෑම ගොවියකුම පරාජය භාර ගන්නේ තම දරු පවුලද දරිද්‍රතාවය තුළ ගිල්ලවමිනි. 

මෙම විෂම චක්‍රයට මුහුණදෙමින්, වකුගඩු රෝගීන් තනිතනිව තම රෝගය සමඟ සටන් වදින විට යම් වෛද්‍යවරු පිරිසක්‌ රෝගියා සහ සැබෑ රෝගකාරකයෙන් ව්‍යක්‌තව රෝගය සමඟ හුදකලා සටනක නියෑළුනි. හඳුනානොගත් වකුගඩු රෝගය නමැති ලේබලය යම් වෛද්‍යවරු පිරිසක්‌ විසින් සොයාගන්නේ එම හුදකලා සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඒ නිසා බොහෝ කාලයක්‌ තිස්‌සේ සටනේ සැබෑ නිර්මාතෘවරුන් හෙවත් ගොවියාගේ සැබෑ සතුරා හඳුනා ගැනීමට නොහැකි විය. චන්න ජයසුමන ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම හඳුනා නොගත් සතුරා හඳුනා ගැනීමේ සටන ආරම්භ කරන විට 'හඳුනානොගත්' වෙළඳනාමයේ අයිතිකරුවන් පළමු වටයේදීම යුද්ධ ප්‍රකාශ කළේය. මුල් වටයේදී ඔවුන් බොහෝ දෙනෙකු ඒ වන විට කරන ලද විවිධ පර්යේෂණවල ඊනියා සොයා ගැනීම් චන්න ජයසුමනලා විසින් අභියෝගයට ලක්‌කිරීම එම විරෝධයට හේතු විය. 

එහෙත් ඒ වන විට පැනනගිමින් තිබෙන තත්ත්වය දෙස අවධානයෙන් සිටි සැබෑ සතුරා හෙවත් බහුජාතික කෘෂි රසායන සමාගම් විසින් චන්න විරෝධී ඊනියා විද්වත් බල ඇනිය තම ග්‍රහණයට යටත් කර ගනු ලැබීය. ඒ සඳහා මහා විශාල මුදලක්‌ ඔවුන් වියදම් කළා යෑයි සිතිය නොහැක. බොහෝ විද්වතුන් විශේෂයෙන්ම විශ්‍රාම යාමෙන් පසුව එම සමාගම්වල රැකියා බලාපොරොත්තු වූ පිරිස්‌ තුට්‌ටු දෙකට තම ආත්මය පවාදුන් බවට බොහෝ චෝදනා එල්ල විය. යම් පිරිස්‌ එසේ විවිධ ප්‍රතිලාභ සඳහා කෘෂි රසායන සමාගම්වල න්‍යායපත්‍රයට යටත්වන විට තවත් පිරිස්‌ හුදු චන්න විරෝධී හීනමානය නිසාම එම බහුජාතක සමාගම්වල කුලීකරුවන් බවට පත්විය. පලිබෝධනාශක රෙජිස්‌ටාර්වරයා ප්‍රමුඛ ඉහළ පෙළේ කෘෂිකාර්ම නිලධාරීන් රාශියක්‌ කෘෂිරසායන සමාගම් තුරුලේ සිට චන්න ජයසුමනලාට තාක්‍ෂණික මෝටාර් ප්‍රහාර එල්ල කළහ. ඊනියා හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය බවට තහවුරු වන විට එම ප්‍රහාර තව තවත් තීව්‍ර විය. එම තත්වයට මුහුණ දීම සඳහා චන්න ජයසුමන වෛද්‍යවරයා පර්යේෂකයකුගේ භූමිකාව ඉක්‌මවා යමින් සමාජ ක්‍රියාකාරිකයකුගේ භූමිකාව අතට ගනිමින් වකුගඩු සටන යුද්ධයක්‌ බවට හැරවීය. එනම් සටන් පෙරමුණු රාශියක්‌ විවෘත කරමින් සතුරාට පහරදීමේ උපාය මාර්ගය තේරීමට චන්නලා සමත් විය. 

කෙසේ වෙතත් පොදු ජනතාවට දැන් මතු පිටින් පෙනෙන්නේ ''සටන් විරාමයක්‌'' පවතින බවය. එහෙත් සතුරා තම අවි බිම තබා නැත. ගතවන සෑම දිනකම දස දෙනා බැගින් සටනේ ගොදුරු බවට පත්වේ. එසේ සටනට ගොදුරුවන පිරිස සෑම වසර 4 කට වරක්‌ දෙගුණයක්‌ වන බව පර්යේෂකයන් විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා පළමුවෙන්ම ඊනියා ව්‍යාජ සටන් විරාමය ජයග්‍රහණයක්‌ ලෙස හුවා දැක්‌වීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය. දෙවනුව සටන් විරාමය හෙවත් කෘෂි රසායන සමාගම්වල සූක්‍ෂම නව සටන් සැලසුමට ගොදුරු නොවී සතුරා තම සටන් බිමට කැඳවීමට මහජනයා සූදානම් විය යුතුය. 

අද වන විට මිත්‍ර පාර්ශ්වය ලෙස මහජනයා වෙනුවෙන් පෙනී සිටින රජය දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම සටන් කරන්නේ සතුරාගේ සටන් සැලසුමට අනුවය. තහනම් කළ බව කියන කෘෂිරසායන, විශේෂයෙන්ම වකුගඩු රෝගයට හේතුවන බවට තහවුරු වී ඇති රසායනික වෙළෙඳපලේ පස්‌ස දොරෙන් ඕනෑම ප්‍රමාණයක්‌ ලබාගත හැක. එකම වෙනස ඒ සඳහා ගොවියාට වැඩි මිලක්‌ ගෙවීමට සිදුවීම පමණි. ඊට අමතරව ග්ලියිෆොසේට්‌ වැනි විෂ රසායනික නාමිකව තහනම් කළද ඊට වඩා දසගුණයකින් විෂ සහිත ගලයිෆොසෙට්‌ නම් වූ නව රසායනික වලට පලිබෝධනාශක රෙජිස්‌ටාර් කාර්යාලය විසින් බලපත්‍ර ලබාදී ඇත. අද වන විට එම කර්යාලය කෘෂිරසායන සමාගම්වල රහස්‌ ලේකම් කාර්යාලයක්‌ බවට පත් වී ඇත. අනෙක්‌ පැත්තෙන් ඊනියා සටන් විරාමය ජයග්‍රහණයක්‌ ලෙස හුවා දැක්‌වීම සඳහා රජය විසින් වතුර පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ රුධිර කාන්දු කරන යන්ත්‍ර ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ද දියත් කොට ඇත. ඒ තුළ අහිංසක රෝගීන් හෙවත් යුද්ධයේ ගොදුරු පෙන්වා ජාවාරම් කිරීමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ජාලයක්‌ද බිහිවී ඇත. 

මෙම තත්වය වෙනස්‌ කිරීමට යම් පිරිස්‌ දැනට ඉතා සද්භාවයෙන් කරනු ලබන ''අහිංසක වැඩ'' වලින් පමණක්‌ හැකි වන්නේ නැත. තෝරාගත් සුළු භූමි ප්‍රදේශයක ඉතා දුක්‌ මහන්සියෙන් වස විස නැතිව සම්ප්‍රදායානුකූල වී ප්‍රභේද වගා කළද ඒවාට වෙළෙඳපළේ සාධාරණ මිලක්‌ ලැබෙන්නේ නැත. අවසානයේදී එම ක්‍රියාවලියද බහු ජාතික කෘෂිරසායන සමාගම් විසින් ලාභ ඉපයීමේ ව්‍යාපාරයක්‌ ලෙස තම ග්‍රහණයට නතුකර ගෙන ඇත. ඒ මගින් සමස්‌ථ කෘෂි රසායන භාවිතයේ අඩුවක්‌ හෝ සමස්‌ථයක්‌ ලෙස ස්‌වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමක්‌ විධිමත්ව සිදුවන්නේද නැත. එසේම රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වෙනස්‌ කිරීම සඳහා අවම වශයෙන් දීර්ඝකාලීනව පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක්‌ හෝ විධිමත්ව දියත් වී නැත. අතන මෙතන ක්‍රියාත්මක වන අවිධිමත් සහ දිර්ඝකාලීනව පවත්වාගත නොහැකි ඊනියා දේශපාලන ව්‍යාපෘතිවලින් මහජන මුදල් ගසාකෑම හැර අඩුතරමින් ආදර්ශයක්‌ ලෙස පෙන්විය හැක 'ආදර්ශ ව්‍යාපෘතියක්‌' නිර්මාණය වී නැත. 

මේ නිසා දිර්ඝකාලීනව මහා පින්තුරය වෙනස්‌ කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්‌කරණ සඳහා රජය සමඟ දේශපාලන සටනක්‌ ආරම්භ කිරීම වකුගඩු යුද්ධයේ එක්‌ පෙරමුණක්‌ බවට පත්කළ යුතුය. යම් මධ්‍යස්‌ථ විද්වතුන් රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බවට හඬක්‌ නැඟූ පමණින් ප්‍රශ්නය විසදෙන්නේ නැත. පවතින තත්ත්වය තුළ ඊනියා ප්‍රතිපත්ති කෘෂිරසායනික සමාගම්වල ගෝල බාලයන්ට උවමනා ආකාරයට සකස්‌ කිරීමේ වැඩි ඉඩක්‌ ඇත. ඒ නිසා ප්‍රතිපත්තිය ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික රාමුව සහ ඊට අදාළ අවම ප්‍රමිතීන් පිළිබඳ කථිකාව මහා සමාජය විසින් ආරම්භ කළ යුතුය. අප රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය සහ නිදහස්‌ අධ්‍යාපනය දිවි පුදා හෝ රැකිය යුතුය යන සමාජ සම්මතයක්‌ ඇත. එහෙත් ඊට සමානව රටේ ආහාර සුරක්‍ෂිතතාව රැකීම මුල්කරගෙන දේශීය ගොවියා සහ දේශීය කෘෂිකර්මාන්තය රැකිය යුතු යෑයි සමාජ සම්මතයක්‌ ගොඩනැඟී නැත. දැන් ඊට කාලය පැමිණ ඇත. 

වගුගඩු රෝගය පමණක්‌ නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශීය කෘෂිකර්මාන්තය ප්‍රචලිත කළ හැක්‌කේ එම පූර්ව කොන්දේසිය ඉටුවුවහොත් පමණි. වෙනත් වචනවලින් කියන්නේනම් බටහිර රටවල් තම රටවල ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මීට වසර 60 කට පෙර යොදාගත් ප්‍රතිපත්ති අප පමාවී හෝ ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ගොවියාට තම ආහාර නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක්‌ ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා ලබාදෙන බදු සහන වහා අහෝසි කළ යුතුය. දකුණු කොරියාව වැනි රටවල ආනයනික ආහාර වලට බදු පනවා දේශීය කර්මාන්තය රැකගන්නා ලෙස ඉල්ලමින් ජනතාව විදි බසිති. අප රටේ සිදුවන්නේ එහි සම්පූර්ණ අනෙක්‌ පැත්ත වීම කුමන සරදමක්‌ද? අප රටට ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ රහසිගතවය. නමුත් අප ආවඩන බටහිර රටවල ඒවා සියල්ල විනිවිද භාවයෙන් සිදු වේ. ඒ අනුව සටනේ අවම ප්‍රමිතිය ලෙස තිරිඟු පිටි, කිරිපිටි, සිනී ඇතුළු ප්‍රධාන ආනයනික ආහාර සඳහා මිල සූත්‍ර හඳුන්වා දී දේශීය ගොවියාට සාධාරණ මිලක්‌ ලැබෙන ලෙස ඒවාට බදු පැන විය යුතු බව පිළිගත යුතුය. 

කෘෂි රසායනික වලින් තොරව ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම මගින් නිපදවන ආහාර වලට හොඳ මිලක්‌ ලැබේනම් නිෂ්පාදනය වැඩි කිරීමේ ව්‍යාජ කෙටිකාලීන ක්‍රමවේද පෙන්වා කෘෂිරසායනික ප්‍රචලිත කිරීම පහසු වන්නේ නැත. පොහොර සහනාධාරය පොහොර ලෙස ලබා නොදී ඊට අදාළ සෑම රුපියලක්‌ම ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ කොන්දේසිය යටතේ දිරිගැන්වීමක්‌ ලෙස මුදල් වශයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කළ යුතුය. ගොවියා සමාගම්වල වැඩවසම් ග්‍රහණයෙන් මුදාගත හැක්‌කේ එවැනි සහනදායී බැංකු ක්‍රමයක්‌ මගින් ඔවුන්ට මූල්‍ය සහන ලබාදෙන්නේ නම් පමණි. එම මූල්‍ය සහන කෘෂි රසායන අවම කිරීම සහ ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා පෙළඹවීමේ උපාංග ලෙස භාවිත කළ හැක. 

ඔවුන් තම ගොවීන්ට සහනාධාර ලබාදෙන්නේ අඩු මිලට අප වැනි රටවල ආහාර ප්‍රතාපනය කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහාය. දැනට විවිධ පර්යේෂණවලින් ඔප්පු වී ඇති ඇති ආකාරයට සමස්‌ථතලෝකයටම බටහිර රටවල් ලබාදෙන සහනාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 10 කට අඩු වුවත් ඔවුන්ගේ නිර්දේශ අනුව අප වැනි රටවල ක්‍රියාත්මක කරන විනාශකාරී වගාක්‍රම සහ හඳුන්වාදෙන බෝග නිසා පසට සහ පරිසරයට සිදුවන හානිය බිලියන 20 කට ඇස්‌තමේන්තු කොට ඇත. අප වැනි රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළමින් අත්‍යවශ්‍ය ආහාර ආනයනය දිරිමත් කරන අතර කෙටිකාලීන වෙළෙඳ පොළ වාසිය සඳහා යම් ආහාර වර්ග අපනයනය සඳහා වගාකිරීම දිරිමත් කෙරේ. එහි එක්‌ තකතීරු අන්තයක්‌ වන්නේ එක්‌ ගමකට එක්‌ බෝගයක්‌ තේමාව යටතේ ඊනියා අපනයන ගම්මාන පිහිටුවීමය. සත්ව ආහාර සඳහා අපනයනය කිරීමට වානිජ වශයෙන් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමද එවැනිම උදාහණයකි. ඒ සියල්ල මගින් අධික කෘෂි රසායනික භාවිතය දිරිගැන්වේ.

අප රට තිරිගු පිටි ආනයනය සඳහා රු. මිලියන 40000 ක්‌ වැය කරන විට කෙසෙල්ගෙඩි සහ අනෙකුත් පළතුරු අපනයනයෙන් උපයන්නේ රු. මිලියන 2000 කට අඩු මුදලකි. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිලාභය දේශීය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ඉතා අඩු මට්‌ටමක පවතී. අනෙක්‌ පැත්තෙන් ගත්විට කුකුල් මස්‌ කිලෝග්‍රෑම් 1 ක්‌ නිපදවීම සඳහා බඩ ඉරිගු කිලෝග්‍රෑම් 4 ක්‌ අවශ්‍ය වේ. වකුගඩු රෝග කාරක ග්ලයිපෝසෙට්‌, කාබාෆියුරාන් වැනි රසායනික වැඩි වශයෙන් යොදාගන්නේ බඩ ඉරිඟු වගාව සඳහාය. එම නිසා ආහාර පරිභෝජන සංස්‌කෘතිය වෙනස්‌ කර ගැනීම මෙන්ම කුඩා පරිමාණයෙන් ගෙවතු වගාව මගින් බෝග වගාව සහ සත්ව පාලනය දිරිමත් කිරීමද වකුගඩු සටනේ ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධක බවට පත්වේ. අප ඓතිහාසිකව අහාර වර්ග 800 ක්‌ පමණ පරිභෝජනය කළ ජාතියකි. අද එම ප්‍රමාණය 50 දක්‌වා පමණ අඩු වී ඇත. ඒ නිසා තෝරාගත් ආහාර කිහිපයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අධික ලෙස කෘෂි රසායන භාවිතය දිරිමත් කිරීමට බහුජාතික කෘෂිරසායනික සමාගම්වලට හැකියාව ලැබී ඇත. 

ඊට අමතරව පවතින තත්වය වෙනස්‌ කිරීමට නම් කෘෂිරසායනික සමාගම්වල කුලීකරුවන් ලෙස රාජ්‍ය සේවය තුළ රාජකාරී කොට විශ්‍රාම යෑමෙන් පසුව එම සමාගම්වලම රැකියාවක්‌ ලබාගැනීම සඳහා ගොවියා සහ රට පාවාදෙන නිලධාරීන් යමපාලනයකට යටත්කළ යුතුය. කෘෂිරසායනික සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් ගොවීන්ට උපදෙස්‌ දෙනක්‍රමය වෙනුවට සැබැලෙසම දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උපදෙස්‌ දෙන නව ව්‍යාපෘති සේවයක්‌ද රටට අවශ්‍ය වේ. එසේම පලිබෝධ නාශක පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට එහි ක්‍රියාකාරීත්වය මහජන අධීක්‍ෂණයට යටත්කළ යුතුය. ඒ සියල්ලටම ඉහළින් පවත්වාගතයුතු මූලික උපාය මාර්ගික පිළිගැනීමක්‌ ඇත. ඒ බේග මුල්කරගත් කෘෂිකර්මාන්තයක්‌ වෙනුවට ගොවියා සහ ආහාර සුරක්‍ෂිතතාව මුල්කරගත් කෘෂිකර්මාන්තයක්‌ දිරි ගැන්වීමයි. 

එසේම එම ක්‍රියාමාර්ගවල දිර්ඝකාලීන ප්‍රතිඵල ලැබෙන තෙක්‌ දැනට රෝගයට ගොදුරුව ඇති ජනතාවගේ සුබ සාධනය සඳහා විධිමත් ආකෘතියක්‌ යටතේ විසඳුම් ලබාදිය යුතුය. උදාහරණයක්‌ ලෙස දිර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි ආකාරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා බහුවිධ ක්‍රමවේද හඳුන්වාදීම ප්‍රමුඛ වේ. එසේම පොදුවේ රටට බත සපයන ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම පොදු මහත් ජනතාවගේ වගකීමක්‌ බවට සමාජ සම්මතයක්‌ ඇතිකොට ඒ සඳහා රාජ්‍ය මුදල් යෙදවිය යුතුය. වකුගඩු සටන යුද්ධයක්‌ බවට පත්කොට ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා ඒ සෑම සටන් පෙරමුණකම සටන් වැදිය යුතුය. එය චන්න ජයසුමනලාට තනිව කළ හැකි දෙයක්‌ නොවේ. ඔවුන් සටනේ පෙරමුණු කිහිපයක ජයග්‍රහණ අත්පත්කොට දී ඇත. දැන් සියලු දේශපාලන පක්‍ෂ සහ පොදු ජනතාව අනෙකුත් සටන්බිම්වල සටන් තම අතට ගත යුතුව ඇත. ජාතියක්‌ ලෙස අප ඊට සූදානම් නොමැත්තේනම් අවසන් ප්‍රතිඵලය වන්නේ සමස්‌ත ජාතියම ඊට ගොදුරු වීමය. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණි. 

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර
http://www.divaina.com/2016/09/05/feature01.html

Pic1 Source
Pic2 Source