Pages

Monday, October 22, 2012

යුරෝපයට ආවඩන සිංහලයන්ට...

වත්මන් පරපුරේ බහුතරයක් සිංහලයන් අපේ බෞද්ධ ඉතිහාසය පහතට ඇද දමමින් යුරෝපීය සිරිත් විරිත් හිස්මුදුනින් පිළිගෙන,අතීත මුතුන් මිත්තන් ගිය මග යන්නට උත්සහකරන දේශමාමක ජාතිමාමක සිංහල තරුණයන් සමච්චලයට ලක්කරමින් සිටී.මේ ලිපිය මගින් මගේ සිංහල තරුණ තරුණියන හට,පෙර කි මතවාදී අභියෝගයන්ට සෘජු පිළිතුරක් සැපයීමට බලාපොරොත්තු වෙමි.

සුදු හම සහ කළු හැම මුල් කරගෙන ඉදිරියට ආ මේ ආර්ය-අනාර්ය ජා

තිවාදය අද යුරෝපීය හා ආසියාතික වශයෙන්ද ලෝක විෂයෙහි උගත් හා නුගත් ලෙසින්ද තවත් විටෙක ශිෂ්ඨ හා අශිෂ්ට ජාතින් ලෙසින්ද කරලියට පැමිණ තිබේ.එහි අලුත්ම වර්ගීකරණය නම් මානව නිදහස භුක්ති විදින්නන් හා මානව නිදහස උල්ලංඝනය කරන්නන් ලෙසයි.ආසියාතිකයාට වඩා මෙතරම් යුරෝපියා ප්‍රබල වුවේ මන්ද?
ඒ අනිකක් නිසා නොව මේලෝ මොලයක් ඇති,විචක්ෂනශීලි බුද්ධියක් හිමි කිසිවක් පිලි නොගන්නා ක්‍රිස්තු දහම ප්‍රචලිත කිරීමේ අරමුණින් දියත් කල කුරුස යුද්ධයේදී ගොඩනගාගත් අධිරාජ්‍යය නිසාය.මේ ලෝකයට තිරිසන් සතුන්ගෙන් පවා සිදු නොවූ තරමේ ම්ලේච්ඡතම විනාශය සිදුකලේ ක්‍රිස්තු භක්තික සුදු අධිරාජ්‍යවාදීන්ය.එය වත්මන් බොහෝ සිංහල තරුණයින් නොදන්නවාට ඔවුන් දැන සිටියහ.අනාගතයේ ඔවුනට එන අවලාදයෙන් ගැලවීම සදහා ඔවුන් අශිෂ්ට යැයි ප්‍රකාශ කල ආසියාවේ ජාතියක් වූ චීන ජාතිකයන් විසින් සොයා ගත් කඩදාසි උපයෝගී කරගනිමින්,මුද්‍රණ කටයුතු අරබා,මුද්‍රිත මාධ්‍ය හරහා ලොව ශේෂ්ඨ ජාතිය සුදු හමක් ඇති යුරෝපියන් බව පුන පුනා ප්‍රකාශ කළහ.පසුව එයට විද්‍යුත් මතවාද එකතු කර ගනිමින් ඔවුන් මේ මුලාව ලොව පුරා බලෙන් පටවමින් සිටී.තම ජාතියේත් තම භූමියේත් අභිමානවත් ඉතිහාසය නොදත් සිංහලයින්ද මේ මුසාවට ලොල්වීම සෝචනීය තත්වයකි.

අභිමානවත් සිහලුනේ ......
යුරෝපියයා ශිෂ්ඨ සම්පන්න වීමට සියවස් ගණනාවකට පෙර කළු හම සහිත සිංහලයා ශිෂ්ඨ සම්පන්න මාවත විවර කරගත්හ.
ඔබ දන්නවාද?
රත්නපුර දිස්ත්‍රික්කයේ රංචමඩම කැණීමෙන් මතුවූ වසර 3250 ක් පැරණි නිවාස පිලිබදව.
(මෙම කැණීම සිදුකලේ 2007 වර්ෂයේදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙනි.)
එහිදී වර්ග අඩි 27 ක ප්‍රමාණයේ නිවසක් හමුවිය.එහි කාමර බෙදා වෙන්කර ඇත්තේ ගලින්මය.අපේ ආදී මානවයා ගල්ලෙන් ආශ්‍රීතව දිවි ගෙවූ බවට තිබු මතය පවා වෙනස් වෙමින් ඊටත් එහා ශිෂ්ඨ සම්පන්න අතීතයකට හිමිකම් කියන්නට අපිට හැකිවිය. මේ නිවාස ආශ්‍රිතව ඔවුන් භාවිතාකල මැටි වළන්,ගල්,ආයුධ,ධාන්‍ය ඇබරීමට භාවිතා කල ගල් මෙවලම් ආදියද හමුවිය.මේ අපේ ශ්‍රේෂ්ඨ උරුමය නොවේද?

සුද්දන්ට අපේ සංස්කෘතියට අභියෝගකල හැකිද?ඔබෙත් මගෙත් මුතුන්මිත්තන් පරපණ නොනසන ලොවටම මෙත් වඩන විචාරශීලී ධර්මයක් අදහන,දහදිය වගුරා ලබාගන්නා ආහාරයකින් අබුදරුවන් පෝෂණය කල සිංහලයින්ගේ ලිඛිත ඉතිහාසය වසර 2500 කට වඩා පැරණිය.අද බොහෝ තරුණයින් ආවඩන සුද්දන්,හෙළුවෙන් ඔබ මොබ සැරිසරද්දී අපේ මුතුන් මිත්තෝ ධන ධාන්‍ය වලින් පිරිපුන් නිවාස වල සැප පහසු ජිවිතයක් ගෙවා ඇතිබව අවබෝධ කරගතයුතුය.සුදු හැම ඇති ජාතින් ලොව අනභිභවනීය යැයි කියන මතය සාවධ්‍ය කිරීමට තවත් සාධක අවශ්‍යද?
අපේ වීරයින්ගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මැනවින් අවබෝධ කරගෙන සිටින අපටනම්,දේව භක්ති සුද්දෝ මිහිමත අපගේ ස්වාමියා හෝ අපගේ මගපෙන්වන්නා හෝ නොවේ.අපගේ ස්වාමියාත් අපගේ මගපෙන්වන්නාත් අපගේ මුතුන් මිත්තන්ම පමණි.මේ හෙළ බිමේ උපන් සිංහලයා ශ්‍රේෂ්ඨ බව වැටහෙන්නේ ඔවුන් ගැන කියවා දැන ගැනීමෙන් පමණි.අසල්වැසි ඉන්දියානුවන් අදටත් තම ඉතිහාසය සොයා ගැනීමට ඉපැරණි කාසි අත පත ගාමින් මහා වෙහෙසක් දරයි.නමුත් සින්හලුනේ, ඔබෙත් මගෙත් මුතුන් මිත්තන් සියල්ල සටහන්කොට නික්ම ගියහ.එවන් අභිමානයක් කිසිම රටකට නොමැත.ක්‍රි:පු 161-137 රජ කල දුටුගැමුණු මහා නරපතියා මාගම සිට බුත්තල-වැල්ලවාය හරහා අනුරාධපුර බලා ගමන ගත්තේ ගල් අතුරා තනා තිබු පුළුල් මාර්ගයකය.එහි රජුගේ යුධ හමුදාවේ බලවත් ආයුධ වූ ඇත් හා අස් පන්තියද,යුධ රථද ගමන්කළහ.මේ මාර්ගයේ නටබුන් අදද බුත්තල-වැල්ලවාය අතර දැකගත හැකිය.
(මෙය සුද්දා මෙරට මාර්ග පද්ධතිය ඉදිකළා යැයි උදම් අනන එවුනට හොද පිළිතුරකි)
ක්‍රි:ව 274-301 රජකළ මහාසෙන් රජතුමා සමුදුරු පරයන මහා වැව් තනද්දී ක්‍රි:ව 473-491 රජ කල කාශ්‍යප රජතුමා මහා ගල් පර්වතයක් සිගිරි කලාගාරය ඉදිකරද්දී යුරෝපීයන් කුමක් කළේදැයි ඔවුන්ගේ ඉතිහාසය නිහඩය.

යුරෝපීයයන් පැතිරවූ තවත් මිත්‍යාවක් නම් අපරදිගවාසීන් නොදියුණු ජන කොට්ඨාශයක් බවයි.මෙයද ඔවුන්ගේ ඉගැන්වෙන ලෝකය මැවීම මෙන්ම පට්ටපල් බොරුවකි.අනුරාධපුර රාජධානියට වත්මන් දියුණු යැයි සම්මත නගරයක සියලු ලක්ෂණ හිමිය.නගරයේ ගොඩනැගිලි,වන උයන්,මල් උයන්,විනෝද ක්‍රීඩා සදහා කළා කටයුතු සදාහා ලෙස ආදී ස්ථාන එදා අනුර පුර නගරයට ඇතුලත්ය.ලිස්බන්,නිව්යෝර්ක්,ලන්ඩන් ආදී ආකෘතිය අප අදින් වසර දහස් ගණනකට ප්‍රථම මීටත් වඩා ක්‍රමානුකුලව භාවිතා කළහ.

යුරෝපා ජාතින් ලියු පොත් පත් හා මාධ්‍ය තුලින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරයට වඩා යුරෝපීය ශිෂ්ඨාචාරය උසස් යැයි ප්‍රචලිත කළහ.අහස් කුස අරාසිටින සිංහලයේ දාගැබ් තැනුවේ හෙළයන් නොව පිටසක්වල ජීවින් යැයි ප්‍රචලිත කළහ.එයට හේතුව නම් අහස් කුස පරයන එවන් නිර්මාණ තනා වසර දහස් ගණනකට පසුත් ශක්තිමත්ව පැවතීම නිසා හෙලයාගේ ගෘහනිර්මාණ ශිල්පය උසස් ලෙස පිළිගැනීමට සිදුවීමයි.ඔවුනට අනුව රුවන්වැලිසෑය,අභයගිරිය,ජේතවනය ආදී මහා ථුප පිටසක්වල නිර්මාණයන්ය.සුද්දන්ගේ ඇතැම් පොත්වල එසේ ලියා ඇත.එහෙත් ඇත්ත තත්වය නම් අප මුතුන් මිත්තන් ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණ ගොඩනගද්දී, සුද්දන් ගස් ගල් උඩ අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් අපේ මුතුන් මිත්තන්ට විහිළු සපයමින් සිටී බවයි.

මගේ අභිමානවත් සිහලුනේ මේ වනසන්නේ ඔබෙත් මගෙත් මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් තැනු අභිමානවත් සිංහල ඉතිහාසයයි.ක්‍රි:ව 1505 දී ප්‍රථම පෘතුගීසි නැව ගාලු වරායට සේන්දු නොවන්නට කාර්මික දියුණුව ලොවට බෙදන ජාතිය වන්නට අපට හැකිවෙනවා නොඅනුමානය.ඉන්පසු ශතවර්ෂ 05 ක් තිස්සේ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි ආදී දේව භක්තිකයෝ හෙවත් ක්‍රිස්තු භක්තිකයෝ අපේ රටේ සම්පත් සුරා කෑහ.ඔවුන්ගේ කෞතුකාගාර පිරෙව්වේ අපේ පරාවිද්‍යා සම්පත් වලිනි.ලන්ඩන්,හේග් හා ලිස්බන් කෞතුකාගාරවල ලක්දිව ඉපැරණි බුදු පිළිම කි නමක් තැන්පත් කර ඇත්දැයි කියා ඔබ සිතන්නේද?අපේ කෞතුකාගාරයක ඔය කියන රටක එක පුරාවිද්‍යා සම්පතක් තිබෙනවා ඔබ දැක තිබෙනවාද?නැත.බොහෝ සිංහලයන් අද හිස්මුදුනින් පිළිගෙන වන්දනා කරන සුද්දන් අපගේ පොළොවද, මුහුදද, මනුෂ්‍ය වර්ගයාද, නිර්මල සංස්කෘතියද සිතූ සේ කොල්ලකාකෑහ.බකිංහැම් මාලිගයද, ඔවුන්ගේ පාරවල්ද, තවත් මහා මන්දිරද, යන්ත්‍ර සුත්‍රද තැනුනේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙනි,දහදියෙනි.ඒ සියල්ලේ සාරයෙනි.මේ දේව භක්තික මුහුදු කොල්ලකරුවන්ට අපේ රටේ සම්පත් කොල්ලකෑමට හැකිවුයේ,බුදුදහමින් පෝෂණය වූ සතර භ්‍රක්මවිහරණයන්ගෙන් හික්මුණු හෙළ දරුවන් පිරිසක් සිටී නිසාය.
නැත්නම් පෘතුගීසින් 1505 දී මෙහි එන විට දුටුගැමුණුරජතුමා රුවන්වැලිසෑය තනවා වර්ෂ 1666 ක් ගතවී තිබිණි.
ප්‍රබල නාවික ශක්තියක් තිබු පරාක්‍රම බාහු මහා නරපතිතුමා දකුණු ඉන්දියාවේ කාංචිපුරය අල්ලා සිංහල හමුදා පාලනයක් එහි ස්ථාපිත කර වසර 452 ක් ගතවී තිබිණි.
අප සැමවිටම අන්‍යයන්ට ගරු කරන ජාතියක් විය.එසේ නොවන්නට ලොරෙන්සෝද අල්මේදාගේ ඇටකටු ලක්දිව බටහිර වෙරළේම දිරාපත් වන්නට ඉඩ තිබුණි.

තමන්ට වඩා ශ්‍රේෂ්ඨ දේ ඇත්තාවූ ජාතීන්ට කිසිවක් නැති අධමයෝ හැමදා ශාපකළහ.එකී ප්‍රතාපවත් සංස්කෘතියට ලංවන්නට බැරිතැන ඒවා විනාශ කරන්නට පෙලබුනහ.අද නැගෙනහිරදී, සට කපට වෙළදාමට හා හරක් මරන්නට ගිජු මුසල්මානුවෝ කරන්නේ ඒ දෙය නොවේද?සිහලුනේ මේ ඩෝසර් කරන්නේ අපේ උරුමය නොවේද?කුරගලදී විනාශ වන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් දහදියෙන් තැනු අභිමානවත් ඉතිහාසය නොවේද?ඔබටත් මටත් වගකීමක් ඇතිබව නොවැටහෙන්නේ මන්ද?මාගේ අභිමානවත් සිංහල තරුණ සහෝදර සහෝදිරියනේ යුරෝපීය සංස්කෘතියට ආවඩමින්, මුස්ලිම් වෙලදාම් දියුණු කරමින් රුපියල් දාහට, වැසිකිලි පෝච්චියට, ටකරන් තහඩු හතරට මිසදෙටු පිළිසරණ සොයනවාට වඩා යමක් ඔබෙත් මගේත් මුතුන් මිත්තන් වෙනුවෙන් කලයුතුය මේ රට ජාතිය ආගම වෙනුවෙන් කලයුතුය.අපි හැමදාම අවිහිංසාවාදී වීමු.ඉදිරියටත් එය එසේමය.මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, එස් මහින්ද හිමියන්, ධර්මපාලතුමන්, සෝම හිමියන් බුද්ධි විප්ලවයකින් සිංහල බෞද්ධයා රැකගත හැකි බව ඔප්පු කර හමාරය.අපද ඒ මග ගමන් කරන්නට තවත් ප්‍රමාද විය යුතු නැත.

1 comments:

Anonymous said...

මේ සටහනෙන් කියන්නට හදන කාරණය ගැන කරන සංවාදයක දී භාවිතයට ගත හැකි මගේ මේ සටහනටත් ඔබේ අවධානය යොමු කරන්න.
http://managementinsinhala.wordpress.com/2012/10/22/%E0%B6%85%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B6%B4%E0%B7%99%E0%B6%B1-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80/