Pages

Saturday, October 27, 2012

අන්තවාදී ගෝත්‍රිකවාදීන් ඇති තැන ගැටුම්


හින්දු-මුස්ලිම් ගැටුම්, ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශයේ ඇඳිරි නිතිය


හින්දු මුස්ලිම් ගැටුම් හටගැනීම නිසා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශයේ නගර කිහිපයකට ඇඳිරි නිතිය පනවා ඇතැයි එරට වාර්තා පවසයි. ඊයේ දිනයේ ඇති වූ ගැටුම්වලදී දෙපිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුලු ගෑස් භාවිත කර තිබේ.

දුර්ගා පූජා උත්සවය ආශ‍්‍රිතව හින්දු සහ මුස්ලිම්වරුන් අතර හටගෙන ඇති ගැටුම් පාලනය කිරීම පොලීසියේ අපේක්ෂාව වී තිබේ.

සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවල උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රධාන අමාත්‍ය අකිලේෂ් යාදේව් පවසයි.

ආරක්ෂාව සඳහා අමතර භට කණ්ඩායම් ද රඳවනු ලැබ සිටිතිග පාසල් සියල්ල වසා දමා ඇත.

1992 වසරේ දී අයෝධ්‍යා ආශ‍්‍රිතව හටගත් ගැටුම් හේතුවෙන් දෙදහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

http://lankacnews.com/sinhala/foreign-news/84662/

0 comments: