මූලාශ්‍රය - http://www.divaina.com/2012/10/07/feature15.html
බංග්ලාදේශයේ තෙවැනි විශාලතම ආගම බුද්ධාගමයි. එරට ජනගහනයෙන් 0.7 ක් ථෙරවාදී බෞද්ධයෝ වෙති. චිතගොන් කඳුකරයේ වෙසෙන ජුම්මා ගෝත්‍රිකයෝ සැදැහැවත් බෞද්ධයෝය. 1981 ජන සංගණනයට අනුව බංග්ලාදේශයේ වෙසෙන බෞද්ධයින්ගේ ප්‍රමාණය 538,000 කි. එරට ජනගහනය මිලියන 150 කි. ඒ අනුව බෞද්ධයින්ගේ ගණන ඉතාම සුළුතරයකි. ජුම්මා බෞද්ධයින්ට එරෙහිව කලෙක පටන් මුස්‌ලිම් අන්තවාදීහු නොයෙක් නොපනත්කම් සිදු කළහ. එහෙත් ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ බෙංගාලි "තලෙබාන්වරු" සිය මෙහෙයුම් දියත් කළේ අසරණ බෞද්ධයින්ට එරෙහිවය.
මේ ප්‍රහාරය එල්ල වූයේ චිතගොන්හි රාමු ප්‍රදේශයේ බෞද්ධයින්ටය. වසර 300 කට අධික ඉතිහාසයක් ඇති දැවයෙන් නිම වූ ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්‌ථානයක්, තවත් පන්සල් දහයක් ඇතුළු බෞද්ධ නිවාස දුසිම් ගණනක් ගිනි තැබිණි. මරණ බයේ බෞද්ධයන් උන්හිටි තැන් අතහැර පලා ගිය අතර අදත් සිය ගණනක් දෙනාට ඇඳිවත පමණක් ඉතිරිව තිබේ. මේ බෞද්ධයින්ට ප්‍රහාර එල්ල කිරීමට විසිපන්දහසකට අධික අන්තවාදීන් පිරිසක් 29 වැනිදා රාත්‍රියේ පැමිණ ඇත.
ඇත්තෙන්ම මේ ප්‍රහාරයට හේතුව කුමක්‌ද? ෆේස්‌බුක් වෙබ් අඩවියේ පළ වූ කුරානයට ගිනි තැබීමේ පිංතූරයකි. රාමු ප්‍රදේශයේ වෙසෙන 25 හැවිරිදි බෞද්ධ තරුණයකුගේ ෆේස්‌බුක් පිටුවේ මේ ඡායාරූපය පළවී ඇතත් එය ඔහු විසින් දමන ලද්දක් නම් නොවේ. ෆේස්‌බුක් භාෂාවෙන් කියනවා නම් නොදන්නා අයකු විසින් මෙම ඡායාරූප ඔහුට ටැග් කර ඇත. මේ ටැග් කිරීමට වන්දි ගෙවන්නට සිදුවූයේ අසරණ බෞද්ධයන්ටය. ඇත්තෙන්ම බංගලාදේශයේ මිලියන 150 ක ජනතාවක් විසුව ද ෆේස්‌බුක් භාවිත කරන පිරිස ලක්‍ෂ තුනක් පමණි. අපට පැහැදිලි වන්නේ මෙය බෞද්ධයින්ට පහරදීම සඳහා වුවමනාවෙන්ම සකස් කළ කුමන්ත්‍රණයක් බවයි.
ප්‍රදීප් බරුවා බංග්ලාදේශ බෞද්ධයෙකි. ඔහු ද මුස්‌ලිම් අන්තවාදයේ ගොදුරක් විය. බරුවා මේ සිද්ධිය විස්‌තර කළේ මෙසේය. "මම එදා මගේ කඩේ හිටියේ. එකපාරට පිරිසක් ඇවිල්ලා මගේ කඩේට ගිනි තිබ්බා. මම දුවලා ගිහිල්ලා මගේ බිරිඳත් දරු දෙන්නත් එක්‌ක හැංගුණා. පස්‌සේ ඇවිල්ලා බලනකොට මගේ නිවසත් පුච්චලා තිබුණා. ඇත්තටම මම ඉස්‌සරහට ජීවත් වන්නේ කොහොමද? මගේ හැමදේම නැති වුණා" බෙංගාලි තලෙබාන් ප්‍රහාරයට ලක් වූ බරුවාගේ කතාව එසේය.
ඇමරිකාවේ නිපද වූ නබි නායකතුමා පිළිබඳ චිත්‍රපටයට එරෙහිව ලොව පුරා මුස්‌ලිම් රටවල දැවැන්ත උද්ඝෝෂණ හට ගැනිණ. ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනය වූයේ ද මේ උද්ඝෝෂණ රැල්ල නිසාය. අවසානයේ මේ උද්ඝෝෂණ රැල්ල නතර වූයේ කොතැනින්ද? බංග්ලාදේශයේ බෞද්ධ විහාර ගිනි තබමිනි. නබි නායකතුමා ස්‌ත්‍රී ලෝලියකු ලෙස හඳුන්වා දෙමින් තැනූ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ බෞද්ධයකු විසින් නම් නොවේ. මේ චිත්‍රපටය ගැන කිසිම චෝදනාවක් බෞද්ධයින්ට එල්ල කළ නොහැකිය. එහෙත් මේ උද්ඝෝෂණ රැල්ල හරහාම බෙංගාලි බෞද්ධයින්ට පහරදීමට මුස්‌ලිම් අන්තවාදීහු ක්‍රියා කළහ.
සුනිල් බරුවා බෞද්ධ මාධ්‍යවේදියෙකි. අන්තවාදීන් වසර තුන්සීයක් පැරණි පන්සලට පහරදීලා, ඒකෙ පිළිමත් පැහැරගෙන ගිහින්. ඇත්තෙන්ම බෞද්ධ ගම්මානය දැන් කුණාටුවකින් විනාශ වෙච්ච ගමක් වගේ"යෑයි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි. බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මේ ප්‍රහාරයට වගකිවයුත්තේ විපක්‍ෂයට සහාය දෙන රැඩිකල් මුස්‌ලිම් කණ්‌ඩායම් බව ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන්ම බංග්ලාදේශ ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ලුµdර් රහමන් කජාර් මේ ප්‍රහාරය පිටුපස සිටිනවා යෑයි චෝදනා එල්ල විය. කෙසේ වෙතත් බංග්ලාදේශ විපක්‍ෂ නායිකා කලිඩාෂියා ප්‍රකාශ කරන්නේ ආණ්‌ඩුවට බෞද්ධයින් ආරක්‍ෂා කිරීමට නොහැකි වී ඇති බවයි. මේ අතර බංග්ලාදේශයේ වැඩියෙන් අලෙවි වන බෙංගාලි පුවත්පත වන "ප්‍රොතොව් අලො ඩේලි" පුවත්පත ප්‍රකාශ කරන්නේ ප්‍රහාරය පිටුපස රොහින්ගා මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක් සිටින බව එරට බුද්ධි අංශ විසින් සොයාගෙන ඇති බවයි. බුරුමයෙන් පලා ආ රොහින්ගාවරු විසිඅට දහසක් බංග්ලාදේශයේ අනාථ කඳවුරුවල වෙසෙති. තවත් දහස් ගණනක් පසුගිය කාලයේ රහසිගතව බංග්ලාදේශයට පැමිණ ඇත.
බංග්ලාදේශ පොලිසිය ඉකුත් අඟහරුවාදා ප්‍රකාශ කළේ බෞද්ධ ගම්මානවලට පහරදීම පිළිබඳව පුද්ගලයින් 300 ක් පමණ අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම මෙම ප්‍රහාරය ඉතාම සංවිධානාත්මකව එල්ල කළ එකක් බවත් පොලිසිය කියයි. 1971 දී බංග්ලාදේශ රාජ්‍යය නිර්මාණය වූ පසුව බෞද්ධයින්ට එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බව බංග්ලාදේශ බෞද්ධ සංගමයේ සභාපති අජිත් රන්ජන් බරුවා ප්‍රකාශ කරයි.
83 හැවිරිදි බංග්ලාදේශ මහානායක ශ්‍රීමද් සත්‍යප්‍රිය හිමිපාණන් ප්‍රකාශ කරන්නේ මේ අන්තවාදී ප්‍රහාර නිසා රනින් කළ බුදු පිළිම මෙන්ම ත්‍රිපිටක වහන්සේ ද විනාශ වී ඇති බවයි. සත්‍යප්‍රිය හිමිපාණන්ට බංග්ලාදේශ බෞද්ධ නායක හිමිවරුන් අතර දෙවැනි තැන හිමි වේ. මේ මහ නාහිමියන් මෙසේ කියයි. "1971 දී වත් මේ වගේ ම්ලේච්ඡත්වයක් මම දැක්‌කේ නැහැ. 1971 දී පකිස්‌තාන හමුදාව ආවහම මම කිව්වේ අපි චීන බෞද්ධයෝ කියලයි. මොකද එදා පකිස්‌තානයට සහාය දැක්‌වූයේ චීනයයි. ඒ නිසා පකිස්‌තාන හමුදාව අපේ ගමට අත තිබ්බේ නැහැ. නමුත් මේ ප්‍රහාරය ඉතාම දරුණුයි. ඇත්තෙන්ම මේ ප්‍රහාරය මගේ ආගමට එල්ල වූ ප්‍රහාරයක්. මගේ ශිෂ්ටාචාරයම විනාශ වෙලා. ජීවිත කාලය පුරාම මම වැඳුම් - පිදුම් කරපු දෙය විනාශ වෙලා. මගේ සියල්ල නැතිවෙලා තියෙනවා. අන්තවාදී ප්‍රහාරයෙන් ගිනිබත් වූ ශ්‍රීමහ විහාරස්‌ථානයේ ඇවිදිමින් නායක හිමියන් ඉහත අදහස් දක්‌වා ඇත.
අද බංග්ලාදේශ බෞද්ධයින්ට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය හෙට තව කොතැනකින් හෝ නැවතත් ක්‍රියාත්මක විය හැකිය. සිංහල බෞද්ධයා ද මේ අන්තවාදය ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු සේම මෙයට එරෙහිව ද කටයුතු කළ යුතුය. සිය ගණනක් බංග්ලාදේශ හිමිවරු මෙරටට පැමිණ අධ්‍යාපනික කටයුතු සේම ශාසනික කටයුතුවල නිරත වෙති. දෙරටේ බෞද්ධ මිතුදම තරය. ඒ නිසා මෙරට බෞද්ධයෝ ද බංග්ලාදේශ බෞද්ධ අයිතීන් වෙනුවෙන් යම් හඬක් නැඟිය යුතුය. බෞද්ධයා නිහඬය. සාමකාමීය. කිසිම විටකදී කඩුවෙන් හෝ තුවක්‌කුවෙන් ආගම පතුරවන්නට ගියේ නැත. ලෝක ඉතිහාසය තුළ ආගමික යුද්ධ සිය ගණනක් ඇතිවී තිබුණ ද බෞද්ධයින් ඒ කිසිවකට සම්බන්ධ නැත. නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ කරන්නට මුස්‌ලිම් ආක්‍රමණිකයන් පැමිණි අවස්‌ථාවේ බෞද්ධ හිමිවරු මරණානුස්‌සතිය වැඩූහ. එම නිසා මුස්‌ලිම් ආක්‍රමණිකයන්ට ඒ හිමිවරුන්ගේ හිස් සිඳලීමට හැකි විය. එනිසා බෞද්ධ ශිෂ්ටාචාරය අතුරුදන් විය. නමුත් දැන් අපට මේ අන්තවාදය හමුවේ නිහඬව සිටිය නොහැකිය. මේ අනතුර ගැන අවදියෙන් සිටිය යුතුව ඇත. එසේ නොමැතිව බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්‍ෂා කළ නොහැකිය.
චතුර පමුණුව

0 comments:
Post a Comment