Pages

Wednesday, October 3, 2012

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... බංග්ලාදේශයේ පන්සල් ගිණි තබති

බෞද්ධ දරුවකු විසින් කුරානයේ කොටසක් පිලිස්සීමකට ලක් කර එම පිලිස්සූ කුරානයේ ඡයාරූපය ෆේස්බුක් මඟින් ප‍්‍රසිද්ධියට පත්කිරිම නිසා කෝපයට පත් බංගලාදේශයේ ඉස්ලාමි භක්තිකයන් බෞද්ධ සිද්ධස්ථාන හා ප‍්‍රතිමා වලට දැඩි ලෙස හානි පමුණවමින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොවුන් බෞද්ධ විරෝධි සටන් පාඨ කියමින් කුරානය පිලිස්සීමට ලක් කල බෞද්ධ දරුවාට සාප කරමින් මෙසේ කලහකාරි ලෙස හැසිරුන බවත් එරට පොලිසිය විසින් වාර්තා කරයි.
කලහකාරි පිරිස් මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායමක්ද යොදා ඇති බවත් මේ වන විට තත්වය පාලනය කර ඇති බවත් පොලිස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගැටුම් පහරදීම සිදු වූ ප‍්‍රදේශවල බෞද්ධයන් සිය ගම්මාන අතහැර පලාගාස් ඇති අතර එම ප‍්‍රදේශවලට ඇඳිරි නිතියද පනවා තිබිනි.
මෙම සිද්දිය ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානයේද අර්බුදකාරි වාතාවරණයක් ඇති කිරිමට හේතු වි ඇති බවත් විදෙස් මාධ්‍ය තව දුරටත් පෙන්වා දී ඇත.

මූලාශ්‍රය - http://lankacnews.com/sinhala/main-news/82698/

0 comments: