Pages

Saturday, October 11, 2014

බොදුනුවන් රිදවන ආණ්ඩුවෙන් හෙළ උරුමය යයි. ඡන්ද කිට්ටු වන විට හොඳ හොඳ විජ්ජා!

ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීමට රජය පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසූහ.

සිය ස්‌ථාවරය පිළිබඳව ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් දැනුවත් කළ ද මෙතෙක්‌ ඊට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණ නිසා මෙම තීරණය ගත් බව උන්වහන්සේ පැවැසූහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය ඉල්ලීම් පිළිගන්නා අපේක්‌ෂකයකුට සහයෝගය දැක්‌වීමට තමා ඇතුළු ඇමැතිවරු පිරිස තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධව අවසන් තීන්දුව අනිද්දා (14 වැනිදා) ප්‍රකාශයට පත්කරන බවත් පූජ්‍ය රතන හිමියෝ පැවැසූහ.

රටේත්, ජනතාවගේත් යහපත සඳහා විධායක ජනාධිපති බලතල සීමාකරමින් 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි ක්‍රියාවට නැංවිය යුතු බවට ආණ්‌ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂයක්‌ ලෙස ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ වැදගත් යෝජනා කිසිවක්‌ පිළිගැනීමට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව උන්වහන්සේ පවසති.

මෙවැනි පසුබිමක්‌ තුළ තවදුරටත් ආණ්‌ඩුව ආරක්‌ෂා කරමින් එහි රැඳී සිටීම ජනතාවට කරන ද්‍රෝහිකමක්‌ වන බැවින් තමන් වහන්සේ ඇතුළු ඇමැතිවරු පිරිස මෙම තීරණය ගත් බව පූජ්‍ය රතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

මේ අතර අතුරලියේ රතන හිමියන් සහභාගිත්වය දරන පිවිතුරු හෙටක්‌ ජාතික සභාව අනිද්දා (14 වැනිදා) කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ යෝජනාවලියක්‌ එළිදක්‌වන අතර එම අවස්‌ථාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පCෂ්‍ය. හෙළ උරුමය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ වමේ පක්‍ෂ නියෝජිතයන් එක්‌වීමට නියමිතය.

එහිදී පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ස්‌වරූපය වෙනස්‌ කිරීම, 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීම, ආණ්‌ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‌ෂක ඇමැතිකම පමණක්‌ භාරදීම හා ඥාති හිතමිත්‍රාදීන්ට තනතුරු දීම අහෝසි කිරිම යන යෝජනා හත ඇතුළත් වේ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/10/12/news01.html

Pic Source

0 comments: