
මෙරට ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි උදය ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියේ.
ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ප‍්‍රතික්ෂේප කරන ඡන්ද දායකයින් පිරිසක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ගේ සහය තම පක්ෂයට හිමිවන බවයි ගම්මන්පිල මහතා අවධාරණය කළේ.
ජාතික හෙළ උරුමයේ 11වන ජාතික මහා සම්මේලනයේදී ප‍්‍රධාන කරුණු 7කින් යුත් යෝජනාවලියක් සම්මත කරගැනුණා. දේශපාලන ප‍්‍රතිසංස්කරණය, රාජ්‍ය පාලනය, නීතිය හා අධිකරණය, යහපාලනය සහ සිංහල උරුමය එම යෝජනා අතර වනවා. ආර්ථික සංවර්ධනය සහ බුද්ධ ශාසනය සහ ආගමික කටයුතු යන කරුණු ද ඊට ඇතුළත්.
මෙම ප‍්‍රධාන කරුණු 7 යටතේ තවත් අනුශාංගික කරුණු 33ක් ඊට ඇතුළත් වනවා. අද සම්මත කරගැනුණු මෙම යෝජනාවලිය ඉදිරියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි. එමෙන්ම ඉන්පසු ගනු ලබන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය සමුළුවට සහභාගි වුණු සාමාජිකයින් විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත පවරනු ලැබුවා.
සජිත් තිලකරත්න
http://nethfm.com/article/40949/neth
Pic Source
0 comments:
Post a Comment