Pages

Monday, April 20, 2015

කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුව

කූරගල ලෙන් කුටියේ තැන්පත් කිරීම සඳහා වැඩමවමූ බුදු පිළිම වහන්සේ

බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක්‌ වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රියව තිබෙන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කළ බවයි. කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක්‌ ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන ප්‍රවාද මෙයට සාක්‌ෂි වශයෙන් දැක්‌විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞද්ධයන්ට ඉතා වැදගත්ය. පුරාවිද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක්‌ තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස්‌ ගණනාවක ඉතිහාසයක්‌ හිමිය. එහෙව් කොට 1971 දී මේ පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට රෑගෙන ඇත. එහි වරදක්‌ නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික දේපළ ආරක්‌ෂා කිරීමටත් සංරක්‌ෂණය කිරීමටත් තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව බැවිනි. 

එහෙත් 1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්‌කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉදිකිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරï සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්‌කලයන් විනෝදාංශයක්‌ කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිලධාරීන් කළේ චෛත්‍ය වටා කටුකම්බි ගැසීමය. මරක්‌කලයන්ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරසෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්‌ම උත්සාහ දරන ලදී. එහිදී මෙහි අරක්‌ ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්‌කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් ඇතුළු පිරිසක්‌ එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින යෑවූ ලිපියක්‌ මගින් කූරගලට අයිතිවාසිකම් කියන මරක්‌කලයන් එහි තව දුරටත් ස්‌ථාවර වූ බව පැහැදිලිය. 

පසුගිය අප්‍රියෙල් 04 දින පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන් ඇතුළු සිංහල රාවය කූරගල පැමිණියේ බුදු පිළිම වහන්සේ නමක්‌ද හිස මත තබා ගෙනය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ බෞද්ධයන්ගේ සදා වන්දනයට පාත්‍ර වූ කූරගල ලෙන් කුටිය මත මහත් ගෞරවයෙන් එය තැන්පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් බළන්ගොඩට පිවිසෙන බදුල්ල මාර්ගයේ පැල්මඩුල්ලේ සිටම මහ පොලිස්‌ පිරිසක්‌ යොදවා සිංහල රාවයට අවහිර ඇති කළහ. තන්ජන්තැන්න ගමට ප්‍රවිෂ්ට වීමේදී පොලිසිය විසින් එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ නිසා පැමිණි භික්‌ෂූන් වහන්සේලාට ද උපාසක ඇත්තන්ටද තුවාළ සිදු විය. මෙහි පසුබිම කුමක්‌ද. කාලයක්‌ තිස්‌සේම මෙම ස්‌ථානයේ අනවසර ඉදිකිරීම් වළක්‌වාගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙහි රැඳී සිටි පිරිසට එසේ කරන්නට ඉඩ දී එහි කොන්ත්‍රාත් ගත් පුරාවිද්‍යා මුරකරුවෙකුද සිටි බව කවුරුත් දනිති. බෞද්ධ සංවිධාන විසින් දිගින් දිගටම මේ අවනඩුව ලිපි මගින් පුරාවිද්‍යාවට මෙන්ම අදාළ ඇමැතිවරුන් ද දැනුවත් කළ ද කිසිවක්‌ සිදු නොවුණි. පසුව පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය හිමියන්ගේ මැදිහත් වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව මානව හිමිකම් නඩුවක්‌ පැවරීමට කටයුතු සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල ලැග සිටි මරක්‌කල වෙළෙන්දන්ට විරුද්ධව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමයි. එහි තීන්දුව ප්‍රකාරව ඉවත් කළ යුතු අනවසර ඉදිකිරීම් 19 ක්‌ හඳුනාගන්නා ලදී. ඒවා කඩිනමින් ඉවත්කිරීම සිදු කළ යුතු වුවද සෘජු තීරණ නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කල් පසු විය. පසුව හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ මැදිහත් වීම නිසා එහි සිවිල් ආරක්‌ෂක බල ඇණියක්‌ද නිසි පරිදි ස්‌ථාපිත වූ අතර අනවසර ඉදි කිරීම් ක්‍රමානුකූලව ඉවත් කෙරුණි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ මනාපය පරිදි පැරණි පිළිම ගෙය පිහිටා තිබූ කොටසේ අටවා තිබූ පල්ලිය ඉවත් කිරීම සිදු නොවුණි. දිගින් දිගටම ඒ පිළිබඳව ඉල්ලීම් ලැබුණද ඒවා මගහරිමින් කටයුතු කිරීම නිසා කෝපයට පත් බෞද්ධයන් කීප වතාවක්‌ම කූරගලට පැමිණ බලපෑම් කළද බලධාරීන් නොඇසූ කන්ව සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද කීප වතාවක්‌ම ලිපි යොමු කළ නමුත් කිසිවක්‌ සිදු නොවුණි.

මෙම ප්‍රදේශය බාර කල්තොට පොලිසිය නිරතුරුවම මෙම පල්ලිය ආරක්‌ෂා කිරීමට උත්සාහ කළ ආයතනයකි. බෞද්ධයන් ගේ පින්කම් සංවිධානය කර තිබූ සෑම අවස්‌ථාවකදීම කුළු පොලු රැගත් පොලිස්‌ හමුදාවන් සූදානම් කොට තැබීම ඔවුන්ගේ සිරිත විය. ගරු ගංගොඩවිල සෝම හිමියන්ගේ අනුස්‌මරණ පින්කම පැවති අවස්‌ථාවේදී පොලිස්‌ බල ඇණියක්‌ යොදා ගල්ලෙන් සංකීර්ණයට යැම පවා වළක්‌වන ලදී. එහිදී ඔවුන් අනුගමනය කරනු ලැබූයේ උසාවි වාරණයයි. කූරගල දිවාගුහා බෞද්ධ සිද්ධස්‌ථානාධිපති පූජ්‍ය වටද්දර ඥානිස්‌සර හිමියන්ගෙන් ප්‍රකාශයක්‌ ලැබ ගෙන පුරාවිද්‍යා නිලධාරීන් ගේද ප්‍රකාශයක්‌ ලබා ගත් බව පෙන්වා මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වාරණය ගැනීම සිදු විය. නමුත් මෙහි සිටින පුරාවිද්‍යා නිලධාරිනිය එවැනි කිසිම ප්‍රකාශයක්‌ පොලිසියට ලබා දී නැති බව තහවුරු විය.

මෙවර පොලිසියේ තුරුම්පුව වෙනස්‌ විය. සිංහල රාවය සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවි මගින් දිගින් දිගටම කූරගල ගමන ගැන පුවත් පළකර තිබීම හේතු කොට ගෙන පොලිසිය විසින් අප්‍රියෙල් 02 දින පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ට එරෙහිව වාරණයක්‌ ලබා ගන්නා ලදී. එයට අමතරව ගත් පියවර මෙසේය. තන්ජන්තැන්න එක්‌සත් ජාතික පක්‌ෂයේ ක්‍රියාකාරිකයෙකු හා බළන්ගොඩ මුස්‌ලිම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මගින් ඔවුහු ජනතාව සංවිධානය කොට පැමිණෙන්නන්ට ගල් ගැසීමට සලස්‌වා ඇත. මොලමුරේ ප්‍රදේශයේ ගෙවල්ගානේ ගොස්‌ ජනතාව සංවිධානය කළේ පොලිසිය බව ප්‍රදේශවාසීන් පවසයි. මේ තුරුම්පුව මගින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තන්ජන්තැන්න ගම්වාසීන් මේ පැමිණීමට විරුද්ධ බව කියා පෑමයි. එහෙත් තන්ජන්තැන්න සිංහල බෞද්ධයන් හමු වූ කල්හි ඔවුහු අපට ප්‍රකාශ කර සිටියේ වෙනත් කතාවකි. පොලිසිය විසින් කරන ලද නින්දිත ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙළා දුටුවහ.

කූරගල වර්තමාන භාරය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු වෙයි. එම භාරය අනුව එහි ආරක්‌ෂාව ද සංරක්‌ෂණය ද ඉටු කිරීමට ඔවුන් බැඳී සිටී. එහෙත් එය ඉටු වී නැත. ඒ වෙනුවට දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වාර්ෂිකව මරක්‌කලයන් වෙනුවෙන් අවසර පත් නිකුත් කරලීමටයි. 1990 දී අක්‌කර විසිහයක භූමිභාගයක්‌ මේ මරක්‌කලයන් වෙනුවෙන් ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලබා දී ඇත. එයිනුත් හිටුවන්ගල පතන නම් කොටසේ ද ඉපැරණි ගල් ආයුධ හමු වන බව මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රකාශ කර තිබේ. මරක්‌කලයන් මේ විකල්ප ඉඩම්ද රැගෙන කල්මුනේ ප්‍රදේශයෙන් මරක්‌කලයන් රෑගෙනවුත් පදිංචි කොට අනවසර ඉදිකිරීම්ද පවත්වාගෙන යති. එහෙව් අවස්‌ථාවක බෞද්ධ සංවිධාන උත්සාහ කොට තිබෙන්නේ සිය නැතිවී ගිය අයිතිය යළි තහවුරු කරලනු වස්‌ පුරාවිද්‍යාව විසින් නොකරන වැඩකටයුත්තකට අත ගැසීමයි. එය වැරැද්දක්‌ වන්නේ ඇයිදැයි අපි විමසමු.

නමුත් වර්තමාන යහපාලන ආණ්‌ඩුව සහ එහි නිලධාරීන් විසින් උත්සාහ දරන්නේ සිංහල මුස්‌ලිම් ගැටුමක්‌ ඇතැයි හුවා දක්‌වමින් සිංහල බෞද්ධයන් දඩයම් කිරීමට උත්සාහ දැරීමයි. ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාව සතු අක්‌කර හැත්තෑ දෙකක භූමි භාගය මරක්‌කලයන් විසින් ආක්‍රමණය කර පන්සල අක්‌කර තුනකට සීමා කර ඇත. නීත්‍යනුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට හැකියාව තිබියදී පුරාවිද්‍යාව කිසිවක්‌ නොකරයි. දෙවනගල පුරා විද්‍යා රක්‌ෂිතය මැන වෙන් කිරීමට මුස්‌ලිම් පිරිස්‌ බාධා කරද්දී ද පුරාවිද්‍යාව නිඬය. එහෙත් අනුරාධපුරයේ මෙන්ම හොරොව්පතානේ ගල්ලෙන්වල සිටින භික්‌ෂූන් වහන්සේලාට නඩු පැවරීමට පුරාවිද්‍යාව පසුබට නොවේ. මෙයට හේතුව ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ පුරාවිද්‍යා නීතිය යටතේ සිංහල බෞද්ධයන්ගේ අයිතිය පිළිබඳව ප්‍රතිපාදන නොමැති වීමයි. එසේ නම් එම නීතිය සංශෝධනය කිරීම අප ඉදිරියේදී තිබෙන අභියෝගයක්‌ නොවේද.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2015/04/19/feature09.html

සබැඳි ලිපි -
[
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණයhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_58.html
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: