Pages

Friday, April 24, 2015

ප්‍රමිතියට නැති බෞද්ධ කොඩි හා අටපිරිකර වික්‌කොත් වැඩ වරදී

එළැඹෙන වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක්‌ සැරසිලි හා අටපිරිකර අලෙවි කරන ස්‌ථාන වැටලීමට ඊයේ (23 වැනිදා) සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි බෞද්ධ කොඩි නිල්, කහ, රතු, සුදු, තැඹිලි යන වර්ණ 5 හා අනුපිළිවෙළ නිවැරදි අයුරින් සඳහන් වී තිබීම අනිවාර්ය කර තිබේ. ඇතැම් වෙළෙඳ සල්වල බෞද්ධ කොඩි වැරදි ආකාරයෙන් ඔසවා තබා අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

අටපිරිකර මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳව වඩා අවධානය යොමු කරන ලෙස ද, එහි ඇති පාත්‍ර, දැලි පිහිය ඇතුළු උපකරණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි. 

ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක්‌ සැරසිලි හා අටපිරිකර සම්බන්ධයෙන් 1977 හෝ 011-3134446-8 යන දුරකථන අංකවලට හෝ තම ප්‍රදේශයේ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස සභාපති රූම් මර්ෂුක්‌ මහතා පවසයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2015/04/24/news01.html

Pic Source

0 comments: