ප්‍රවීණ සිනමා වේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‌ෂණය කළ "මහරජ ගැමුණු" චිත්‍රපටය ලාංකීය සිනමාව තුළ එතෙක් මෙතෙක් විශාල පිරිවැයක් යොදා නිෂ්පාදනය කළ සිනමා පටයයි.
ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රගමනයට දායක වෙමින් ඒ අතිමහත් පිරිවැය දරා "මහරජ ගැමුණු" නිෂ්පාදනය කළේ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරයන්ය. මේ 'දිවයින සිනමා කළා සංග්‍රය' මෙරට සිනමා කර්මාන්තය සහ "මහරජ ගැමුණු" පිළිබඳ ගුණපාල රත්නසේකර සමග කළ කෙටි සංවාදයකි.
ඔබ ගුරුවරුයෙක්. ඔබේ ක්‍ෂේත්‍රයෙන් පරිබාහිරව සිනමා පටයක් නිෂ්පාදනය කරන්න පෙළඹුණේ ඔබ සිනමා ලෝලියෙක් නිසාවත්ද?
ඇත්තටම මම සිනමා ලෝලියෙක් නෙමෙයි. මම චිත්‍රපටයක් බැලුවනම් ඒකත් කලාතුරකින්. හැබැයි මම සිනමා ලෝලියෙක් නොවුණට කරුණු කිහිපයක් නිසා ගැමුණු රජතුමාගේ චරිතයට ඇළුම් කරන ආදරය කරන කෙනෙක්. ඒකට ප්‍රධාන හේතුව අපට උරුම මේ නිර්මල බුදු දහම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වුණාට, අපට ඒ වටිනා දහම අද කාලේ මේ විදියට ලැබෙන්න ඒක ආරක්‍ෂා කරල දුන්නේ ගැමුණු රජතුමා. ඒක තමයි පළවෙනි කාරණය. අනික අපිට ඉතිහාසයේ වටිනාකම් ගැන එහෙම හැඟීමක් තිබුණට අද ඉන්න පාසල් දරු දැරියන්ට අපේ රට ජාතිය බේරල දුන්න වීරයකු ගැන එහෙම හැඟීමක් නෑ. ඉතිං රට ජාතිය ගොඩනැඟූ ඉතිහාසය ගැන අවබෝධයක් හැඟීමක් නැත්නම් එයා මේ රටටත් ජාතියටත් ආදරය කරන්නෙ නෑ. ඒ නිසා මම හිතුවා දරුවන්ගෙ ඒ ආකල්ප වෙනස ඇතිකරන්න මේ මහරජ ගැමුණු චිත්‍රපටය සැලකියයුතු දායකත්වයක් දක්‌වයි කියල. අන්න ඒ පරමාර්ථයෙන් තමයි කිසිත් ලාභ අපේක්‍ෂාවකින් තොරව මහ රජ ගැමුණු නිෂ්පාදනයට මා පෙළඹුණේ. ඒක මේ චිත්‍රපටය පටන්ගන්නකොටත් මම කිව්වා.
ඔබේ පිළිතුරත් එක්‌ක මම දැන් අහන්නේ නෑ මේ වගේ දැවැන්ත සිනමා පටයක් නිෂ්පාදනය කරන්න බයක් තිබුණෙ නැද්ද කියා. නමුත් ඔබ මේ සිනමා පටය ගැන අර්ථපතියා වශයෙන් දැන් සෑහීමකට පත්වෙනවද?
සිනමා පටය ගැන මම සෑහීමකට පත්වෙනවා. නමුත් ඒ අපි අපේක්‍ෂා කළ පිරිසම නොවෙයි. බලපු පිරිසට වඩා බලයි කියා අපි අපේක්‍ෂා කළ නොබැලූ පිරිස වැඩියි. ඒ ගැන නම් මට ලොකු දුකක් තියෙනවා. මොකද මේ සිනමා පටය නිෂ්පාදනයට අත තැබුවෙම පාසල් දරු දැරියන්ට අපේ ඉතිහාසයේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක් ගැන වැටහීමක් හැඟීමක් ලබාදීමේ අරමුණ ඇතිව. ඉතිං හතළිස් ලක්‍ෂයක් පමණ වන අපේ පාසල් දරු දැරියන්ගෙන් විශාල පිරිසකට මේ අගනා නිර්මාණය විඳගැනීමට බැරිවුණා. එමගින් මගේ මූලික පරමාර්ථය බිඳවැටීම ගැන නම් දුකයි.
මහරජ ගැමුණු කියන්නෙ පාසල් පෙළ පොත්වල පවා උගන්වන සිංහල රාජ වංශයේ සුවිශේෂී චරිතයක්. පසුගිය වකවානුවේ තිරගත වූ ඉතිහාස කතා ඇතුළත් නිර්මාණ සියල්ලම පාහේ විශේෂ පාසල් දර්ශන මගින් දරුවන්ට නැරඹීමේ හැකියාව ලැබුණා. එසේ තිබියදී ඇයි මෙවැනි විෂයානුබද්ධ කතාවක් පාසල් දරු දැරියන්ට එසේ පෙන්වීමට අපොහොසත් වුණේ.
එය මගේ හෝ අධ්‍යක්‍ෂවරයාගේ වරදක් නොවෙයි. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මම සිනමා ශාලා තුළ පාසල් දර්ශන පැවැත්වීමට අවසර ඉල්ලුවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ඒ අවසරදීම ප්‍රතික්‍ෂේප කළා. එය ප්‍රතික්‍ෂේප කළේ ප්‍රතිපත්තිමය තීරණයක් මත කියලයි ඔවුන් සඳහන් කළේ. හැබැයි පළාත් සභාවලට අයත් පාසල්වලට චිත්‍රපටය නැරඹීමට පළාත් සභාවලින් අවසර ලැබුණා. ඒ අනුමානය ලැබී තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලිපියක් එවා තිබුණා මොනම හේතුවක් නිසාවත් චිත්‍රපටයක් පෙන්වීම සඳහා සිසුන් යොමු නොකළ යුතු බව හඟවමින්. ඒ සඳහා ඔවුන් පෙන්වා දී තිබුණේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීම සහ දෙමාපියන්ට අතිරේක වැය බරක් වීම යන කරුණු. ඇත්තටම මට තේරෙන්නෙ නෑ ළමයින් උගතයුතු ඉතිහාස කතාවක් කොහොමද අධ්‍යාපනයට බාධා වෙන්නෙ කියල. අනික පාසල් දර්ශන නොමැතිවීමයි දෙමාපියන්ට අතිරේක වැය බරක් ඇතිවෙන්නෙ. මොකද ඒ නිසා ළමයින්ට මේක පෙන්වන්නත් ඔවුන්ටත් වෙනමම ප්‍රවේශපත්‍ර අරන් සිනමාහල්වලට යන්න වෙනවා. කෙසේ හෝ අවසානයේ බොහෝ දරු දැරියන්ට මේ නිර්මාණය දැක බලා ගැනීමේ අවස්‌ථාව නැති වී ගියා. හැබැයි එහෙම වුණත් ටයිටැනික් චත්‍රපටය නරඹන්න මේ රටේ පාසල් දර්ශන තිබුණා. මට මතකයි තමන්ගේ චිත්‍රපටය ඉතිහාසය නොවේ ඉතිහාසය ඇසුරෙන් නිර්මාණය කළේ යෑයි සමහර අධ්‍යක්‍ෂවරු අවංකවම සඳහන් කළ චිත්‍රපටවලටත් පාසල් දර්ශන දුන්නා. ඒත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වසර ගාණක් ගවේෂණය කරලා මහා වංශය, ථූපවංශය වගේ පොත්පත් කියවල ඉතිහාසය හාර අවුස්‌සල කරපු මහරජ ගැමුණු විශිෂ්ට නිර්මාණය ළමයින්ට දැකබලා ගැනීමට නොහැකි වීම නම් මහා අභාග්‍යයක්.
ඔබට දැන් ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳවත් යම් අවබෝධයක් ඇති. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට සිනමා කර්මාන්තය ඔබට දැනුණේ කොහොමද?
චිත්‍රපටයේ නිෂ්පාදකයා තමයි අවසානයේ මෙහි තිබෙන දුක් කරදර අසීරුතා විඳින පුද්ගලයා. මොකද නිර්මාණයක් හදල ඉවර වෙද්දි කලාකරුවන්ට අනෙකුත් ශිල්පීන්ට එකඟ වූ මුදල් ගෙවල ඉවරයි. චිත්‍රපටය තිරගත වෙනකොට චිත්‍රපට ශාලාවලටත් සෑහෙන ආදායමක් ලැබෙනවා. බෙදාහැරීමේ ආයතනවලටත් කිසි ප්‍රශ්නයක් නෑ. සැලකියයුතු ආදායමක් ලැබෙනවා. අවසානයට හිරවෙන්නෙ නිෂ්පාදකයා. විශේෂයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරද්දි ඒ නිෂ්පාදකයා ගන්න අතිමහත් වූ අවදානම යම් ආකාරයකට සමනය කරන්න ක්‍රම වේදයක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට දැවැන්ත නිෂ්පාදක වියදම යම් සීමාවක් ඉක්‌මවයාම නිෂ්පාදකයාට පිරිවැය පියවෙනතෙක්‌වත්. ඒ චිත්‍රපටයේ ආදායමෙන් යම් වැඩිපුර ප්‍රතිශතයක් හරි ලැබෙන විදියක් තියෙනවනම් ඒක දැවැන්ත නිෂ්පාදන බිහිවෙන්න රුකුලක් වෙනවා. එහෙම නැත්නම් වෙන්නෙ මම වගේ ලාභ අපේක්‍ෂාවකින් තොරව මේ වගේ නිර්මාණයක් කරනවා හැරෙන්න කවුරුවත් දැවැන්ත හොඳ නිර්මාණයකට අතගහන්නෙ නැතිවෙයි.
ඔබ අපේක්‍ෂිත පිරිසට මේ නිර්මාණය දැක බලා ගැනීමට නොහැකි වූ බව සඳහන් කළා. සිනමාහල්වලින් චිත්‍රපටය ගැලවුණත් ඒ පිරිසට සිනමාපටය නැරඹිය හැකි විකල්ප ක්‍රමවේදයට නොයන්නෙ ඇයි?
ඇත්තටම දැනටමත් අපි ඒ සඳහා වැඩපිළිවෙළක් යොදල තියෙන්නෙ. විශේෂයෙන් මගේ අපේක්‍ෂාව වුණේ මේ රටේ දරු දැරියන්ට මේ නිර්මාණ දැක බලා ගැනීමේ අවස්‌ථාව සලසන්න. ඒ සඳහා යම්කිසි සංවිධානයකින් හරි පන්සලකින් හරි කවුරුහරි අපිට ඉල්ලීමක් කළොත් විශේෂ දර්ශන ලබාදීමේ වැඩපිළිවෙළක් අපි අරඹනවා.
ඔබ නැවත චිත්‍රපට නිෂ්පාදනය නොකරන තීරණයකද ඉන්නෙ?
නෑ... මම එහෙම තීරණයක් අරගෙන නෑ. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වගේ අධ්‍යක්‍ෂවරයෙක් එක්‌ක මට මේ වගේ නිර්මාණයක් කරන්න ලැබීම භාග්‍යයක්. මට ඒ වගේ හොඳ නිර්මාණයක් ආවොත් නැවතත් මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි.
තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2015/04/24/cineart03.html
සබැඳි ලිපි -
[
"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"http://denethharinna.blogspot.com/2015/03/blog-post_31.html
'මහරජ ගැමුණු' දුටු ගැමි තරුණයන්ගේ හෘද සාක්‌ෂිය
http://denethharinna.blogspot.com/2015/03/blog-post_46.html"මහරජ ගැමුණු" වෙතින් සහෘද ජනතාවට පිරිනැමෙන්නේ වෛරය නොව, ආදරයයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_96.html"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_91.htmlවීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

0 comments:
Post a Comment