Pages

Wednesday, April 22, 2015

ඉස්ලාමයේ කාන්තා විමුක්තිය! - සැමියාට, පියාට නොදන්වා සොයුරියගේ නිවසට ගිය පකිස්ථාන බිරිඳ පණපිටින් පුළුස්සලා

සැමියාට, පියාට නොදන්වා ගමනක් ගිය බිරිඳ පණපිටින් පුළුස්සලාඅනවසරයෙන් නිවසින් බැහැරව ගමනක් ගිය පකිස්ථාන කාන්තාවක් ඇයගේ සැමියා සහ ඔහුගේ පියා විසින් පණපිටින් පුළුස්සා ඝාතනය කළ පුවතක් වාර්තා වී තිබේ.

25 හැවිරිදි ෂබානා බීබි නම් කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන මුහම්මද් සිද්දික් සහ ඔහුගේ පියා අත්අඩංගුවට ගත් බව පකිස්ථාන පොලිසිය පවසා ඇත.

පසුගිය සිකුරාදා දිනයේදී සැමියාගෙන් නොවිමසා සිය සොයුරියගේ නිවසට ගිය ෂබානා ආපසු නිවසට පැමිණි පසු කෝපයට පත් සිද්දික් සහ මාමණ්ඩිය ඇයට පහරදුන් බව ෂබානාගේ සොයුරු මුහම්මද් අසාම් පවසා ඇතැයි වාර්තා වේ.

ඉන්පසු ඇයගේ ශබ්රයට පෙට‍්‍රල් වත්කර ඇති ඔවුන් ගිනි තබා ඇති අතර සිරුරෙන් 80%ක් පමණ පිළිස්සී තිබූ ෂබානා බීබි රෝහලේදී මියගොස් තිබේ.

ෂබානා තෙවසරක් පුරා සිද්දික් සමග විවාහ දිවියක් ගෙවා ඇති අතර අසාම් පවසා ඇත්තේ දරුවකු නොලැබීම සම්බන්ධයෙන්ද දෙදෙනා අතර ගැටුම් ඇතිවූ බවයි.

පවුලේ ගරුත්වය කෙළෙසූ බවට චෝදනා කරමින් කාන්තාවන්ට එරෙහිව ගෘහස්ථ ප‍්‍රචණඩත්වය පාකිස්ථානය තුළ සුලභව ඇති අතර සෑම වසරකදීම සියගණනක් කාන්තාවන් මෙවැනි අපරාධවලට ලක්ව මියයන බව පැවසේ.

පවුලේ කැමැත්තට පිටින් විවාහයක් සිදුකරගත් කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයන් සිව්දෙනෙකුට පසුගිය නොවැම්බරයේදී මරණ දණ්ඩනය නියම කරනු ලැබිණි.

2008න් පසු කාන්තාවන් 3000ක් පමණ සිය පවුලේ සාමාජිකයින් අින් ඝාතනය වී ඇති බව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයක් වන  ඕරාත් පදනම පවසා තිබේ.

https://lankacnews.com/sinhala/foreign-news/131031/

0 comments: