දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහළ වූ ශේ්‍රෂ්ඨතම විද්වතා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස් විදෙස් පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ඇතැම් විදේශික පඬිවරුන් උන්වහන්සේ හැඳින්වූයේ දකුණු බුදුසමයේ (ථෙරවාද බුදුසමයේ) පඬිවරයා වශයෙනි. විවිධ අර්බුද හමුවේ ශීඝ්‍රයෙන් පරිහානියට පත් සංස්‌කෘතික පසුබිමක් යටතේ පන්නරය ලබමින් නැගී සිටි අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ගිහි උගතුන් පමණක් නොව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන්ද කරන ලද සේවය වර්තමාන පරපුරට යළි යළිත් සිහිපත්කරවා දීම කෘතවේදී ජාතියක වගකීමක් බව කිව යුතුය. මෙහිදී සමස්‌ත ජාතියම තේරුම් ගත යුත්තක් ඇත. එනම් ජාතික ආගමික මාමකත්වය නිසා නැගී සිටි මෙම ශේ්‍රෂ්ඨ යුග පුරුෂයන්ට බුද්ධිමය පන්නරය ලැබුණේ බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බවය.
හෙන්රි ස්‌ටීල් ඕල්කට්, පෝල් ඩාල්කේ වැනි විදේශීය උගතුන් මෙරටට පැමිණියේ උන්වහන්සේගේ පාණ්‌ඩිත්‍යය නිසාය. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය වැනි බෞද්ධ විද්‍යාල බිහි වූයේද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බව නූතන අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්‌ති විඳින කිසිවකු විසින් අමතක නොකළ යුත්තකි. විශේෂයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලය නමින් පැවැති දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නමින් ප්‍රකට ජාතික විශ්වවිද්‍යාලය බිහිවූයේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් පිහිටුවන ලද මෙරට නූතන භික්‍ෂු අධ්‍යාපනයේ ජයටැඹ ලෙස සැලකෙන කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආශ්‍රයෙනි.
රජයේ සහ මෙරට බෞද්ධ උගතුන්ගේ අවධානය යොමු වියයුතු කරුණු අතරත් ප්‍රධාන වූවක් ලෙස නූතන භික්‍ෂු අධ්‍යාපනය හඳුන්වා දිය යුතුය. ගෝලීයකරණය වන ලෝකයේ භික්‍ෂුවගේ වගකීම විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථකරණය කළද භික්‍ෂුවට විමුක්‌තියට විවර වන මග පදනම් කොට ගත් අධ්‍යාපන ක්‍රියාවලියක් උරුම වනු විනා ඉන් ඔබ්බට ගිය ඉගෙනීම් සමුදායක් නැත. නූතන තාක්‍ෂණික මෙවලම් යොදා ගැනීමෙන් මෙය තවදුරටත් ශක්‌තිමත් කළ හැකි බව කවරෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැක්‌කකි. මේ නිසා වර්තමානයේ භික්‍ෂු අධ්‍යාපනයේ ගමන් මග පිළිබඳ පුළුල් සාකච්ඡාවක යෙදීම යුගයේ අවශ්‍යතාවකි.
මෙරට අධ්‍යාපනය පිළිබඳව ජාතික සැලැස්‌මක් නොමැතිකම පිළිබඳව කාලයක සිට ශිෂ්‍ය ප්‍රජාව හා බුද්ධිමතුන් විසින් මැසිවිලි නඟන බව අපි දනිමු. විශේෂයෙන් අද වනවිට බටහිර රටවල අත්දැකීම් හා ප්‍රවණතා සැලකිල්ලට ගත් අධ්‍යාපනඥයන් විසින් හඳුන්වා දෙනු ලබන ක්‍රමවේදයන් නිසා පාසල් පිරිවෙන් හා උසස් අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශ වරින් වර වෙනස් කිරීම්වලට හසුවේ. කාලාන්තරයක් තිස්‌සේ මෙරටට අනුක්‍රමයෙන් වැඩුණු සාම්ප්‍රදායික ඥනය ඉතා සූක්‍ෂම ලෙස විනාශවී යන අයුරු බුද්ධියෙන් මෙන්ම කාලයෙන් මුහුකුරා ගිය වියත්හු දකිති. එසේම දොම්නස් සුසුම් හෙළති. එහෙත් අපට ආවේණික චින්තන ක්‍රමයට අනුකූල වූ අනුක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පැවැති ආර්ථික රටාවක් මෙන්ම ගෘහ නිර්මාණ. වාරි කර්මාන්ත, චිත්‍ර, මූර්ති, කැටයම්, වෛද්‍ය, අධ්‍යාපනික හා විවිධ තාක්‍ෂණික ක්‍රම අනුරාධපුර යුගයේ සිට වැඩෙමින් පැවැති බවද අපි දනිමු. මේවා අද වන විට අපගේ නොසැලකිල්ලට භාජන වී ඇතත් අනුරාධපුරය පොළොන්නරුව, සීගිරිය වැනි ස්‌ථානවල එදා කළ නිර්මාණ හා වාරි ව්‍යාපෘති වැනි දේවලින් අද ද රජයට හා ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබේ. මෙම සාම්ප්‍රදායික ඥනය රැක ගැනීමට හා පෝෂණය කිරීමට වැඩපිළිවෙළක් නොතිබූ හෙයින් අප අද විදේශාධාර හා ණය ලබා ගැනීමේ අරගලයක නිරතව සිටින අතර එය ලබාගැනීම ජයග්‍රහණයක් සේද සිතීමට නිහීනව ඇත.
බුදුදහම මෙම උවදුරෙන් යම් පමණකට හෝ බේරා ගැනීමට හැකිවීම භාග්‍යයකි. මෙරට සිටි වගකිවයුතු භික්‍ෂූන් වහන්සේලා ඊට යම් යම් පියවර ගෙන තිබිණි. මේ සඳහා 19 වන සියවසේ තැබූ විශිෂ්ටතම පියවර නම් බුද්ධිමත් ගිහි ප්‍රභූන් පිරිසකගේ ද පැවිදි උතුමන් කිහිප දෙනෙකුගේද සහයෝගයෙන් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ධර්ම ශාස්‌ත්‍රීය අධ්‍යාපනය මැනවින් ඉදිරියට පවත්වා ගෙන යැම සඳහා වැඩපිළිවෙළක් යෙදීමයි. විද්‍යෝදය පිරිවෙන එහි පදනම මෙන්ම අග්‍රතම ඵලයද වේ. මෙම පිරිවෙණ පිහිටුවීමේදී සිල්වත් හා බුද්ධිමත් භික්‍ෂුවක් මෙන්ම ගුණවත් හා බුද්ධිමත් ගිහි පඬිවරයකු බිහි කිරීමට අවශ්‍ය කරුණු ගැන ශ්‍රී සුමංගල නාහිමියන්ගේ කුශාග්‍ර බුද්ධියෙන් අමුතුවෙන් සිතිය යුතු නොවීය. සිංහල, පාලි, සංස්‌කෘත, ප්‍රාකෘත, ත්‍රිපිටක ධර්මය, ඉංගී්‍රසි ඡන්දස් හා අලංකාර, තර්ක හා න්‍යාය, පුරාවිද්‍යාව, ජ්‍යෙතිෂය, ආයුර්වේදය වැනි විෂය ධාරාවක් උන්වහන්සේ විසින් සකසන ලද විෂය නිර්දේශයට අන්තර්ගත විය. වඩාත්ම වැදගත් සිද්ධිය නම් පරිපූර්ණ භික්‍ෂුවක් තැනීමට අත්‍යවශ්‍යම වන මෙම විෂය නිර්දේශයට අත තැබීමට පරිවෙනාධිපතිවරයෙකු පත් කිරීමට හෝ අස් කිරීමට පවා බලය ඇති විද්‍යාධාර සභාව නමින් හැඳින්වෙන විද්‍යෝදය පිරිවෙණේ පාලක සභාවට ද ඉඩ නොතැබීමයි. මේ නිසා අදත් ප්‍රාචීන අධ්‍යාපනය සඳහා භික්‍ෂූන් වහන්සේලාට භාෂා ශාස්‌ත්‍ර උගන්වන ආයතනයක් වශයෙන් විද්‍යෝදය පිරිවෙණට කීර්තියක් ලැබේ.
භික්‍ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමියන් විසින් හඳුන්වාදුන් අධ්‍යාපන ක්‍රමවේදයට එහාගිය අධ්‍යාපන ක්‍රමයක් තිබිය නොහැකිය. ඊට හේතුව මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ශාසනයටත් ජාතියටත් රටටත් මහඟු සේවාවක් කළ උතුමන් රාශියක් බිහිව තිබීමයි. අනෙක් අතින් ශාසනානුලෝමී ජීවන පැවැත්ම පිළිබඳ හික්‌මීම හා පන්නරයක් මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ලැබේ. වර්තමානයේ රජය මගින් පාලනය වන පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශය මෙතරම් විධිමත් නැතිබව කීම අගතිගාමී කියමනක් නොවේ. ශ්‍රී සුමංගල හිමියන්ගේ විෂය නිර්දේශය හා දැනට පිරිවෙන්වල භාවිත වන පෙළ පොත් පරීක්‍ෂා කිරීමෙන් මෙය මැනවින් පැහැදිලි වේ. අනෙක් අතින් ආගමික අධ්‍යාපනයේ හරය වූයේ එයින් ශිෂ්‍යයා ලබන සාර ධර්මවල ගැඹුරය. හික්‌කඩුවේ නාහිමියන්ගේ දින චරියාව ශිෂ්‍ය ප්‍රජාවගේ දින චරියාව බවට පත් වීමත් එයම පිරිවෙන් ශිෂ්‍යයාගේ දින චරියාව බවට පත්වූ ආකාරයත් පරීක්‍ෂාකර බලන විට ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන චින්තනය ඇසුරෙන් සැකසුණු අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයට අවශ්‍ය බව වැටහී යනු නොඅනුමානය.
ශ්‍රී සුමංගල චරිතාපදාන කෘතිවල සඳහන් වන පරිදි නාහිමියන්ගේ දිනචරියාව උන්වහන්සේ යටතේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්ට ද හුරු පුරුදු විය. දිනපතා අලුයම 4-5 කාලය අතරතුර අවදි වූ හික්‌කඩුවේ නාහිමියෝ කට පාඩමින් යමක් කීමට හුරු පුරුදු වී සිටියහ. සමහර දිනවල හිඳිමින් ද සමහර දිනවල සක්‌මන් කරමින් ද මෙසේ ග්‍රන්ථයක කොටසක් කී උන්වහන්සේ අනතුරුව මුව කට සෝදා බුඳුන් වැඳීම සිරිතකි. බෞද්ධ ආගමික දින චාරියාවෙහි අලුයම අවදි වීමත් පොත පත උස් හඬින් වන පොත් කිරීමත් සාමාන්‍ය ලක්‍ෂණයකි. සැදැහැවතුන්ගේ සිත් පොබයන මෙම අංග අනුගමනය කිරීමට හික්‌කඩුවේ නාහිමියන් ශිෂ්‍යයන්ට නොපැණ වූ නමුත් උන්වහන්සේ යටතේ හැදුනු වැඩුණු කවුරුත් එම චර්යාව අනුගමනය කළහ. උදේ කැඳ කෝප්පයක් වැළඳ සෞඛ්‍යයට හානි නොවන ලෙස ආහාර ගැනීමට හුරු පුරුදුව සිටි බවද කියෑවේ. ඉන් අනතුරුව කෙළිතුඩ ගෙන පුස්‌කොළයක හෝ කඩදාසියක යමක් ලියන අයුරු කෙනෙකුට පහසුවෙන් දැකිය හැකි කරුණකි. දහවල් දානය වැළඳූ පසු පන්ති දෙකකට ඉගැන්වූහ. උන්වහන්සේගේන් ඉගෙනීමට ලැබීම දක්‍ෂ ශිෂ්‍යයන්ට මහත් අස්‌වැසිල්ලට කරුණක් වූ අතර අලසයන්ට මහත් අපහසුවක් වූ බවද එහෙයින්ම ඔවුහු පන්තියේ පිටුපසට වී යමක් ලියාගෙන යැමෙන් පමණක් සෑහීමට පත් වූ බවද කියෑවේ. මෙම දින චරියාව යටතේ ඉගෙනුම ලැබූ වැලිවිට සෝරත, යගිරල පඤ්ඤානන්ද, කලුකොඳයාවේ පඤ්ඤාශේඛර, පැළෑනේ වජිරඥන වැනි දහස් සංඛ්‍යාත භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ද ජී. පී. වික්‍රමාරච්චි, එච්. ඩී. අභයවර්ධන, වේරගම පුංචි බණ්‌ඩාර වැනි ගිහි උගතුන් රාශියක් ද මෙම පිරිවෙණෙන් පහළ වූහ.
හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සේවාව හා ප්‍රඥ මහිමය හා බැඳුණු කීර්තිය ජාත්‍යන්තරය දක්‌වා විහිදුණු බව මෙහි සටහන් කිරීම ලේඛනගත සාක්‍ෂිවලින් සනාථ කළ හැකිය. උන්වහන්සේගෙන් ඉගෙනීමට විදේශිකයන් මෙරටට පැමිණීම මෙයට කදිම සාක්‍ෂියකි. කොජිමා, තචිබානා, සතො, කොජින් ගුණරත්න යනාදීහු ජපානයෙන් ද සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ, කොසම්බි ධම්මානන්ද, හරගොවින්ද්, බෙචරදාස ආදීහු ඉන්දියාවෙන් ද පැමිණි බව සඳහන් වේ. බුරුමය, තායිලන්තය හා කාම්බෝජය සමග සබඳතා පවත්වාගෙන ගිය බවට දැනට සුරක්‍ෂිතව පවතින පාලි භාෂාවෙන් ලියවී ඇති ලිපි ලේඛන සාක්‍ෂි දරයි. විද්‍යෝදය පිරිවෙනේ දක්‍ෂතම ශිෂ්‍යයනට පිරිනැමෙන ශ්‍යාමරාජ ත්‍යාගය සියම් රජතුමා විසින් පිහිටුවනු ලැබීම එහි ප්‍රතිඵලයකි. මේ අතර හික්‌කඩුවේ නාහිමියන්ගේ ඥන මහිමය ගැන ඇසූ ඇමරිකන් ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ද ශ්‍රී ලංකාවට පැමිණ උන්වහන්සේගේ ඇසුරින් බුදුදහම පිළිබඳ දැනුම දියුණු කොට බෞද්ධයෙකු බවට පත්වූ බව කියවේ. ඔහු බුදුදහම බටහිර ලෝකය තුළ ප්‍රචාරය කර හැරීමට මහඟු සේවාවක් කළේය. කොළඹ පරම විඥනාර්ථ සමාගම පිහිටුවීමටද ඔහු මූලික වී ක්‍රියා කළේය. තවද බෞද්ධ උගතෙකු වූ ජර්මන් ජාතික පෝල් ඩාල්කේ මෙරටට පැමිණ හික්‌කඩුවේ නාහිමියන් සමග පැවැත්වූ ධර්මමය සාකච්ඡා පිළිබඳව රසවත් සිදුවීම් රාශියක් ද ලේඛනගත වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ එවකට විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපන තත්ත්වය විශ්වවිද්‍යාලයක මට්‌ටමට දියුණු වී තිබුණු බවයි.
මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
http://www.divaina.com/2015/04/29/feature02.html

0 comments:
Post a Comment