Pages

Friday, April 24, 2015

මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට විධායක සභාව එකඟතාව

මන්ත්‍රීවරුන් 238 දෙනෙකු තෝරා ගත හැකි වන පරිදි කොට්‌ඨාස ක්‍රමය හා සමානුපාත ක්‍රමය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ඊයේ (23 දා) රැස්‌ වූ ජාතික විධායක සභාව එකඟ වී ඇත.

එක්‌ කොට්‌ඨාසයට එක්‌ මන්ත්‍රීවරයෙකු බැගින් තෝරා ගැනීමටත් බහු ආසනවලට අමතර මන්ත්‍රීවරයෙකු බැගින්ද දේශපාලන පක්‍ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයන්ට සමගාමීව මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ හා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ද මෙම ප්‍රමාණයට ඇතුළත් බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (23දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ක්‍රමය මගින් සීමා නිර්ණය වීමක්‌ අවශ්‍ය නොවන බවත් හැකි ඉක්‌මනින් ක්‍රියාත්මක කළ හැකි බවත් හෙතෙම කීය.

19 හා 20 සංශෝධන දෙකම සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා මීළඟ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමටද බලාපොරොත්තු වන බව කීය.

මේ අතර මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට අදාළ යෝජනාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (22 දා) ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මෙම යෝජනාව පදනම් කරගෙන සියලු පාර්ශවයන්ගේ අදහස්‌ ලබාගෙන නව මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් කිරීමටද ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/04/24/news20.html

Pic Source

0 comments: