Pages

Wednesday, September 5, 2012

චීනයද? ඉන්දියාවද?

යුද්ධය පැවති සමයේ, යාපනය බිඳ වැටීමට ආසන්න මොහොතක, ත්‍රස්තයන් යාපනය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටි මොහොතක, කොටින් මර්ධනය කිරීම සඳහා චන්ද්‍රිකා රජය ඉන්දීය රජයෙන් ක්ෂණික යුධ ආධාර, මල්ටි බැරල් ආදිය ඉල්ලීය. ඉන්දියාව එය ප්‍රතික්ෂේප කල අතර, අවැසි නම් යුධ හමුදාව ඉවත් කර ගැනුමට නැව් සැපයිය හැකි බව පැවසීය. ඒ අවස්ථාවේ අප රැකීමට ඉදිරිපත් වූයේ චෙක් ජනරජය සහ පකිස්ථානය සමඟ චීනයයි. මෙය එක් අවස්ථාවක් පමණක් නොවේ. දුරාතීතයේ සිටම චිරාත් කාලයක් තිස්සේ සේද මාවත ඔස්සේ බැඳුනු චීන-ලංකා මිතුදම අති විශිෂ්ඨය. සිරිමා බණ්ඩාරණයක 70-77 රාජ්‍ය සමය එහි කූට ප්‍රාප්තියයි. බණ්ඩාරණයක සම්මන්ත්‍රණ ශාලාව, සිරිමාවෝ බණ්ඩාරණයක සම්මන්ත්‍රණ ශාලාව, ඔරුවල වානේ කම්හල ආදී විවිධ ත්‍යාගයන් මේ අඛණ්ඩ මිතුදමේ ජීවමාන සාක්ෂි වෙති.
ආසන්නම අවස්ථාව, එක්සත් ජාතීන් ඉදිරියේ, චීන-රුසිය මිත්‍රත්වයේ රැකවරණයේ ශක්තියයි.

ඒ අවස්ථාවේ ඉන්දියාව හැසිරුනේ ශ්‍රි ලංකාව ඔවුන්ගේ සතුරු රටක් වශයෙන් සලකා සේය. අපි හැමවිටම කලාපීය බලවතා, ලොකුඅයියා ආදී ලෙස කියමින්, ඔවුන්වෙත ගෞරවයෙන් (හා භියෙන්) අමතමු. නමුත් ඔවුන්ගේ කුඩු කේඩුකම් වල නිමක් ඇත්ද? දුරාතීතයේ සිටම, ඉන්දියාවෙන් අපවෙත ලැබුනේ මොනවාද?

කොටි ත්‍රස්තයන්ට කිරි පොවා, පුහුණුව සහ අවි ආයුධ දී පෝෂණය කලේ ඉන්දියාවයි.


අපට කිසිසේත් නොගැලපෙන පළාත් සභා නම් වරිග සභා සුදු අලියා අපවෙත බලයෙන්ම පැටවූවෝ ඉන්දියානුවෝයි.


1987 දී තරම් අතීතයේදී, පරාජයේ මුව මත සිටි ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් වෙත මර භිය ඇතිකළ වඩමාරච්චි මෙහෙයුම නවතන ලෙස බල කලේ, ගුවනින් පරිප්පු දමා, අප ගුවන් කලාපය බලයෙන්ම ආක්‍රමණය කර, ස්වාධීන නිවහල් රාජ්‍යයට අනිසි බලපෑම් කලේ ඉන්දියාවයි. කොබ්බෑකඩුව මහ විරුවා ප්‍රභාකරන් වට කර, ඔබතුමාට අවශ්‍ය ප්‍රභාකරන්ගේ හිසද, නැතහොත් කඳද යයි ජේ. ආර්. ජනාධිපති තුමන්ගෙන් ඇසූ බැව් කියවේ. එසේ නොවන්නට මීට අවුරුදු 22 කට කලින් යුද්ධය නිමා වන අතර, යුද්ධයට වැයවූ සහ ත්‍රස්තයන් වැනසූ මහා ධනස්කන්දයක් ඉතිරි කර ගත හැකිව තිබුනි.


බොහෝ කැප කිරීම් කර, කොටි ත්‍රස්තවාදය පරදා, ඊළාම් සංකල්පය පරාජය කල කල්හි, ලංකාව වැනි කිහිප ගුණයක් විශාල ඉන්දියාවේ තමිනාඩුව තිබියදී ඉන්දියානුවෝ ලංකාවේ ඊළමක් පිහිටුවීමට අර අදිති. (ද්‍රවිඩ ජනයා වෙනුවෙන් ඔවුන් දක්වන ආදරය සැබෑ නම් ජයලලිතාට, කරුනාණිධිට, වයිකෝට, නැදුමරන්ට තම විසල් භූමියේ ඊළමක් පිහිටුවා ගත හැක.)


ලාංකීය ද්‍රවිඩයා ගැන කිඹුල කඳුලු හෙලන තමිල්නාඩු අවස්ථාවාදියෝ ලාංකීය ද්‍රවිඩයා ඵල ලබන මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යති. අසරණ ලාංකීය ද්‍රවිඩ ධීවරයෝ මුහුදු සීමා උල්ලංඝනය කල බව පවසමින්, අත් අඩංගුවට ගෙන තමිල්නාඩු අධිකරණ වෙත පමුණුවා සිර කරති. මෙරට මත්ස්‍ය සම්පත් කොල්ලකන ඉන්දීය ධීවරන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන කල්හි, උද්ඝෝෂන, තර්ජන සහ බලපෑම් කර බලෙන්ම ඔවුන්ව නිදහස් කරගනිති.


මෙවැනි අසාධාරණ ලොකු අයියෙකුගෙන් අපට ඇති රැකවරණයක් නැති. අපේ සම්පත් කොල්ලකන, තර්ජන, බලපෑම්, හිරිහැර සහ තාඩන පීඩන කරන කලාපීය බලවතාගේ ශක්තියෙන් අපට වන සෙතක් නැති. විසල්, බලවත් ඇමරිකානුවන් ඉදිරියේ තම ශක්තියෙන් දෙපයින් සිටගන්නා කියුබානුවන් මෙන්, මේ ලොකුඅයියා ඉදිරියේ අප දණ නොනැමිය යුතුය. ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන, අපට සැබෑ ලෙසම හිතවත්, ජත්‍යන්තරය ඉදිරියේ අප හා අත්වැල් බැඳ ගන්නා නව ආරක්ෂණ උපක්‍රම වෙත අප යොමු විය යුතුය. එවැනි සැබෑ මිතුරන් වෙත වඩ වඩාත් අපි ලංවිය යුතුය. එවැනි බලවේග අතර, එවැනි මිතුරන් අතර, බලවත් චීනය එක්සත් ජාතීන්ගේ නිෂේධ බලය හිමි ලොව දැවැන්තයෙකි. අපේ සැබෑ කලණ මිතුරෙකි. විශිෂ්ඨ රැකවලෙකි. එදා සිටම ශ්‍රි ලංකාවේ සැබෑ මිතුරෙකි. බොදු සංස්කෘතික සංහිදියාව මේ මිත්‍රත්වයට ආභරණයකි.

- බුද්ධික මල්ලවආරච්චි -

10 comments:

...චින්තක... said...

@දෙනෙත් හරින්න.

යාපනය බිඳ වැටීමට ආසන්න මොහොතේ අපිව රැකීමට ඉදිරිපත් වූයේ චීනය නොවේ. පකිස්තානය සහ චෙක් රාජ්යය්යි. මුල් අවස්තාවේදී ඉන්දියාවෙන් උදවු ඉල්ලා සිටියත් ඔවුන් අහක බලා ගත්තා. ඉන්පසු එවකට රා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ විසින් පකිස්තාන් ජනාධිපති වූ පර්වේස් මුෂාරෆ් ගෙන් ඉල්ලීමක් කලා. මල්ටි බැරල් රොකට් සහ ග්‍රාඩ් රොකට් අවශ්‍ය බව. ඉන්පසු ඔහු විමසුවා එය ප්‍රමාණවත්ද කියා. අවසානයේ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා පැය 48ක් ඇතුලත මල්ටි බැරල් රොකට් යන්ත්‍ර 2ක් ලබා දුන්නා. නමුත් ඒවායින් අවශ්‍ය ප්‍රතිපල නොලැබුන නිසා චෙක් රාජ්‍යයෙන් නැවත් වතාවක් ඇණවුම් කලා. ඉන්පසු ඒවා භාවිතා කර යාපනය අල්ල ගැනීමට පැමනී කොටින්ට පහර දුන්න. ඒ තමයි යුද ඉතිහාසයේ ප්‍රථම වතාවට මල්ටි බැරල් පාවිච්චි කල මොහොත.

**** චින්තක *****

Deneth said...

ඔබේ කරුණු දක්වීමට එකඟයි. චීනය සමඟ චෙක් ජනරජය සහ පකිස්ථානය අපට උදව් කලා. ලිපිය සඳහා අදාල වන රට පමණක් සඳහන් කලා. නමුත් ලිපිය සංස්කරණය වියයුතු ලෙස හැඟුන නිසා, ඔබ මතු කළ කරුණුද අන්තර්ගතවන ලෙස සංශෝධනය කලා. කරුණු දැක්වීමට ස්තුතියි !

Anonymous said...

කොළඹට බෝම්බ දාන්න බාවිතා කල කොටින්ගේ කුරුම්බැට්ටි මැශින් එවා චෙක් ජනරජයේ නිපදවූ යානා එවාට පහර දෙනන් පුලුවන් ද්විමාන රේඩාර් සහ ස්වයංක්‍රීය තුවක්කු චෙක් ජනරජය දෙන්න සූදානම් වූ විට ඉන්දියාව එවා වැලැක්වූවා. ඉන් පසු ඔවුන්ගේ 'ඉන්ද්‍රා' නම් රේඩාර් පද්දතියක් ලංකාවට දුන්නා එවායෙන් කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ ඊටපසු අවස්තා ගනනාවක් කොටි ගුවනින් කොළඹට ගහලා ගියා. පසුව චීනයෙන් ලබාගත් රේඩාර් සහ ආයුද මගින් තමයි එවා බිම දාගන්න ලැබුනේ. ඉන් එක් යානයක් රත්මලාන ගුවන් හමුදා කවුතුකාගාරයේ තියනවා . ඉන්දියාව අපට නැවු කීපයක් දුන්නෙත් අපි වඩා බලවත් නැවු චීනයෙන් , ඊශ්‍රායලයෙන් හෝ රුසියාවෙන් ගනී කියන බයට
harsha

Anonymous said...

apita bari weida ban indiawata gahanna ...match ekak gahanna giyath oya kalakanni ...wena ratakata giyath oya kalakanni nisa apitawath place ekak natiwa yanawa

viraj weerakkodi said...

Fuck india

Anonymous said...

fucking idians are bloody fucking indians, china is a true friend of sri lanka, i hate fucking indians

Anonymous said...

ගොං හැත්ත හිතං ඉන්නෙ ඒගොල්ලො ලංකාවට සපෝට් එක දෙන්නෙ මේ අපිට තියෙන ලව් එකට කියල !!!!

ඔතන තියෙන්නෙ පැති දෙකයි එකක් ඇමරිකානු ගැති අනික විරෝධී. චීනෙ රුසියාව කියන්නෙ ඇමරිකාවත් එක්ක ගේමට ඉන්න රටවල් දෙක. වැරදිලාවත් ඇමරිකාව පරාද උනා නං රුසියාවෙ චීනෙයි අතරයි තියෙන ලව් එකත් ඉරිසියාව වෙන හැටි දකින්න තිබ්බා

අනික් අතට පකිස්තානෙ ඇතුලු ගොඩක් ඉස්ලාම් රටවල් ඉන්නෙ අපිට ලව් එකට නෙවෙයි ඇමරිකාවත් එක්ක තියෙන ගේමට. අපේ උං හිතං ඉන්නෙ ඉශ්‍රාලය හෙලා දැකල අපේ මාමල දෙන ආතල් අනවුන්ස්මන්ට් වලට කියල.

ලංකාවෙ ඉන්න තම්බියොන්ට පුකට දෙකක් ගහල එලියට දැම්මත් ඒත් උං චන්දෙ දෙන්නෙ ලංකාවට තමයි

අනික් හැම ඉස්ලාමීය රටක්ම වගේ අපිට චන්දෙ දෙද්දි ඇමරිකාවෙ අධෝමුකය ඉඹින ලිබියාව විතරක් අපිට විරුද්ධ වෙද්දිම මොලේ කලඳක් හරි තියෙන එකෙක්ට තේරෙන්න ඕනෙ එන්නෙ මොකාටද කියල

නීතිය සාධාරණත්වයට තැන දෙන්න කියල තියෙන්නෙ පොත් පත් වල විතරයි අද කාලෙ මූලික පරමාර්ථය බලයේ ඉන්න එකාගෙ අත කපන්න හදන එක.
එහෙම නැත්නං ඉඹින එක

හිතවත් ඉන්දියාවද චීනෙද රෙද්ද තමයි !

හෙළ විජය තරුණ සංවිධානය said...

චීනය සහ ලංකාව ඈත අතීතයේ පටන් මිත්‍ර සබඳකම් පවත්වා තිබෙනවා. චීනය කියන්නේ බුදුදහම පවතින බවුද්ධ රටක්. සංස්කෘතික හා ආගමික වශයෙන් අප ශක්තිමත්. එකී ආගමික හා සංස්කෘතික ශක්තිය හරහා දේශපාලනික මනා සබඳතාවක් ගොඩනගන්නත් හැකියාව තිබෙනවා.

isanka said...

කලාපයේ මොන බලවතා මොර දුන්නත් අපි චීනය රුසියාව සමග සෑම අතිනම ශක්තිමත් ගිවිසුම් වලට යා යුතුය.මුලින්ම අපේ රටේ අනාගතය ශක්තිමත් කල යුතුය.මෙය මොන ආණ්ඩුවෙන් වුවත් පිලිගත යුතු ජාතික අවශ්‍ය තාවයක්.

Anonymous said...

Sri lankan politicians should take examples from cuba, israeil and north korea and also vietnam..All are small countries , no big differences in size in comparison to sri lanka. only thing we want to strengthen the back bone of our people. At the moment back bone is weak. They think india can defeat sri lanka within hours considering its nuclear powers. but this is not true. They cant use nuclear bombs as they wish. If they use, it might be self destruction of india as mighty enemy of india, the china's suspicion on india grows uncontrollably and out of bounds. This would lead china to launch a pre-emptive attack on india. So this is not 1987, our army too battle hardened and in a position to inflict great damages on indian invader..