Pages

Monday, October 15, 2012

හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?

අන් ජාතීනට සහ ආගමිකයන් වෙත අසීමිත දයාව හා අනුකම්පාව දක්වන හෙළ බොදුනුවෝ පුදුම ජාතියකි.  ඔවුහු, විජාතික ලේඛකයන්ගේ පවා පැසසුමට ලක්වූ, ආගන්තුක සත්කාරයෙහි ලැදි, සියළු සත හට කරුණාව දක්වන මානව කුලයකි. ඒ බැව් අතීතයේ සිට අද දක්වා ඔවුහු මොනවට පසක් කොට ඇත්තාහ. උදාහරණ බොහෝය [හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ! - http://denethharinna.blogspot.com/2012/08/blog-post_8546.html]. මීට දෙදිනකට පෙර ඔව්හු යළි යළිත් ඒ උදාර ගුණය ලොවට පෙන්වූහ. තම පණ දෙවැනි බුදු හිමි පලමු ලෙස සලකන ඔවුහු, තම නිකැලැල් ශාස්තෲන්ගේ රුව සහිත පිළිම වැනසූ, දවාලූ, උන්මත්තක අන්තවාදීන් තම දෑතටම අසුවූ කල්හි, ඔවුන් නිරුපද්‍රිතව නීතිය වෙත පැමිණවූහ.

කුරාණයේ පිටුවක් ගින්නෙන් දැවුනු ඡායාවක සබැඳියක් දැකුමෙන්, අහිංසක, අසරණ සුළුතර බෙංගාල බොදුනුවන් සහ බොදු පුද බිම් වැනසුනු අයුරු, දැවී අළුවුනු අයුරු අපි දුටිමු. පරතෙරක නිමැවූ රූපකයක් වෙනුවෙන්, ලක් දෙරණ ණය ගෙව්වාය. උසාවි වලට පහර වැදිනි. වාහන ගිනිබත් විය. සතියක් පුරා මාර්ග අවහිර විනි. ඒ සාමයේ ආගමේ නාමයෙනි. 

ඥතිවරුනි, තම ශාස්තෲන්ගේ පිළිම, බොදු බහුතරයක් වෙසෙන, මේ දම් බිම තුළ දැවෙද්දී, වැනසෙද්දී, අවිහිංසාවේ මඟ කියාදුන් ඒ නිමල අසමසම නයුවානන්ගේ පිළිවෙත් මඟ යමින්, වියරු සතුරන්ට මෙතින් සැලකූ, ඒ කුලුණු මාවත සහ වියරු මාවත සසඳන්න. නේකවිධ  හේතූන් මත, වරදකරුවන් නිවැරදිකර, අහිංසකයන් දඟ ගෙයි ලූ, අන්තනෝමතික සහ අසාධාරණ, සුද්දන් තැනූ, කලු සුද්දන් රකින, නීතිය හමුවේ, එයට එරෙහිව කළ සත්කිරිය කෙතරම් සාමකාමීද? සාධාරණය ඉටුවන බවට සහතික ලද විට, රැස්වුමද අවසන් විය. නගර සංසුන් විය. [පාස්‌ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන්- http://denethharinna.blogspot.com/2012/10/blog-post_16.html

තිසරණ සරණ ගිය, අහිංසා මඟ අගයන හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?

2 comments:

යක් පරපුරේ සිංහලයා said...

ඇත්තමයි සහෝදරයා එක වෙලාවකට මට හිතෙනවා අපි ජාතියක් වශයෙන් කොයි තරම් අසරණද .. බලන්න බෞද්ධ ආගමට වෙච්ච විනාසේ ගැන කරන විරෝධතාව බලන් මිනිස්සු වටේ රැස් වෙලා ඉන්නවා නමුත් මේ අපේ ශාස්තෘවරයට කරපු අපරාධයක් නිග්‍රහයක් නේද කියල හිතල එයාලටත් මේකට සහබාගි වෙන්න ඕනේ නේද නමුත් උන් ඉන්නේ උඩ බලාගෙන

Anonymous said...

yak parapure sinhalayo ape asarana naha ape sinhalayo bola sinhalayo me rate garandinta ballanta jathakawa epadunu nari wage atalossak hitiyata...me ratata adare karana ape umbala wage ewun thawamath jeewath wenawa. ape apita puluwan de karamu sinhalayo eka ape uthukama. mekata kament karapan putho thawa 1o athi wenasak karanna..