Pages

Wednesday, October 26, 2016

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි!

මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි. සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස නාවික...

ඓතිහාසික පාෂාණ පබ්බත විහාර අයිතිය හින්දූන්ට... කෝවිලකුත් හදලා... බොදු උරුමය කොල්ලකන තවත් කුරගලක්ද?

කලක් කොටි ත්‍රස්තවාදීන්ගේ “කොටි හඩ“ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාර භූමියේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තිබූ බවයි. ආණ්ඩුකාරවරයා සමග ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පැමිණ විහාර භූමිය පරීක්ෂා...

පුත්තලමේ ශරීයා නීතිය! දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි. කත මරුට!

පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුව‍ෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා. දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත. අදාල සිද්ධිය...

Wednesday, October 19, 2016

ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සරසවිය කැලණිය විශ්වවිද්‍යාලය පොලිතින් භාවිතයෙන් ඉවත් වෙයි!

ස්‌වාභාවික සම්පත් සුරක්‌ෂිත කරමින් මානව පැවැත්ම සඳහා යෝග්‍ය පරිසරයක්‌ නිර්මාණය අරමුණින් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක්‌ ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පමණක්‌ නොව ජාතික වැදගත්කමක්‌ සහිත පරිසර හිතකාමී පියවර රැසක්‌ කැලණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක...

දේශයට ජාතියට ණය ගෙවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

1930 ගණන්වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලු පාරට නැගෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලු පාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්‌ථානයේ අනාරක්‍ෂිතව පැවැති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්‌ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මහතා මෙහි මල් ආසනයක්‌ ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට...

ව්‍යායාමෙට ඇවිදිනවා නම් මේ කරුණුත් දැනගන්න... නැත්නම් නැති ලෙඩත් ඇතිවෙයි

අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය. එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස්‌ නැවතුමක්‌ වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්‍ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්‌ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර සුවතාවය සඳහා ඇවිදීමත් දැන් විලාසිතාවක්‌ වී ඇත. ඇතැම් දෙනා ශරීර සුවතාවය සඳහා ඇවිදින්නට...

ජිනීවා යෝජනා තුළ ඇති රට අරාජික කිරීමේ සැලසුම මෙන්න - නීතිඥ කල්‍යානන්ද තිරාණගම

වැඩිම යුද අපරාධ චෝදනා පොලිසියටයි. පොලිස්‌ නිලධාරිනියන්ටත් ලිංගික අපචාර චෝදනා! ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ඇති ඇතැම් යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබෙනවා. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි...

කසපහර තුන්සියය ඉවසන්න පිංවත, මන්ද... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.  පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය...

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට දස රාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද?

බුද්ධ ධර්ශනයට අනුව අතීතයේදී අප රජ දරුවෝ චක්‌කවත්තිසීහනාද සූත්‍රය, අපරිහාණි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්, ගුණවත් පාලකයෝ වූ බවත් දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තවුස්‌ ගුණ, අක්‍රෝධී බව, අවිහිංසාව, ක්‍ෂාන්තිය, අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයැම) ආදී දසරාජ ධර්ම ප්‍රතිපත්ති තුළ පිහිටා රට පාලනය කළ බව අතීත රාජ්‍ය පාලන ක්‍රම සහ විධි පරිශීලනය කිරීමේදී අසන්නට සහ දකින්නට ඇත. ඒ අනුව තවදුරටත් පැහැදිලි වන කරුණ වන්නේ එදා අද මෙන් දරුණු...

කසිප්පු වෙළෙන්දන්ගේ තත්ත්වයට බුද්ධි සාමාජිකයන්ප ත්කළ යුතු නැත! - ජනපති මෛත්‍රී බව මතක් වීම - හැරවුම් ලක්‌ෂ්‍යයද???

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ගමන් කරන දේශපාලන රජයේ රියෑදුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටඩික්‌ට්‌ කර තිබේ. දැන් රියෑදුරු අසුනේ සිටින්නේ ජනාධිපතිතුමාමය. මේ රථය මෙතෙක්‌ ගමන් කළ මාර්ග සිතියම වෙනස්‌ කිරීම මේ අනුව සිදුවිය හැකිය. මෙතෙක්‌ කල් මේ රිය ගමන් කළේ ඇමරිකන් පාරවල් දිගේ ඉන්දියන් ගමනාන්ත කරාය. මෙතැන් පටන් මේ රථය පදවන්නේ එතුමාම නම් එම රිය යා යුත්තේ ස්‌වදේශික මතවාදයන් විසින් තනන ලද පාරවල් දිගේ ජාතික අරමුණ නමැති ගමනාන්ත වෙත බව අපගේ අදහසය. ඉහත...

නව ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුවේ මතගැටුම!

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඒකමතික තත්ත්වයක්‌ නැති බව පෙනී යයි. දේදුනු සංවිධානයේ සාමාජිකයන් නව ව්‍යවස්‌ථාව ගැන ඔවුනොවුන්ගේ අභිමතය පරිදි නොයෙක්‌ කතා කීම නිසා මෙය පසක්‌ වී තිබේ. සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්‌ථානයේ ඉදිකරන ලද අභිනව බෝධිමළුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුදුසසුන ආරක්‍ෂා කරන බවත් එයට ලබාදී ඇති ප්‍රමුඛ ස්‌ථානයේ...

පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා.... දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි...

* හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌.... * සාමාජිකයෝ බංකර් රකිනවට වඩා     උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න... * අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය      බලන්නේ නැහැ... * ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව්...

Monday, October 10, 2016

ඉන්දියාව සතුටු කිරීමට පකිස්‌තානයේ කන මිරිකීම

2000 වසර ලංකා හමුදාවන්ට සතුටුදායක වසරක්‌ වූයේ නැත. එම වසරේ අප්‍රේල් 22 වැනිදා අලිමංකඩ කඳවුර කොටි සංවිධානය අතට පත්වීම එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකා හමුදාව ලැබූ බරපතළ පරාජයක්‌ විය. මෙහිදී එවක රජයේ ප්‍රධානීන්ට මෙන්ම හමුදාවට ද බලවත් ප්‍රහාරක ආයුධවල හිඟතාවක්‌ තිබෙන බව අවබෝධ විය. කොටි සංවිධානය යාපනය අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් කරද්දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ සහාය පැතුවද ඇයට ලැබුණු පිළිතුර වූයේ කුමක්‌ද? යාපනයේ සිටින හමුදා භටයන් හතළිස්‌...