Pages

Sunday, June 17, 2018

විමුක්‌තිකාමී ධර්මද්වීපවාසී අප අද කළ යුත්තේ කුමක්‌ද?

පළමුව අප අපේ මවුබිමේ සුවිශේෂ පිහිටීම සිහියට නඟා ගත යුතුය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුද නාමය ලැබූ ලංකාවට සමාන දිවයිනක්‌ ලොව කිසිම කලාපයක නැත. වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වූ කුඩා දිවයිනක්‌ වුවද අඩි හත් දහසක්‌ තරම් උස පිදුරුතලාගල වැනි කඳු සහ ලෝක පූජිත සිරිපා සටහන සහිත සමනොළ කඳු වැනි සුවිශේෂ සුන්දර කඳු ඇත්තේද ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ලංකාද්වීපයේය. බුදු සිරිපා සටහන සහිත සමනළ කන්දට සම්බන්ධ කඳුවැටිය ගැන "සිංහලයේ කීර්ති රඳනා රන් සමනළ රක්‌ෂා කරනා සෙන්පති මුල වාගේ පෙනෙනා බෑණ සමනළ කුණු දිය පර්වත ගවරවිලේ මහ කන්දේ ඔද තෙජ මහසිහ රාජබැම්ම වාගේ එවැනි...

සිව් බුදුවරු වැඩම කළ මිහින්තලේ අනුහස්‌ - ලෝකයේ ඉපැරැණිම රෝහල ඉදිවුණේ මෙතැනයි...

අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පළමු පැළය රෝපණය කර ඇත්තේ මිහින්තලේ... මිහින්තලේ මංසන්ධියේ ඉඳලා ඉන්දියාවට වැඩි දුරක්‌ නෑ තුරු හිස්‌ තෙමන ඉදිකටු වැස්‌ස අවට සීත සළුවෙන් පොරවාගෙනය. තුරු, ගොමු අතරින් ඉගිලෙන සුළඟ ගත දැවටෙන විට සියොළඟම කිතිකැවිණි. විහඟුන්ගේ ගී නාදයට මුසු වූ ගහ කොළ නැළවෙන හඬ මගේ සිත ඒකාත්මික කිරීමට සමත් වූ බව සැබෑය. ගල් පඩි සිය ගණනක්‌ ඉහළට තරණය කළ ද ගතට කිසිදු විඩාවක්‌ නොදැනේ. අවට සොබාසිරිය සිත් පුරා විඳගනිමින්, දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ මෙරට බෞද්ධ සංස්‌කෘතියේ මහගෙදරටය. එනම් මිස්‌සක පව්වටය. මීට වසර දෙදහස්‌ තුන්සිය විසිහයකට පෙර පොසොන්...

කෝසල රාජධානිය සහ සැවැත්නුවර

 ගන්ද කුටිය අපගේ ශාස්‌තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක්‌ වූ සම්බුදු දිවියෙන් 25 වසරක්‌ ම වැඩවාසය කළේ සාවත්ථි හෙවත් සැවැත් නුවරයි. එහිදී වස්‌කාල 19ක්‌ අනේපිඬු සිටාණන් කරවූ ඡේතවනාරාමයේ ද, වස්‌කාල 06ක්‌ විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස්‌ වසා වැඩ වාසය කොට තිබේ. ශ්‍රාවස්‌ථි හෙවත් සැවැත්නුවර බුද්ධකාලීන දඹදිව සොළොස්‌ මහා ජනපදයන් අතරින් ප්‍රබල රාජ්‍යයක්‌ වූ කෝසල ජනපදයේ අගනුවර ය. එහි එකල පාලකයා වූයේ ප්‍රසේනජිත් කොසොල් රජතුමා ය. මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද, දකුණින් ගංගා නම් නදිය ද, නැගෙනහිරින්...

හෙළ සමාජය විනිවිදි කලාවේ විශිෂ්ටත්වය - සෝමවීර සේනානායකයන්

පුරා දශක හතරක්‌ මෙරට සාහිත්‍ය ලෝකය නේක වර්ණයෙන් ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ඇරඹූ සිය ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම් දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා පසුගිය නව වැනිදා අලුයම ඔහු දැයෙන් සමුගත්තේය. ඔහුගේ ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර පිළිබඳ මේ වන විටත් බොහෝ දේ ලියෑවී කියෑවී තිබුණද සෝමවීර සේනානායකයන් අපේ ගමේ වීරයකු බවට පත්වන්නේ ඔහු සිය ප්‍රථම නවකතාව ලිවීමත් සමගය. 'ආදරයට බය මිනිස්‌සු' ලොකු අයියාගේ පළමු නවකතාව අපේ ගමේ කෙනෙකු ලිවූ මුල්ම නව කතාව විය. ඉනික්‌බිති අඹු සැමියෝ, මවකගේ...

ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට! කිළිනොච්චිය කඳුළින් තෙත් කළ ලුතිනන් කර්නල්

* ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට * උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 15000 ක්‌ සිවිල් ආරක්‌ෂක බළකායට බැඳීම ස`දහා පෝලිමේ ඉකුත් වර්ෂයේදී ජාතීන් අතර පැවතිය යුතු "සංහිඳියාව" පිළිබඳ කදිම ආදර්ශයක්‌ රට හමුවේ ප්‍රදර්ශනය වූ එක්‌තරා සිදුවීමක්‌ උතුරෙන් වාර්තා විය. යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ "විනිසුරු දැසින් " කඳුළු ගලනු දුටු රටම ඉන් කම්පනයට පත්වූ අතර විනිසුරුවරයාගේ සිත වෙඬරු පිඬක්‌ මෙන් උණුව යන්නේ තම ආරක්‌ෂකයා වූ සිංහල ජාතික පොලිස්‌ නිලධාරියාගේ අකල් මරණය වාවාගත නොහැකිව වූ තැනය.  එය...

නන්දිකඩාල් රවිප්‍රිය හා කිළිනොච්චියේ රත්නප්‍රිය

කීර්ති තෙන්නකෝන් සමාජ ක්‍රියාකරු විසින් රණවිරු රත්නප්‍රිය බන්දු උතුරෙන් මාරුවීමක්‌ ලැබ යැම ගැන වඩාත්ම දුක්‌වූයේ ඒ පළාතේ දෙමළ වැසියන් බව සටහන් කර තිබුණි.   යුද්ධය අවසන් වීමට මාස හයකට පමණ පෙර ඉතාලියේ තානාපතිවරයා වශයෙන් මා සිටිනා කාලයේ ශ්‍රී ලංකා ත්‍රස්‌ත විමර්ශන ඒකකය හා ඉතාලි තානාපති කාර්යාලය ද එංගලන්තයේ LTTE විරෝධී දෙමළ, සිංහල පුරවැසියන්ගෙන් ද ලංකාවේ රත්නප්‍රිය බන්දු, රවිප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ යන සියලු දෙනාම සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් විශේෂ කාර්යාලයක්‌ පිහිටුවීමට මට හැකිවිණ. ඒ වන විටත් ඉතාලියේ විසූ LTTE ත්‍රස්‌තයන්ගෙන්...

Friday, June 15, 2018

මුසලුවෝ වටකර පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරු මුදා ගනිති

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි. ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක්‌ පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ....

බරපතල වැඩ ඇතිව ඥානසාර හිමි මාස 6ක්‌ හිරේ... එක්‌නැලිගොඩ බිරිඳට 50.000ක්‌ වන්දි ගෙවීමටත් නියෝග!

ජනවාරි 25 වැනිදා හෝමාගම උසාවිය තුළදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා හෝමාගම උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු බවට නිගමනය කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවම් හා රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද එක්‌නැලිගොඩ බිරිඳට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට ද හෝමාගම දිසා අධිකරණයේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් ගුණරත්න මහතා නියෝග කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය මත පොලිස්‌ අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ නඩුව හෝමාගම දිසා අධිකරණයේ...

ත්‍රස්‌තයන්ට වන්දි ගෙවීම

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී.එම්.ස්‌වාමිනාදන් මහතා පසුගිය කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට්‌ පත්‍රිකාව මහත් ආන්දෝලනයකට ලක්‌ විය. මෙයට ඇමැතිවරු කිහිප දෙනෙක්‌ම විරුද්ධ වී ඇති බවක්‌ මාධ්‍ය වාර්තාවල දැක්‌විණි. මේ ආන්දෝලනාත්මක කැබිනට්‌ පත්‍රිකාව කුමක්‌ද? මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීම ස`දහා වූ පත්‍රිකාවකි. මෙලෙස ලංකා රාජ්‍යය දෙකඩ කිරීමට සටන් වැදුණු ත්‍රස්‌තයන්ට වන්දි ගෙවිය හැකිද? ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කළ කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ ඥතීන්ට ද සහන සැලසිය යුතු ද ? ශ්‍රී මහා බෝධියට,...

උසාවි ගිනි තැබූවන්ට නැවෙන කසාවතට සෘජු වන ලංකාවේ නීතිය..!

උසාවි බිමේදී සිංහල කොටියෙකුගේ බිරිඳට තම සැමියා සිංහල කොටියෙකු බැව් මතක් කළ නිසා සිරගතවන්නට සිදුවූ, කසාවත ඉදිරියේ සිංහ වෙස් ගත් නීතිය, මුසලු ඇමතියා උසාවි ගිනි තැබූ කළ සැඟව ගියේ කොහේද? නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය පසුගිය 18 (2012/7/18) වැනිදාද සුපුරුදු උදෑසන 9.30 සිට අධිකරණ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ අතර අධිකරණ භූමියෙන් පිටත යම් පිරිසක්‌ බැනර් පුවරු රැගෙන සටන් පාඨ කිය කියා කෑ ගසමින් සිට ඇත. මේ පිළිබ`දව සොයා බැලීමට නීතිඥවරුන් කීහිප දෙනෙක්‌ අධිකරණ භූමියෙන් පිටතට ගොස්‌ ඔවුන් විසුරුවා හරින ලෙස පොලීසියෙන් ඉල්ලා තිබිණි. එහෙත් පොලිස්‌ නිලධාරීන්...