Pages

Monday, December 30, 2013

වසවිස නැති අහාර පොල සෑම ඉරිදාම සම්බෝධි විහාරයේදී

ජනතාව අතර බෝනොවන නොවන රෝග සීඝ‍්‍රයෙන් ඉහලයැම වැලැක්විම අරමුණින් වස විස නැති ආහාර වර්ග ජනතාව අතර ප‍්‍රචලිත කිරිමේ වැඩපිලිවෙලක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අරම්භ කර තිබේ.

ඒ අනුව දේශිය ක‍්‍රමයට වගා කල සහල්, එලවළු හා පලතුරු ජනතාවට මීල දි ගත හැකි පරිදි කොළඹ දි මහජන පොළක් සංවිධානය කිරිමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන තිබේ.

එම මහජන පොළ 'සෙත්සුව මැදුර' නමින් නම්කර තිබෙන අතර අද සිට සෑම ඉරිදාවකම කොළඹ 7, විඡේරාම මාවතේ පිහිටි ශි‍්‍ර සම්බෝධි විහාර පරිශ‍්‍රයේදී පැවැත්වේ.

රසායන පොහොර වර්ග හෝ කෘමී රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කල සහල් වර්ග,නැවුම් එලවළු හා පලතූරු ඇතූළු දේශිය නිශ්පාදන රැසක් සෙත්සුව මැදුර පොලේදි මිලදි ගත හැකිය.

http://lankacnews.com/sinhala/news/107442/

Pis Source

Sex වලින් අපි 1st ද? ඔය කියන තරම් වල්ද?

මෙයට දැවුරුද්දකුත් මාසයකට පමණ පෙර, එනම් 2011 නොවැම්බර් 21 වැනිදා සවස ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ ජීවත්වූ සිංහල සංක්‍රාමිකයකු වූ නිමල රන්දුණු නමැති 54 හැවිරිදි මහතෙක්‌ නිව්යෝර්ක්‌ නගරයේ බෲක්‌ලින් පාලම අසල වූ සන්සෙට්‌ පාර්ක්‌ නමැති තැන පිහිටි vedio xcitment නමැති කාම බඩු කඩයට ගියේ එහි අයිතිකරු වූ මිතුරකු හමු වීම සඳහාය. යකඩ බඩු කඩ, ලී බඩු කඩ, බෙහෙත් බඩු කඩ ලංකාවේ තිබෙන්නාක්‌ මෙන් ඇමරිකාවේ කාම බඩු කඩද තිබේ. මේවායෙහි විකුණනු ලබන්නේ නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ලෙස හඳුන්වන සී. ඩී. තැටි, උපත් පාලන උපකරණ සහ නිරුවත් ගැහැනුන්ගේ ස්‌වරූපයට අනුව තැනූ කාම බඩුය. නිමල රන්දුණුගේ කර්ම ශක්‌තිය කොතරම් නරකද යත් හරියටම ඒ වෙලාවේදී කඩයට හොරු පැන්න අතර ඔවුහු කැෂියර් කූඩුවේ ලාච්චුව කඩා එහි වූ කාසි කිහිපයක්‌ පමණක්‌ දැක බලවත් කෝපයට පත්ව රන්දුණුට මොට්‌ට ආයුධයකින් පහරදී ඔහු බිම දමා පැන දිවූහ. පොලිසිය එන විට රන්දුණු මියගොස්‌ තිබිණ. මේ මරණ පරීක්‍ෂණය සඳහා යාබද කාම බඩු කඩයක හිමිකරු වූ 38 හැවිරිදි ජානක ද අල්විස්‌ නමැති මහතා කැඳවන ලදී. ඔහු මෙහිදී වැදගත් ප්‍රකාශයක්‌ කළේය. "කාම චිත්‍රපට සී. ඩී. ව්‍යාපාරය ඉතා නරකට බංකොලොත් වී තිබේ. මෙය අද මළගිය ව්‍යාපාරයකි. අන්තර්ජාලය හරහා කාම චිත්‍රපට ඕනෑ තරම් නොමිලයේ ලබාගත හැකිය. ඒ නිසා තව දින කිහිපයකින් මගේ මේ කඩය වසා දැමීමට පවා මට සිදුවනු ඇත..."
ඉහත සඳහන් ප්‍රවෘත්තියෙන් අපට වැදගත් වන්නේ රන්දුණුගේ මරණය හෝ අල්විස්‌ බංකොලොත් වීම නොව අන්තර්ජාතික නිල් චිත්‍රපට හෙවත් වල් චිත්‍රපට ව්‍යාපාරය අන්තර්ජාලය අතට ගොස්‌ ඇති බවය. ගණිකා වෘත්තිය මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරමටම පැරැණි වන්නේ යම් සේද, නිල් චිත්‍රපට කර්මාන්තය සිනමාවේ ආරම්භය තරමටම පැරැණිය. චිත්‍රපට සෑදිය හැකි මුල්ම කැමරාව නිෂ්පාදනය වන්නේ 1880 දීය. ලොව මුල්ම චිත්‍රපටය ලෙස සැලකිය හැකි නිර්මාණය ප්‍රංශයේදී කරනු ලබන්නේ 1888 දීය. ලොව පළමුවන නිල් චිත්‍රපටය ප්‍රංශයේදීම නිෂ්පාදනය වන්නේ 1896 දී Le Coucherde la mariee නමින්ය. මෙතැන් සිට පටන්ගත් කාම චිත්‍රපට කර්මාන්තය අඩ සියවසක්‌ පමණ යන තුරු නිරුවත් කාන්තාවන්ගේ සිරුරු මිස නිරුවත් පිරිමින්ගේ සිරුරු ප්‍රදර්ශනය කළේ නැත. අදත් කාම චිත්‍රපට කර්මාන්තය තුළ වැඩි වශයෙන්ම සූරා කැවෙන්නේ කාන්තාවය. කෙසේ වුවද කාම චිත්‍රපට කර්මාන්තය අන්තර්ජාලය සමග එක්‌වීමෙන් පසු අන්තර්ජාලය පරිහරණය කරන ඕනෑම කෙනකුට ඒවා ඕනෑම වෙලාවක මුදල් ගෙවා හෝ නොමිලයේ අතිශය පෞද්ගලිකව නැරඹිය හැකි තත්ත්වයක්‌ ඇති විය. මේ නිසා ජාත්‍යන්තර කාම චිත්‍රපට කර්මාන්තය යම් අර්බුදයකට මුහුණපා ඇත. නිෂ්පාදකයන් විසින් මුදල් ආයෝජනය කර නළු නිළියන් යොදවා, අධ්‍යක්‍ෂට මුදල් ගෙවා නිපදවන කාම චිත්‍රපටවල මුල් සී. ඩී. තොගය වෙළෙඳපොළට දමා එහි අලෙවිය රැඳී පවතින්නේ එහි පිටපතක්‌ කිසියම් පුද්ගලයකු විසින් අන්තර්ජාලයට නොමිලයේම නිකුත් කරනතුරු පමණි. එතැන් පටන් සියලු කාම චිත්‍රපට ලෝලීSහු එය වෙබ් අඩවි හරහා නොමිලයේ නරඹන්නට පටන් ගනිති. මේ නිසා නූතන කාම චිත්‍රපට කර්මාන්තය අයි. ෙෆෝන්වලින් චිත්‍රපට හදන තැනට පත්ව තිබේ.

ජනගහනය මෙන් දෙගුණයක්‌ ජංගම දුරකථනද ජනගහනයෙන් කාලකට අඩු ප්‍රමාණයක්‌ වූ අන්තර්ජාල සම්බන්ධතාද ඇති ශ්‍රී ලංකාව, වසර 2013 දී ගූගල් අන්තර්ජාලය (ගූගල් යනු Search engine හෙවත් සෙවුම් යාන්ත්‍රණයකිs) ඔස්‌සේ නිල් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක්‌ බැලූ රට බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. මේ සමීක්‍ෂණයේදී 2011 සහ 2012 යන අවුරුදු දෙකෙහිම මුල් තැන ශ්‍රී ලංකාවට හිමි විය. මෙහිදී ලොව වැඩිපුරම කාම චිත්‍රපට බලන රට ශ්‍රී ලංකාව බව අප තීන්දු කළ යුතු නැත. අප පළමුවන තැන ලබා ඇත්තේ ගූගල් අන්තර්ජාලය තුළ පමණි. ගූගල්ට අමතරව යාහු සහ ඵීභ නමැති යෝධ සෙවුම් යාන්ත්‍රණ ගණනාවක්‌ම ලොව තිබේ. මේ තුනෙන්ම ලබා ගන්නා දත්ත එකට එකතු කළොත් පළමු තැන ස්‌ථිර වශයෙන්ම ලැබෙන්නේ යුරෝපයේ හෝ ඇමරිකන් මහාද්වීපවල තිබෙන රටවලටය. 

ගූගල් සමීක්‍ෂණයට අනුව 2013 අප්‍රේල් 14-20 අතර සතියත්, දෙසැම්බර් 08 - 14 අතර සතියත් ලංකාවට ඉතා වැදගත්ය. මේ රටේ ජනයා ගූගල් හරහා Sex යන වචනය වැඩිපුරම ටයිප් කර සොයා බැලීම් කර ඇත්තේ එම සති දෙක තුළය. Sex යනුවෙන් කර ටයිප් කළ පමණින් අන්තර් ජාලයෙන් කාම චිත්‍රපට මතුවන්නේ නැත. අනෙක ලෝකයේ ඕනෑම තැනකට එබී බැලිය හැකි අන්තර්ජාලය වැනි කවුළුවක්‌ කිසියම් රටකට අලුතින් ලැබෙන විට එකී මුල් සති හෝ මාස කිහිපය තුළ ඒ හරහා ලිංගික කරුණු සොයා බැලීම නොවැළැක්‌විය හැකිය. මන්ද මිනිසා වැඩිම කුකුසක්‌ දක්‌වන්නේ ලිංගික කාරණා කෙරෙහිය. අන්තර්ජාලයේ ඇති ගූගල් වැනි සෙවුම් යාන්ත්‍රණයකට ගොස්‌ කාම චිත්‍රපට ගැන සෙවිල්ලක්‌ කළ විට පනස්‌ දහසකට වැඩි වෙබ් අඩවි සහ Link මතුවීමට පටන් ගනී. මේ එක්‌ එක්‌ වෙබ් අඩවි තුළින් තවත් වෙබ් අඩවි නිමක්‌ නැති සංඛ්‍යාවකට ගමන් කළ හැකිය. එය හරියටම එකිනෙකට මුහුණලා තැබූ කැඩපත් දෙකකින් මතුවන ප්‍රතිබිම්බ ප්‍රමාණය අසංෙ€H වීම හා සමාන ය. 

ලංකාවේ කාම චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක්‌ නැත. තිබුණත් එය ලෝක කාම චිත්‍රපට කර්මාන්තය තුළ කෝටියකින් එකක්‌ තරම්වත් වන්නේද නැත. එහෙත් අන්තර්ජාලය හරහා ස්‌වදේශික තරුණියන්ගේ නිරුවත් පින්තූර සහ ලිංගික දර්ශන මුදාහැරීමේ කැත පුරුද්දක්‌ පරිගණක පරිහරණය කරන ඇතැමුන් තුළ ඇති වෙමින් තිබේ. මෙය ලිංගිකත්වය නමැති විෂය කෙරෙහි ඇති කුකුස වැරදි ලෙස යොදා ගැනීමකි. වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන චිත්‍රපට හොරෙන් ගොස්‌ නැරඹීම 1970 න් පසු පහළ වූ නාගරික නව යෞවනයේ ලකුණකි. ඒවායේ තිබූ ලිංගික දර්ශන ඉතා සීමා සහිත විය. 1975 වන විට ලංකාවට මිලි මීටර් 8 ප්‍රොජෙක්‌ටර් ලැබී තිබිණ. මේවාට සරිලන මි.මී. 8 නිල් චිත්‍රපට ද ඒ වන විට නිපදවී තිබිණි. එවැනි ප්‍රොජෙක්‌ටර් මිලට ගත් ව්‍යාපාරිකයෝ කුඩා ශාලාවල ඉතා රහසිගතව සල්ලි අයකර බ්ලූ ෆිල්ම් පෙන්වූහ. කාම චිත්‍රපට මි.මී. 8 න් නිපදවීමේ කර්මාන්තයක්‌ද මේ වන විට ලෝකයේ තිබිණ. එයට හේතුව මි.මී. 8 වර්ගයේ සේයාපටය මි. මී. 5 කට වඩා පළල් නොවූ නිසාත් චිත්‍රපටය සහිත රීලය සාක්‌කුවේ දමාගෙන යැමට හැකි තරම් කුඩා වීමත්ය. කලිසම් සාක්‌කු දෙකේ දමාගෙන යන මෙවැනි කුඩා රීල් දෙකකින් පැය භාගයක නිල් චිත්‍රපටයක්‌ පෙන්විය හැකිය.

කාම චිත්‍රපට නරඹන රටවලින් පළමු වැන්නා කවරේද යන්න මතභේදයට තුඩු දෙන්නකි. www.voadtoqrace.net නමැති වෙබ් අඩවියට අනුව මේ අංශයේ ලෝක ශූරයා ඇමරිකාවය. www.menstennisforums.com වෙබ් සයිට්‌ අනුව ලෝක ශූරයා පාකිස්‌තානයය. එබැවින් වෙබ් අඩවිවල පළවන සමීක්‍ෂණ දත්ත ඇසුරින් වල් චිත්‍රපට සුපර් ස්‌ටාර් රට තේරීමට යැමෙහි පදනමක්‌ නැත. කෙසේ වුවද පාඨකයන්ගේ දැනගැනීම සඳහා පහත සඳහන් විස්‌තරයද ඉදිරිපත් කරමු.

ජර්මනියේ අධිකරණයක්‌ මේ වසරේ දෙසැම්බර් 14 වැනිදා හෝ එයට ආසන්න දිනකදී ඉතාම විවාදාත්මක උසාවි නියෝගයක්‌ නිකුත් කළේය. ඒ වූ කලී ජර්මනියේ වෙබි සයිට්‌ හරහා කාම චිත්‍රපට නැරඹූ 20,000 කගේ නම් සහ ලිපින ප්‍රසිද්ධියට පත් කර ඔවුන්ට යුරෝ 250 බැගින් දඩ ගසන ලෙසය. මේ නඩු පවරා තිබුණේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන කාම චිත්‍රපට වෙබ් අඩවියක්‌ වූ Redtube ය. 

මෙය ශ්‍රී ලංකාවේදී නැරඹීමට නොහැකි වනසේ "බ්ලොක්‌" කර තිබේ. ඉහත සඳහන් වෙබ් අඩවිය හරහා අනවසරයෙන් කාම චිත්‍රපට බැලීම මගින් ඉහත සඳහන් 20,000 ක පිරිස බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බව Redtube වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම වූ මරප්බබඑ ඤකකැටැබ (ඹ+C) ආයතනය උසාවියට කියා සිටියේය. එම අනවසර නරඹන්නන් අල්ලා ගන්නේ ඔවුන් එම වෙබ් අඩවියට ඇතුළුවන විටම ඔවුන්ගේ වෙබ් ලිපින එහි සඳහන්ව තිබීම නිසාය. මේ අනුව අපේ රටේ නිල් චිත්‍රපට බලන මහත්වරුන් හා නෝනාවරුන් ද ප්‍රවේසම් විය යුතු බවය. ඔබ අන්තර්ජාලය හරහා නිල් චිත්‍රපටයක්‌ බලන හැම විටකම ඔබ නිකම්ම කොටුවී අවසානය. (www.bsinessinsider.com) 

අනුර සොලමන්ස්‌
http://www.divaina.com/2013/12/29/feature09.html

බිලියන ගණන් කා දමා සතේ කාසි පහකිරීම - මූල්‍ය වංචා

මෙයට වසර 05 කට පමණ පෙර, එනම් වසර 2008 ඔක්‌තෝබර් මස 07 වැනි දින සක්‌විති රණසිංහ නුගේගොඩ පිsහිටි සිය ප්‍රධාන කාර්යාලයෙන් අතුරුදන් වන්නේ රුපියල් බිලියන 9 ක මහජන තැන්පතු මුදල්ද සමගය. අතුරුදන් වූ පසු පළමු පැය 72 තුළ ඔහුට විරුද්ධව පැමිණිලි 1400 කට වඩා පොලිසිවලට ලැබිණ. වසර 2008 ඔක්‌තෝබර් මාසය මැදදී රුපියල් මිලියන 100 කට ආසන්න මහජන තැන්පතු තොගයක්‌ වංචා කළ තංගල්ල හුංගම ගුරුපොකුණේ පදිංචිකරුවකු වූ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි පොලිස්‌ අත්අඩංගුවට පත් වන විට ඔහු විටින් විට තැන්පතු සඳහා පොලී වශයෙන් නිකුත් කර තිබූ චෙක්‌ පත් පෝලිමක්‌ අගරු වෙමින් තිබිණ. තමන්ට සරු කාලයේදී දඬුවම් මුදලාලිගේ පොලී චෙක්‌ මාරු කිරීම සඳහා තංගල්ලේ බැංකුවල මිනිසුන් පෝලිම් ගැසී සිටි අතර එම පෝලිම් හඳුන්වන ලද්දේ "දඬුවම් පෝලිම" ලෙසය. කෙසේ වුවද ඔහු අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදී ඔහුට විරුද්ධව මුදල් වංචා සම්බන්ධ පැමිණිලි 95 ක්‌ පොලිසිවල තිබිණි. ශ්‍රී ලංකාවේ පළමු වන ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම වූ Golden Key ආයතනය කඩා වැටුණේ තැන්පතුකරුවන් 9054 කගේ රුපියල් බිලියන 26 ක්‌ විනාශයට පත් කරමිනි. අවසාන වසර කිහිපයේදී ඒ ආයතනය අලුත් තැන්පතුකරුවන්ගේ මුදල්වලින් පරණ තැන්පත්කරුවන්ට පොලී ගෙවමින් සිටියේය. ඒ අතර අලුත් තැන්පත්කරුවන්ට පොලී ගෙවිය යුතු අවස්‌ථාව එළැඹුණ විට මුදල් නැති විය. 2009 දෙසැම්බර් වන විට ද ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි එහි තැන්පතුකරුවන්ගේ හිස මතට කඩා වැටුණේ බංකොලොත් වූ කොම්පැණියක්‌ ලෙසය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම කඩා වැටීමෙන් පසු සහ ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි සමාගම කඩා වැටීමට පෙර යන අන්තර්කාලය තුළ එළැඹි 2008 සැප්තැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් තැන්පතු භාර ගැනීමට නෛතික බලයක්‌ නැති මූල්‍ය ආයතන සහ පුද්ගලයන් 6 ක්‌ ගැන පුවත්පත් දැන්වීමක්‌ මගින් මහජනයාට දැනුම් දෙන ලද්දේය. දෙහිවල වාඩිය පාරේ ඔකඳ ෆිනෑන්ස්‌ සමාගම, ජාඇල පිහිටි නදිනි ෆිනෑන්ස්‌ සමාගම, කුරුණෑගල ඩී. කේ. උදයසිරි, ජාඇල ශ්‍රියාවි හෝමස්‌, පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි, සක්‌විති රණසිංහගේ සක්‌විති ඉදිකිරීම් සමාගම යනාදිය එසේ නම් කළ ආයතන සහ පුද්ගලයන්ය. ආණ්‌ඩුව කොතරම් අනතුරු හැඟවුවත් වැඩි පොලී දෙන කෙනකු හමුවූ විට ඔහු ළඟ මුදල් තැන්පත් කිරීමට මිනිස්‌සු උනන්දු වූහ. මේ සියලු විපත්වලින් පසුවද පිරමීඩ ව්‍යාපෘතියක්‌ දියත්කළ කාන්තාවක්‌ රත්නපුරෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අතර වසර 2007 දී හෙළිකෙරුණ මහා පිරමීඩ ජාවාරම වූ Gold quest ව්‍යාපාරයද අප සිහිපත් කළ යුතුමය. එම ආයතනයට මුදල් තැන්පතු සමග අලුත් සාමාජිකයන් හඳුන්වා දෙන විට රන් කාඩ් හෝ රිදී කාඩ් තෑගි කරන ලදී. මේ ව්‍යාපාරය ඇද වැටෙන්නේ ඉන්දියාවේ ජීවත් වූ එහි අයිතිකරු සහ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පමණක්‌ නොව විධායකයන්ද එම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙනි. වසර 2012 වන විට Gold quest සමාගම අලුත් නමකින් මෙරටට පැමිණි බව කියනු ලැබේ. යුද්ධයෙන් පසු නැගෙනහිර පළාතට ගිය මේ නව සමාගම විදුලි බලය නැති ධීවර ගම්මානවලට සූර්ය බල විදුලි උත්පාදන පද්ධති විකිණීමට පටන් ගත් අතර එම අලෙවිය පිරමීඩ ක්‍රමයකට සංවිධානය කළේය. සමාගම චීනයෙන් රුපියල් 15,000 ක්‌ වටිනා සූර්ය විදුලිබල පද්ධති රුපියල් 43,000 ත් 61,000 ත් අතර මිලට අලෙවි කළේය. සමාගම ඒවා අලෙවි කළේ තම සාමාජිකයන් හරහාය. මෙකී සාමාජිකත්වය පිරමීඩ ක්‍රමයේ සංවිධානයකි. හම්බන්තොට සහ තිස්‌සමහාරාම ප්‍රදේශවාසීන් ලුමිනස්‌ ඇඩ්වර්ටයිසිං සහ පැනෝරා ඇඩ්වර්ටයිසිං යන ආයතන දෙකෙහි මුදල් තැන්පත් කරන විට සක්‌විති රණසිංහද දඬුවම් මුදලාලිද, ගෝල්ඩන් කී සමාගමද අමතක කර දමා ඇති බව පෙනී යයි. මනුෂ්‍යයා යනු තම වළ කපා ගැනීමට අවශ්‍ය උපකරණ සියතින්ම මිලදී ගන්නා අමුතු සත්වයෙකි.

වෘත්තියෙන් ගොවියකු වූ හම්බන්තොට පී. ජී. පියසේන (අන්වර්ථ නාමයකි. වයස 34 කි) පුරා අවුරුදු 10 ක්‌ යල මහ දෙකන්නයම කුඹුරු වැඩ ඉතා හොඳින් කරගෙන සිට ට්‍රැක්‌ටරයක්‌ අත්පිට මුදලට ගනී. ඉන්පසු ගේ දොර හදා ගන්නා ඔහු පස්‌ අවුරුද්දක්‌ පෙම් කළ තරුණිය සමග මඟුල් කෑමට සූදානම් වෙයි. මුදල් වවන ලුමිනස්‌ ආයතනය ගැන ඔහුට දැනගන්නට ලැබෙන්නේ මේ අතරය. ඉදිරියේ දී සිදුවන මඟුලට මෙන්ම ඉදිරි ජීවිතයේ සුවපහසු පැවැත්ම ගැනද සිතන ඔහු ට්‍රැක්‌ටරය රුපියල් හත් ලක්‍ෂයකට උකස්‌ තබා මුළු මුදලම ලුමිනස්‌ ආයතනයේ තැන්පත් කරයි. ඔහුට ලැබී තිබූ ආයෝජන සැලසුමට අනුව පළමු අවුරුද්ද තුළ පොලියත් සමගම මුදල් ගෙවා ට්‍රැක්‌ටරය බේරා ගැනීමට හැකි බව ලුමිනස්‌ තැරැව්කරුවෝ ඔහුට කීහ. දෙවැනි අවුරුද්දේදී තැන්පතුව වූ ලක්‍ෂ 5 එහෙම පිටින්ම ලැබෙන නිසා එය යළි යළිත් ආයෝජනය කරමින් ගොවිතැන් පැත්තකට දමා බිරියත් සමග සුවපහසු ජීවිතයක්‌ ගත කිරීම ඔහුගේ අරමුණ විය. එමතුද නොව හය මාසයකට සැරයක්‌ මත්තල සිට කොළඹට ගුවනින් ගොස්‌ ඊළඟ ෆ්ලයිට්‌ එකෙන් මත්තලට පැමිණීමට හැකි බව ඔහු පෙම්වතියට කීවේය.

ලුමිනස්‌ සහ පැනෝරා සමාගම් තැන්පතු පැකේජ වෙනුවෙන් තැන්පතුකරුවන්ට ගාස්‌තු ගෙවුවේ අන්තර්ජාලයෙහි ප්‍රචාරය වන දැන්වීම් බැලීම මූලික කරගෙනය. උපන් ගොවියකු වූ පියසේන අන්තර්ජාලයෙන් දැන්වීම් බලන්නට නොදනී. ඒ නිසා තැරැව්කරුවකු අල්ලාගෙන එම කටයුත්ත කළ ඔහු තැරැව්කරුට මසකට රුපියල් 5000 ක්‌ ගෙව්වේය. මුල් මාසයේදී තැන්පතුව වෙනුවෙන් ඔහුට කිසිදු ප්‍රතිලාභයක්‌ ලැබුණේ නැත. දෙවන මාසයේදී දැන්වීම් බැලිල්ල වැරදුණ නිසා ඔහුට මුදල් නොගෙවන ලද්දේය. තුන්වැනි මාසයේදී දැන්වීම් හරියාකාරව බැලුවත් ඔහුට මුදල් ලැබී තිබුණේ නැත. ආයෝජන සමාගමට ගිය ඔහුට දැනගන්නට ලැබුණේ දැන්වීම් බැලීම වෙනුවෙන් පිටරටින් මුදල් නොලැබීම නිසා ප්‍රතිලාභ ප්‍රමාද වන බවය. මේ සිවුවන මාසයයි. පියසේන හාර මාසයකින් ට්‍රැක්‌ටර් උකස්‌කාරයට පොලී ගෙවා නැත. එතැනට පොලිය 5% ගණනේ මාස හතරට රුපියල් ලක්‍ෂයකි. මේ මඟුල පස්‌සේ දිව යැම නිසා ඔහුට කන්නයක්‌ කුඹුරු වැඩ කර ගන්නටද බැරි විය. පියසේනගේම ට්‍රැක්‌ටරය මේ දිනවල කරන්නේ උකස්‌කාරයාගේ ඉඩම්වල වැඩය.

පැනෝරා ආයතනයේ මුදල් තැන්පත් කළ අයද මේ ආකාරයෙන්ම ජීවිත කඩාකප්පල් කරගෙන සිටිති. තැන්පතුකරුවන්ගේ මුදලින් පැනෝරා ආයතනය දැමූ විශාල සුපිරි වෙළෙඳසලකට කඩා පිනු තැන්පත්කරුවෝ පසුගියදා එහි තිබූ භාණ්‌ඩ තැන්පතු පොලී වශයෙන් පැහැරගෙන යැමට තැත් කළද පොලිසිය මැදිහත්ව එම උත්සාහය වළක්‌වනු ලැබීය. මේ කතන්දරය මෙතනින් නිම නැත. මහජනතාවගේ ප්‍රශ්නය මෙකී ආයෝජන ව්‍යාපෘතිවල අයිතිකරුවන්ට පැන යැමට ඉඩදී අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්නය.

අනුර සොලමන්ස්‌, හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/12/29/feature06.html

Pic Source

යාපනයේ සිංහලයන්ට සිංහල වීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා - අක්‌මීමන දයාරතන හිමි

පසුගිය නොවැම්බර් 24 වැනිදා "දිවයින ඉරිදා සංග්‍රහය" හා අදහස්‌ දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ නාවක්‌කුලි ප්‍රදේශයේ පදිංචිවීමට සූදානම් වන සිංහල ජනතාව සැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූ යාපනයේ සිටි සිංහල ජනතාව ද යන ගැටලුව තවම විසඳී නොමැති බවයි.

එබැවින් අප ඒ පිළිබඳව සිංහල ජනතාව එම ප්‍රදේශයේ යළි පදිංචි කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් විමසා සිටියෙමු. උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - යාපනය ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද සිංහල ජනතාවගේ වර්තමාන තත්ත්වය කෙසේද?

පිළිතුර - මේ වන විට උතුරු ප්‍රදේශයේ යුද්ධය අවසන් වී වසර 4 කට වඩා ගතවී තිබෙනවා. මේ වන විට දෙමළ ජනතාවත්, කොටි සංවිධානයේ කාඩර් අයත් යළි පදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආණ්‌ඩුව, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම හමුදාවත් උපරිම සහයෝගය ලබාදී තිබෙනවා. එපමණක්‌ නොවෙයි ඔවුන්ගේ ජනජීවිතය නගාසිටුවීම සඳහාත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතුවල යෙදුණ අයට කෘෂි ආම්පන්න, බීජ ඇතුළු සියල්ල ලබාදී අවසානයේදී ඔවුනගේ අස්‌වැන්න පවා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය ශක්‌තිය ලබාදී තිබෙනවා. එම ජනතාව සම්බන්ධයෙන් එලෙස කටයුතු කළාට අපට කිසිදු ගැටලුවක්‌ නෑ. ඒකට තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබාදෙනවා කියන්නේ. යාපනයේ පමණක්‌ නොවෙයි ලංකාව පුරාම දෙමළ ජනතාව හොඳින් ජීවත් වෙනවා. එම ජනතාවට දෙමළවීම නිසා කිසිදු ප්‍රශ්නයක්‌ ඇතිවී නැහැ.

එහෙත් යාපනයේ යළි පදිංචිවීමට සූදානම් වන සිංහල ජනතාවට, සිංහලවීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙන බව පැහැදිලිව දකින්න තිබෙනවා. අපි දන්නවා උතුරේ විශාල බෞද්ධ භූමි ප්‍රමාණයක්‌ තිබෙනා බව. ඒ අනුව පැහැදිලි වනවා එම ප්‍රදේශයේ අතීතයේදී පවා විශාල සිංහල බෞද්ධයන් ප්‍රමාණයක්‌ ජීවත්වී ඇති බව. 1983 යුදමය වාතාවරණය ඇති වන විට එම ප්‍රදේශයේ සිංහල පවුල් 17000 ක්‌ පමණ පදිංචිව සිට තිබෙනවා. එම ජනතාව බේකරි, රත්තරං බඩුසාප්පු වැනි ව්‍යාපාරවල නිරත වී තිබෙනවා. ඒ අය අතර මෙහෙන් ගිය අය වගේම එහේ උපන්න අයත් සිටියා. ඔවුන් අධ්‍යාපනය ලබපු සිංහල මහා විද්‍යාලය අදත් දකින්න තිබෙනවා.

එහෙත් මේ දක්‌වා පවුල් 17000 ක්‌ පමණ ජීවත්වූ යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ එකම පවුලක්‌ හෝ පදිංචි කිරීමට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයන් කිසිම ක්‍රියාකාරී වැඩ කොටසක්‌ කරල නෑ. අද වෙනකොට එම ප්‍රදේශයේ බලය තිබෙන්නේ දෙමළ නායකයන් අත. අද වන විට දෙමළ සහ මුස්‌ලිම් නායකයන් ඔවුනගේ ජනතාව පිළිබඳව කතා කරනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ රටේ තිබෙන අරුමය තමයි සිංහල නායකයනුත්, සිංහල ජනතාව ගැන කතා නොකර දෙමළ සහ මුස්‌ලිම් ජනතාව ගැන පමණක්‌ කතා කිරීම. සිංහලයන් ගැන කතා කරන්න අද නායකයෙක්‌ නෑ. එම නිසා අද වන විට සිංහල ජනතාව උපන් බිමේ අසරණ වූ ජනතාවක්‌ බවට පත්වී තිබෙනවා.

එම නිසා රජයට, රාජ්‍ය නොවන සංවිධානවලට පමණක්‌ නොවෙයි එම ප්‍රදේශයේ බලයේ සිටින දෙමළ නායකයන්ට පවා වගකීමක්‌ තිබෙනවා අසරණ වී සිටින සිංහල ජනතාවට යළි පදිංචිවීම සඳහා ඉඩම් ලබාදීමට, නිවාස තනා ගැනීමට උදව් කිරීමට මෙන්ම ඔවුන්ගේ ජනජීවිතයට අවශ්‍ය මූලික පසුබිම සකසා දෙන්න.

එහෙත් මෙතන අන්තවාදයක්‌ ක්‍රියාත්මක වන බව අප දැක්‌කා. දෙමළ ජනතාවට සියලු වරප්‍රසාද ලබාදෙනවා. මුස්‌ලිම් ජනතාවටත් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වනවා. නමුත් මේ දක්‌වා සිංහල ජනතාව සඳහා එකම නිවසක්‌ හෝ ලබාදී නොමැති බව සඳහන් කිරීමට සිදුවී තිබෙනවා.

යුද්ධයෙන් පසුව සිංහල ජනතාව යළි යාපනය බලා ගියේ තමන්ටත් සාමය උදා වූවා යන බලාපොරොත්තුව ඇතිව. නමුත් ඔවුන්ට සිද්ධ වුණේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ලැඟුම් ගන්න. ඉන් පසුව යාපනය දුම්රිය ස්‌ථානය බලා යන්න. එම අවස්‌ථාවේදී ආණ්‌ඩුව, විපක්‍ෂය හෝ වෙනත් දේශපාලන පක්‍ෂ මැදිහත් වූයේ නෑ. එම අවස්‌ථාවේදී අපව රැක බලාගන්නා, අපව පෝෂණය කරන ජනතාවට රැකවරණයක්‌ ලබාදීම සඳහා අපි ඉදිරිපත් වූවා. යාපනය බලා යළිත් ගිය සිංහලයන් අතර බෞද්ධයන් නොවන අයත් සිටිනවා.

රජයේ ඉඩමක්‌ තිබුණා නාවක්‌කුලි හන්දියේ. එය නිවාස සංවර්ධන අධිකාරියට අයත් එකක්‌. යම් යම් අයගේ උපකාර ඇතිව එම ඉඩමේ තාවකාලික නිවාස තනා ගැනීමට අප ඔවුන්ට උදව් කළා. එම අවස්‌ථාවේදී භික්‍ෂූන් වහන්සේලා හැටියට අපෙන් පළමුවෙන්ම අවශ්‍ය මොනවාද කියන එක අපි විමසා සිටියා. එම අවස්‌ථාවේදී ඔවුන් අපෙන් ප්‍රජා ශාලාවක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම වන්දනාමාන කිරීම සඳහා බෝධියක්‌ හෝ බුදු පිළිමයක්‌ එහි තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියා. තමන්ගේ ආගම ඇදහීම මූලික අයිතියක්‌ නිසා පිළිම වහන්සේ නමක්‌ එහි වැඩම කර, භික්‍ෂූන් වහන්සේ නමකුත් වැඩම කරවූවා. දැන් එය විහාරස්‌ථානයක්‌ බවට පත්වී තිබෙනවා.

එහෙත් මෙම පන්සලට අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළා. අපි පැහැදිලිවම කියනවා මේක කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් කියලා. ඒ වගේම එම ජනතාවට තර්ජනය කරල තිබෙනවා උඹලාට මෙහෙ අයිතියක්‌ නොමැති බවත්, මෙහෙන් පලයල්ලා කියලා. අපි සුහදතාවය ගොඩනඟන්න හදන මේ බිමෙන්, සිංහල ජනතාවට පලයන් කියල තිබෙනවා. ඒකයි මම කියන්නේ සිංහල ජනතාවට සිංහලවීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා කියලා.

මෙම තර්ජනය කිරීම් සහ බෝම්බ ප්‍රහාරවලින් පසුව අපි පැමිණිලි කළා. නමුත් මේ දක්‌වා කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. එතකොට මොකක්‌ද මේ රටේ තිබෙන නීතිය, මොකක්‌ද සිංහලයන්ට තිබෙන අයිතිවාසිකම. අපි අහන්නේ ඒක තමයි. මේ වන විට අපි නිවාස 5 ක්‌ හදලා තිබෙනවා. නමුත් අපිට ඉඩම් බෙදලා දෙන්න බෑ. එම නිසා අපි බලධාරීන්ට කියනවා එම ජනතාවටත් පර්චස්‌ 10 ක 15 ක හෝ ඉඩම් කැබැල්ලක්‌ දෙන්න කියලා.ව

ප්‍රශ්නය - උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරම් මහතා පළාත් සභාව අමතා කළ මංගල කතාවේදී, යාපනයේ පදිංචිව සිට අවතැන් වූ සිංහල ජනතාවට යළිත් එම ප්‍රදේශයේ පදිංචියට එන ලෙස ආරාධනා කර තිබෙනවා නේද?

පිළිතුර - විග්නේශ්වරම් මහත්තය එහෙම කියනවා නම් හොඳයි. නමුත් දෙමළ සහ මුස්‌ලිම් අය පදිංචි කිරීමට තිබෙන උනන්දුව ඒ සඳහා තිබෙන බවක්‌ නම් පෙනෙන්නේ නැහැ. ඒ සඳහා අවංක වුවමනාවක්‌ තිබුණ නම් යාපනයේ පදිංචිව සිටි ජනතාවට යළි එම ප්‍රදේශයේ පදිංචියට එන ලෙස පුවත්පතක හෝ දැන්වීමක්‌ පළ කරන්න තිබුණා. කෝ එහෙම කළේ නැහැනේ. එහෙම කළා නම් එහි උපන්න බව සහතික කළ හැකි උප්පැන්න සහතික තිබෙන, ඔප්පු තිබෙන, බලපත්‍ර තිබෙන අයට එම ලිත සාක්‍ෂි සමග ඉදිරිපත්වීමට තිබුණා. පවුල් 17000 ක්‌ එහි පදිංචිව සිට තිබෙනවා. අපි කියන්නේ ඒ අයට යළිත් යාපනයේ පදිංචිවීමේ අවස්‌ථාව දෙන්න කියලා. විග්නේශ්වරන් මහතාට නොහැකි නම් අපට පුළුවන් ඒ අය ඉදිරිපත් කරන්න.

ප්‍රශ්නය - විග්නේශ්වරම් මහතා ඉල්ලා සිටින තුරු බලා නොසිට, එම ජනතාවට හැකියාව තිබෙනවා නේද එම සහතික සහ ලිපි ලේඛන සමග ඉදිරිපත්වීමට.

පිළිතුර - අපි මේ වන විට එම ලිපි ලේඛන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා. ජාතික ව්‍යාපාරයක්‌ විධියට අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. විග්නේශ්වරම් මහතා කියන්නේ මහ ආණ්‌ඩුව යටතේ තිබෙන පළාත් සභාවක මහ ඇමැතිවරයකු පමණයි. එම නිසා මහ ආණ්‌ඩුවට මේ පිළිබඳව එම මහ ඇමැතිවරයා දැනුවත් කිරීමට තිබුණා. අනික නාවක්‌කුලි ප්‍රදේශයේ සිංහල ජනතාව යළි පදිංචි වී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් දන්නවා. මම කලිනුත් ප්‍රකාශ කළා එම ජනතාවට තර්ජන පමණක්‌ නොවෙයි බෝම්බ ප්‍රහාර පවා එල්ලවී තිබෙනවා. එම නිසා එම සිංහල ජනතාව පිළිබඳව විග්නේශ්වරම් මහතා නොදන්නවා කියලා සිතන්න අමාරුයි. විග්නේශ්වරම් මහතාට සිංහල ජනතාව යළි උතුරේ පදිංචි කිරීමට අවංක වුවමනාවක්‌ තිබුණ නම් ඒ පිළිබඳව සොයා බලන්න අවස්‌ථාව තිබුණ. නමුත් එහෙම නොකිරීමෙන් පෙනී යන්නේ මුස්‌ලිම් සහ දෙමළ ජනතාව යළි පදිංචි කිරීමට ඒ මහතාට තිබෙන උනන්දුව සිංහල ජනතාව යළි පදිංචි කිරීම සඳහා නොමැති බවයි.

ප්‍රශ්නය - එහෙත් අවතැන් වී සිටින උතුරේ සිංහල ජනතාව ලවාම එම ලිපි ලේඛන මහ ඇමැතිවරයාට ලබාදීමට අවස්‌ථාව තිබෙනවා නේද?

පිළිතුර - අනිවාර්යයෙන්ම එම කටයුත්ත අපි ඉදිරි කාලයේදී කරනවා. නමුත් මම කියන්නේ අරයට මෙයාට බෝලය පාස්‌ කරමින් වගකීම පැහැර හැරීම නෙවෙයිනේ කළ යුත්තේ. මම කියන්නේ ජනතාවගේ බලය නියෝජනය කරන නියෝජිතයන් එම කටයුත්ත වගකීමෙන් කළ යුතුයි කියන එක. විග්නේශ්වරම් මහතා ඔහුගේ පස්‌සෙන් එනකන් බලන් ඉන්න ඕනි නැහැනේ. ඔහු රට ඉඳල ආවේ නැහැනේ.

ප්‍රශ්නය - සමහර පුද්ගලයන් තුළ මතයක්‌ තිබෙනවා සිංහල ජනතාව උතුරේ පදිංචිව සිටියත්, ඔවුන් සිටියේ බද්දට හෝ කුලියට ගත් ඉඩම් සහ ගොඩනැඟිලිවල බවට.

යාපනයේ පදිංචිව සිටි සිංහල ජනතාව පදිංචිව සිටියේ ඔවුන්ගේම ඉඩකඩම්වලද?

පිළිතුර - එම ජනතාව පදිංචිව සිටි ඉඩම්වල ඔප්පු මෙන්ම බලපත්‍රත් තිබෙනවා. ඒවා ඉදිරිපත් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - යාපනයට යළිත් යන තුරු ඔවුන් මොන ප්‍රදේශවල ද පදිංචිව සිට ඇත්තේ.

පිළිතුර - අනුරාධපුර, මිහින්තලය, කැකිරාව වැනි ප්‍රදේශවල ඥති මිත්‍රාදීන්ගේ නිවාසවල තාවකාලිකව සිට තිබෙනවා.

ප්‍රශ්නය - ඔවුන් කලින් පදිංචිව සිටි ස්‌ථානවල දැන් තත්ත්වය කුමක්‌ද?

පිළිතුර - මෙම ජනතාව දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පදිංචිවීමට පෙර ඔවුන්ගේ දේපළ පිළිබඳව සොයා බලා තිබෙනවා. මේ වන විට එම දේපළ දෙමළ ජනතාව අයත් කරගෙන සිටිනවා. එම නිසා සිංහල ජනතාව ඔවුන් සමග ගැටුමකට නොගොස්‌ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ලැගුම් ගෙන තිබෙනවා. එසේ පදිංචි වූ ජනතාවට යළිත් ඉන්න හිටින්න ස්‌ථානයක්‌ ලබාදීම බලධාරීන්ගේ වගකීම වනවා.

ප්‍රශ්නය - යාපනයේ සිටින දෙමළ බෞද්ධයන්ගේ ප්‍රතිචාරය කෙබඳුද?

පිළිතුර - යාපනයේ සිටිය සිංහල ජනතාව යළිත් එහි පදිංචි කළ යුතුය යන ස්‌ථාවරයේ ඔවුන් සිටිනවා

සාකච්ඡා කළේ, එරික්‌ ගාමිණි ජිනප්‍රිය

Pis Source

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ හැකිද? කළ යුතුද?

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ කතිකාවතක්‌ යළිත් සමාජය තුළ ගොඩනැඟෙමින් තිබේ. ඒ 2016 වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවටත් ඒ වෙනුවට සිංහල, ගණිතය, පරිසරය වැනි විෂයන් කිහිපයකින් එක්‌ ප්‍රශ්නපත්‍රයක්‌ සාධන පරීක්‍ෂණයක ආකාරයෙන් පවත්වන බවටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මාධ්‍යයට අනාවරණය කිරීමත් සමඟය. නමුත් එතනදී එතුමා ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කිරීමේ අරමුණ වූ අවාසි සහගත මට්‌ටමේ දරුවන්ට පහසුකම් සහිත පාසලක්‌ හා ශිෂ්‍යත්ව ආධාර ලබා දීම පිළිබඳව විකල්ප යෝජනාවක්‌ ගෙන ආවේ නැත. එසේ විකල්ප ක්‍රමයක්‌ යෝජනා නොකර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ හැකිද? කළ යුතුද? 

ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා වූ ශිෂ්‍යත්ව විභාගය ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ලැබුණේ අයවැයකදී පාසල් ළමුන්ට කිරි වීදුරුවක්‌ ලබා දීමට ගෙන ආ යෝජනාවක්‌ සම්මත වීමක්‌ ලෙස සරල හා සුමට ආකාරයෙන් නොවේ. විශාල ශ්‍රමයක්‌ දැවැන්ත ජනතා බලවේගයක්‌ උද්ඝෝෂණ පෙරමුණක්‌ එක්‌ව එක්‌තරා පැලැන්තියකට සීමා වී තිබුණ අධ්‍යාපන වරප්‍රසාදය සමස්‌ත සමාජයටම ලබා දුන් අවස්‌ථාවක මෙරට පීඩාවට පත් මිනිසුන්ගේ දරුවන්ට ද්විතීයික අධ්‍යාපනයට පිවිසීමට ලැබුණ මහඟු අවස්‌ථාවක්‌ ලෙසය. මීට පෙරද 19 වැනි සියවසසේ ශිෂ්‍යත්ව ප්‍රදානය තිබුණු නමුදු ඒවා සීමා වී තිබුණේ කොළඹ ඇකඩමියේ උගත් ඉහළ පැලැන්තියේ දරුවන්ට එංගලන්තයට ගොස්‌ අධ්‍යාපනය හැදෑරීමටය. 

1944 වසරේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූදා සිට මේ දක්‌වා එය ලාංකීය සමාජ දේහය පුරා අක්‌මුල් විහිදුවා ලූ දැවැන්ත වනස්‌පතියක්‌ බවට පත්විය.එබැවින් එය කපාදැමිය නොහැකිය. උගුලුවා දැමීමද කළ නොහැකිය. මන්ද එයින් සමාජ දේහයට වන හානිය මෙන්ම ඉන්පසු ඇතිවන අනිටු ප්‍රතිඵලවලටද ගෙවිය යුතු වන්දිය අති මහත්වන බැවිනි. අපි මුග්ධ දේශපාලනයේ අනිටු තීරණ නිසා බොහෝ වන්දි ගෙවූ ජාතියක්‌ වෙමු. තවදුරටත් එය එසේ විය යුතු නැත.

ලෝකයේ බොහෝ රටවල විවිධ අන්දමේ හා විවිධ තරාතිරමේ ශිෂ්‍යත්ව ප්‍රදානය වෙයි. එයින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන පරමාර්ථ ලෙස සැලකෙන්නේ සමාජ ආර්ථික හේතු මත අධ්‍යාපන ඉඩප්‍රස්‌ථා අහිමි වන්නන්ගේ හිමිකම් රැකදීම හා ජාතික සංවර්ධනයට අවශ්‍ය විශේෂිත මිනිස්‌ බලය සැපයීමයි. කන්නන්ගර වාර්තාවේ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා වූ විභාගයේ අරමුණ පැහැදිලි කර ඇත්තේ ''1940 වන විට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැවති ප්‍රධාන දුර්වලතාව නම් අධ්‍යාපනයේ සම අවස්‌ථා නොවීමයි. එසේ ම ද්විතීයික අධ්‍යාපනයෙහි දක්‍ෂතා පෙන්විය හැකි සිසුන් විශාල පිරිසක්‌ ප්‍රාථමික අධ්‍යාපනය අවසානයේදී බිහිවිය හැකිය. එහෙත් ආර්ථික අපහසුකම් හා වෙනත් විවිධ හේතු නිසා ද්විතීයික අධ්‍යාපනය ලබා ගැනීම ඔවුනට නොලැබී යයි. මෙය සම අධ්‍යාපන අවස්‌ථා ඇහිරීයැමකි' යනුවෙනි. මෙලෙස අධ්‍යාපනයේ සම අවස්‌ථා එනම් ජාති, කුල, ආගම්, පන්ති හා ලිංග භේදයකින් තොරව සියලුම දෙනාට අධ්‍යාපනය ලබා දීමේ උත්තුංග අරමුණ මූලිකව නිදහස්‌ අධ්‍යාපනයේ අරුත තවත් පුළුල් කරලීම සඳහා 1944 ප්‍රථම වරට ශිෂ්‍යත්ව ප්‍රදානයට සුදුස්‌සන් තේරීම සඳහා කැප වූ තේරීම් පරීක්‍ෂණයක්‌ පැවැත්විණි. මෙම ශිෂ්‍යත්වධාරීන් මධ්‍ය මහා විද්‍යාලවලට පමණක්‌ ඇතුල් කරගත් අතර ඔවුනට ඉඳුම් හිටුම්, කෑම්, බීම්, පොත්පත් නොමිලේ සැපයිණි. මුල් අවධියේ ශිෂ්‍යත්ව ප්‍රදානය කළේ දෙමවුපිය වාර්ෂික ආදායම රුපියල් 600 ට අඩු පවුල්වල දරුවන් උදෙසාය. කෙසේ වෙතත් මධ්‍ය මහා විද්‍යාල හරහා ආ මෙම ශිෂ්‍යත්වධාරීන් පසු කලෙක මෙරට විවිධ ක්‍ෂේත්‍ර බැබළවූ මහා විද්වතුන් බවට පත්වුණු අයුරු අපි දුටුවෙමු.

1960 පාසල් රජයට පවරා ගැනීමත් සමඟම ශිෂ්‍යත්වධාරීන්ට ජනප්‍රිය විද්‍යාලවලද දොරටු විවර වූ අතර 1973 අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලට අනුව ''ඉහළ අභියෝග්‍යතාවයකින් යුතු යෝග්‍යතම සිසුන් තෝරාගෙන අඩු ආදායම් සහිත පවුල්වල ළමයින්ට මුදල් ආධාර හා ජනප්‍රිය පාසල් ලබා දීමත් වැඩි ආදායම් සහිත පවුල්වල දරුවනට ජනප්‍රිය විද්‍යාල පමණක්‌ ලබා දීමත් මඟින් අධ්‍යාපන අවස්‌ථා සැපයීම නූතන පස්‌වැනි ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්‍ෂණය පැවැත්වීමේ වැදගත්ම අරමුණ වී තිබේ''. (ව්‍යවස්‌ථා 1973) මෙහිදී පස්‌වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ පරීක්‍ෂණය යන මෙතෙක්‌ භාවිත වූ නම පවා වෙනස්‌ වූ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන පස්‌වැනි ශ්‍රේණියේ විභාගය යනුවෙන් නැවත නම් කෙරුණි. කෙසේ නමුත් මේ ප්‍රතිසංස්‌කරණ තුළදීද ශිෂ්‍යත්ව විභාගයේ මූලික අරමුණ වෙනස්‌ නොවීය. 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් ''අද එය ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සිසුන් තෝරාගන්නා ලද පරීක්‍ෂණයකට වඩා ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරාගන්නා ලද පරීක්‍ෂණයක තත්ත්වයකට ඇදවැටී ඇතැයි'' පවසයි. 

මෙලෙස පසුකාලීනව ශිෂ්‍යත්ව විභාගය ජනප්‍රිය පාසල් උදෙසා වූ තරගයක්‌ බවට පත්වූයේ දරුවන්ගේ හෝ දෙමවුපියන්ගේ හා වරදින් නොවේ. සියලු පහසුකම් සහිත පාසල් අතලොස්‌සක්‌ වීමත් අනෙකුක්‌ පාසල්වල පහසුකම් මෙන්ම අධ්‍යාපන මට්‌ටම විවිධ හේතු මත පිරිහීමට ලක්‌ව තිබීමත් නිසාය. ඔවුහු තම දරුවන් මේ සඳහා මාරාන්තික තරගයට යොමු කිරීමත් සමගම පීඩනයට, දඬුවමට, මානසික රෝගී තත්ත්වයකට දරුවන් පත්කරලන්නක්‌ බවට එය පත්කරවූහ. ඒ පිළිබඳව සමාජයෙන් දැඩි විවේචනයක්‌ මෙන්ම දැඩි විරෝධයක්‌ එල්ල වීම තුළ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරලීම සඳහා වූ යෝජනාවකට අධ්‍යාපන ඇමැතිවරයා යොමු වූ බව පෙනේ.

ශිෂ්‍යත්ව විභාගය අධිරාජ්‍ය යුගයේදී ආරම්භ කෙරුණේ එකල සමාජය තුළ බහුතරයක්‌ ජනතාව Êදුක්‌තව පීඩාවට පත්ව සිටීම නිසා ඔවුන්ගේ දරුවන්ට එම ඉරණමෙන් ගොඩ ඒමට අත්වැලක්‌ සැපයීම පිණිසය. මේ මොහොතේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නේ එම විභාගය ආරම්භ කළ වකවානුවේ තිබුණ සමාජයීය පසුතලය තුරන් කර තිබුණ තත්ත්වයක්‌ තුළ නම් කිසිවෙකුට ඊට එරෙහි විය නොහැකිව තිබිණි. නමුත් නිදහසින් වසර 65 කට පසු අද සමාජ පසුතලය කෙබඳුද? අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය වැනි සමාජයේ මතුපිට තලයේ සන්දර්ශනාත්මක ආශ්චර්යයක්‌ පෙන්නුවද සමාජ පතුල බිහිසුණු ලෙස බිඳවැටී ඇත. එදාට වඩා අද ආදායම් විෂමතාව වැඩි වී ඇත. ප්‍රතිශතයක්‌ ලෙස ජනගහනයෙන් 50.2% ක ජාතික දිළිඳු බැමි රේඛාවෙන් පහළ සිටී. අවුරුදු 6 -14 වයස්‌වල ළමයින්ගෙන් 4% ක්‌ පාසල්වලට නොපැමිණෙති. පාසල් වලට ඇතුළත්වන ළමයින්ගෙන් 5% ක්‌ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ නොකරති. 13% ක්‌ අවුරුදු 14 ට කලින් පාසලින් ගිලිහෙති. මෙලෙස පාසලින් බැහැරව සිටින ළමයින් නාගරික දිළිඳු පරිසරයේ හා අවාසිදායක ගම්මානවල ජීවත්වන බවද දුප්පත්කම හා පාසලට ඇති දුර මීට හේතු වී තිබෙන බව ජාතික අධ්‍යාපන කමිටුව පවසයි. තත්ත්වය මෙසේ වන විට ශිෂ්‍යත්ව විභාගයත් අහෝසි කිරීම තුළ දුප්පත් දක්‍ෂ දරුවාට පහසුකම් සහිත පාසලකට යැමේ එකම අවස්‌ථාවත් ගිලිහී යයි. ලාංකීය සමාජය නැවත පියනඟන්නේ අධිරාජ්‍යවාදී යුගයේ පැවති තත්ත්වයන් වෙතටමය.

පාලකයන් ඉගෙනගැනීමට ඇති අයිතිය ලබා ගැනීම සඳහා සටන් වදින ශිෂ්‍ය ප්‍රජාවක්‌ වෙනුවට අනාගත පරපුරට මිනිස්‌ සංහතිය සතු දැනුම් සම්භාරය පුළුල් කිරීමේ අරමුණින් සොබාදහමේ අභිරහස්‌ සමඟ සටන්වදින ශිෂ්‍ය ප්‍රජාවක්‌ බවට පත්වීමේ අයිතිය ලබාදිය යුතුය. දෑසින් පමණක්‌ නොව නැණැසින් ලෝකය බැලීමේ ඇති අනුලංඝනීය වූ අයිතිය ඔවුන්ගෙන් උදුරා නොගත යුතුය. විශ්වීය මානව අයිතියක්‌ වූ අධ්‍යාපනයට ඇති ඉඩකඩ අහුරා නොදැමිය යුතුය.

ශිෂ්‍යත්ව විභාගය ළමයින්ගේ නොව දෙමවුපියන්ගේ විභාගයක්‌ විය. දෙමාපියන් උත්සාහ කළේ ලැබෙන කුඩාම ඉඩෙන් කෙසේ හෝ රිංගා තම දරුවාට ඉහළ අධ්‍යාපනයක්‌ ලැබිය හැකි පාසලකට ළමයා ඇතුළත් කර ගැනීමටය. ඒ සුළු ඉඩත් වසා දැමුවොත් රිදෙන්නේ මේ රටේ අතිමහත් බහුතරයක්‌ වූ සාමාන්‍ය ජනතාවටය. එය කාගෙ කාගේත් දේශපාලන සෞඛ්‍යයට එතරම් ගුණදායක නොවනු ඇත.

සුජාතා අලහකෝන්
http://www.divaina.com/2013/12/29/politics08.html

Pic Source

Saturday, December 28, 2013

මඩකළපුවේ බුදු පිළිමය කුඩු පට්ටම්

මඩකළපුව පිල්ලේයාර්අඩි පරණ පොලිස් මුරපොල ආසන්නයේ තිබු බුදු පිලිමයක් ඉකුත් 25 වන දින රාති‍්‍රයේ කඩා ඛිඳ දමා විනාශකොට තවත් බුදු පිළිමයක් සොරාගෙන ගොස් ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලීසිය කියයි.

කඩාඛිඳ දමා තිබු බුදු පිළිමයේ කොටස් මඩකළපුව පොලිසිය වෙත ගෙනවිත් ඇත. මෙම පොලිස් මුරපොළ මීට කලකට ඉහතදි ඉවත්කොට තිඛිණ.

මෙතෙක් බුදු පිළිමය ව්නාශ කළ හා සොරාගෙන ගිය පුද්ගලයන් පිළිබදව කිසිදු හෝඩුවාවක් ලැඛි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි.

http://lankacnews.com/sinhala/news/107427/

ලොව කෲරතම සත්වෝද්‍යානය ඉන්දුනීසියාවේ

ඉන්දුනිසියාවේ සුරබයා නගරයේ පිහිටි සත්වෝද්‍යානය ලෝකයේ කෲරතම ස්‌ථානයක්‌ බව සත්ත්ව අවිහිංසා සංවිධාන හෙලි කර ඇත.

පසුගිය මාස 3 තුළ සතුන් 50 ක්‌ මියගොස්‌ ඇතැයි හිටපු සත්වෝද්‍යාන පාලකයා පවසයි.

කොකුන් 150 ක්‌ ද එක්‌ කූඩුවකට දමා තිබේ. කොටියකු කූඩුකර ඇත්තේ ඉතා සුළු ඉඩක්‌ ඇති ස්‌ථානයකය.

පසුගිය වසරේදී සත්වෝද්‍යානයේ සිටි ජිරාප් සතෙක්‌ ප්ලාස්‌ටික්‌ බෑග් කිලෝ 20 ක්‌ අනුභව කිරීම නිසා මියගොස්‌ ඇත.

අලිපැටවකුගේ පාද දම්වැල්වලින් බැඳීමෙන් එම පාදවලටද තුවාල සිදු වී ඇති බව සත්ත්ව අවිහිංසා ලෝලිහු කියා සිටී. මෙම සුරබයා සත්ත්ව උද්ද්‍යානයේදී සතුන් දිනපතාම මිය යන බවද ඔවුහු කියා සිටී.

http://www.divaina.com/2013/12/28/forign04.html

රජරට විශ්වවිද්‍යාලයට සිංහල එපා වෙයි

සිංහල තිත්ත වීමේ රෝගයක්‌ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට බෝවී ඇත.

රජරට යනු සිංහලයාගේ ද සිංහලයේ ද තෝතැන්නයි. රටපුරා තවත් විශ්වවිද්‍යාල තිබියදී රජරට විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කළේ සිංහල භාෂාව සමඟ සිංහල සංස්‌කෘතියද රැකගැනීම සඳහාය.

සිංහල සංස්‌කෘතිය යන්තමින් හෝ රැකගැනීමට කැපවී සිටින රජරට විශ්වවිද්‍යාලයටද සිංහල තිත්තවීමේ රෝගය බරපතල ලෙස බෝවී තිබේ.

පසුගිය 18 වැනිදා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත පුරාවිද්‍යා උරුම කළමනාකරණ පර්යේෂණ වාර්ෂික සැසියට සහභාගිවන්නන් සියලුම දෙනා සිංහලයන් වුවත් ආරාධනා පත්‍රය නිකුත් කර ඇත්තේ සිංහල අකුරක්‌වත් නැතිව ඉංගිරිසි බසිනි.

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/12/28/news14.html

Pic Source

කොට්‌ටව වන රක්‌ෂිතයට සංචාරකයන්ගෙන් හානි

ගාලු නගරයේ සිට උඩුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක පමණ දුරින් පිහිටි අක්‌කර දහස්‌ ගණනක බිම් ප්‍රමාණයක පැතිර ඇති ස්‌වාභාවික සුන්දර පරිසරයකින් යුත් කොට්‌ටව වන රක්‌ෂිතය අභය භූමියක්‌ ලෙස ප්‍රකටය. 

අසල්වාසීන් සහ රථවාහන වලින් එදිනෙදා කොට්‌ටව වන රක්‌ෂිතය මැදින් එහා මෙහා යන පිරිස, කුණු කසළ මලු සහ විවිධ අපවිත්‍ර දේවල් මෙම ප්‍රදේශයේ මග දෙපස බැහැර කිරීමට පුරුදුව සිටිති. දිනපතා ඈත ප්‍රදේශවලින් පැමිණෙන විනෝද කාමී සංචාරක කණ්‌ඩායම්, නිසා මෙහි මග දෙපස ඉවත ලන මත්පැන් බෝතල් වලින් සහ අපද්‍රව්‍යවලින් සිදුවන පරිසර දූෂණය අති විශාලය. කැලෑවේ ගමන් අපහසු දුර්ග කොටස්‌ වල කලක සිට පවත්වාගෙන යන විෂ මත්පැන් ව්‍යාපාර අපමණය.

වටිනා දැව සම්පතින් දුර්ලභ වන සතුන්ගෙන් ඇද හැලෙන දිය ඇලිවලින් විවිධ ස්‌වාභාවික පිහිටීම් වලින් පිරිණු සෞන්දර්යයේ කෙම් බිමක්‌ වැනි මෙම වන රක්‌ෂිතය සහ ආශ්‍රිත ප්‍රදේශය මෙම උවදුරුවලින් මුදාගැනීමට වන රක්‌ෂිතයේ සහ වග කිවයුත්තන්ගෙන් අවධානය යෙදවිය යුතු කාලය එළඹ තිබේ.

වංචාවල කලහේ - කුමාරදාස ලියනගේ 
http://www.divaina.com/2013/12/28/provin03.html

රෝස තිරිවාන කැටියේ වර්ණ අවපැහැගැන්වීම පිළිබඳ සොයාබැලේ

ජාතික නාමල් උයන පරිශ්‍රයේ පිහිටි වසර මිලියන දස ලක්‍ෂ පන්සිය පනහකට වඩා පැරණි දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටියේ වර්ණය අවපැහැගැන්වීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු රජයේ උසස්‌ නිලධාරීහු පිරිසක්‌ එහි පැමිණියහ.

එහිදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් වර්ණය අවපැහැගැන්වීම පිළිබඳව වර්තමාන තත්ත්වය පෙන්වාදෙමින් මෙම සිදුවීම ස්‌වභාවිකව සිදුවන ක්‍රියාවලියක්‌ බව භූ විද්‍යාඥයන් විසින් කරන ලද මූලික පරීක්‍ෂණවලදී නිගමනය කර ඇති බව ගාමිණී සෙනරත් මහතාට අවබෝධ කර දුන් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

http://www.divaina.com/2013/12/28/provin01.html

ශිෂ්‍යත්වය අවශ්‍ය පාසල් යැමට ද?

ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් 18 ක වැසිකිළි පහසුකම් සහ පානීය ජල පහසුකම නැති බව ඊයේ (27 දා) 'දිවයිනේ' ප්‍රාදේශීය ප්‍රවෘත්ති පිටුවක සඳහන් විය. මේ නිසා ගුරුවරුන් සහ සිසුන් අහල පහල ගෙවල්වල වැසිකිළි පාවිච්චි කරන බව දැන ගන්නට තිබේ. ඇතැම් අවස්‌ථාවල එම අසල්වැසියන් මේ කාරණය සම්බන්ධයෙන් සිසුන්ට ගරහන බවද දැන ගන්නට තිබේ. ඔබේ නිවසට අල්ලපු වත්තේ පිහිටි පාසලේ ළමයි වැසිකිළි යැමට සහ වතුර බීමට නිතර නිතර එන්නට පටන් ගත් විට එය දරා ගැනීමට බැරි තරම් වාතයක්‌ බවට පත් වන්නේය. සතියේ දිනවල උදේ 8 සිට සවස 2 පමණ වනතුරු හැම විටකම පාහේ වැසිකිළි යැමට පැමිණි දරුවකු ඔබේ නිවස ඉදිරිපිට සිටගෙන සිටීම, ඔබට පවා එය අසාගෙන සිටින අපටවත් දරන්නට බැරිය. මේ අතර ගලේවෙල කලාපයේ පාසල් 16 කට ගුරු නිවාස නැති බවද පාසල් 11 කට විදුලිය නැති බවද දැනගන්නට ඇත.

පස්‌වන වසරේ ශිෂ්‍යත්ව විභාගය කඩඉම් විභාගයක්‌ බවට පත් වන්නේත් ජාතික පාසල් සංකල්පය ජාතියේ තීරණාත්මක සාධකයක්‌ බවට පත් වන්නේත් මෙවැනි තත්ත්වයන් නිසාය. අවසානයේදී ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් ඇති පාසලකට යැම සඳහා ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට ගලේවෙල වැනි පළාත්වල දරුවන්ට සිදු වන්නේය. තිබහට වතුර ටිකක්‌ බීමට ටැප් එකක්‌ තිබෙන විදුහලකට යැම සඳහා ශිෂ්‍යත්වය සමත්වීමට දරුවන්ට සිදු වන්නේය. මෙය ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ලොකු ප්‍රශ්නයකි. සම්පත් බෙදී යැම විෂම වීම මෙයට හේතුවය. අධ්‍යාපනය නමැති සම්පත රටේ හැම තැනකටම සමානව බෙදී යා යුතුය. එහෙත් රටේ පිටිසරබදට වන්නට සම්පත් බෙදී යැමක්‌ නැත. පිටිසරබදට වන්නට වැසිකිළිත් අවශ්‍ය නැති බවට ආකල්පයක්‌ තිබෙන බව පෙනෙයි. එහි තේරුම සිසුන් ළඟම පිහිටි බැද්දට එළි බැසි යුතු බවද? පිරිමි ළමයකුට එවැන්නක්‌ කළ හැකි වුව ද ගැහැනු ළමයකුට එවැන්නක්‌ කරන්නට බැරිය. සකලාංග සම්පූර්ණ පිහිනුම් තටාකයක්‌, අධ්‍යාපන චාරිකා යැම සඳහා සුඛෝපභෝගී බස්‌ රථයක්‌ යනාදිය තම විදුහලට ලැබීමෙන් කොළඹ පාසල්වල ළමෝ සතුටු වෙති. ගලේවෙල පාසල්වල ළමයින්ට එවැන්නක්‌ උවමනා නැත. සමහරවිට ඔවුන් එවැනි දේ ගැන අසාවත් නැතුවා වන්නට පුළුවන. ඔවුන්ට උවමනා වැසිකිළියක්‌ සහ ටැප් එකක්‌ පමණි.

කොළඹ සහ වෙනත් නගර ආශ්‍රිතව පිහිටි සුපිරි පාසල් හැර රටේ පිහිටි පාසල් වැඩි හරියක සනීපාරක්‍ෂක කටයුතු නඩත්තුවීමක්‌ දක්‌නට නොමැත. මේ කියමන "සිංහලෙන්" පරිවර්තනය කළ විට එන අදහස වන්නේ ඉස්‌කෝලවල කක්‌කුස්‌සි නොසෝදන බවය. එවැනි වැසිකිළි අපායට වඩා ස්‌වල්පයක්‌ වෙනස්‌ වන්නේ යම රජතුමා එහි නැති වීම යන සාධකය මත පමණි. පානීය ජලය නම් සුවිශාල ප්‍රශ්නයකි. ජල පහසුව නැති පාසලක පයිප්පවලට ජලය ලබාගැනීමට හැකි වන්නේ ළිඳෙන් ගත් ජලය ටැංකියකට පොම්ප කිරීමෙන් පමණි. එවැනි පාසලකට විදුලි බලය ද නැතිවූ විට සිසු දරුවන් පත්වන දුෂ්කර තත්ත්වය ඉතාම නරකය. ගලේවෙල වැනි දුෂ්කර පළාත්වල ළිඳක්‌ කණින විට අපායේ වහළ දක්‌වාම කැණිය යුතුය. ජලය හමුවන්නේ ඒ තරම් දුරක්‌ පහළට ගිය විටය. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටු වන්නේය යන අදහසට අප ගිය සතියේ එකඟ වීමු. මේ සතියේ දී අප එයට විරුද්ධ වෙමු. මන්ද ළමයකු ශිෂ්‍යත්වය සමත් විය යුත්තේ හොඳට අධ්‍යාපනය ලබාගැනීමට පමණක්‌ නොව වැසිකිළි පහසුකම් ලබාගැනීමටත් එක්‌කය.

http://www.divaina.com/2013/12/28/editor.html

ප්‍රමිතිගත කළ යුතු අටපිරිකර

අටපිරිකර බෞද්ධයා සතු උතුම් වස්‌තුවකි. මහේච්ඡතාවයන්ගෙන් පිරි ලෞකික ගිහි ජීවිතය අතහැර අල්පේච්ඡතාවයෙන් යුත් භික්‍ෂු ජීවිතයකට එළඹුණු බෞද්ධ භික්‍ෂුවකගේ මූලික උවමනා සියල්ල ඉෂ්ට සිද්ධ කර ගැනීමට අටපිරිකර උපකාරි වන්නේය. එනිසා ම බෞද්ධ භික්‍ෂු ජීවිතය තුළ අටපිරිකරට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. මෙවන් උතුම් වූ ද සුවිශේෂී වූ ද අටපිරිකර කවදා කොතැනක දී ආරම්භ වූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එසේ ම බුද්ධ දේශනාවේ අන්තර්ගත පැරණිම ලේඛනය වන ත්‍රිපිටකය තුළ පවා අටපිරිකර පිළිබඳ සඳහන් වීමක්‌ සොයා ගත නොහැකිය. එසේ වුවත් 'අනාගත වංශය' නම් කෘතියෙහි ලෝකයේ පළමුවරට අටපිරිකර ඇති වීම පිළිබඳ කථා ප්‍රවෘත්තියක්‌ ඇතුළත් වේ. එය මෙසේය.

''මිනිසුන්ගේ ආයුෂ පිරිහී ලෝක විනාශය සිදුවීමෙන් පසු එනම් කල්ප විනාශයෙන් පසු නැවත ක්‍රමයෙන් ලෝකය ඇති වේ. එවිට ලෝකයේ පළමුව හට ගැනීම සිදුවන්නේ සියලු බුදුවරු බුද්ධත්වයට පත්වන දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියෙහි වජ්‍රාසනය පිහිටන බිම් ප්‍රදේශයයි. එහි නෙළුම් පැළයක්‌ හටගන්නා අතර ආරම්භ වන නව කල්පයේ බුදුවරු ගණන අනුව එහි නෙළුම් මල් හට ගනී. ඒ හැම නෙළුම් මලක ම එක්‌ අටපිරිකර බැගින් පහළ වේ. මෙකල්හි පඤ්ච සුද්ධාවාස බඹලොව වැඩ වසන බ්‍රහ්ම රාජයෝ එකතු වී අනාගත බුද්ධෝත්පත්ති පිළිබඳ පෙරනිමිති දැකීම පිණිස මෙම භූමියට පැමිණේ. එහිදී නෙළුම් මල් මත පවතින අටපිරිකර ගණන අනුව එම කල්පයේ බුදුවරු ගණන දැන දොහොත් මුදුන්දී එම අටපිරිකර රැගෙන තම සුද්ධාවාසවලට යන්නේය. මෙම අටපිරිකර මහාබ්‍රහ්මයා විසින් ඒ ඒ බුදුවරුන්ට පූජා කරන බව කියෑවේ. ඒ අනුව අනාගතයේ බුද්ධත්වයට පත්වන මෛත්‍රී බෝසතුන් වෙනුවෙන් බඹලොව අටපිරිකරක්‌ පවතින බව වැඩිදුරටත් එහි සඳහන් වේ.''

මෙම කථා ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව විමසිය යුත්තක්‌ වුව ද අටපිරිකර ආරම්භය පිළිබඳව පවතින එකම කතා ප්‍රවෘත්තිය ලෙස මෙය ඉතා වැදගත් වේ. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා ගංතෙරේදී පැවිදි වීමේ දී ඝටීකාර මහා බ්‍රහ්මයා විසින් අටපිරිකර පිදූ බව කියෑවේ. ඒ අනුව පැහැදිලි වන්නේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමටත් ප්‍රථම අටපිරිකර ලොව පැවති බවයි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, යන තුන් සිවුරද පාත්‍රය ද, කඩකැත්ත ද, ඉඳිකටුව ද, පටිය ද, පෙරහන්කඩ ද යන මේ අට නිවන් පිණිස පිළිවෙත් පුරන සැහැල්ලූ පැවතුම් ඇති භික්‍ෂූන් වහන්සේලාගේ පිරිකර අටයි. මේවායින් තුන්සිවුර පිළිබඳ ව මහාවග්ග පාලියේ චීවරCඛJධකයේදී ද, පාත්‍රය, පෙරහන්කඩ හා ඉඳිකටුව පිළිබඳව ඛුද්දක වFථුCඛJධකයේදී ද, පටිය පිළිබඳව සේනාසනCඛJධකයේදී ද එවා අනුදැන වදාරමින් බුදුන් වහන්සේ විසින් ම විස්‌තර දක්‌වා තිබේ. එහෙත් මෙසේ අටපිරිකරක්‌ බුදුන් දවස භාවිතා වූ බවක්‌ නොපෙනේ. කෙසේ වෙතත් චුල්ලවග්ග පාලියේ දැක්‌වෙන භික්‍ෂුවක්‌ ගමන් බිමන් යන විට ගෙන යන පිරිකර හතරක්‌, භික්‍ෂුව නිතර පරිහරණය කළ උපකරණ හයත්, වæ_පුත්තක භික්‍ෂූන්ගේ කාලයේ සම්භාවනීය පූජා භාණ්‌ඩ සේ සැළකූ පිරිකර හතත්, ආශ්‍රයෙන් පසුකාලයේ දී අටපිරිකර සංග්‍රහ වන්නට ඇතැයි සිතිය හැකිය. මඡ්ජිම නිකාය අටුවාවේදී අට පිරිකර, නව පිරිකර, දහ පිරිකර, එකළොස්‌ පිරිකර අතරින් භික්‍ෂූන් සතුටු විය යුත්තේ අටපිරිකරින් පමණක්‌ බව කියෑවේ. ඒ අනුව අටුවා යුගයට මත්තෙන් අටපිරිකර සංග්‍රහ වී ඇති බවත් එය විවිධ ගණනින් සංග්‍රහ කරන්නට උත්සාහ ගෙන ඇති බවත් පැහැදිලි වේ. 

බෞද්ධ භික්‍ෂු සමාජයට ඇතුළත් වන ඕනෑ ම අයෙකු සතුව අටපිරිකරක්‌ තිබිය යුතුම ය. එසේ නොමැතිව භික්‍ෂූත්වය ලැබුවේ ඒහි භික්‍ෂුභාවය ලැබූවන් පමණකි. ඔවුන්ට ඒ සඳහා උපකාරි වුයේ පෙරඅත් භවයක අටපිරිකර පූජා කිරීමෙන් ලද කුසලය බව කියෑවේ. මෙසේ ඒහි භික්‍ෂුභාවය ලැබූ භික්‍ෂූන් ගණන 28,641 ක්‌ යෑයි සඳහන් වේ. එසේ ම පෙර ජාතියක අටපිරිකර පූජා කළ කාන්තාවන් තිදෙනෙක්‌ එපින් බලයෙන් 'මේල පළඳනාව' නම් ඉතා වටිනා ආභරණයකට උරුමකම් කී බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඔවුන් නම් සුජාතා සිටුදේවිය, විශාකා මහා උපාසිකාව හා බන්දුල මල්ලිකා දේවිය යන තිදෙනාය.

මේ නිසා අටපිරිකර පූජා කිරීමට බෞද්ධයන් මහත් රුචිකත්වයක්‌ දක්‌වයි. බෞද්ධයන් අතර ප්‍රචලිත අට මහ පින්කම් අතරින් දෙවන පින්කම වන්නේ ද අටපිරිකර පූජාවයි. ශ්‍රී ලාංකේය බෞද්ධයා අටපිරිකර පූජාවෙහි මෙතරම් උනන්දුවීමෙහිලා බලපෑවේ ඉහත කී ආනිසංස දෙක පමණක්‌ ම නොවේ. පසුකාලීනව ලියෑවුණු 'අටපිරිකර දානානිසංසය' නම් කෘතිය ඊට බෙහෙවින් දායක විය. එහි අටපිරිකර දානානිසංස වෙන්වෙන්ව මෙසේ දක්‌වා තිබේ. 

ඒ අනුව තුන්සිවුරු පිදීමෙන්, රැස්‌ විහිදෙන රන්වන් සිනිඳු ශරීරයක්‌ ලැබීම, ශරීරයේ දූවිලි නොවැකීම, මහත් වූ ප්‍රතාප ඇති වීම, සසරේදී සුදු, කහ, රතු වස්‌ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම ආනිසංස ලෙස දක්‌වයි. පාත්‍රා පිදීමෙන් රන්, මැණික්‌ ආදී තලි පරිබෝග කිරීම, අනතුරු උපද්‍රව කිසිදා සිදු නොවීම, හැමකල්හි ගෞරවය ලැබීම, ආහාරපාන වස්‌ත්‍ර සයනාසන නොමඳව ලැබීම, බවභෝග නොනැසීම, ස්‌ථිර සිත් ඇතිව විසීම, ධර්මයෙහි කැමති වීම, ආශ්‍රව රහිත වීම යනාදී ආනිසංස ලැබේ. 

දැළිපිහියා පිදීමෙන් හැමකල්හිම සූරයෙක්‌ වීම, නොවිසිරි සිත් ඇතිවීම, විශාරදත්වයෙන් යුක්‌තවීම, ධෛර්ය හා වීර්ය ලැබීම, කෙලෙස්‌ නසන ඥානය ලැබීම යන ආනිසංස ලැබේ. ඉදිකටු නූල් පිදීමෙන් සැක නැතිව හි`ඳීම, සැක නැතිව භවයේ සැරිසැරීම, රූ ඇතිව විසීම, බවභෝග ලැබීම, තියුණු නුවණක්‌ ලැබීම, ගැඹුරු සියුම් අර්ථයන් දැනීම, මොහ`දුර දුරු කරන ඥානය ලැබීම යන ආනිසංස ලැබේ.

පෙරහන්කඩ පිදීමෙන් ජීව්‍යායුෂ ලැබීම, සොරුන්ගෙන් හිංසා නොවීම, සතුරන්ට කිසිදා විපත් පැමිණවිය නොහැකිවීම, ආයුධ විෂ ආදියෙන් අනතුරු නොවීම, අතුරු මරණ නැති පරමායුෂ විඳීම ආනිසංස ලෙස ලැබේ. පටි පිදීමේ ආනිසංස ලෙස සමාධින්හි අකම්පිතව වශීභාවයට පැමිණීම හා නොඹිදෙන පිරිස්‌ ඇතිවීම එළඹ සිටි සිහි ඇතිව විසීම, තම වදන් අනුන් විසින් පිළිගැනීම, කිසිදු භවයක බියක්‌ තැති ගැනීමක්‌ ඇති නොවීම දක්‌වා තිබේ. 

මෙම ආනිසංස නිසා බෞද්ධ ජනතාව අටපිරිකර පූජාව කෙරෙහි බෙහෙවින් උනන්දු විය. එම උනන්දුව තම වාසියට පෙරලා ගත් කූට වෙළඳුන් විසින් අටපිරිකර වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්කර ලාභ ලැබීමේ ව්‍යාපාරයක්‌ බවට පත්කරගෙන සිටී. මේ සඳහා අනියමින් දායකත්වය සපයනුයේ භික්‍ෂූන්වහන්සේලා විශාල පිරිසක්‌ සහභාගි කරවාගෙන කරනු ලබන මහා පින්කම්ය. එම පින්කම්වලදී උවමනා වන අටපිරිකර සපයා ගන්නේ වෙළඳුන් මඟිනි. මෙසේ තොග වශයෙන් ඇතිවන ඉල්ලීම් සපුරාලනු වස්‌ වෙළඳුන් ප්‍රමිතියෙන් තොර අටපිරිකර සකස්‌ කිරීමට පෙළඹේ.

තවත් අතකින් මෙසේ ඉවක්‌ බවක්‌ නැතිව ආනිසංස අපේක්‍ෂාවෙන් අටපිරිකර පූජාවන් නිසා ඇතැම් විහාරස්‌ථානවල අටපිරිකර ගොඩගැසී තිබෙනු දැකිය හැකිය. එය අල්පභාණ්‌ඩිකත්වය උතුම් කොට සැළකූ භික්‍ෂු ජීවිතය බහුභාණ්‌ඩිකත්වයට පත්කිරීමකි. මෙසේ භික්‍ෂු අවශ්‍යතාවය ඉක්‌මවා කරනු ලබන අටපිරිකර පූජාවන් තුළින් පෙර කී ආනිසංස ලැබේදැයි යන්න සැක සහිතය. 

එසේම මෙසේ විහාරස්‌ථානවල එක්‌ රැස්‌වන අටපිරිකරවලට කළ හැක්‌කක්‌ නොමැතිකමින් ඒවා විකුණා මුදල් බවට හැරවීමට බොහෝ භික්‍ෂූන්වහන්සේලා ක්‍රියා කරනු දැකිය හැකි වේ. ප්‍රයෝජනයට නොගන්නා අටපිරිකර විකුණා ඉන් ලැබෙන මුදලින් ප්‍රයෝජනවත් යමක්‌ කිරීම වරදක්‌ සේ දැකිය නොහැකිය. එහෙත් ගැටලුව වන්නේ ඒවා මිලදී ගනු ලබන්නේ කවුරුන් ද යන්නයි. වත්මනෙහි මෙම ව්‍යාපාරය කරනු ලබන බොහෝ දෙනා අන්‍යාගමිකයින් ය. ඔවුන්ට අටපිරිකර පිළිබඳ ඇති දුරවබෝධය නිසා එහි ප්‍රමිතිය දිනෙන් දින බාල වී යාම වැළැක්‌විය නොහැකිව තිබේ.

අටපිරිකර පූජනීය වස්‌තුවකි. එය ප්‍රමිතිගත කිරීම නීතියෙන් සිදු කළ හැකි යෑයි සිතීම මිත්‍යාවකි. බෞද්ධ සංස්‌කෘතියෙහි පූජනීය අංගයක්‌ වන අටපිරිකර ප්‍රමිතිගත කළ හැක්‌කේ ඒ පිළිබඳ පවතින සමාජගත මතය නිවැරදි කිරීමෙන් හා එය වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත් වීමෙන් වළකා පූජනීය වස්‌තුවක්‌ බවට පත් කිරීමෙන් පමණකි. බෞද්ධ සංස්‌කෘතියෙහි වටිනාකම් රැක ගත යුතු වන්නේ ද, ඒ සඳහා ක්‍රියාකාරි මැදිහත් වීමක්‌ සිදු කළ යුත්තේ බෞද්ධයන් විසින් ම ය.

අටපිරිකර පිළිබඳ සමාජගත මතය නිවැරදි කිරීමෙහිලා පළමුවෙන් ම සිදු කළ යුතු වන්නේ අටපිරිකර දානානිසංස පිළිබඳ නිවැරදි අවබෝධයක්‌ බෞද්ධයාට ලබාදීමයි. ඒ අනුව බෞද්ධ කර්මඵල විග්‍රහය නියතිවාදයක්‌ බවට පත් කළ සාවද්‍ය ආනිසංස කතා බැහැර කළ යුතුය. අටපිරිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස එපමණකින් ම ලැබේයෑයි සිතීම වැරදිය. බුදුන් දවස ඒහිභික්‍ෂු භාවය ලැබුවේත් මේල පලඳනාව ලැබුවේත් සුළු පිරිසකි. එබැවින් අටපිරිකරක්‌ පූජා කිරීමෙන් පමණක්‌ මෙම ආනිසංස ලැබේ යෑයි කිසිවෙකුත් නොසිතිය යුතුය. ඒ සඳහා රැස්‌ කරගත යුතු කුසල් රාශියකි. එම කුසල් නොඅඩුව රැස්‌ කරගත් අයට ඒහිභික්‍ෂුභාවය හා මේල පළඳනා උරුම විය. ඒ සඳහා අටපිරිකර පූජාවේ කුසලය බලපෑ හෙයින් බුදුරදුන් එසේ වදාරන්නට ඇත. මෙය නියතියක්‌ නොවේ. 

අටපිරිකර පූජාව යනු තවත් එක්‌ දානයකි. දානයක කුසල් බලය තීරණය වනුයේ දන්දෙනු ලබන දෙය මත නොව දන් දෙන්නාගේ ෙච්තනාව මතය. ඒ අනුව යහපත් කුසල් චේතනාවෙන් තණ්‌හාව දුරුකර දෙනු ලබන කුමන හෝ දානයක ආනිසංස එක සේ ලැබේ. සුමන නම් මාලාකාරයෙකු මල් අටක්‌ පිදීමෙන් පමණක්‌ දිව්‍ය සැප සම්පත් ලැබූ බව කියෑවේ. එබැවින් බෞද්ධයා අටපිරිකර පූජාවට පමණක්‌ විශේෂ සැළකිල්ලක්‌ දැක්‌විය යුතු නොවේ.

අටපිරිකර වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්වීමෙන් වළකා ගැනීමේ වැඩි වගකීමක්‌ ඇත්තේ භික්‍ෂූන් වහන්සේලාට ය. ඒ සඳහා නිකායාදී සියලූ භේදයන්ගෙන් මිදී භික්‍ෂූන්වහන්සේලා එක්‌ රැස්‌වී අටපිරිකර පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය යුතුය. එය ප්‍රමිති කිරීම සඳහා වත්මන් නීතිය නොව බෞද්ධ විනය උපයෝගී කර ගත යුතුය. චීවරCඛJධකය තුළ චීවරයන්ගේ පිරිවිතර සිට එය නිෂ්පාදනයේ සෑම පියවරක්‌ ම අන්තර්ගත ය. එසේ ම සිවුරුවලට කැප අකැප රෙදි වර්ග, පඬු වර්ග ආදිය ද එහි ම දැක්‌වේ. ඛුද්දක වFථුCඛJධකයේදී පාත්‍රා සම්බන්ධයෙන් ද මෙසේ පිරිවිතර හා කැප අකැප පාත්‍රා හා ප්‍රමාණයන් දක්‌වා තිබේ. එහිම පෙරහන්කඩ හා ඉඳිකටුව පිළිබඳවද විස්‌තර දැක්‌වේ. සේනාසනCඛJධකයේ පටිය පිළිබඳ ව දැක්‌වේ. මෙසේ බෞද්ධ විනයට අනුකූලව අටපිරිකර සකස්‌ කිරීම සඳහා දැනට මෙම කර්මාන්තයේ නියෑලී සිටින අයවලුන් භික්‍ෂූන් වහන්සේලාගේ නිරන්තර පරීක්‍ෂාවට ලක්‌වන හා අවවාද අනුශාසනා ලබන පිරිසක්‌ බවට පත් කළ යුතුය. 

අටපිරිකර පූජා කිරීම සඳහා ද සුවිශේෂී අවස්‌ථාවන් කිහිපයක්‌ පමණක්‌ නියම කරගත යුතුය. පැවිදි කිරීමේ පින්කම්, උපසම්පදා පින්කම් හා කඨින පින්කම් ඒ සඳහා ප්‍රමාණවත්ය. එවිට ඉවක්‌ බවක්‌ නොමැතිව කරනු ලබන අටපිරිකර පූජාවන් වැළකී යන්නේය. එසේම විනයානුකූල බවින් තොර අටපිරිකර පූජාවන් සඳහා යොදා ගැනීම ද මින් වැළකේ. ඊට හේතුව මෙම අවස්‌ථාවලදී අටපිරිකර භාවිතයට ගැනීමයි.

බෞද්ධ විනයට පැටහැනි අටපිරිකර පූජාවන් භාර නොගැනීමත් එය විනයානුකූලව සිදු කරන අයුරු බෞද්ධයාට කියාදීමත් මඟින් භික්‍ෂූන්වහන්සේලාට මෙම කාර්යය සඳහා ක්‍රියාකාරීව දායක විය හැකිය. එසේ ම විහාරස්‌ථානවල අවශ්‍ය පමණට වඩා රැස්‌ වන අටපිරිකර ඉහත කී පින්කම් අවස්‌ථාවලදී යොදා ගැනීමත් දුෂ්කර ප්‍රදේශවල විහාරස්‌ථාන සඳහා ඒවා බෙදා හැරීමත් මඟින් අටපිරිකර සඳහා පවතින වෙළඳපොළ ඉල්ලුම අඩු කළ හැකිය. එවිට ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඉබේම වැළලී යයි. 

මෙසේ බෞද්ධ සමාජය තුළ අටපිරිකර සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කිරීමෙන් හා එය ආර්ථික වටිනාකමක්‌ සහිත වෙළඳ භාණ්‌ඩයක්‌ වීමෙන් මුදවා ඊට නිසි ගෞරවය හා පිළිගැනීම ලැබෙන වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක කිරීමෙන් අටපිරිකර නිරායාසයෙන් ම ප්‍රමිතිගත වන්නේය. 

රංග බුද්ධික කංකානන්ගේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 
http://www.divaina.com/2013/12/28/feature01.html

Friday, December 27, 2013

අගමැති පුතාගේ මැතිවරණ වියදම කුඩු කන්ටේනරය හිමිකරුගෙන් බවට තොරතුරු තිබෙනවා - සංඝ සම්මේලනය

අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ ජයරත්න මහතා පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී විශාල මනාප ප‍්‍රමාන්‍යක් ලබා ගත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ආධාර වියදම් කරමින් යයි ජාතික සංඝ සම්මේලනය පවසයි.

එහි සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පසුගියදා ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු කන්ටේනරයේ හිමිකරු අනුරාධ ජයරත්න මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුත්ත සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කල බවට තමන් සතුව තොරතුරු ඇති බවයි.

අදාල කන්ටේනරය නිදහස් කිරීමට නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ලිපිය අග‍්‍රාමාත්‍යවරයා නොදැනුවත්ව නිකුත් කළේ යැයි පිළිගත නොහැකි බවද පැවසූ උන් වහන්සේ මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිවැරදි ප‍්‍රකාශයක් කළ යුතු යයිද සඳහන් කලහ.

http://lankacnews.com/sinhala/main-news/107220/

සිංහල මව්වරුන්ගේ කෘතීම රසකාරක සහිත ආහාර පුරුදු නිසා දරු ඵල ශක්තිය අඩුවනවා - කථිකාචාර්ය එච්.පී වක්කුඹුර

වර්තමානයේ ලංකාව තුළ කෘතිම ආහාර පරිභෝජනය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බවත් එනිසා සිංහලයා වද ජාතියක් වීමේ අනතුරක් ඇති බවත් යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එච්.පී වක්කුඹුර මහත්මිය පැවසුවාය.

පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද කාන්තාවන් දැනුවත් කිරීම සදහා පාරිභෝගික අධිකාරිය මගින් ගම්පහදී පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වෙමින් ඒ මහත්මිය එසේ පවසා සිටියාය.

වැඩමුළුව අමතමින් වෛද්‍යතුමිය මෙසේද පැවසුවාය.

‘අද වනවිට අපෙන් ප‍්‍රතිකාර සදහා එන හුගාක් ගැහැණු ළමයින්ගේ ආර්ථවය නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මෙම කාන්තාවන්ට දරු ඵල ලබා ගැනීමේ ශක්තියත් අඩු වෙමින් පවතිනවා.

මේකට ප‍්‍රකට හේතුව තමා අප කුඩා කාලයේ පටන් ආහාරයට ගන්නා කෘතීම රසකාරක යෙදු ආහාර. විවිධ වෙළද ප‍්‍රචාරක දැන්වීම් වලට රැවටිලා. අම්මලා දරුවන්ට නානාප‍්‍රකාර කිරි වර්ගයි තව නොයෙකුත් කෘතිම ආහාරයි ලබාදෙන්න පුරුදු වෙලා ඉන්නවා. මේකේ අවසන් ප‍්‍රතිඵලය තමා තවත් අවුරුදු 10ක් විතර සිංහලයා වද ජාතියක් බවට පත් වෙන එක.

මේ කෘතිම ආහාර වල බලපෑම් වලින් ශරීරයේ හෝමෝන විකෘති වෙනවා. ඒ තුළින් වද භාවයට අමතරව වයස 1-16 අතර දරුවන්ට අක්මාවේ පිළිකා ඇතිවීමට සීනි සහ තෙල් වැඩියෙන් යෙදු ආහාර හේතු වෙලා තියෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා. ශ‍්‍රී ලංකාව තුළ දියවැඩියාව හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ශීඝ‍්‍රයෙන් ඉහළ යාමට හේතුවත් මේ අක‍්‍රමවත් ආහාර රටාවයි’

http://lankacnews.com/sinhala/news/107011/

Pic Source

ඉපැරණි හෙල සහල් පිළිකා, දියවැඩියා නසන බව පර්යේෂණ තහවුරු කරයි

පිළිකා, දියවැඩියාව,රක්තහීනතාව ආදී රෝග පාරම්පරික සහල් පරිභෝජනයෙන් නිවාරණය කළ හැකි යයි කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් පිළිබද කළ පර්යේෂණ වලදී තහවුරු වූ බව එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පැවසුවාය.

සුදු හීනටි, පච්ච පෙරුමාල්, රත් සුවදැල් යන සහල් වර්ග පිළිකා රෝගය සදහා ද, දියවැඩියාව සදහා මසුරන්, ගොනබාරු යන සහල් වර්ගද රක්තහීනතාව සදහා යකඩ සහ ප්‍රෝටීන් බහුල කළු බැල වී, පච්ච පෙරුමාල්, දහනඅල, රතු හීනටි, කට්ටමංජල් යන සහල් වර්ගද ආහාරයට යොදා ගත හැකි බව ඇය සදහන් කළාය.

මෙම නව සොයා ගැනීම සිදු කලේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් වසර හතකට ආසන්න කාලයක් පුරා සිදු කෙරූ පරීක්ෂණයන්ට අනුව යයිද අධ්‍යක්ෂිකාව පැවසුවාය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් පාරම්පරික සහල් නියැදි පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙම සොයා ගැනීම සිදුකළ බවද මෙම පාරම්පරික සහල් වර්ගයන්හි ඇතැම් සහල් වර්ග සුපිරි වෙළදසල් මගින්ද පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.

http://lankacnews.com/sinhala/news/107080/

ලිබියාව පාලනය කරන්නේ මැර කල්ලි සහ ත්‍රස්‌ත කල්ලි - ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය හෙළිකරයි

ලිබියාව පාලනය කරන්නේ ආණ්‌ඩුවක්‌ නොව සටන්කාමී කණ්‌ඩායම්, මැර කල්ලි, අන්සාර් ඉස්‌ලාම් සහ අල්කයිදා ත්‍රස්‌තවාදීන් යෑයි ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය කියා සිටී.

ලිබියාවේ ජනතාවට ආරක්‍ෂාව, ආහාර, ගෑස්‌, විදුලිය ඖෂධ ද්‍රව්‍ය නැති බවද එකී සංවිධානය සඳහන් කරයි. ලිබියාවේ ජනතාව හිටපු නායක ගඩාපිගේ පුත් සයිප්ට සහාය දක්‌වන බව සඳහන් කරන එම සංවිධානය ලිබියාව පාලනය කරන කැරලිකරුවන් විදේශිකයන් බවද දක්‌වා ඇත.

ලිබියාවේ තත්ත්වය අරාජික බවද ග්‍රීන් රෙසිස්‌ටන් සංවිධානය තවදුරටත් පළකර තිබේ.

http://www.divaina.com/2013/12/27/forign08.html

ඉරාකයේ නත්තල් දේව මෙහෙයකට හා කිතු බැතිමතුන්ගේ ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාර එල්ල වී 37 ක්‌ මරුට

ඉරාකයේ ඩෝරා ප්‍රදේශයේ නත්තල් දේවමෙහෙයක්‌ පැවැත්වෙන අවස්‌ථාවේ සිදුවූ වාහන බෝම්බ පිපිරීමකින් 26 ක්‌ මියගොස්‌ 38 කට තුවාල සිදුවී ඇත.

මෙම සිදුවීමට පෙර ක්‍රිස්‌තියානි බැතිමතුන් වෙසෙන අනෝරියන් ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක්‌ අසල සිදුවූ තවත් බෝම්බ පිපිරීමකින් 11 ක්‌ මියගොස්‌ 21 ක්‌ තුවාල ලබා තිබේ.

මෙය අල්කයිදා ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ යෑයි සැකකෙරේ. ඉරාකයේ ක්‍රිස්‌තියානි ජාතිකයන් 600,000 ක්‌ සිටින බව හෙළිවී ඇත.

http://www.divaina.com/2013/12/27/forign05.html

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ - ඊජිප්තු රජය

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ යෑයි ඊජිප්තු රජය නිවේදනය කර ඇත.

මෙම සංවිධානයට සම්බන්ධ වූවන්ට රජය දඬුවම් කරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති හොයට්‌ අයිසා පැවැසීය.

කයිරෝ නුවර පොලිස්‌ මූලස්‌ථානය අසල සිදුවූ බෝම්බ පිපිරීමට මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සම්බන්ධ බවද රජය කියා සිටී. මෙම බෝම්බ පිපිරීමෙන් 13 ක්‌ මියගොස්‌ 100 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇත.

මේ අතර තමන් එම බෝම්බ පිපිරීමට සම්බන්ධව නැතැයි මුස්‌ලිම් බ්‍රදර්හුඩ් පවසා තිබේ.

http://www.divaina.com/2013/12/27/forign02.html

ඇස්‌ දන්දීම උතුම් පිංකමක්‌! - ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය

දානය කියන්නේ බුද්ධාගමේ උගැන්වෙන මූලික සිද්ධාන්තයක්‌. අඩසියවසකට වැඩිකලක්‌ අපි ක්‍රියාවට නංවන්නේ ඒ සිද්ධාන්තයයි. මේ හරහා අප රටේ මෙන්ම විදේශ රටවල් 53 ක මිලියන ගණනකට පෙනුම ලබාදෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. අපි මේ වන විට ඇස්‌ ලක්‍ෂයක්‌ ලබාදීලා තියෙනවා. ඉන් 60 දාහක්‌ම විදේශීය රටවලට ලබාදුන් අතර ඉතිරිය අපේ රටේ ජනතාවට ලබාදීමට හැකිවූ බව, ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරි ඩී. පී. රණසිංහ මහතා පැවසීය.

ඒ මහතා එම අදහස්‌ පළකළේ ජාතික අක්‍ෂිදාන දිනයට සමගාමීව රත්තොටදී පැවැති උත්සවයක්‌ අමතමිනි.

එම සංගමයේ රත්තොට ශාඛාව, රත්තොට සබැඳි මිතුරෝ සංවිධානය හා එක්‌ව සංවිධානය කර තිබූ මෙම උත්සවය රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා පැවසුවේ දොස්‌තර හඩ්සන් සිල්වා මහතා අවංක ෙච්තනාවෙන් ආරම්භ කළ මේ සත් කාර්යය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යන බවයි. මේක සම්පූර්ණයෙන්ම ස්‌වෙච්ඡාවෙන් කරගෙන යන එකක්‌. ඇස්‌ දන්දීම කෙනෙකුට ජීවිතයේදී කළ හැකි විශාලම පිංකමක්‌. අපි කරන්නේ ඒකට පහසුකම් සපයන එකයි. අප සතුව ඇස්‌ රෝහලක්‌ වගේම, ඇස්‌ බැංකුවකුත් තියෙනවා. එහෙම බැංකුවක්‌ ලෝකේ කොහෙවත් නෑ. මීට අමතරව අප සතුව පටක බැංකුවකුත් දැන් තියෙනවා. විශාල ශල්‍ය කර්මයකට පටක අවශ්‍ය වුණාම රෝහල් වලින් අපෙන් ඒවා ඉල්ලනවා. අපි දෙනවා, මේ අනුව රෝගීන් 5700 කට ගතවූ කාලය තුළ පටක ලබාදීල තියෙනවා. අපි කරන මේ සත්කාරය නිසාම රජය දෙසැම්බර් මස 18 දා අක්‍ෂිදාන දිනය ලෙස නම් කරලා තියෙනවා. අද මේ රැස්‌වීම හා අක්‍ෂි සායනය ඒකට සමගාමීවයි පවත්වන්නේ. දානයක්‌ දෙන්න මුදලක්‌ වැයකරන්න ඕන. එහෙම නැතුව දෙන්න පුළුවන් එකම දානය ඇස්‌ දන්දෙන එකයි. මේක ඉතා විශාල පින් ලැබෙන කාර්යයක්‌. මේ තුළින් විශාල සතුටකුත් අපට ලබාගන්න පුළුවන් යෑයි ඒ මහතා පැවැසීය.

මෙම රැස්‌වීම් අමතා රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්. එම්. අජිත් කුමාර, පටක බැංකුවේ සාමාන්‍යාධිකාරී හේමික ද මැල්, රත්තොට අක්‍ෂිදාන සංගමයේ සභාපති ඒ. ගල්කන්ද රත්තොට සබැඳි මිතුරෝ සුභ සාධක සංගමයේ සභාපති, එච්. කේ. සුමනසිරි ද සිල්වා යන මහත්වරුද කතා කරන ලදී.

රත්තොට - එච්. රිචඩ් ද සිල්වා
http://www.divaina.com/2013/12/27/provin07.html

නිර්භීත වේගවත් ගමන් මගක ස්‌වර්ණමය මතකය - 57 වසරක සිංහ රෙජිමේන්තු අභිමානය


ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල (lnfantry) රෙජිමේන්තු අතරින් අද්විතීය ස්‌ථානයක්‌ හිමි කර ගෙන සිටින සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් තිස්‌ වසරක යුද සමයේ ඉටුකළ මෙහෙවර අති මහත්ය.

වසර 57 ක අභිමානවත් ප්‍රෙෘඪ ඉතිහාසයකින් හෙබි සිංහ රෙජිමේන්තුව මෙරට ප්‍රථම සහ එකම රයිපල් බළකාය ලෙස ආරම්භ වී අද වන විට නිත්‍ය හා ස්‌වෙච්ඡා බළඇණි 24 කින් සමන්විත ප්‍රබල රෙජිමේන්තුවක්‌ බවට පත්වී ඇත.

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අභීතව සටන් කළ වීරෝදාර සිංහ රණවිරුවන් දශක තුනක ඊළාම් යුද්ධයේදී පෑ වික්‍රමාන්විත මෙහෙවර අතිවිශිෂ්ටය. අති උදාරය. සිංහල රණවිරුවන්ගේ එම මෙහෙවර සහ කැපවීම යුද ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියෑවී ඇත.


<--- දෙපා අහිමි රණවිරුවකුට සිංහ රෙජිමේන්තු අධිපති විසින් රණශූර පදක්‌කම පිරිනැමූ අවස්‌ථාව . (ඡායා -සුජාතා ජයරත්න)

"නිර්භීත වේගවත්" යන ආදර්ශ පාඨය පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ මහා බලවේග අතරින් ප්‍රධාන බලවේගයක්‌ ලෙස වසර 57 ක අභිමානවත් ඉතිහාසයකින් හෙබි සිංහ රෙජිමේන්තුව මවුබිම රැක ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් රැසක්‌ ඇතුළු සෙබළ රණවිරුවන් 3862 දෙනකුගේ උත්තම ජීවිත පූජා ප්‍රාණ දානයෙන් දායක වූ ඓතිහාසික රෙජිමේන්තුවකි. යුද්ධය ආරම්භයේ සිට වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් යුද විජයග්‍රහණය දක්‌වා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 143 දෙනකු සහ සෙසු නිළයන් 3719 දෙනකු මවුබිම වෙනුවෙන් සිය උතුම් ජීවිත පුද කර ඇත. සිංහ රණවිරුවන් 3862 දෙනකු එසේ ප්‍රාණ දානය දී දිවි පුදා සිටියදී තවත් සිංහ විරුවන් 3935 දෙනකු සිය ශරීරාංග පුද කර ආබාධිතයන් බවට පත්ව සිටින බවද අමතක කළ නොහැක.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ රණවිරුවකුට හිමිකර ගත හැකි උසස්‌ම වීර වික්‍රමාන්විත සම්මානය වන "පරම වීර විභූෂණ" පදක්‌කමින් පිදුම් ලත් ප්‍රථම නිලධාරියාත් ප්‍රථම සෙබළාත් බිහිවූයේ සිංහ රෙජිමේන්තුවෙනි.

කොකාවිල් සන්නිවේදන සම්ප්‍රේෂණ කුලුන ආරක්‍ෂා කර ගැනීමට සටන් කළ සිය රණවිරු සගයන් සමග අවසානය දක්‌වාම එඩිතරව සටන් වැද කඳවුර තුළම දිවි පිදූ කපිතාන් සාලිය අලදෙණිය සහ අලිමංකඩ කඳවුර රැක ගැනීම සඳහා දිවි පුද කළ කෝප්‍රල් ගාමිණී කුලරත්න (හසලක වීරයා) එම අභීත රණවිරුවෝ වෙති. ජීවත්ව සිටියදී සෙබළකුට ලබාගත හැකි උසස්‌ම සම්මානය වන වීරෝදාර විභූෂණ" වීර ක්‍රියා පදක්‌කම ප්‍රථම වරට හිමිකර ගැනීමේ ගෞරවයද හිමි වූයේ සිංහ රෙජිමේන්තුවටය. එවක රයිපල් සෙබළ නිලයේ සිටි වත්මන් කපිතාන් පී. එල්. එස්‌. එල්. කුරේ එම වීරක්‍රියා පදක්‌කමින් ප්‍රථම වරට පිදුම් ලැබූ සිංහ රණවිරුවාය.

ඊළාම් යුද්ධය ආරම්භයේ පටන් අලිමංකඩ, සිලාවතුර, යාපනය කොටුව යන කඳවුරු සතුරු ආක්‍රමණයට ලක්‌ නොවී රැක ගැනීම ඇතුළු උතුරු නැගෙනහිර පුරා පැවැති යුද ක්‍රියාන්විතවලදී සිංහ රෙජිමේන්තු රණවිරුවන් දැක්‌වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් විශාල රණවිරුවන් පිරිසක්‌ වීර ක්‍රිsයා පදක්‌කම්වලින් පිදුම් ලැබූ අතර පසුගිය නැගෙනහිර හා වන්නි මානුෂික මෙහෙයුම්වලදී දැක්‌වූ දක්‍ෂතා වෙනුවෙන් සිංහ රණවිරුවන් 1769 දෙනකු වෙත "රණශූර" පදක්‌කම් පිරිනැමීම පසුගියදා සිදු විය.

නැගෙනහිර හා වන්නි මානුෂීය මෙහෙයුමට සහ ඉන් පෙර පැවැති සටන්වලදී සංග්‍රාම භූමියේදී සතුරු බල බිඳලීමට සිය දිවි පරදුවට තබා ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව වීර විකුම් පෑ සිංහ රෙජිමේන්තු නිලධාරීන් 177 දෙනකු සහ සෙබළුන් 1592 දෙනකු මෙහිදී "රණශූර" පදක්‌කමින් පිදුම් ලැබූහ. එම පිරිස අතරට මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් 275 දෙනකු අයත් වූ අතර ඔවුන්ට හිමි පදක්‌කම් එම රණවිරුවන්ගේ දෙමවුපියන්, බිරින්දැවරුන්, දූ දරුවන් ඇතුළු සමීප ඥතීහු ලබා ගත්හ.

සිංහ රෙජිමේන්තුවේ වත්මන් අධිපති (Colonel of the Regiment) වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරාගේ නායකත්වය එම රෙජිමේන්තුවට විශාල ශක්‌තියක්‌ බව ඔහු එම රෙජිමේන්තුවේ අධිපති ධුරය භාරගත් පසු මේ දක්‌වා සිංහ රෙජිමේන්තුව ලබා තිබෙන වර්ධනය හා ප්‍රගතිය දෙස බැලීමේදී තහවුරු වනු ඇත.

සිංහ රෙජිමේන්තු ඉතිහාසය දෙස බැලීමේදී ඉන් බිහි වූ දක්‍ෂ නිලධාරීන් රැසක්‌ පිළිබඳව සිහිපත් කළ යුතු අතර ඒ අතරින් කැපී පෙනෙන චරිතයක්‌ ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා හැඳින්විය හැක.

සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම සහ එකම යුද හමුදාපතිවරයා වීමේ භාග්‍යය හිමි කරගත් ජෙනරාල් ෆොන්සේකා තිස්‌ වසරක යුද ශාපය නැතිකිරීම සඳහා යුද නායකත්වය දෙමින් සිය හමුදාපති ධුර කාලය තුළ යුද්ධය විජයග්‍රහණයෙන් අවසන් කිරීමට සිංහ රෙජිමේන්තුව පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකා යුද හමුදාවම මෙහෙයවීය. එවන් යුද හමුදාපතිවරයකු බිහි කිරීමේ ගෞරවයද සිංහ රෙජිමේන්තුවට හිමි වී ඇත.

සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ තවත් සෙන්පතියකු වන මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න පිළිබඳවද මෙහිලා සඳහන් කරනුයේ ඔහු විසින් යුද ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ කීපයකටම නායකත්වය දුන් නිලධාරියකු නිසාවෙනි.

එවකට මේජර්වරයකු ලෙස සිංහ රෙජිමේන්තුවේ 04 වැනි බළඇණියේ අණදෙන නිලධාරියා වශයෙන් අලිමංකඩ කඳවුර කොටි ආක්‍රමණයට ලක්‌ නොවී රැක ගැනීම උදෙසා ඔහු විසින් ලබාදුන් එඩිතර නායකත්වය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. එමෙන්ම 2006 වසරේදී කොටි ත්‍රස්‌තවාදීන් යාපනය ආක්‍රමණය කිරීමට වෙර දැරූ දැවැන්ත ආක්‍රමණශීලී ප්‍රහාරය මැඬ පැවැත්වීමට එවක 55 වැනි සේනාංකාධිපතිවරයා ලෙස මේජර් ජෙනරාල් කරුණාරත්න දුන් නායකත්වය කදිමය.

සිංහ රෙජිමේන්තුවේ වත්මන් අධිපති මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරා දෙවැනි ලුතිනන්වරයකුව සිටියදීම සටන් බිමට පිවිස සටන් වදිමින් සටන් මෙහෙයවමින් ලැබූ අත්දැකීම් ඔස්‌සේ අද වන විට සිය සිංහ රණවිරුවන්ගේ කැපවීම, දක්‍ෂතා හොඳින් හඳුනාගෙන ඔවුන්ගේ මෙහෙවර අගයමින් සුබසාධනය උපරිමව ඉටුකිරීමට කැපවීමෙන් යුතුව නායකත්වය ලබා දෙමින් සිටින බව පෙනී යයි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥපති (Security Force Commander Wanni) ධුරය මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරා යුද හමුදාවේ උසුලන ප්‍රධාන තනතුර වන අතර ඊට අමතරව උතුරේ අවතැන් වූවන් නැවත පදිංචිකරවීමේ නිසි බලධාරියා වශයෙන්ද කටයුතු- කරයි. දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයකු වන ඔහු යුද හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරයි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථානය විසින් සිදුකළ ජාතික මෙහෙවරක්‌ පසුගියදා දැක බලා ගැනීමේ අවස්‌ථාව අපට උදා විය.

ශ්‍රි ලංකා යුද හමුදාවට සෙබළියන් ලෙස බඳවාගත් උතුරේ දෙමළ තරුණියන් 45 දෙනකු විසිර යැමේ උත්සවය ඉතා අභිමානවත් සහ උත්කර්ෂවත් අයුරින් සිදු විය. රාත්‍රී විසිර යැමේ පෙළපාලියක්‌ ලෙස ප්‍රථම වරට පැවැති මෙම උත්සවය යුද හමුදා ඉතිහාසයට එක්‌වන විචිත්‍ර වර්ණවත් උත්සවයක්‌ද විය.

සංහිඳියාව තුළින් ජාතික සාමය හා සංවර්ධනය යන සංකල්පනාව අනුව මෙම දෙමළ සෙබළියන් යුද හමුදාවට බඳවා ගත් අතර ඊට සමගාමීව බඳවා ගත් සිංහල සෙබළියෝa 10 දෙනකුද මෙම දෙමළ තරුණියන් සමග එකට පුහුණුව ලැබූහ. එය යුද හමුදා ඉතිහාසයේ තවත් සුවිශේෂී අවස්‌ථාවක්‌ විය.

උතුරේ සිංහල සහ දෙමළ තරුණියන් කිසිදු ජාති ආගම්, කුල භේදයකින් තොරව ලක්‌මවගේ එකම දියණියන් කැළක්‌ ලෙස සහෝදරත්වයෙන් යුතුව එකම හමුදා පුහුණුව ලබා යුද සෙබළියන් ලෙස එකටම විසිර යැම ඓතිහාසික දුලබ දසුනක්‌ විය.

"සංහිඳියාව තුළින් ජාතික සාමය හා සංවර්ධනය කරා රජය ගෙන යන වැඩපිළිවෙළට මෙන්ම ජාතික ආරක්‍ෂාවටද ඵලදායී ලෙස උරදෙන ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකරනු ලබන ජාතික මෙහෙවරට අත්‍යවශ්‍ය වූ උතුරේ දෙමළ තරුණියන් යුද හමුදාවට බඳවා ගැනීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ මෙහෙයවීම මත සිදු කිරීමේදී දෙමළ තරුණියන් සමග සිංහල තරුණියන්ද එකට බඳවාගෙන එකට පුහුණු කරවීම වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරාගේ සංවිධායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපෘතියක්‌ ලෙස හැඳින්විය හැක.

මේ වසරේ අගෝස්‌තු 10 වැනි දින බඳවා ගත් මෙම දෙමළ, සිංහල තරුණියන්ට යුද සෙබළියන් ලෙස අවශ්‍ය කායික හා මානසික ශක්‌ති වර්ධනය සඳහා මාස 03 ක දුෂ්කර පුහුණුවකට අදාළ යුද උපක්‍රම රණබිම් ක්‍රම, සිතියම් කියවීම අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි, සිවිල් සම්බන්ධීකරණ රාජකාරි මෙන්ම යුද හමුදා විෂය පථයට පරිබාහිර වූ රූපලාවන්‍ය, උත්සව අවස්‌ථා අලංකරණය, මනාලියන් හැඩ ගැන්වීම, අත්කම් මල් නිර්මාණය වැනි පුහුණුවද ලබාදී ඇත.

මෙම විසිර යැමේ උත්සවයේදී අන් සෑම සිංහල, දෙමළ සෙබළියන් අභිබවා සෑම අතින්ම අතිශූර කාන්තා සෙබළිය ලෙස අන්නමලෙයි ධර්මනායගම් සහ මංගස්‌සන් සරධා යන දෙපළගේ දියණියක වන දිව්‍යා ධර්මනායගම් සෙබළිය දක්‍ෂතම සෙබළියට හිමි යෂ්ටියෙන් හා සාටකයෙන් පිදුම් ලැබුවාය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/12/27/feature.html