Pages

Sunday, August 21, 2016

'එකම ලේ' පිටුපස කවුද? යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන 'විසකුරු ලේ'

යහපාලන රජය පැමිණීමත් සමඟ එක්‌ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ වඩා ප්‍රබල චරිතයක්‌ ලෙස සමාජයේ හැසිරෙයි. විටෙක මොහු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ටත් වඩා බලවන්තයෙක්‌ දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ. ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක්‌ ද නැත්නම් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක්‌ නමුත් මොහු ජනපතිවරයාගේ සමීප හිතවතෙක්‌ බව නම් පෙනේ. ජනවාරි 08 වැනිදා දේදුනු විප්ලවයෙන් පසු මොහුගේ කටහඬට බලවත් පණක්‌ ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ හා ඒකාබද්ධ විපක්‍ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත. මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස සිටින්නේ කවර බලවේගයක්‌ ද?. මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු බලසේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. කොටි සංවිධානය භික්‍ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම කොටි නායකයෙක්‌ බෞද්ධ භික්‍ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත. ඒ අනුව මේ යහපාලන සුරතලා බෞද්ධ භික්‍ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද? යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට තර්ජනය කිරීමෙන් ද?

මේ අතර පසුගිය සඳුදා දිනයේ අසාද් සාලි ඇතුළු පිරිසක්‌ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික රූපවාහිනිය ඉදිරිපිට ජාතිවාදයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳ සැමගේ අවධානය යොමු විය. අපි ඔක්‌කොම එකම ලේ මැයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මෙම උද්ඝෝෂණය පිළිබඳව එක්‌තරා බ්ලොග් අඩවියක්‌ දින කිහිපයක පටන් පූර්ව ප්‍රචාර සිදු කරමින් විවිධ පුවත් පළ කර තිබිණි. එහි සඳහන් වූයේ ශ්‍රී ලාංකික මුස්‌ලිම් සමාජයට එරෙහිව අන්තවාදීන්ගෙන් එල්ලවන පීඩාවන්ට එරෙහිව මුස්‌ලිම් නොවන සිවිල් සංවිධානයක්‌ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බවයි. එම සංවිධානය නම් කර තිබුණේ 'විවිධයි ඒත් සමානයි' යනුවෙනි. 'අපි ඔක්‌කොම එකම ලේ' කණ්‌ඩායම අසාද් සාලි ඇතුළු පිරිස සමඟ උද්ඝෝෂණය කරන විට 'සිංහලේ' සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු තරුණ පිරිසක්‌ පැමිණ මේ ගැන ප්‍රශ්න කරන විට යම් උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය. "අපි ඔක්‌කොම එකම ලේ' සංවිධානයේ අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදයට පහර දීම බව ඔවුන් ඔසවාගෙන සිටි පුවරුවලින් ම පැහැදිලි විය. විශේෂයෙන් ම බොදු බල සේනාව ඉලක්‌ක කර ගනිමින් නිර්මාණය කළ පුවරු ද මේ පිරිස අතර විය. එකම ලේ උද්ඝෝෂකයන් අතර සිංහල පිරිස්‌ මෙන්ම මුස්‌ලිම් ජාතිකයන් ද විය.

සමලිංගිකයන්ට සම අයිතිsය ඉල්ලන පිරිසක්‌ ද මේ අතර වූ බව සමාජ වෙබ් අඩවි ජාලාවල සඳහන්ව තිබිණි. ඕනෑම අයෙකුට තම අදහස්‌ අනුව දේශපාලන මති මතාන්තර අනුව උද්ඝෝෂණය කිරීමට අයිතියක්‌ ඇති බව අපි දනිමු. එහෙත් මේ එකම ලේ කණ්‌ඩායම දකුණේ සිංහල බෞද්ධයන්ට කියන්නට හදන්නේ කුමක්‌ද? සහජීවනයේ නාමයෙන් කරබාගෙන සිටිය යුතු බව ද? විවිධයි ඒත් සමානයි නම් සංවිධානය මුස්‌ලිම් නොවන සංවිධානයක්‌ යෑයි ප්‍රකාශ කර තිබුණ ද මෙතැනට අසාද් සාලි පැමිණියේ කෙසේද? ඒ එකම ලේ පිටුපස යහපාලනය සිටින බව පෙන්වීමට ද? එදා ප්‍රභාකරන් කොළඹ බෝම්බ පුපුරවන විට මෙවැනි එකම ලේ කණ්‌ඩායම් අප දුටුවේ නැත. මෑත කාලීනව ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක්‌ ඇති වූයේද නැත. එහෙත් එකම ලේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්‌ද?. වාහනවල අලවා ඇති 'සිංහලේ' ස්‌ටිකර් ගලවා දැමිය යුතු බවද? එසේ නොවන්නේනම් ඥානසාර හිමියන් යළිත් සිරගත කළ යුතු බවද? ජාතිවාදය ඉතා භයානක බව 'එකම ලේ' සංවිධානය කියයි. ජාතිවාදය භයානක බව අපිත් දනිමු. එහෙත් මෙරට මුස්‌ලිම්වරුන් ජාතිවාදීව ක්‍රියා කරන ආකාරයට සිංහල බෞද්ධයන් ක්‍රියා කර තිබේද?. ඉතා අවම ජාතිවාදී අදහස්‌ ඇත්තේ සිංහල බෞද්ධයන් අතරය. සිංහල බෞද්ධයන් ජාතිවාදීව සිතුවා නම් අදත් ජනාධිපති විය යුත්තේ මහින්ද රාජපක්‍ෂය. නමුත් සිංහල බෞද්ධයන් නිදහස්‌ හා මධ්‍යස්‌ථ ආකාරයෙන් ප්‍රශ්න දෙස බැලුවද අනෙක්‌ සුළු ජාතීන් එලෙස නොබලයි.

මුලතිව් සම්බෝධි විහාරයේ තිස්‌සපුර ගුණරතන හිමියන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට දෙමළ සංධාන මන්ත්‍රී රවිහරන් තර්ජනය කරන විට 'එකම ලේ' සංවිධානය කුමක්‌ කියන්නේද? යාපනයේ සිංහල ශිෂ්‍යයන්ට දෙමළ අන්තවාදීන් පහර දෙන විට මේ සංවිධානය මාරාන්තික නිහඬතාවයක සිටියේය. ඇත්තෙන්ම 'අපි ඔක්‌කොම එකම ලේ' උද්ඝෝෂණය පැවැත්විය යුතු වන්නේ ජාතික රූපවාහිනිය ඉදිරිපිට නොව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය ඉදිරිපිටය. සිංහල සමාජයට වස කැවීමට 'එකම ලේ' උත්සාහ කරන බව පෙනේ. මෙය සැබැවින්ම මෙරට මහා සංස්‌කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන විජාතික කුමන්ත්‍රණයක්‌ බව පැහැදිලිය. 'එකම ලේ' සංවිධානය සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක අයිසිස්‌වරු අන්‍යාගමිකයන්ගේ බෙලි කපා මරා දැමීම ගැන කවර අදහසක්‌ දරන්නේ ද යන්න අපි නොදනිමු. නමුත් මොවුන්ට අයිසිස්‌ ක්‍රියාකාරකම්වලට වඩා බලවත් ප්‍රශ්නයක්‌ වන්නේ බොදු බල සේනාව ගමින් ගමට ගොස්‌ බණ දේශනා කිරීමය.

මුස්‌ලිම් සමාජයේ වීරයකු වීමට උත්සාහ කරන අසාද් සාලි කවර කණ්‌ඩායමක්‌ හෝ සමඟ එක්‌ව මෙරට සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහිව සටන් වැදීමට සූදානම් ය. එදා ජාතික රූපවාහිනිය ඉදිරිපිට රඟපෑවේද එහි තවත් ජවනිකාවකි. දෙමළ ජනයාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දිය යුතුය. එසේ නැත්නම් ඊළම් රාජ්‍යය පිහිටවනු ලැබුවත් එයින් කම් නැතැයි යන ස්‌ථාවරයේ සිටින්නෝ මෙම උද්ඝෝෂණයට පැමිණි බව රහසක්‌ නොවේ. ජාතිවාදය එපා කීවද මොවුන් කිසි දිනෙක ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදයට එරෙහිව බෝඩ් ඔසවාගෙන සිටියේ නම් නැත. කවරක්‌ නමුත් යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ 'විසකුරු ලේ' බලවේග ගැන සැම දෙනා අවදියෙන් සිටිය යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/08/21/feature29.html

සබැඳි ලිපි -
[

අරිසිමලේ පන්සලට ගහනකොට, කෝ තොපේ එකම ලේ…!http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_17.html
හෙළ බොදු උරුමය වනසන මුසලු අන්තවාදය විශුද්ධිකරණය කිරීම හෙවත් 'එකම ලේ'
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_16.html
උපායශීලි මුසල්මානුවා!!!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_49.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://yukthiyawenuwen.blogspot.com/2012/10/blog-post_23.html
'පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවට මුස්ලිම් පමණයි' - මුසල්මානු අන්තවාදී සහජීවනයේ නිරුවත
http://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_6998.html
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://yukthiyawenuwen.blogspot.com/2013/02/blog-post_9237.html
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post_09.html
හලාල්
http://yukthiyawenuwen.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%3F%3F%3F
බුර්කා
http://yukthiyawenuwen.blogspot.com/2016/07/blog-post_49.html
විල්පත්තුව
http://yukthiyawenuwen.blogspot.com/2016/08/2500.html
මුහුදු මහ වෙහෙර ඩෝසර් කිරීම
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
]

Thursday, August 18, 2016

පිට පළාත් මුස්‌ලිම් සිසුන් 22 කට උ/පෙළට ඉඩදුන් කහටගස්‌දිගිලිය මුස්‌ලිම් විදුහල්පති එම්. එල්. නවාස්‌ගේ වැඩ තහනම්

පිට පළාත්වල පදිංචි මුස්‌ලිම් සිසුන් විසි දෙදෙනකු හට (22) කූට ලෙස කහටගස්‌දිගිලිය මුස්‌ලිම් විදුහලෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට අවස්‌ථාව ලබා දුන් එම විදුහලේ විදුහල්පතිවරයාගේ සේවය ඉකුත් 16 දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එම්. එල්. නවාස්‌ මහතාගේ සේවය උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ටී. ඒ. මානෙල් මහත්මිය විසින් මෙලෙස අත්හිටුවා ඇත. 

කොළඹ, නුවර, කුරුණෑගල යන පළාත්වල පදිංචි සිසුන් 22 දෙනකු එම විදුහලේ නාම ලේඛනයට ඇතුළත් කර උසස්‌ පෙළ විභාගය සඳහා එම විදුහලේ පාසල් අයෑදුම්කරුවන් ලෙස පෙනී සිටීමට අවස්‌ථාව ලබා දීම විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට හේතුව බව මානෙල් මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විභාග කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත සිදුකළ පරීක්‌ෂණයකින් අනතුරුව මොහුගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුර පරීක්‌ෂණ කෙරේ.

නාච්චාදුව - ප්‍රභාත් වනසිංහ

Pic Source

සබැඳි ලිපි -
[
]

'-දෙනෙත් හරින්න!-' FB පිටුව අන්තවාදීන් REPORT කරලා! FB වෙත ඔබේ ප්‍රතිචාරය දක්වා යළි ප්‍රතිෂ්ඨාපනය කරගමු!

උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් සහ හෙළයන්ට, බොදුනුවන්ට, අපේ උරුමයට කරනා විනාශයට, පරිසරය රැකගැනුමට, අන්තවාදයට එරෙහිව හඬ නැඟූ අප -දෙනෙත් හරින්න!- FB පිටුව 

https://www.facebook.com/denethharinna.lk/

අන්තවාදීන් විසින් REPORT කර ඇත. එහි අන්තර්ගතය 99%ක් ඉවත් කර තිබේ! blog ලිපි share කිරීමද වළකා තිබේ!යළි ප්‍රතිශ්ඨාපනය කර ගැනුමට ඔබේ සහය අවැසියි!

මෙම පියවර 3 අනුගමය කර හෙළ බොදු උරුමය වෙනුවෙන් අන්තවාදයට එරෙහි වූ අපේ පිටුව යළි ගොඩ නඟා ගමු!

අපේ උරුමය වෙනුවෙන් ඔබේ සහාය!!!



















-දෙනෙත් හරින්න!- අපි

Wednesday, August 17, 2016

රාවණා - ලෝ පුරා හෙළ බලය පැතිරූ මහා සිව්හෙළයා

තනතුරට සීමා නොවී පර්යේෂණ, ගවේෂණ අතරේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් සමග රාවණා කතාව අද ලියමු. ශතක ගණනාවක් තිස්සේ අපේ මහපොළොවේ හැංගුණු ඉතිහාසය ගොඩගන්නා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා රාවණා පූර්විකාවක් දක්වයි. එතුමා මහින්දාගමනයට පෙර නොව, විජයට පෙරත් ලාංකීය ඉතිහාසයේ පුරාවිද්‍යා ගවේෂකයෙකි. බොහෝ දෑ සොයාගෙන මත ගොඩනැගු කෙනෙකි. එවැනි කෙනෙක් රාවණා ගැන කියන මතය අන් සියලූ මතයන්ට සාපේක්ෂව වෙනස් වේ. එය ඔබටද කිරා මැන බැලීමට පුළුවන.

රාවණා යුගයේ පවතින සිද්ධි වල සත්‍ය අසත්‍යතාව හෝ ගත් කටටම මිථ්‍යාවක් ප‍්‍රලාපයක් හෝ කියන ස්ථාවරයේ මා නෑ. මා පුරාවිද්‍යා ගවේෂකයෙක් හැටියට විද්වතෙක් හැටියට මේ කාරණය දිහාව බලනවා. රාවණා පිළිබඳ ඉතිහාසය සමාජයේ මට්ටම් දෙකක් තියනවා.
මහාචාර්යවරයා කතාව පටන් ගත්තේ එසේය. ඔහු කියන පරිදි මට්ටම් දෙක කුමක්ද?
එකක් ඉන්දියාවේ රාමායනය ආශ‍්‍රයෙන් රාම රාවණ කතා ප‍්‍රවෘත්ති සිද්ධි ඇසුරින් රාවණාගේ ඓතිහාසිකත්වය කතා කරන මට්ටමයි.
දෙවැන්න රාමායනය වැනි සාහිත්‍ය කෘතියක ආශ‍්‍රය නොලැබ මේ රටේ රාවණා නමින් රජකෙනෙක් සිටියා යැයි විශ්වාස කරන සාමාන්‍ය පන්තියේ ජනතා මට්ටමයි.
මම වැඩිපුර උනන්දු වෙලා ඉන්නෙ ඉන්දීය රාමායනයේ රාම රාවණා කතාව දැනගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයගේ රාවණා ගැන නෙවෙයි. මම වැඩිපුර කුතුහලාත්මකව ඉන්නෙ, මේ රටේ ඈත ගම් දනව්වල නියාමානුකූල ලෙස අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ජනතාව විශ්වාස කරන අපේ රටේ සිටියා යැයි කියන ප‍්‍රතාපවත් රාවණා චරිතය ගැනයි.

මහාචාර්යතුමාගේ පුරාවිද්‍යා දෘෂ්ටි කෝණය මෙසේය. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාවේ කටයුතු කරන්නේ අතට අල්ලල බලලා, ද්‍රව්‍ය සොයා ගෙනයි. නමුත් පසුගිය අවුරුදු සියය ඇතුළත මේ රටේ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණ වෘත්තාන්තය පිළිබඳව යම් බරක් යෙදවිය හැකි සොයා ගැනීමක් සිද්ධ කළාද? එක්කෝ එසේ කළේ නෑ. නැත්නම් කළා වූ පර්යේෂණයන් එවැනි දෘෂ්ටි කෝණයකින් බැලූවේ නෑ. ඕනෑම ඓතිහාසික සිද්ධියක් පුරාවිද්‍යාවට ගෝචරයි. එය සොයා ගත හැකියි. රාවණ ගැන ඉතිහාසය සොයා ගැනීමට පුරාවිද්‍යාවට හැකියාව තියනවා. රාවණ කතාවේ හැටියට මීට අවුරුදු 5000 කට ඉහත කාලයක තමයි රාවණ රජතුමා මේ රටේ වාසය කරල තියෙන්නෙ.
පුරා විද්‍යාඥයන් මීට අවුරුදු 30,000 - 40000ට එහා හිටපු මිනිසුන්ගේ පැවැත්මත් සොයාගෙන තියනවා. අවුරුදු තිස් හතළිස් දාහක ඒවා සොයා ගත්තාට අවුරුදු 5000 කට එහා රාවණ ගැන තොරතුරු සෙව්වෙ නැති නිසා එය අසත්‍යයි. කියලා පුරාවිද්‍යාඥයකුට කියන්න බෑ.
එම මතයට අනුව රාවණා රජකු මෙරට නොවිසූ බව පුරා විද්‍යාඥයකු හෝ පුරාවිද්‍යාවේ තනතුරක් හොබවන්නකු එක හෙළා පවසන්නේ කෙසේද?
හුදෙක් එවැන්නක් කිය හැක්කේම පර්යේෂණ මත පිහිටීමෙනි. පර්යේෂණ වලට නොපැමිණ රාවණ රජකු සිටියේ නැතැයි කීම සදාචාරාත්මකද? එය ඉතිහාසයේ තවත් වැළලීමක් නොවන්නේද? සාමාන්‍ය ජනතාව හැටියට ඔබට කිරාමැන බැලිය හැකිය. රාජ් සෝමදේව මහතා තම පර්යේෂණ අනුව තව දුරටත් මෙසේ පවසයි.

ලංකාවේ හල්දුම්මුල්ල, හපුතලේ වගේ කඳුකර ප‍්‍රදේශවල මා විශාල සොයාගැනීම් ප‍්‍රමාණයක් කළා. මීට අවුරුදු 4000කට එහා කාලයේ එම ප‍්‍රදේශයේ ජීවත්වු මිනිස්සු පිළිබඳ සාක්ෂි ලැබුණා. ඔවුන්ගේ සංස්කෘතිය ගත්තොත්, ඔවුන් ක‍්‍රමානුකූලව සුසාන භූමි හදලා මළවුන් ආදාහනය කරලා, සකපෝරුවෙ වළං හදලා, යකඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අත්දැකපු අයයි. මේක යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක අවස්ථාවක් හැටියට විශ්වාස කරන්න පුළුවන්. නමුත් එම ප‍්‍රතිඵලය තවම ළපටියි. තව වසර තුන හතරක දී එය තවත් පුළුල් කළ යුතුයි.
අප දැන් එම පර්යේෂණ ආරම්භ කරල තියෙනවා. එහෙම පර්යේෂණ කළාම දැන් තියන තොරතුරුත් සමග අපට ඉතිහාසයක් සාරාංශ කළහැකියි. මා කලින් පැවසූ රාවණ පිළිබඳ මත දරන මට්ටම් දෙකෙන් සාමාන්‍ය ජනයා අතර පවතින මතය කේන්ද්‍ර ගතව තිබෙන්නේ කඳුකර ප‍්‍රදේශය මුල්කර ගෙනයි. ඒ අනුව කඳුකරයේ පැරැුණි සංස්කෘතිය හා රාවණ පිළිබඳ අදහස අතර සෑහෙන දුරට යම් සමානුපාතයක් තියෙනවා පුරාවිද්‍යාඥයන් කරුණු සොයන්නේ රාවණ පිළිබඳ කතාව සනාථ කිරීමට නෙවෙයි. එහෙත් දීර්ඝ කාලයක සිට ජන සමාජයේ පවතින රාවණ ප‍්‍රවෘත්තිය පර්යේෂණ හරහා ප‍්‍රායෝගිකව සත්‍ය වෙමින් තිබෙනවා. මහාචාර්යවරයා කියයි.

පසුගිය ලිපි වලින් දීර්ඝ වශයෙන් රාවණ සිද්ධි පෙළ ගැළපී ගියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශ වලට යාවෙමිනි. ලකේගල, හල්දුම්මුල්ල, බෑන සමනලය, දිඹුලාගල, ආදී ප‍්‍රදේශ වල පර්යේෂණ හමාර වන විට, බොහෝ විට අවුරුදු 4000කට එහා රාවණ ඉතිහාසය ගොඩට එනු ඇත. මහාචාර්ය රාජ් සෝමදේව මහතා දැනට පර්යේෂණ කරන හපුතලේ හල්දුම්මුල්ල, රංචමඩම ප‍්‍රදේශය රාවණ ඉතිහාසයට පැහැදිලි සාක්ෂි ලබා දෙමින් තිබෙයි. යක්ෂයන් නිපදවූවායි කී යකඩ කර්මාන්තය, ආදී දියුණු කර්මාන්ත පුරාවිද්‍යා පර්යේෂණ හරහා මතුවී තිබේ. ඒවා අවුරුදු 4000කට එහා නම් මේ රාවණ යුගය නොවන්නේද? රාවණ කතා වලට අනුව ගුවන් යානා, මුහුදු යාත‍්‍රා නිෂ්පාදනය කර ඇත්තේ යකඩ වලිනි. මේ මතුවෙමින් පවතින්නේ එහි සුල මුල නොවේද?
පෞරාණික යුගයේ ලංකාවේ ජීවත් වූ ඉතා විශිෂ්ට රජ කෙනෙක් පිළිබඳව හා එම යුගය පිළිබඳ මතකය දිගින් දිගටම සාමාන්‍ය ලක් වැසියන් රැුගෙන ආවේ ඇයි? මේක විද්‍යාත්මක පසුතලයක සිට විග‍්‍රහ කරන්නයි පුරාවිද්‍යාඥයන් හැටියට අප උත්සාහ කරන්නෙ.
එවැනි යුගයක් මතින් බිහි කරන ද්‍රව්‍යාත්මක දේවල් තිබිය යුතුයි. කාල නිර්ණය කර ගැනීමට පහසුකම් තිබෙනවා. රාවණා යුගයක් නෑ කියලා ජන සමාජයේ අදහස් අනාථ කිරීම පුරාවිද්‍යාවට ගැළපෙන්නේ නෑ. දීර්ඝ කාලීන ජන මතකය පදනම් වන්නේ කුමන යථාර්ථවාදී සිදුවීම් මාලාවකටද යන්න තහවුරු කර ගත යුතුය. මා රාවණ යුගය ගැන සුබවාදීව දකිනවා.
අවුරුදු 4000කට එහා දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ, සාධක මතුවෙලා තියනවා. මතු කරගනිමින් තියෙනවා. තව වසර දෙකක් යද්දි පැහැදිලි අදහස පුරාවිද්‍යාඥයකු හැටියට මට කියන්න පුළුවන්. මේ සඳහා අප පර්යේෂණ කරන්නෙ ඉතාම දුෂ්කර ස්ථාන වල. අප මේ වෑයම කරන්නේ රටේ ජනතාව ඉතා ආදරයෙන් වැළඳගත් යථාර්ථවාදී යුගයක් කිරා මැන බලා පැහැදිලි කිරීමටයි. රටේ පුරවැසියන්ට තමන්ගේ රටේ මහේශාඛ්‍ය භාවය තබා ගැනීමේ නිදහස තියෙනවා. රාවණ යුගය තිබුණු බව සාමාන්‍ය ජනයා කියනවා නම්, පුරාවිද්‍යාඥයන්ට වගකීමක් තියෙනවා ඉතිහාසය පිළිබඳව මහජනයා දරණ මතවාදයේ විද්‍යාත්මක භාවය, ශාස්ත‍්‍රීය පසුබිම පර්යේෂණ ඔස්සේ අනාවරණය කරදීම. රාවණ රජතුමා හෝ ඒ සිද්ධි දාමය පිළිබඳ මගේ කිසි විවේචනයක් නෑ.
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියන පරිදි පුරාවිද්‍යාවේ වටපිටාව මත රාවණ යුගයේ සාධක මතුවෙමින් තිබේ. දියුණු ශිෂ්ටාචාර ලක්‍ෂණ ගොඩ ගනිමින් තිබේ. රාවණ යනු ලාංකීය ශිෂ්ටාචාරයේ මතුවෙමින් පවතින අලූත් රජතුමාය. ඔහු හින්දු භක්තිකයකු හෝ විජාතිකයකු නොවේ. ලංකාවේ රජකෙනෙකි.
මහා රාජකීයයෙකි... එවැනි යුගයක් ‘බොරු’ යැයි කියන්නට පුරාවිද්‍යාවේ මහත්වරු කිසියම් උත්සාහයක් දරනවා නම් ඉහත කතාවට අනුව ඈත පිටිසර ගම්වල ජනතාවට වුවද ඒ ඒ අයගේ වගකීම් හැකියාවන් හා කාර්යභාරයන් පිළිබඳ ගැටලූ මතුවීම අසාධාරණ නැත. .....

-සටහන මාධ්‍යවේදී අසංක ආටිගල මහතා- ....

Source - Halawanshya FB

Pic Source

සබැඳි ලිපි -
[

"වසර 6000 පෙරදී මානවයා ජීවත් වූ බවට සාධක හමුවී තිබෙනවා" - මහාචාර්ය රාඡ් සෝමදේව
http://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
]

[
- වල්ලිපුරම් (වැලිපුර) රන් සන්නස - යාපනය බොදු උරුමයේ රන් සන්නස - නාගදීපය පාලනය කරන වසභ රජුගේ ඉසගිරිය ඇමති විසින් පියගුකතිස විහාරය කරවන ලදී!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
]

හිත සුව පිණිස සැරිසරමින් ධර්ම චාරිකාවේ යෙදිම

ඇසළ පුන් පෝය දා බුදුරජාණන් වහන්සේ පැවැත්වූ අෂ්ටාංග සමංවාගත මංගල ධර්ම දේශනාව හා භික්‍ෂු ශාසනය සමාරම්භයත් සමඟ බුද්ධ ධර්මයේ, බුද්ධ ශාසනයේ වැදගත්ම අවස්‌ථාව සනිටුහන් කරන්නේය. ඇසළ, ආසළ්හ එදා කෘෂිකාර්මික ජනසමාජය හා බැඳී පැවැති උත්සවයක්‌ බවට තොරතුරු පොතපතින් හෙළි කර ගත හැකි ය. බුදුසමය හා ඇසළ පුන් පෝයදා ශේ්‍රෂ්ඨත්වයක්‌ දරන්නේ උපසපන් භික්‌ක්‍ෂූන් වහන්සේලා වසරකට එක්‌වරක්‌ පමණක්‌ ආරක්‍ෂා කරන විනය ප්‍රතිපත්තියක්‌ වන වස්‌ කාලය ආරම්භ වන්නට බුදුහිමියන් අනුදැන වදාළේ එදින නිසාය.

තවද තවත් පැත්තකින් ඇසළ පෝය වැදගත්කමක්‌ උසුලන්නේ ශාසනික වශයෙන් සත්‍ය හා මනෝ විද්‍යාත්මක දර්ශනයක ප්‍රභූත්වය ලොවට ප්‍රකාශ කළ ධර්මදේශනාවක ආරම්භයත් සමඟය. එම ධර්ම දේශනයට පසුව එදවස පස්‌වග මහණුන් සමඟ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ ප්‍රථම වස්‌ කාලය ගත කළ සේක. එම වස්‌ කාලය භික්‍ෂූන් වහන්සේලා ට අලුත් අත්දැකීමක්‌ වූ නිසා අන්‍ය ආගමික ශ්‍රාවකයන් භික්‍ෂාව සපයා ගනු වස්‌ මහමඟට නොබැස සෙනසුන්හි කාලය ගත කළ බැවින් දායක ප්‍රජාවගේ ඉල්ලීම වූයේ බුදුහිමි ප්‍රමුඛ කොට සිටින සවුවන් ද, ආරාමවලට වී එම සාරමස වැසි කාලය ගත කළ යුතු බවය. 

එම අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා අමතා "ද්වෙමා භිඛවෙ වස්‌සුපනායිකා පුරිමිකා පච්ඡමිකාච අපරඡ්ජුගතාය ආසළ්හියා පුරිමිකා උපගන්තබ්බා මාස ගතාය ආසළ්හියා පච්ඡමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවෙ දේව වස්‌සුපනායිකා......" මහණෙනි පෙරවස්‌ එළැඹවීම, පසුවස්‌ එළැඹවීම යෑයි මේ වස්‌ එළැඹවීම් දෙකකි. ඇසළ පුනු පෝයට පසු දින එනම් අව පෑලවිය දිනයෙහි පෙරවස්‌ එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක්‌ ඉක්‌ම ගිය කල්හි නිකිණි අවපෑලවිය දිනයෙහි පසුවස්‌ එළැඹිය හැකිය. මහණෙනි, මේ වස්‌ එළැඹීම් දෙකයෑයි වදාළ හ. ශාසනික වශයෙන් නිකිණි පුන් පොහොය වැදගත් වන්නේ එම කරුණ හේතු කැරගෙනය. මෙලෙසින් භික්‍ෂු විනය නීතියට අනුව පෙහෙවස්‌ සමාදන් වීමට නොහැකිවූ භික්‍ෂුවකට පසුවස්‌ සමාදන් වීමට අවස්‌ථාව සැලැසෙන්නේය. එලෙස පසුවස්‌ කාලය ඇරැඹෙන්නේ නිකිණි පුන් පොහොය දිනයත් සමගය.

වැසි කාලයේදී හෙවත් වස්‌ සාරමසක කාලයේදී උපසපන් සිල්වත් භික්‍ෂුන් වහන්සේ විසින් ආරක්‍ෂා කරන්නා වූ ගුණ ධර්ම තුදුසක්‌ නම් කැර තිබේ.

පාංශ කූලීකාංගය
තෙචීවරිකාංගය
පිණ්‌ඩපාතාංගය

සපදාන චාරිකාංගය ආදී වශයෙන් ඉදිරිපත් වන තෙලෙස්‌ ධුතාංග සමාදන් වීම වස්‌ වසන භික්‍ෂුව ශීලාදී ගුණයෙන් ඉතා මැනවින් සුරක්‍ෂිත වී යෑයි විශ්වාස කරයි. එසේම වැදගත් වන "වස්‌සික සාටකය" හෙවත් "වැසි සළුව" වස්‌ සිල් රකින භික්‍ෂුව උදෙසා පරිහරණය කළ යුතු නානකඩය යන නමින් ද හඳුන්වන චීවරය අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ පරිහරණය කළ හැකි බවට බුදුහිමියෝ වදාළහ.

තවද නිකිණි පෝදා වැදගත් වන්නා වූ කරුණක්‌ ශාසන ඉතිහාසය විමසා බලද්දී හමුවන්නේය. බුදුහිමියන් ධරමානව සිටියදී අනුදැන වදාළ භික්‍ෂු විනය නීති ප්‍රඥප්තිය එසේ පැහැදිලිව තිබියදී බුදුහිමියන් පිරිනිවන් පා තෙමසක්‌ ගත වන විට විනය විරෝධී මත, එබඳු ක්‍රියා බුද්ධ ශාසනය පුරා වේගයෙන් පැතිර යන්නට වූයේ ය. මෙම ශාසනික විලෝපනය වහා මුලිනුපුටා දැමිය යුතු බව එදින වැඩ විසූ උගත් විනය ධර ධර්මධර භික්‍ෂූන් වහන්සේලා වහා රැස්‌ව කතිකා කැර ඊට අවශ්‍ය පියවර සම්පාදනය කළ සේක. ඒ අනුව ප්‍රථම ධර්ම සංගීතිය (සංගායනාව) පැවැත්වූයේ මෙවන් නිකිණි පෝ දිනකදීය.

බුදුන් වහන්සේ පන්සාලිස්‌ වසක්‌ මුළුල්ලේ දේශනා කළ නිර්වාණාවබෝධය සඳහා විශ්වය පුරා ප්‍රවර්ධනය කළ ප්‍රඥධිගමන පරම නිමල සුවාසු දහසක්‌ ධර්ම ස්‌කන්ධය ධර්මානුකූලව සකස්‌ කොට එය චිරාත් කාලයක්‌ පැවැත්ම හා ආරක්‍ෂා කිරීම් වස්‌ ගත් මූලික පියවර, අවස්‌ථාව ලෙසින් නිකිණි පෝය දින පැවැත්වූහ. පළමුවැනි ධර්ම සංගිතිය ශාසන ඉතිහාසයේ සුවිශේෂ ස්‌ථානයක්‌ හිමිකැර ගනී. තවද මෙම අවස්‌ථාවට සමගාමීව වැදගත් සිද්ධියක්‌ මෙතැන්හිදී සිදු වන්නේ ය. එනම් මෙතෙක්‌ රහත්ඵලයට නොපවත්ව සිටි බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධර්ම භාණ්‌ඩාගාරික තනතුර දැරූ ආනන්ද හිමියෝ පෝ දිනට පෙර රහත් භාවයට පත්ව ධර්ම සංඝායනාවේ ධර්මාසනාරූඪ වීමට තරම් භාග්‍ය සම්පන්න වීමය.

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු ඒ ඒ නොයෙකුත් භික්‍ෂූන් අතර විවිධ මතවාද, විවාද, ප්‍රවාද පැනනැඟුණි. ඒ බව ත්‍රිපිටකය විමසා බලන විට දැන ගත හැකිය. දේවදත්ත, ජබ්බග්ගිය, ඡන්න ආදී භික්‍ෂූන් එලෙස විනය විරෝධීව හැසිරුණේ බුදු හිමි දිවමන් දවස තුළ සිටය. බුදුහිමි පිරිනිවන් පෑවාට පසු ඒ අය තමාට රුචි ලෙස විවිධ කතා අදහස්‌ ගෙනහැර දැක්‌වූ අතර සුභද්‍ර නම් භික්‍ෂුවගේ අභද්‍ර වචනය ඉතා පැහැදිලිව ඉස්‌මත්තට පැමිණ ශාසන විනාශයක ප්‍රබල ලකුණු සටහන් කළේය. චුල්ලවග්ග පාලිය ඒ සිද්ධිය මෙපරිද්දෙන් විස්‌තර කරන්නේ ය. "ඇවැත්නි, ශෝක නොකරව්. නොවැළපෙව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු.... දැන් අපි යමක්‌ කැමැතිද? එය කරමු. මෙබඳු ධර්ම විරෝධී, ශාසන විරෝධී, විනය විරෝධී ප්‍රකාශන හමුවේ, ඉදිරියේදී වන්නට යන ශාසන විනාශය දුටු මහා කාශ්‍යප තෙරුණුවෝ මෙහි බර කරට ගෙන මූලිකත්වය ගත්හ. ඒ අනුව පළමුවැනි ධර්ම සංගීතිය පැවැත්වීමට සුදුසු ස්‌ථානය ලෙසට රජගහනුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගල් ගුහාව තෝරාගත්හ. බිම්බිසාර මහරජතුමා ඊට අනුග්‍රහය සැපයීය. මෙම අවස්‌ථාවට සිව්පිළිසිඹියාපත් රහතුන් වහන්සේලා පන්සිය නමක්‌ නම් කරන ලදී. එතැන්හිදී ප්‍රශ්නයක්‌ මතුවී ආවේය. තෙරුන් වහන්සේලා හාරසිය අනූනම නමක්‌ සම්පූර්ණ වී සිටියද එක්‌ නමකගේ අඩුවක්‌ වීය. ඒ අඩුවට සංගීතියට අවශ්‍යම නම වූයේ ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හිමියන් වීම විශේෂත්වයකි. එදින රැය පහන්වත් මැ ආනන්ද හිමියෝ සිව්පිළිසිඹියා රහත් ඵලයට පත්ව පන්සිය නම සම්පූර්ණ කොට එදින ධර්ම සංගායනාවට සහභාගි වූහ.

එම සංගායනාවේදී ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් (පුච්ඡා විසඡ්ජන ක්‍රමය) සියලු දහම් කොටස්‌ මතු කැර ගත්හ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ පරිදි තුබූ කොටස්‌ බුද්ධානුඛුද්දක කොටස්‌ ඉවත් කිරීමට කාගේත් අනුමැතිය ලැබුණේය. සංගායනාව නිම වනවිට ස්‌ථාවර භාවයකට කාගේත් එකඟත්වය ලත් ධර්මය භික්‍ෂු පරම්පරා තුනකට වෙන් වෙන් ලෙසට පවරන ලදී. සූත්‍ර, අභිධර්ම, විනය මෙලෙසින් පිටකත්‍රයකට වෙන් කොට ශ්‍රී සද්ධර්මදේශනය ස්‌ථාවරව පවත්වාගෙන යැමට මුල් පියවර ගත් දිනය හැටියටද නිකිණි පෝය දිනය විශිෂ්ටත්වයට පත්වැ තිබේ.

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි
http://www.divaina.com/2016/08/17/feature01.html 

Pic Source

උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයෝ! මුලතිව් කෝකිලායි සිංහලයන්ට ප්‍රා/ලේකම් ගුණපාලන් වැසිකිලියක් හදා ගන්න නොදෙයි!

kokilai temple 01උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි සිංහල ගම්මානයේ ප්‍රජා ශාලාව සදහා වැසිකිලියක් සාදාගැනීමට මුහුදුබදපත්තු ප්‍රාදේශීය ලේකම් ඉඩ නොදෙන බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමි සදහන් කර සිටියා.

කෝකිලායි සිංහල ගම්මානයේ ඇති ප්‍රජාශාලාවන් දෙකක් සදහා අවශ්‍ය වැසිකිලි ඉදිකිරිම සදහා ධිවර අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර ඇති අතර එම වැසිකිලි ප්‍රජාශාලාව සතු ඉඩමේ ඉදිකිරීමට දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම් ගුණපාලන් මහතා පැවසුබව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරතන හිමි සදහන් කර සිටියා.

මේ පිලිබදව උතුරුපලාත් ආණ්ඩුකාරවරයවෙත පැමිණිලි කලත් කිසිදු සාධාරණ විසදුමක් ලබාදීමට ඔහුට හැකියාවක් ලැබී නෑ.

වැසිකිළියක්වත් ඉදිකරීමට ඉඩ නොදෙන උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දුක් විදින උතුරේ සිංහලයන් වෙනුවෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්දැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

Ceylon Leader

Pic Source

සබැඳි ලිපි -
[
සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවනඩුව
http://denethharinna.blogspot.com/2016/08/blog-post_14.html
මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
ජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.htmlTNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.htmlයළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.htmlදකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]

මානව හිමිකම් උල්ලංඝනය - හුසේන්ගේ පරීක්‍ෂා කිරීමේ ඉල්ලීම ඉන්දියාවේ සියලුම පක්‍ෂ ප්‍රතික්‍ෂේප කරයි. ජිනීවා දූත පිරිසට ඉන්දියාව වානා!

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ගැන පරීක්‍ෂා කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දූත කණ්‌ඩායමකට ඉන්දියාවට පැමිණීම සඳහා කළ ඉල්ලීම ඉන්දීය රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරුගේ මෙම ඉල්ලීම ඉන්දියාවේ සියලුම දේශපාලන පක්‍ෂ විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඉන්දීය හමුදාව කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පාකිස්‌තානයේ අගමැති නවාස්‌ ෂරීප් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කර තිබිණි.

එහෙත් ඉන්දියාවේ දේශපාලන පක්‍ෂ පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ වන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශයක්‌ කරමින් බෙදුම්වාදීන් සමඟ සාකච්ඡා කිරීමට තමා ඉදිරිපත් වන්නේ නැතැයි සඳහන් කර ඇත.

කාෂ්මීරය සම්බන්ධව කිසිදු එකඟතාවන්ට එන්නේ නැතැයි ද නරේන්ද්‍ර මෝදි තවදුරටත් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/08/17/news12.html

Pic Source

අරිසිමලේ පන්සලට ගහනකොට, කෝ තොපේ එකම ලේ…!

asa26223සිංහලේ එපා, අපි ඔක්කොම එකම ලේ නමින් පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිගේ මෙහෙයවීමෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ විදේශිකයන් පිරිසක් එක්ව ඊයේ සංවිධානය කළ විරෝධතාවයට සිංහලේ ජාතික බලමුළුවේ සාමාජිකයන් පැමිණීම නිසා ඇතිවූයේ උණුසම්කාරී තත්වයක්.

වසර තිහක් පුරා කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අහිංසක මිනිසුන් මරා දමද්දී, රට පුරා බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව අන්තවාදී ප්‍රහාර එල්වෙත්දී මේ එකම ලේ තිබුණේ කොහේදැයි සිංහලේ ජාතික බලමුළුව සාලි මන්ත්‍රීවරයා සහ රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් විමසා සිටියා.

සිංහලේ ජාතික බලමුළුවේ හිමිවරුන් සහ නිලධාරීන් එහිදි අදහස් දැක්වූයේ මෙසේයි. (ලිපිය සහ වීඩියෝ දර්ශන)

සබැඳි ලිපි -
[
හෙළ බොදු උරුමය වනසන මුසලු අන්තවාදය විශුද්ධිකරණය කිරීම හෙවත් 'එකම ලේ'

http://denethharinna.blogspot.com/2016/08/blog-post_16.html
උපායශීලි මුසල්මානුවා!!!
http://denethharinna.blogspot.com/2016/08/blog-post_49.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
'පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවට මුස්ලිම් පමණයි' - මුසල්මානු අන්තවාදී සහජීවනයේ නිරුවත
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6998.html
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://denethharinna.blogspot.com/2016/08/blog-post_10.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?
http://denethharinna.blogspot.com/2016/08/blog-post.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
හලාල්
http://denethharinna.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%3F%3F%3F
බුර්කා
http://denethharinna.blogspot.com/2016/07/blog-post_49.html
විල්පත්තුව
http://denethharinna.blogspot.com/2016/08/2500.html
මුහුදු මහ වෙහෙර ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
]

Tuesday, August 16, 2016

හෙළ බොදු උරුමය වනසන මුසලු අන්තවාදය විශුද්ධිකරණය කිරීම හෙවත් 'එකම ලේ'

Source


මේ පුංචි ශී‍්‍ර ලංකාව මතු දිනක ඉස්ලාම් රාජ්‍යයක් කිරීම තමයි ඔවුන්ගේ මිෂන් එක. රටක් අත්පත් කරගන්නවා කියන්නේ කුමක් ද? ඊට බලපාන සාධක කීපයක් තියෙනවා. ඒ තමයි,

1. භූමිය, 2.ජනගහනය හා 3. රාජ්‍ය බලය. බලන්න ඔවුන් ක‍්‍රමාණුකූලව භූමිය අත්පත් කරගන්නවා. ඔවුන්ගේ ජන අනුපාතය ක‍්‍රමයෙන් වැඩි කරගන්නවා. ඔවුන්ගේ ජන අනුපාතය වැඩි වෙනවා කියන්නේ යම් දිනක ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය මෙහෙයවීමට අවශ්‍ය ජන බලය ඔවුන්ට ලැබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බලය අත්පත් කරගන්නවා.

අන්තිමට ගොඩක් බෞද්ධ රටවල් අද මුහුණ පා තිබෙන තත්වයට නොබෝ කලකින්ම ලංකාව පත්වෙනවා සිකුරුය. ඔවුන් මේ මිෂන් එකට යන්නේ තුවක්කුවෙන්,බෝම්බයෙන්, කඩුවෙන් නෙවෙයි චින්තනයෙන් කියලා දැන් අපිට තේරෙන්න ඕන නේද?

ඉති මුලින්ම මං කිව්ව කතාවේ හකීම් කියන්නෙත් ඒකම තමයි. ඔවුන් ඉවසිය යුතුයි. ඒ ඔවුන්ගේ ඉලක්කය අත මානයටම ඇවිල්ලා. අන්තිම මොහොතේ අත පුච්චගන්න ඔවුන් කැමති නෑ.



පාලනය නොවන මුස්ලිම් ජන ව්‍යාප්තිය පිළිකාවක් වී හමාරය. ලොකු කුඩා නගර වල වෙළද බලය ඔවුන් නතු කරගෙන සිටිති. මෙම වෙළඳ සල් වලට ගොඩවදිමින්, ඔවුන්ගේ ව්‍යාජ සිනහවට, කොමල වදනට රැවටෙමින්, ඔවුන් ශක්තිමත් කරන්නේ සිංහල ඔබයි (ගත් භාණ්ඩයක් මාරු කරගැනුමේදී හෝ වගකීම් කාලය තුළ කරනු ලබන පැමිණිල්ලකදී මෙම ව්‍යාජ සිනහවේ තරම ඔබට පැහැදිලි වනු ඇත. විවිධ හේතු දක්වමින් ඔවුන් ඔබව අසරණ කරනු ඇත. හොඳම උදාහරණ වන්නේ, පරිඝණක උපාංග වගකීම් කාලය තුළ මාරුකරගැනුමට යාමේදීය). මේ අර්ථික ශක්තිය ඔවුන් යොදවන්නේ අපේම ජාතියේ විනාශයටයි. ඒ ආර්ථික බලයෙන් ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි. බොහෝ නගර වල ප්‍රධාන ගොඩනැගිල්ල කෝම්පිට්ටු මුස්ලිම් පල්ලියකි. නගරය අවට සියළු ව්‍යාපාරික ස්ථාන පාහේ ඔවුන් සතුය. හුදකලා වූ හෙළ බොදු ව්‍යාපාරික ස්ථාන ඔවුන් වැඩි මිල දී අයිති කර ගනිති. එසේ නොවිකුණන හිමිකරුවන් වෙත අනේකවිධ අඩන්තේට්ටම් කර එම ස්ථාන කලකිරවති. මේ සෑම විටම ක්‍රියා කරන්නේ මුස්ලිම් ආර්ථික බලයයි. ඔබේ උපකාරයෙන් ගොඩනැගෙන මේ වෙළඳ බලය, ඔබේම ඥාතියෙකුගේ ගෙල සිරකරයි. මෙය මහාම ව්‍යසනයකි. මින් පෙර මුසල්මානුවෙක් දකින්නටවත් නොතිබූ පෙදෙස් වල නව මුස්ලිම් ගම්මාන බිහිවේ. අක්කරයක දෙකක ඉඩමක් මිලට ගෙන පුංචි නිවාස කිහිපයක් පල්ලියෙන් හෝ මුස්ලිම් ව්‍යාපරිකයන් තනවාදෙති. කුඩා පල්ලියක් ඉඳිවේ. පවුල් කිහිපයක් පදිංචි වෙති. වසරක් ඇතුලත නව මුස්ලිම් ගමක් නිර්මාණය වේ.


'පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවට මුස්ලිම් පමණයි' - මුසල්මානු අන්තවාදී සහජීවනයේ නිරුවත
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6998.html

කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?
සිංහලයා ජාතිවාදියෙක්ද?

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!



මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වවුනියා මන්නාරම ප්‍රධාන මාර්ගයේ සිට මුරුග්ගන් මාර්ගයේ (B 299) සිලාවතුර දෙසට ගමන් කරන විට හමුවන ආනිමරිප්පු වැවේ පෝෂක ප්‍රදේශය වන මාවිල්ලු රක්ෂිතය අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ මුලිකත්වයෙන් ඩෝසර් 4ක් යොදාගන 05-08-02016 දින වනවිටත් හෙළි කරමින් පවතී. විශාල ශාක ප්‍රමාණයක් මේ වනවිටත් බිම හෙලා ඇත.

මීට වසර කිහිපයකට ඉහතදී රාජපක්ෂ පාලන සමයේදී මෙම ප්‍රදේශයයේ ගම්මාන 4ක් ( අගටිමරිප්පු, වෙප්පම්කුලම්, පොට්කේනි,පිච්චාවනිකුලම්) සදහා අක්කර 650 ක් ලබා දී ඇති අතර එම සීමාව ඉක්මවමින් මේ වනවිට අක්කර 2500 කට අධික ප්‍රමානයක් වන සංහාරයට ගොදුරු කරගන ඇත.

මේ පිලිබදව, වන විනාශයේ නියැලෙන පුද්ගලයන්ගෙන් අප විමසූ විට මෙය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් බවත් අවශ්‍ය දෙයක් ඔහුගෙන් විමසන ලෙසත් සදහන් කර සිටියා.

මෙම ප්‍රදේශයේ GPS කලාපය 152944 / 16296.0 / 153959 ලෙස අප හදුනාගන ඇත. වන විනාශය දැක්වෙන වීඩියෝව සහ සබැඳි ලිපිය.


සබැඳි ලිපි - 
[
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!

http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html
බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති

http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි

http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...

http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්න

http://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.html

විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය
http://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.html
විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!
http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.html
විල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්න
http://denethharinna.blogspot.com/2014/04/40.html
ඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌
http://denethharinna.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...
http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැති

http://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.html
විල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARK
http://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.html
පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්
http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු

http://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය

http://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.html
වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!
http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!
http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.html
මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.
http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

Monday, August 15, 2016

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවනඩුව

kokilai temple02මේ පන්සලට දානෙ වේලක්‌ ගෙනැත් දෙන්න කියලා මම ඉල්ලන්නේ නැහැ. සැතපෙන්න ඇඳක්‌, කොට්‌ටයක්‌, මෙට්‌ටයක්‌ ගෙනත්දීලා පින් ඉල්ලන්නත් එපා”

මෙහෙම කියන්නේ ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වැඩ ඉඳගෙනයි. බමුණන්, ශ්‍රමණයන් හැමදේම ඉල්ලන්න පුරුදු පිරිසක්‌ කියලා පොත්පත්වල අනන්තවත් තියෙනවා. ඉල්ලන්නට සුරුවෝ නම් බමුණෝ වෙත් (දෙයක්‌ ඉල්ලීමට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශූරයෝය.) කියලා පොත්පත්වල සඳහන් වෙනවා.

දුරකථනයෙන් කතා කළ වෙලාවේදී ගුණරතන හාමුදුරුවෝ මුළු රටෙන්ම ඉල්ලුවේ එකම දෙයක්‌ විතරයි. මේක නිසා, මේකේ ඇත්ත නැත්ත බලන්න, මගෙ අසනීප තත්ත්වය පැත්තක දාලා කෝකිලායි ගම්මානයට ගියා. වවුනියාවේ ඉඳලා මුලතිව්වලට දුර සැතපුම් පනහයි. එතැන ඉඳලා තවත් සැතපුම් විසිහතරක්‌ විතර ගියහම කෝකිලායි ගම්මානය හමු වෙනවා. මුලතිව්වලට යන්න නිතර නිතර බස්‌ තිබුණත් කෝකිලායිවලට යන්න එහෙම නැහැ. දවසකට බස්‌ දෙකක්‌ තුනක්‌ විතරයි.

කෝකිලායි පන්සලේ වැඩ ඉන්න ගුණරතන හාමුදුරුවෝ විශාල තර්ජනයකට මුහුණ පා සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උන්වහන්සේට මේ පන්සලෙන් යන්න නියෝග දීලා. මම උන්වහන්සේට සවන් දුන්නා.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ පන්සලට ඇවිත් අවස්‌ථා කීපයක්‌ම මේ පන්සලේ වැඩ කරන අයට තර්ජනය කරලා තිබුණා. පන්සල ඉදිකරන වැඩේ නතර කරලා හාමුදුරුවන්ට යන්න කියලයි තර්ජනය කරන්නේ. හේතුව විදිහට කියන්නේ මේ පන්සල හදලා තියෙන ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි.

මේ මන්ත්‍රීවරයා ඇවිත් තර්ජනය කළාට පස්‌සේ එයා උතුරු පළාත් සභාවේදී යෝජනා කරලා තියනවා මේ පන්සල අයින් කරන්න කටයුතු කරන්න ඕනේ කියලා. එතැනින් පස්‌සේ මේ මෑතකදී උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡාවක්‌ තියලා කියලා තිබුණෙත් මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියන කාරණාවයි. මේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ මූලික කරගෙන මේ දවස්‌වල දෙමළ මාධ්‍යවල හැමදාම වාගේ ප්‍රවෘත්ති පළකරනවා. ඒ හැම ප්‍රවෘතියකින්ම කියන්නේ කෝකිලායි පන්සල අයින් කරන්නට ඕනෙ කියලයි.

පන්සල ඉවත් කරන්න ඕනෙ කියලා කියන මේ හැම කෙනාම කියන්නේ මේ පන්සල අයිති ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි. මම පන්සල හදනකොට එහෙම මනුස්‌සයෙක්‌ ආවා. එයාට බලපත්‍රයක්‌ තිබුණේ නැහැ. එයා මට විරුද්ධව ගිහින් මුලතිව් උසාවියේ නඩුවක්‌ දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌කර ගත්තා.

මම ගුණරතන හාමුදුරුවොත් එක්‌ක කතා කළේ පුංචි බෝධියක්‌ යට වාඩිවෙලයි. එතැන පුංචි සමාධි පිළිමයක්‌ තියෙනවා. හාමුදුරුවෝ මමත් එක්‌කම මුළු පන්සල් වත්ත වටේ ඇවිදින්න වුණා. පාර අයිනෙම ශ්‍රී සම්බෝධි විහාරය කියලා නාම පුවරුවක්‌ තියෙනවා. ඒ අසලම තවත් විශාල බෝධියක්‌ තියෙනවා. බෝධියට මඳක්‌ ඈතින් ගුණරතන හාමුදුරුවෝ බොහෝ දායකයන්ගේ ධන පරිත්‍යගයෙන් හදාගෙන යන චෛත්‍ය රාජයාණන්ගේ වැඩ තවමත් කාලක්‌වත් කෙරිලා නැහැ. බණමඩුව ශාලාව ඇරුණම මේ හාමුදුරුවෝ ඉන්න කුඩා ආවාසයක්‌ තියනවා. විහාරස්‌ථානයේ බෝඩ්එක තියෙන තැන, මම තියෙනවා කියලා කිව්ව බෝධිය අවුරුදු විස්‌සක්‌ විතර වයස බව පේනවා.

ගුණරතන හාමුදුරුවෝ ඇවිදින ගමන් කතාව පටන් ගත්තා.

“මම මුලින්ම මේ කෝකිලායි ගම්මානයට ආවේ කොකිලායි රජයේ පාසල නවීකරණය කරලා හදලා ඒක විවෘත කළ දවසෙයි. එතකොට යුද්ධය තිබුණ. මම ආවේ ඒ උත්සවයේ ආගමික වැඩසටහන් ඉටුකරලා දෙන්නයි.

මේ වෙලාවෙදි මට දැන ගන්න ලැබුණා කෝකිලායි ඉස්‌කෝලෙ ඉන්නේ විදුහල්පතිතුමා විතරයි කියලා. යුද්ධ කාලේ නිසා පාරවල් හැමදාම හමුදාව පරීක්‍ෂා කරලා, ඉස්‌කෝල ගොඩනැඟිලි පරීක්‍ෂා කරලා තමයි ඉස්‌කෝලෙ වැඩ පටන් ගන්න වුණේ. මේ හින්දා විදුහල්පතිතුමා හැමදාම එන්නේ පරක්‌කු වෙලා කියලා මට දැන ගන්න ලැබුණා. මේ වෙලාවෙදි මට කල්පනා වුණා කෝකිලායි සිංහල ඉස්‌කෝලේ ළමයින්ට ස්‌වෙච්ඡාවෙන් අධ්‍යාපනය ලබලා දෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තමයි මම කෝකිලායි ගම්මානයට ආවේ.

මම කෝකිලායි ඉස්‌කෝලේ ගොඩනැඟිල්ලක නතර වෙලා ළමයින්ට ඉගැන්වූවා. මේ ඉස්‌කෝලේ ඒ දවස්‌වල ළමයි හතළිහක්‌ විතර හිටියා. මීගමුවේ මාරවිල වගේ පැත්තේ ළමයි තමයි මෙහෙ එදත් අදත් ඉගෙන ගන්නේ. හේතුව කෝකිලායි ධීවර ගම්මානයේ ඉන්න ළමයිනේ.

මෙහෙම ඉස්‌කෝලෙ වැඩ කරගෙන යන අතරතුරේ කෝකිලායි ගම්මානයේ ඉන්න සුළු පිරිසක්‌ සිංහල බෞද්ධ අයගෙ ආගමික අවශ්‍යතාවන් මම ඉටුකළා. බොහෝ අය කතෝලික වුණත් ඒ අයත් මගෙත් එක්‌ක බොහොම කුළුපගව කටයුතු කළා. මුලතිව් පළාතේ සේවය කරපු යුද හමුදාවේ, පොලිසියේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සියලු දෙනත් ආගමික කටයුතු සඳහා මට ආරාධනය කළා. මුලතිව් පළාතේ පන්සල් නෑ. ඊට කිට්‌ටුවත් නෑ. හාමුදුරුවරු හිඟයි. මේ නිසා ඒ අය සේරමත් එකතුවෙලා මට ආරාධනය කළා මෙහෙ පන්සලක්‌ හදාගෙන ආගමික වැඩ කටයුතු කරගෙන යමු කියලා. මමත් කැමැති වුණා.

මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ගැන කිව්වම එතුමා තමයි මේ ඉඩම ලබා දුන්නේ. ඒ වෙනුවෙන් බලපත්‍රයකුත් නිකුත් කළා. පන්සලේ වැඩ පටන් ගන්න කොට තමයි මම අර කලින් කිව්ව මනුස්‌සයා ඇවිත් මේ ඉඩම එයාගේ කිව්වේ. බලපත්‍රය ඉල්ලුවම ගිහින් නඩු දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌ කරගත්තා. මම පන්සලේ කටයුතු දිගටම කරගෙන යනකොට තමයි දෙමළ ජාතික සන්ධානයෙන් මේ තර්ජනය එන්න පටන් ගත්තේ. මේක ලොකු ප්‍රශ්නයක්‌. අවදානමක්‌. ඒක තමයි මම ඉල්ලන්නේ රජයත් අනෙක්‌ බලධාරිනුත් මැදිහත්වෙලා මේ ඉඩමේ අයිතිය තහවුරු කරන්න කියලා. මම වෙන මොකවත් ඉල්ලන්නේ නෑ. මේක මගෙ පෞද්ගලික තැනක්‌ නෙමෙයි. ආගමික ස්‌ථානයක්‌. මෙහෙ ඉන්න නිලධාරීන් කටයුතු කරන්නේ හරිම පුදුම විදිහටයි. අර කියමනක්‌ තියෙනවනේ මහත්තයෝ… තෙමෙන ගෙදරක වහලෙන් තෙමෙන තැන් හොයන්න වැස්‌සක්‌ වහින්නම ඕනේ කියලා. ඒ වගේම තමයි මේ උතුරු පළාතේ නිලධාරීන්. මේ පළාත්වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න බලාගන්න තේරුම් යන්න මේ පළාතේ ජීවත් වෙන්නම ඕනේ.

kokilai temple 01ප්‍රාදේශීය ලේකම්වරයෙක්‌ කියන්නේ ඉතාම සුළු පටු නිලයක්‌ නෙමෙයි කියලා අපි දන්නවා. ඒ වගේ තනතුරක්‌ තියෙන කෙනෙක්‌ ආවට ගියාට ඉඩමකට බලපත්‍රයක්‌ දෙන්නෙත් නැහැ. ඒ වගේම ඉඩමට අයිතිවාසිකම් ඉල්ලලා නඩු දාපු මනුස්‌සයා නඩුව ඉල්ලා අස්‌කර ගන්නේ ඇයි? මේ හේතු කාරණා සලකලා බලලා කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයට ලබලා දුන්න ඉඩමේ අයිතිය නිරවුල් කරලා ගුණරතන හාමුදුරුවන්ට බාර දෙන්න මුලතිව් දිසාපති කාර්යාලයෙන් නම් මොනවත් සිද්ධ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. මේකට දැන් මැදිහත් වෙන්න ඕනේ ඉඩම් ඇමැතිතුමා. ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයා වගේ උදවිය තමයි. කොළඹ නිලධාරීන් මේ ගැන හොයලා බලලා ස්‌ථිර යමක්‌ කරන තුරු කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ අනාගතය අවදානම් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ගුණරතන හාමුදුරුවන්ගේ ජීවිතයත් අවදානම් වෙනවා.

කොළඹ ඉන්න මහ ලොක්‌කෝ උතුරේ තියෙන මේ වගේ අසාධාරණ දේශපාලන ගැටලු විසඳන හැටි නම් අන්තිමයි. යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නෙදි සිංහල ළමයි ගුටි කෑවා. මොළේ තියන බලධාරීන් කියන අය කිව්වේ “යාපනේට ගිය සිංහල ළමයි ගිය වැඩේ කරන්නේ නැතුව මොන කෙහෙල්මලකටද වෙස්‌ නැටුම් නටන්න ගියේ කියලයි. කෝකිලායි ගුණරතන හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙත් ඔය බලධාරීන්ම කියයි “මේ හාමුදුරුවන්ට රටේ වෙන තැන්වල පන්සල් නැද්ද? මොන ඉලව්වකටද මුලතිව්වල පන්සල් හදන්න ගියේ කියලා”

ආණ්‌ඩු වගේම තවත් බොහෝ දෙනෙක්‌ මේ දවස්‌වල දඟලන්නේ ජාතීන් අතර එකමුතුකම, ජාතික සමගිය ඇතිකරලා, සහජීවනය සහ සංහිඳියාව ගොඩ නඟන්නයි. ඒ හැමෝම ඒක කරන්න හදන්නේ ජනමාධ්‍ය ඉස්‌සරහා බෙරිහන් දීලයි. ඒත් මේ කෝකිලායි පන්සලෙන් ඒක ප්‍රායෝගිකවම සිද්ධ වෙනවා. ගුණරත්න හාමුදුරුවෝ ඒක විස්‌තර කළා.

“මට ඕනේ වුණේ මේ ස්‌ථානය බෞද්ධ පන්සලකට වඩා එහාට ගිය තැනක්‌ කරන්නයි. අපිට සහයෝගය දක්‌වන පිරිසේ ආධාර උපකාර ඇතුව මම ඒ වැඩේ පටන් ගත්තා.

පුංචි බණ මඩුවේ ආරම්භ කළ පෙර පාසලට සිංහල බෞද්ධ ළමයි එනවා. සිංහල කතෝලික ළමයිනුත් එනවා. දෙමළ හින්දු වගේම දෙමළ කතෝලික ළමයිනුත් එනවා. මේ පුංචි අයට ජාති භේදයක්‌ නැහැ. ආගම් භේදයකුත් නැහැ. ඔක්‌කොම එකා වගේ ඉගෙන ගන්නවා.

වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ පටන් ගත්තා. ඒකට එන ජාති දෙකේම තරුණ තරුණියොත් හැසිරෙන්නේ වැඩ කරන්නේ බොහොම සමගියෙනුයි. මේ පන්සලේම අපි විශේෂ ව්‍යාපෘතියක්‌ කරගෙන යනවා. ඒකේදි සිද්ධ වෙන්නේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කොහොමද සාර්ථක ගෙවත්තක්‌ හදා ගන්නේ කියලා. ඉතාම සාර්ථකව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ එකිනෙකා අතරේ තියෙන අවිශ්වාසය, සැකය නැති කරන්නයි. එහෙම නොවුණොත් ඉතාම ඉක්‌මනින් මේ පළාතේ අවුරුදු තිහකටත් වඩා තිබුණු අර කාලකණ්‌ණි කාලයක්‌ එනවා. ඒත් කවදාවත්ම එහෙම වෙන්න දෙන්න බැහැ.

මේ පන්සලට විරෝධය එල්ල වෙන්නේ ඉඩමේ ආර්බුදයටම නෙමෙයි. අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්නත් විසඳනවා. දෙමළ ජාතික සන්ධානය මේ මිනිස්‌සුන්ට බෙහෙත් පෙත්තක්‌වත් ගෙනැල්ලා දෙන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. මේ හන්දා ඒ දේශපාලනඥයන්ට ලොකු බයක්‌ තියෙනවා මුලතිව් දෙමළ ජනතාව ඉදිරියේදී ඒ අය කියන දේට ඇහුම්කන් නොදෙයි කියලා. මේ තත්ත්වය මත තමයි මේ හැම බලපෑමක්‌ම එල්ල වෙන්නේ කියලයි මට තේරුම් ගියේ.

ගුණරතන හාමුදුරුවන් කිව්ව කතාව ඇත්ත කියලා මට හිතුණෙ මම ඊට පහුවදා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ට දුරකථනයෙන් කතා කළ වෙලාවෙයි.

ඔහු කිව්වෙ තමන් හාමුදුරුවන්ට කිසිම තර්ජනයක්‌ කළේ නෑ කියලයි. මේ ඉඩම අනුන්ගේ නිසා හාමුදුරුවෝ හම්බවෙලා මේ ගැන කතා කරන්න අවස්‌ථා කීපයක්‌ම පන්සලට ගියත් හාමුදුරුවෝ හිටියේ නෑ කියලා කිව්වා.

මුලතිව් පළාතට මෙහෙම බෞද්ධ පන්සලක්‌ ඕනේ නෑ කියලත් ඔහු (TNA පළාත් සභා මන්ත්‍රී) කිව්වා. අනුන්ගේ ඉඩම්වල පන්සල් හදන්නේ ඇයි කියලයි ඔහු මගෙන් ඇහුවේ. කෝකිලායි පළාතේ සිංහල බෞද්ධයන් නැති නිසා මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියලා ඒ මන්ත්‍රීවරයා කිසිම හිරිකිතයක්‌ බයක්‌ සැකක්‌ නැතුව කිව්වා. මේ අයගේ අරමුණ මොකක්‌ද කියලා ඉතාම පැහැදිලි නිසා මම එතැනින් එහාට කතා කරන්න ගියේ නෑ. ඒත් දුරකථන සංවාදය මම පටිගත කර ගත්තා.
මේ විදිහට බලනකොට මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ අනාගතය අඳුරුයි. ඒ හාමුදුරුවන්ගේ තරුණ කාලයම මහ කැලයකට පූජා කරලා තිබ්බත්, ඒ ජීවිතය හරිම අවදානමකට පත්වෙලා. ඒත් ගුණරතන හාමුදුරුවන්ට නම් ගාණක්‌ නැහැ. මමත් එක්‌ක හැමදේම කතා කළේ ඉතාම සංයමයෙන්. කිසිම වෛරයකින් තොරවයි.

ගුණරතන හාමුදුරුවෝ තමන්ගේ එකම ඉල්ලීම මේක විතරයි කියලා කිව්වට මේ පන්සලේ අඩුපාඩු ගොඩයි. හාමුදුරුවෝ දානේ වළඳලා ඉතුරු වුණු බත් ටික ගලක්‌ උඩට දාලා තිබුණා. ඒ දානේ කවුරුහරි ගෙනැත්දීලා තිබුණු පාර්සලයක්‌ තමයි. ඉතුරුවෙලා තිබුණු කෑම ටික පන්සල ළඟ හිටිය නාටු බල්ලෝ දෙන්නවත් කාලා තිබුණෙ නැහැ. ඒ දානෙ පිළිබඳ ශ්‍රද්ධාවටද? එහෙම නැත්නම් රස පිළිබඳව වූ ප්‍රශ්නයකටද කියලා හිතාගන්න මෙන් මම ඔබට ආරාධනය කරනවා.

මම එන්න හදනකොට හාමුදුරුවෝ තේ එකක්‌ බීලා යන්න ගොඩක්‌ පෙරැත්ත කළා. එහෙම කළේ ඉතාම ආදරෙන් භක්‌තියෙන් වුණත් මම හිතුවා ඒ සීනි තේකොළ ටිකත් මම උන්වහන්සේ වෙනුවෙන් ඉතුරු කරලා එන එක හොඳයි කියලා. එතැනදී මම හරි කියලා දැනුණා. එක්‌වරම ගිලන් රථයකින් කොහේදෝ ගමනක්‌ යන සිංහල වෛද්‍යවරයෙක්‌ ගිලන් රථයෙන් බැහැලා දුවගෙන ඇවිත් ලොකු පැණි කොමඩු ගෙඩියක්‌ හාමුදුරුවන්ගේ අතට දීලා වැඳලා ගියා. එතුමා කිව්වේ හාමුදුරුවනේ මේකෙන් “ජූස්‌” හදලා බොන්න කියලයි. මෙන්න මෙහෙම පරිසරයක්‌ තමයි කෝකිලායි පන්සලේ තියෙන්නේ.


මේ හින්දා ඔය රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරලා මාස්‌පතා අවුරුදු පතා චාරිකා යන අයට එක දවසක්‌ හරි මෙතැනටත් ගොඩවෙලා මොනව හරි නොකළත් හාමුදුරුවෝ එක්‌ක වචනයක්‌ දෙකක්‌ කතා කරලා යන්න කියලා අපි ඉල්ලීමක්‌ කරනවා. එතකොට ගුණරතන හාමුදුරුවන්ට හිතෙයි මම තනිවෙලා නෑ කියලා.

රට කරවන උදවියට කරන්න පුළුවන් ලොකුම දේ පන්සල් ඉඩමේ අයිතිය තහවුරු කරලා දීලා උතුරේ දෙමළ දේශපාලන බලවේගවලින් එන තර්ජන ගර්ජන අවම කරලා දෙන එක කියලා යළි යළිත් මතක්‌ කරලා දෙනවා.

දිනසේන රතුගමගේ
http://www.colombotoday.com/21150-2895/

සබැඳි ලිපි -
[

මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
ජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.htmlTNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.htmlයළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.htmlදකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]