Pages

Thursday, December 27, 2012

නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?

නීති විදුහල් ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය කල යුතුයි – බොදු බල සේනා

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි සියලූ සිසුන් සඳහා නැවත ප‍්‍රතිඵල සමීක්‍ෂණය කිරීමේ අවස්ථාව දිය යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධානී කිරම විමලජෝති හිමි පැවැසීය.

ප‍්‍රතිඵල සමීක්‍ෂණය සඳහා අවස්ථාව දීම මගින් එම විභාගයේදී යම් වංචාවක් නොවුණා නම් ඒබ ව ඔප්පු කිරීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට අවස්ථාව හිමිවන බව හිමියෝ කීහ. හිමියෝ මෙසේ පැවසුවේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරම විමලජෝති හිමි.


‘නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයෙන් සමත් වන ළමුන් අතර මුස්ලිම් ජාතික සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීමක් පෙන්නුම් කරනවා.


මේ පිළිබඳ විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා තිබෙන්නේ අපේ ළමයි දක්‍ෂ නිසා විභාගය සමත් වන බවයි. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය පිළිගත නොහැකි ළදරු ප‍්‍රකාශයක්.


විභාගය සමත් වන සිංහල සිසුන් ප‍්‍රමාණය අඩුවී දෙමළ මාධ්‍ය සිසුන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් වැඩිවීමේ තත්ත්වයක් ඇති වීම ආරම්භ වුණේ අධිකරණ අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් අමාත්‍ය ධූරය ගැනීමෙන් පසුවයි.


විභාග අංක 127 සිට ඇරඹෙන විභාගය සමත් ළමුන් විශාල ප‍්‍රමාණයක් මුස්ලිම්. අහම්බයෙන් වෙන දෙයක් කියන්න බෑ. රවුෆ් හකීම් අමාත්‍යවරයාට මෙවැනි දෙයක් කිරීමට ඉඩ දිය නොහැකියි.


මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා රට දැනුම්වත් කළ යුතුයි. මෙවැනි තත්ත්වයන් නිසා තිස් අවුරුදු යුද්ධයෙන් වූ හානියට වඩා හානියක් අපේ රටට විය හැකියි. මුස්ලිම් සිසුන් අදක්‍ෂයි කියා මෙහිදී අපි අදහස් කරන්නේ නෑ.’ යයිද කීහ.


නීති ප‍්‍රවේශ විභාගයේදී අක‍්‍රමිකතාවයක් සිදුව නෑ – විභාග කොමසාරිස්


මෙවර නීති ප‍්‍රවේශ විභාගයේදී සිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කිසිදු ආකාරයට අක‍්‍රමිකතාවයක් සිදුව නැතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

විභාගයේදී ලකුණු ලබා දෙනු ලැබුවේ පුද්ගල නාමයකට නොව විභාග අංකයකට බවද පවසන කොමසාරිස්වරයා නීතිය පිළිබඳ දැනුමැති පිරිසකගේ සේවය ලබාගනිමින් නියම අකාරයට උත්තර පත‍්‍ර ඇගයීම සිදුකර සිදුකර අදාල ප‍්‍රථිපල නීති විදුහල් විදුහල්පතිවරයා වෙත භාර දුන් බවද කොමසරිස්වරයා කියා සිටී.


විභාග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම, උත්තර පත‍්‍ර ඇගයීම සහ ලකුණු ලබාදීම රහසිගත සහ ආරක්‍ෂාකාරී ලෙස සිදු කරන ලද බවද කොමසාරිස්වරයා අවධාරණය කරයි.

පසුව ලියමි
සිංහලයන් සමත් වීමේ ප්‍රතිශතය, 2.8%
මුසල්මානුවන්, 25.2% | දමිළයන්, 20%

මෙම දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි!
එසේනම් හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක් ඇති වූයේ කෙසේද?


දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කලින් පිටකළාද????????
වහාම පරීක්ෂණයක් පවත්වන්න!


සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html





0 comments: