Pages

Wednesday, December 19, 2012

හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා

හලාල් හරාම් (2)!
හලාල් ලකුණ යොදා ගනිමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ප්‍රෝඩාකාරී ව්‍යාපාරය පිළිබඳ ගම් මටිටමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කර සිටියහ.

සෝභිත හිමියෝ එසේ පැවසුවේ පසුගියදා මහරගම, වජිරඤාණ ධර්මායතනයේ පැවැති ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වැනි ගුණානුස්මරණ උළෙලට සහභාගි වෙමිනි. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

‘සෝම හාමුදුරුවෝ බොහෝ පැහැදිලිව කියපු දෙයක් තමයි බුද්ධාගම රැුකෙන්න නම් සිංහල ජන වර්ගය ආරක්‍ෂා විය යුතුයි කියන කාරණය. ඒත් අද සිංහලයන්ව තිඹිරිගෙයිදීම මරලා දානවා. අද රජයේ අනුග‍්‍රහය මතම පවුල් සංවිධාන ක‍්‍රමය අකුරට කි‍්‍රයාත්මක කරගෙන යනවා. හැබැයි ඔය උපත් පාලනය සිංහලයන්ට විතරයි. මේ ජාතික උරුමයන් වනසාගෙන යෑමේ උත්සාහයකුයි තියෙන්නේ. සමහර ජන කොටස් වලට නිති තියෙනවා. මුස්ලිම් අයට ෂරියා නීතිය කියලා එකක් තියෙනවා. සිංහලයට තියෙන්නෙ රටේ සාමාන්‍ය නීතිය විතරයි. අද ආගමික ක‍්‍රමයකට අපට බදු ගෙවන්නත් සිදුවෙලා තියෙනවා. හලාල් ලකුණෙන් විවිධ භාණ්ඩ වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. මේ ‘හලාල්’ ක‍්‍රමයකට සංහල බෞද්ධ අපිත් බදු ගෙවන්න  ඕනද? මට දැනගන්න ලැබුණු පරිදි මෙසේ හලාල් ලකුණ යොදාගෙන විකුණන භාණ්ඩවල මිලෙන් 0.1%ක් ශී‍්‍ර ලංකා ඉස්ලාමීය හලාල් සංගමයට ගෙවන බව දැනගන්න තියෙනවා. මුස්ලිම් ජනතාව තමන්ගේ ආගම වෙනුවෙන් 10%ක් ගෙව්වත් අපට ඒ ගැන ගැටලූවක් නෑ. මේ විදිහට හලාල් ලකුණ යොදාගෙන කරගෙන යන මේ කූට ව්‍යාපාරය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා. ගම් මට්ටමින් බෞද්ධ ජනතාව දැනුවත් කරලා අපි ඔවුන්ට කියන්නේ මේ ලකුණ තියෙන ආහාර වර්ජනය කරන්න කියලයි.’ [http://lankacnews.com/sinhala/news/87471/]

සැබැඳි ලිපි - හලාල් හරාම්!
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html

0 comments: