Pages

Friday, December 28, 2012

නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...


හකීම් තමන්ගේ පටු දේශපාලන වුවමනාවන්ට නීති ප්‍රවේශ විභාගය යොදා ගන්නවා - නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා

අධිකරණ ඇමැති රාවුµa හකීම් මහතා සිය පෞද්ගලික පටු දේශපාලන වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට සහ ජාතිවාදය වැපිරීමට මෙරට තරගකාරීම විභාගය වන නීති ප්‍රවේශ විභාගය උපයෝගි කර ගනිමින් සිටින්නේ යෑයි නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති මුස්‌ලිම් ජාතික රම්සි බාචා මහතා චෝදනා කර සිටියේය.

නීති අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ඇතිවී තිබෙන උග්‍ර අර්බුදය කඩිනමින් සමනය කිරීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා (26 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රම්සි බාචා මහතා මෙසේද පැවැසීය.

2011 සහ 2012 වසර වලදී පැවැති මෙම විභාග ප්‍රතිඵලයන්හි අදහාගත නොහැකි ලෙස මුස්‌ලිම් සිසුන් සමත්වීමේ වර්ධනයක්‌ දක්‌නට ලැබෙනවා. පසුගිය වසර නමය හා සංසන්දනය කිරීමේදී ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත්වූ සිසුන්ගේ වර්ධනයක්‌ සිදු නොවූවත් පසුගිය දෙවසරේදී ඉංග්‍රීසි හා දමිළ මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් මුස්‌ලිම් සිසුන් සමත්වීමේ අසාමාන්‍ය වර්ධනයක්‌ දක්‌නට ලැබෙනවා.

පසුගිය 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 හා 2010 වර්ෂ වල මුස්‌ලිම් සිසුන් සමත්ව ඇත්තේ පිළිවෙළින් 05,03,07,08,14 සහ 09 ක්‌ යනුවෙනුයි. නමුත් 2011 සහ 2012 යන වසර වලදී මුස්‌ලිම් සිසුන් පිළිවෙළින් 51 සහ 78 ක්‌ සමත්ව සිටිනවා. මෙය අසාමාන්‍ය වැඩිවීමක්‌. හිටි හැටියේ මෙවැනි අසාමාන්‍ය වර්ධනයක්‌ සිදුවූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි.

පසුගිය 2010 වර්ෂය තෙක්‌ නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නීති විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ පළ කිරීම සම්ප්‍රදාය වුණා. එම ලේඛනය තුළ, ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යාවන් විභාග අංකය, සම්පූර්ණ නම, ලිපිනය, ස්‌ත්‍රී පුරුෂ භාවය, විභාගයට පෙනීසිටි මාධ්‍ය, ලබාගත් ලකුණු හා ලබාගත් ස්‌ථානය ඇතුළත් වුණා. නමුත් මෙම වසරේදී ලිපිනය, විභාගයට පෙනී සිටි මාධ්‍ය යන කොටස්‌ ඉවත් කර තිබෙනවා. මේ තුළින් තොරතුරු සැඟවීමට කටයුතු කර තිබෙනවා.

මේ සියල්ල පිටුපස අධිකරණ ඇමැති රාවුµa හකීම් මහතා සිටින බව සැකකිරීමට ඕනවටත් වඩා හේතු තිබෙනවා.

මෙහිදී නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු ඉලංගරත්න වන්නිනායක, සම ලේකම් එරන්ද එස්‌. වර්ණසිංහ, මොහොමඩ් නµaනා යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.
සිරිමන්ත රත්නසේකර - http://www.divaina.com/2012/12/28/news26.html

පසුව ලියමි
සිංහලයන් සමත් වීමේ ප්‍රතිශතය, 2.8%
මුසල්මානුවන්, 25.2% | දමිළයන්, 20%

මෙම දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි!
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක් ඇති වූයේ කෙසේද?

දමිළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය කලින් පිටකළාද????????
වහාම පරීක්ෂණයක් පවත්වන්න!

සැබැඳි ලිපි -

නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

0 comments: