Pages

Monday, December 31, 2012

සාමකාමී වූ දෙවියන්ගේ නාමයෙන් අන්තවාදීහු උන් උන් මරාගනිති


පාකිස්තානයේ මුස්ලිම් කුල ගැටුම්, ෂියා මුස්ලිම්වරුන් 19ක් මරු දමති

නැගෙනහිර පාකිස්ථානයේ ඉරානය බලා යමින් සිටි ෂියා මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කරගත් බෝම්බ ප‍්‍රහාරයකින් 19 දෙනෙක් මියගොස් ඇත.

බලූකිස්ථාන පලාතේ ක්විටා සිට කිලෝමීටර් 30ක් දකුණින් පිහිටි මැස්ටන් දිස්ත‍්‍රික්කයේ ෂියා වන්දනා කරුවන් රැගත් බස්රථ තුනකට ඉරිදා මෙම ප‍්‍රහාරය එල්ල විය. බෝම්බයෙන් බසයක් ගිණි ගත් අතර 19 ක් මියගොස් 25 ක් තුවාල වු බව ප‍්‍රදේශයේ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරී ටුෆිල් බලූෂ් කියා සිටියේය.

බෝම්බය කාරයක් තුල අටවා තිබූ බවත් ඇතැම් තුවාල කරුවන් ගේ තත්වය බරපතල බවත් බලූෂ් AFP වෙත ප‍්‍රකාශ කර තිබේ. මිය ගිය අය අතර කාන්තාවන් හා ලමයින් ද ඇත. ක්විටා හි ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් කියා සිටියේ ෂියා වන්දනාකරුවන් 180ක් පමණ බස්රථවල සිටි බවත් 45 ක් පමණ සිටි රථයකට දැඩි ලෙස හානි වී ඇති බවත් ය.

මේ ප‍්‍රහාරයේ වගකීම කිසිවෙක් භාරගෙන නැත. පකිස්ථානයේ ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිව උත්සන්න වන ප‍්‍රහාර නිසා 2012 වසරේදී සිය ගණනක් ඝාතනය වී ඇත. පාකිස්ථානයේ ෂියා නායකයන් මෙම ලේ වැගිරීම් ගැන අධිකරණ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

හියුමන් රයිට් වොච් ප‍්‍රකාශ කරන පරිදි පකිස්ථාන රජය ෂියා වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීමට අපොහොසත් වී ඇත. පශ්චාත් තලේබාන් හමුදා භටයන් පසුගිය වසර කිහිපයේ ෂියා වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ව්‍යාපාරයක් දියත් කර ඇත.

December 31, 2012 at 3:25 am | Lanka C News.

0 comments: