Pages

Monday, December 24, 2012

ප්‍රෞඪ ඉතිහාසයක තාක්ෂණික උරුමය - ථූපාරාමය අසලින් මතුවූ ඉපැරණි රෝහල් සංකීර්ණය


හෙළ සුරු විරුකම් වලට ලක් දෙරණේ හැම බිම් අඟලක්ම සාක්ෂි!

ප්‍රෞඪ ඉතිහාසයක තාක්ෂණික උරුමය මහ පොළොවෙන් මතුවේ! ථූපාරාමය අසල මනා සන්විධිත ඉපැරණි රෝහල් සංකීර්ණයක්!
කැණීම් කර මතුකරගන්නා තෙක්,
දෙරණ පුරා ඇති එම උරුමය 
අන්තවාදීන්ගෙන් රැක ගමු!

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය මඟින් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ථූපාරාමය අසලින් අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ඉපැරැණි රෝහලක නටඹුන් හමුවී තිබේ.

ථුපාරාම ස්තූපයට දකුණු දෙසට වන්නට පිහිටා තිබී ඇති එම රෝහල එවකට ආරාමවල වැඩවිසූ භික්‍ෂූන් වහන්සේ උදෙසා ඉදිකරන්නට ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය හා මහා විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පැවැසීය. කැණීම්වලදී මතුකර ගෙන ඇති පුරාවිද්‍යා ස්මාරක අතර, කාමර පන්තියක්, එකී කාමර පන්තිය හා සම්බන්ධ වේදිකා කාමර සහ කාමර සඳහා ප‍්‍රවේශ වීමට ඉදිකොට ඇති දොරටු පියගැට පෙළ ආදියද දක්නට තිබෙන බව මහාචාර්යවරයා කීය.

මේ අතර එහි පුරාවස්තු අතර තිබී හමුවී ඇති බෙහෙත් ඔරුවේ විවිධ ඖෂධීය ක්‍ෂාර වර්ග පුරවා රෝගීන් එහි ගිල්වා තබා ප‍්‍රතිකාර කළ බවට පුරාවිද්‍යා පර්යේෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බවද මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පැවැසීය. ථුපාරාමය අසල සිදුකළ මෙම කැණීම්වලදී ඖෂධ ඇඹරීමට යොදා ගන්නා කළු ගලෙන් නිර්මාණය කළ ගල්පුවරු, ඇඹැරුම් අත්ගල් හා ලෝහමය පිහිතල, වෛද්‍යවරුන් හා නේවාසික රෝගීන් සඳහා වෙන් කරන ලද බවට අනුමාන කෙරෙන කාමර පද්ධතියක නටඹුන් හමුවී ඇති බවත් හෙතෙම කීය.
http://lankacnews.com/sinhala/news/87685/


1 comments:

Amila Chathuranga said...

අපිට ලස්සන අතිතයක් තිබුනාට වර්ථමානය සුන් නේද? අපි හැමදාම බොරුවට වංසෙ කබල් ගාන එක විතරයි නේද කරන්නෙ...