Pages

Wednesday, December 26, 2012

නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති

සාධාරණය ඉල්ලා නීති විදුහල් සිසුවෝ මාරාන්තික උපවාසයකට

මතභේදයකට තුඩුදුන් නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල අත්හිටුවීම හෝ ඒ පිළිබඳ කෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදු කිරීමට බලධාරීන් පියවර නොගතහොත් සාධාරණය ඉල්ලා මාරාන්තික උපවාසයක් අරඹන බව නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුව පවසයි.

එහි මුල් පියවරක් ලෙස මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම මේ මස 28 දා පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරන බව නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා පැවසීය.


අතිශය තරගකාරී විභාගයක් ලෙස පිළි ගැනෙන නීති ප‍්‍රවේශ විභාගය සඳහා වාර්ෂිකව සිසුන් 7000-8000ක් අතර ප‍්‍රමාණයක් පෙනී සිටින බවත් මෙවර එම විභාගයෙන් තේරී පත් වූ සිසුන් 309 දෙනාගේ ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිඵලය ඉතිහාසයේ කෙදිනකවත් නොවූ ලෙස විකෘතියක් පෙන්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. සිංහල මාධ්‍යයෙන් සියයට 80ක් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් සියයට 15 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සියයට 5ක් වශයෙන් මෙවර සිසුන් විභාගයට පෙනී සිටින අතර විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී තෝරාගත් සිසුන් 300 දෙනා අතරින් මුස්ලිම් සිසුන් 78 ක් දෙමළ සිසුන් 40 ක් හා සිංහල සිසුන් 191 ක් වශයෙන් දැක්වුණද මුස්ලිම් සිසුන් සමත්වීමේ ප‍්‍රතිශතය අසාමාන්‍ය බවද ඔහු පැවැසීය.

මෙවර ප‍්‍රතිඵලයට අනුව 1, 2, 3 ස්ථාන හා මුල් දස දෙනා අතර මුස්ලිම් සිසුන් 6 දෙනකු වීමත් මුල් 50 දෙනා අතර මුස්ලිම් සිසුන් 28 දෙනකු වීමත් නීති විද්‍යාලය මුස්ලිම්කරණයට ලක් කිරීමේ උත්සාහයක් විය හැකි බවද ඔහු කීය. මෙමගින් 6500 (80%) පමණ වන සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් මෙවර නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රතිඵල අහෝසි කරන ලෙස හෝ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් නීති විද්‍යාලයේ පරිපාලනය වෙත යොමු කිරීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ මස 28 වනදා සවස 2.00ට පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අරඹන බවත් මේ පිළිබඳ මහජනතාව ආගමික හා දේශපාලන නායකයින් ඇතුළු සියලූ දෙනා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳ බලධාරීන් නිසි පියවර නොගතහොත් සාධාරණය පතා මාරාන්තික උපවාසයකට තම ශිෂ්‍ය එකමුතුව සූදානම් බවද ඔහු පැවසීය.

http://lankacnews.com/sinhala/news/87788/

සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html

හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... - http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html

0 comments: