Pages

Monday, October 15, 2012

බෞද්ධයන් අන්‍යාගමට හරවන ඉවැන්ජලිකල් කල්ලියක්‌


බෞද්ධයන් අන්‍යාගමට හරවා යක්‌ෂයා පලවා හැරීම වෙනුවෙන් බුදු පිළිම පොළොවේ ගසන මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කල්ලියක්‌ කොටුකර ගැනීමට බොදුබල සේනා සංවිධානයට හැකිව තිබේ.

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ නිවසකදී මෙම කණ්‌ඩායම බොදු බල සේනා සංවිධානය විසින් කොටු කර ගෙන දෙහිවල පොලිසියට භාරදී ඇත.

නැදිමාල ප්‍රදේශයේ තරුණයකු මීට මාස කිහිපයකට පෙර අන්‍යාගමික තරුණියක්‌ හා විවාහ වී තිබේ. මෙම තරුණිය නිතරම කෑ ගසමින් කෝලාහල කිරීම නිසා එම තරුණයා සිය බිරිය අතහැර පැමිණ ඇත.

කෙසේ නමුත් දෙදෙනා නැවත සමාදාන වී එක්‌ව වසද්දී ගෙදරට පැමිණි පාස්‌ටර්වරයෙක්‌ මේ තරුණියට යක්‌ෂයෙක්‌ වැසී ඇති බවත් එම යක්‌ෂයා පලවා හැරීම සඳහා නිවසේ බුදු පිළිම පොළොවේ ගැසිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. මෙම පාස්‌ටර්වරයා බෞද්ධ තරුණයාවත් මූලධර්මවාදී ආගමට හරවාගෙන ඔහු ලවාම මේ පිළිම පොළොවේ ගසා ඇත.




මේ තරුණයාගේ විපර්යාසය ඔහුගේ දෙමාපියන්ට දැනගන්නට ලැබී මේ ගැන බොදු බල සේනා සංවිධානයට දන්වා ඇත. ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු බොදු බල සේනා සාමාජිකයෝ මෙම මූලධර්මවාදී කල්ලිය කොටුකර ගෙන ඇත.

බොදු බල සේනා සාමාජිකයන් හමුවේ පාපොච්චාරණය කර ඇති මේ පාස්‌ටර්වරයා පවසා ඇත්තේ තමන්ට බෞද්ධ තරුණ තරුණියන් අන්‍යාගමට හරවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා විදේශ ආයතනයකින් මුදල් ලැබෙන බවයි. "ද නේම් ඔෆ් ලොර්ඩ් ජීසස්‌""""" නම් ඉවැන්ජලිකල් කල්ලිය මගින් මේ පිරිස්‌ මෙහෙයවන බව බොදු බල සේනා සංවිධානය කියයි.

මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ පාස්‌ටර්වරයා මෙරට විද්යුත් මාධ්‍ය ජාලයක සේවය කරන අයෙක්‌ බවද හෙළි වී ඇත.

මෙම සිද්ධිය ගැන "දිවයින" සමග අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසර හිsමියෝ මෙසේ පැවසූහ.

ඉවැන්ජලිකල් කල්ලි නිසා අසාර්ථක වූ පවුල් 500 ක්‌ පමණ අපේ සංවිධානය මගින් හඳුනාගෙන තියෙනවා. මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගන්න අපි කටයුතු කරනවා. බුදු පිළිම කඩන මේ ඉවැන්ජලිකල් කල්ලියේ ප්‍රධානියා වන 27 හැවිරිදි දිනේෂ් නමැති තැනැත්තා උපතින් හින්දු අයෙක්‌. පසුව ඉවැන්ජලිකල් ආගමට හැරිලා දේව ගැතිවරයෙක්‌ වෙලා තියෙනවා. මීට පෙරත් අපි, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්‌ටර්වරුන් 18 දෙනෙක්‌ අල්ලා ගත්තා. මේ වැරදිකරුවන්ට එරෙහිව අපි ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා.

මූලාශ්‍රය - http://www.divaina.com/2012/10/15/news22.html


බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන කල්ලියක් අල්ලයි...

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා. ඉකුත් 12 වැනි සිකුරාදා රාත්‍රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්‍රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.

"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.

නමුත් මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා. අර විවාහ වූ තරැණියගෙන් මේ තරැණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමණ්ත්‍රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරැණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා.

එහිදී පාස්ටර්වරැන් විසින් මේ තරැණයාගේ මනස දූෂණය කරනවා. ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්. එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරැණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට.

මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරැණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරැන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරැණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරැණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා.

මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරැවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරැණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ.

මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා.

මේ අත් අඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරැවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍යය හසුරැවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා.

මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා.

නමුත් අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි, මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි.

රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා. මනාව සරසන ලද සද්ධන්ත හස්ති රාජයින් පිටේ ධාතු කරඬුව වඩමවන්නාක් සේ කුරැස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා.

මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරැවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරැ කොටුත් සුද්ද කරනවා.

ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරැස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරැවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්යා. දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..."


Read more: http://www.gossip9.com/2012/10/blog-post_4685.html#ixzz29MOFYXI4


සම්බන්ධිත පුවත් - යක්‍ෂයා පැන්නීමට බුදු පිළිම කුඩු කිරීම!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_9635.html

6 comments:

Anonymous said...

දැන් මේ පුද්ගලයාට එරෙහිව නීතී මඟින් කටයුතු කරනවා නම් මොකක්ද නඟන චෝදනාව?

Unknown said...

අන් ආගමිකයන් නොඉවසීම. හා එමගින්
මහජන සාමයට බාධා වන ලෙස හැසිරීම, හා පෙළඹවීම.

Anonymous said...

Meka nam ballage anduwak. Uge geni kristhiyani. Genige padeta u natanawa. Nathnam uge lamai 3 denama St.Thomas yanawada Ananda Nalanda wage thiyeddi.

Anonymous said...

u wage paharayekuta chodana ella karala wadak naha ellala ana gahanna ona kurusema tiyala. p.a.h.a.r.a.y.a.

Anonymous said...

Mevani devaladi un ayage varadi dakinawasema, ape varadith dana handunagena eva nifaradi karaganna yuhusulu venna ona. Radical christianinta ape lamai ravatenne, Baudhdha Dharmaya gana lamai kala kiri athi nisai. Esay wanne Baudhdha Dahama issara karagena prodaval, hadi hooniam, pamanak nova business pava karana bavath, eva deke deka ape ammala thaththala, guruwaru pamnak nova, Swaminvahensela pava nihandava sitinava dekkamai. Nirmala Budhdha Dharmaya Budu Hamuduruwo iganwu paridima pilipadina vadi hiti pirisak apata innawa nam, api vage tharuna tharuniyanta vena aagam gana hithanna uwamana nehe.

Anonymous said...

මෙවැනි දේවලදී අන් අයගේ වැරදි දකිනවා සේම අපේ වැරදිත් දැන හදුනාගෙන ඒවා නිවැරදි කරගන්න යුහුසුළු වෙන්න ඕනෑ. රැඩිකල් ක්රිුස්තියානින්ට අපේ ලමයි රැවටෙන්නේ බෞද්ධ ධර්මය ගැන ලමයි කළකිරී ඇති නිසයි. එසේ වන්නේ බුදු දහම ඉස්සර කර ගෙන ප්රෝරඩාවල්, හදි හූනියම්, පමණක් නොව බිස්නස් පවා කරන බවත් ඒවා දැක දැකත් අපේ අම්මලා තාත්තලා, ගුරුවරු පමණක් නොව ස්වාමීන් වහන්සේලා පවා නිහඩව සිටිනවා දැක්කමයි. නිර්මල බුද්ධ ධර්මය බුදු හාමුදුරුවෝ ඉගැන්වූ පරිදිම පිළිපදින වැඩිහිටි පිරිසක් අපට ඉන්නවා නම් අපි වගේ තරුණ තරුණියන්ට වෙන ආගම් ගැන හිතන්න උවමනා නැහැ.