Pages

Monday, October 15, 2012

බුද්ධගයාවට පහරදීමේ අන්තවාදී සූදානමක්


ඉන්දියාවේ බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට සැලසුම් කළ පුද්ගලයන් තිදෙනෙකු නවදිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය හින්දු පුවත් පත වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉන්දිය මුජහිදීන් කි‍්‍රයාකාරින් යැයි සැකකෙරෙන අතර දකුණු දිල්ලියේ පුල් පේහෙලාද්පුර් ප‍්‍රදේශයේදි  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සහ බෝම්බ සෑදිමට ගන්නා උපකරණ රැසක් ද ඔවුන් සතුව තිබි සොයා ගෙන ඇත.
සැකකරුවන් බිහාර් ප‍්‍රදේශයේ බුද්ධගයා විහාරයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර ඇති අතර මේ සමගම බුද්ධගයාව ආශ‍්‍රිතව ආරක්ෂාව තර කිරිමට ද පියවර ගෙන ඇති බව ඉන්දිය ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර තිබේ.


බුද්ධගයාවට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක්, හමුදා ආරක්‍ෂාව යොදයි
මූලාශ්‍රය - http://lankacnews.com/sinhala/foreign-news/84020/

ඉන්දිය මුජහිදීන් කි‍්‍රයාකාරින් විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ තොරතුරු හෙළිවීමත් සමඟ දකුණු බුද්ධගයා විහාරයේ ආරක්‌ෂාව තර කිරීමට හමුදා ආරක්‍ෂාව යොදාවා ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

එමෙන්ම බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුව විසින් බුද්ධගයාවේ ආරක්‌ෂාව සඳහා අතිරේක පොලිස් භට පිරිස්‌ද යොදවා ඇති අතර ඒ ප්‍රදේශය පුරා පාමුර සංචාර ද වැඩිකර ඇත.

පසුගියදා දිල්ලියේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය මුජහිඩීන් නම් සංවිධානයේ සාමාජිකයන් විසින් හෙළි කර ඇති තොරතුරු මත මෙම ආරක්‌ෂක කටයුතු තර කර ඇති අතර බුද්ධගයා විහාරයට ඇතුළුවන බැතිමතුන්ගේ ශරීර පරීක්‍ෂාවද සිදු කෙරේ.

2 comments:

Anonymous said...

Thank yo very much for this website.

These Muslims are here to destroy Buddhism. But as per Lord Buddha Buddhism in the world will last only 2500 years. May be this is the end

තීර්ථ යාත්‍රිකයා said...

Lord Buddha never said something like that.