Pages

Monday, October 29, 2012

යක්‍ෂයා පැන්නීමට බුදු පිළිම කුඩු කිරීම!


ඇෆ්ගනිස්‌ථානයේ හසාරාජාත් ප්‍රදේශය පිහිටා ඇත්තේ කාබුල් නුවරට කිලෝමීටර් 230 ක්‌ වයඹ දිගිනි. ගන්ධාර කලා සම්ප්‍රදාය අනුව මේ ප්‍රදේශයේ සුවිශාල බුදු පිළිම දෙකක්‌ ඉදිවූයේ ක්‍රි. ව. හයවැනි සියවසේදී ය. ඒවා බාමියන් බුදු පිළිම ලෙස ප්‍රකටය. මේ එක්‌ පිළිමයක්‌ මීටර් 55 ක්‌ උස වන අතර අනෙක්‌ පිළිමය මීටර් 37 ක්‌ උසැතිය. හින්දු කුෂ් කඳු පන්තියේ බාමියන් නිම්නයේ ඉදිවුණු මේ පිළිම, සේද මාවත දිගේ ගමන් කළ දහස්‌ ගණන් දෙනාගේ වන්දනයට පාත්‍ර විය. ක්‍රි. ව. 630 දී මෙම ස්‌ථානය වන්දනාව සඳහා පැමිණි හියුන් සෑං හිමියන් මෙහි බෞද්ධ විහාර දහයක්‌ හා භික්‍ෂුන් වහන්සේලා සිය ගණනක්‌ සිටි බව සඳහන් කර ඇත. නමුත් මේ විශිෂ්ට බෞද්ධ උරුමය 2001 දී තලෙබාන් නායක මුල්ලා ඕමාර්ගේ අතින් විනාශ කෙරිණි. 2001 මාර්තු මාසයේදී ගුවන් යානා නාශක අවි මෙන්ම යුද්ධ ටැංකිවලින් මේ නිසල බුදු රුවට ප්‍රහාර එල්ල කෙරුණු අතර පසුව ඩයිනමයිට්‌ දමා පුපුරුවන ලදී. මාර්තුවේ බුදු පිළිම විනාශ කෙරුණු අතර ඔක්‌තෝබර් වන විට ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ඇෆ්ගනිස්‌ථානයට බෝම්බ වැසි වස්‌සවන ලදී. බාමියන් විනාශය නිසා මිහිකත කම්පා වූ බව නම් පැහැදිලිය.

බුදු පිළිම විනාශ කිරීමෙන් ලබන්නේ කවර ලාභයක්‌ද? එය ලාභයක්‌ නොව සාපයක්‌ වන බව නම් පැහැදිලිය. යක්‍ෂයා එළවා දැමීම සඳහා බුදු පිළිම විනාශ කළ පිරිසක්‌ කොටුකර ගැනීමට බොදුÊබල සේනා සංවිධානයට පසුගියදා හැකි විය. "ද නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්‌" නම් ඉවැන්ජලිකල් කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ බුදු පිළිම පොළොවේ ගසා, ගිනි තබා, යක්‍ෂයා පැන්නීමට උත්සාහ කරද්දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ පිරිසකට මේ පාස්‌ටර් දිනේෂ් ඇතුළු කණ්‌ඩායම කොටු විය.

යක්‍ෂයා පැන්නීමට බුදු පිළිම පොළොවේ ගැසූ කථාව සැකෙවින් මෙසේය. කොළඹට නුදුරු ප්‍රදේශයක බෞද්ධ තරුණයෙක්‌ හදිසියේම එක්‌තරා බැංකුවක සේවය කරන තරුණියක හා විවාහ වෙයි. ප්‍රේම සම්බන්ධයක්‌ මත මේ විවාහය සිදුවන අතර මාස දෙකක්‌ ගත වන්නට මත්තෙන් මේ කැදැල්ලට කණකොකා හඬන්නට ගනී. සිය විවාහ දිවිය එපා වී නැවත මවුපියන් වෙත පැමිණෙන මේ තරුණයා පවසන්නේ තම යොවුන් බිරිය නිතර යක්‍ෂාවේශයෙන් මෙන්a කෑ ගසමින් කලහකාරී ලෙස හැසිරෙන නිසා තමාට ජීවිතයත් එපා වී ඇති බවයි. ටික දිනකින් මේ යුවළ නැවත සමාදාන වී යළි එක්‌ව වාසය කිරීමට තීරණය කරති. මේ අතර තරුණියගේ යක්‍ෂාවේශය දුරු කරලීම පිණිස 27 හැවිරිදි පාස්‌ටර් දිනේෂ් පැමිණේ. ඇත්තෙන්ම මේ තරුණ බිරියද කලක පටන් ඉවැන්ජලිකල් කල්ලියේ සාමාජිකාවකි. ඇය යක්‍ෂයා ආවේශ වී දඟලන්නේද මේ බෞද්ධ තරුණයා ද ඉවැන්ජලිකල් ආගමට හරවා ගැනීම සඳහා සුදුසු උපක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමටය. පාස්‌ටර් දිනේෂ් මේ යුවළගේ නිවසට පැමිණ ගීතිකා කියමින් මේ තරුණයා මෝහන නිද්‍රdවකට පත් කරයි. එසේ මෝහනය කර පවුලේ අසමගිය, බිරියට ඇති යක්‍ෂාවේශය දුරු කිරීමට නම් නිවසේ ඇති යක්‍ෂයා පලවා හැරිය යුතු බව කියයි. යක්‍ෂයා යනු කවරෙක්‌ද? නිවසේ ඇති බුදු පිළිමයයි. ඉවැන්ජලිකල් මෝහනයට පත් වන මේ තරුණයා බුදු පිළිම පොළොවේ ගසා අව සිහියෙන් මෙන් හැසිරෙයි. එයින් පසුව ඔහු තම මව දුටු විටත් පවසන්නේ "මෙයා මම අඳුරන්නේ නැහැ" යනුවෙනි. මේ නිසා බලවත් ශෝකයට පත්වන දෙමාපියෝ මේ ගැන බොදු බළ සේනා සංවිධානයට පැමිණිලි කරති. ඒ අනුව මේ ඉවැන්ජලිකල් නඩය පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී කොටු කර ගැනේ.

මේ ඉවැන්ජලිකල් නඩය මුල්ලා ඕමාර්ගේ තලෙබාන් කණ්‌ඩායම හා සමාන බව නම් පැහැදිලිය. ද නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්‌ නම් මේ ඉවැන්ජිකල් මූලධර්මවාදී කණ්‌ඩායම බුදු පිළිම පොළොවේ ගසන්නේ දෙවියන් වහන්සේ සනසන්නද? අපට නම් මහත් උභතෝකෝටිකයකි. බුදු පිළිම පොළොවේ ගසා යක්‍ෂයා පලවා හැරීමට මේ පුද්ගලයන්ට උපදෙස්‌ සපයන්නේ කවර ආගමික ග්‍රන්ථයෙහිද? ඇත්තෙන්ම මේ කල්ලි කණ්‌ඩායම් නිසා සිදුවන්නේ ආගමික සංහිඳියාව විනාශ වීම බව නම් පැහැදිලිය. මේ ඉවැන්ජලිකල් කල්ලි කතෝලික සභාවටත් තර්ජනයක්‌ වී ඇති බව පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින්ම ප්‍රකාශ කර තිබිණි. මේ ගැන ඔවුන් ගන්නා පියවර කුමක්‌ දැයි රටට හෙළිකළ යුතුය. ඇමරිකානු ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට ලියාපදිංචිය තහනම් කරන්නැයි කාදිනල්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ 2011 නොවැම්බර් මාසයේදී ය. ඒ පිළිබඳව අපි 2011 නොවැම්බර් 13 zදිවයිනZ පුවත්පතට "ආගමික ආක්‍රමණය හා කාදිනල්තුමාගේ ප්‍රකාශය" මැයෙන් ලිපියක්‌ ලියූවෙමු. දැන් බටකැත්තරදී බුදු පිළිම පොඩිකර යක්‍ෂයා කැඳවන්නේ ද මේ ඇමරිකානු ඉවැන්ජලිකල් කල්ලි බව අමුතුවෙන් කිව යුතු නැත.

එදා ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන ගංගොඩවිල සෝම හිමියන් මහජනයා දැනුවත් කරද්දී කතෝලික සභාව ඒ ගැන බැලුවේ වපරැසිනි. නමුත් මේ ඉවැන්ජලිකල් කල්ලි බෞද්ධයන්, හින්දුන් මෙන්ම සාමාන්‍ය කතෝලිකයන් ද විශාල වශයෙන් බිලිගෙන ඇති බව කාදිනල්වරයා අවබෝධ කර ගෙන ඇති බව පැහැදිලිය. බ්‍රසීලය ලොව විශාලතම කතෝලික රාජ්‍යයයි. 1970 දී එරට ජනගහනයෙන් 90% ක්‌ තමන් කතෝලිකයන් බව ප්‍රකාශ කළත් 2009 දී එම ප්‍රතිශතය 68% දක්‌වා පහළ බැස ඇත. බ්‍රසීල කතෝලිකයන් විශාල වශයෙන් ඉවැන්ජලිකල් කල්ලි කණ්‌ඩායම් වෙත ඇදී යැම මේ ප්‍රශ්නයට මූලික වී ඇත. බ්‍රසීලයේ කාදිනල් පෙඩ්රෝ ෂෙරර් ප්‍රකාශ කරන්නේ මේ හතු පිපෙන්නාක්‌ මෙන් පෙන්තකොස්‌ත හා ඉවැන්ජලිකල් පල්ලි රට පුරා ඉදිවීම කනගාටුවට කරුණක්‌ බවයි.

ඇත්තෙන්ම බටකැත්තර සිද්ධිය ගතහොත් මේ ඉවැන්ජලිකල් යාච්Cඳාව නිසා එම තරුණයාට යහපතක්‌ සිදුවීද? කවර ආගමකට ගිය ද තමන්ගේ මව, පියා හඳුනාගත නොහැකි වේ නම් ඒ තැනැත්තා මනුෂ්‍යයෙක්‌ ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ආගම ඇදහිය යුත්තේ භක්‌තියෙනි, ශ්‍රද්ධාවෙනි. එය බෞද්ධයාටත්, කතෝලිකයාටත්, මුස්‌ලිම් ආගමිකයාටත්, හින්දු ආගමිකයාටත් පොදුය. නමුත් අන්තවාදීව හෝ උමතුවෙන් ආගම ඇදහිය නොහැක. බුදු පිළිම පොළොවේ ගසා දෙවියන් කරා යා හැකිද? එය සැබැවින්ම මානසික ව්‍යාධියකි. ආගමික නිදහස පැවතිය යුතුය. නමුත් මූලධර්මවාදයට ඉඩදිය යුතු නැත. එයින් සිදුවන්නේ ආගමික සංහිඳියාව විනාශ වීමකි. මේ ගැන සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුව ඇති බව සටහන් කරමු.

චතුර පමුණුව

මූලාශ්‍රය - http://www.divaina.com/2012/10/28/feature15.html

සම්බන්ධිත පුවත් - බෞද්ධයන් අන්‍යාගමට හරවන ඉවැන්ජලිකල් කල්ලියක්‌
http://denethharinna.blogspot.com/2012/10/blog-post_14.html

1 comments:

Anonymous said...

owanima ewanjalayku ampareth hitiya minihath owanima thirisanek, kamathurayek, gahanunwa mohanaya kara thama pahath asawan etu karagannek ,miniha marune wedi warusawaka. anekuth ewanjalayantath awasanaye sidu wanne oya tikama thamay.