Pages

Sunday, January 4, 2015

මේ අව් අස්‌සේ දිලෙන මූතුර් වල "ගිනි පුපුර්" - නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...03

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගින්න ලෙසින් වූ මෙම ලිපි පෙළේ මුල් කොටස්‌ දෙක මීට ඉහත සතිවල "දිවයින ඉරිදා සංග්‍රයේ" පළ විය.

එහිදී අද දවසේ නැගෙනහිර සිංහල ජනතාවට අත්වෙමින් තිබෙන දුක්‌ත ඉරණමත්, එසේ වෙද්දී අපේ දේශපාලන උතුමන් බලයට ලෝබීව රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වෙමින් කා කොටා ගන්නා අන්දම හා මුස්‌ලිම් රටවල අනුග්‍රහයෙන් මූලධර්මවාදයේ ව්‍යාප්තිය සිදුවන ආකාරයත් අපි හෙළි කළෙමු.

මේ පළ වන්නේ එම ලිපි පෙළේ තුන්වන කොටසය.

මුතුමැණිකේ මාතාව කියන්නට වූ ඒ කථාව අවසානයේ ඇයට සමු දුන් අපි යළි ගමන් ඇරඹුවෙමු. කන්තලේ - සේරුනුවර මාර්ගය ඔස්‌සේ ඇදෙන අපේ රථය කල්ලාර් ගම්මානයෙන්ද සමුගෙන යමින් තිබේ. දැන් අප සිටින්නේ එගම අවසන් මායිමේ වේ. 

"අයියේ මේ තියෙන්නේ කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය. කොහොමද? නියමයි නේද? අප ගමන් සගයා මට ක්‍රීඩාංගණයක්‌ ගැන කියමින් සිටී. මම හතර අත බලමින් ක්‍රීඩාංගණය සොයන්නට වීමි. ගරා වැටුණු කම්බි වැටක්‌ සහ මානා පඳුරු ගොන්නකින් වැසී ගිය බිමක ලැග සිටින හරකුන් දෙතුන් දෙනකු හැරෙන්නට ක්‍රීඩා පිටියක සලකුණකුදු පෙනෙන්නට නැත.

කෝ මල්ලි.. කොහෙද පිට්‌ටනිය..? මම යළිත් ඔහු විමසීමි. "ඔය තියෙන්නේ අයියේ.. හරක්‌ ලැගලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ තමා.." අපූරුය මේ හරකුන් ලැග සිටින්නේ මා සොයන ක්‍රීඩාංගණයේය. ත්‍රස්‌තවාදයෙන් බැට කා ජීවත් වන මිනිසුන් ගහණ කල්ලාර් ගමේ කොල්ලකුට බෝලයක්‌ ගහන්නට ඇති ක්‍රීඩා පිටියේ අයිතිය අද හිමිව ඇත්තේ හරකුන්ටය. 

ඒ ක්‍රීඩා පිටියට මඳක්‌ එපිටින් කල්ලාර් ගමට වතුර දෙන්නට ඉදිකළ ජලයෝජනා ක්‍රමයකි. ඉන් ගමට ලැබෙන වතුරක්‌ නැත. එය ගරා වැටුණු සොහොන් ගෙයක්‌ පරිදිය. මේ තිබෙන්නේ අපේ දේශපාලනඥයකු කුටිටියක්‌ කඩා ගන්නට කළ විඡ්ජාවක්‌ බව පැහැදිලිවම පෙනී යන්නකි.

කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය සහ ජලයෝජනා ක්‍රමය යනු නැගෙනහිර මායිමේ හතර කොන නොදැන ලැබෙන කුට්‌ටිය සමග දහදුරා දේශපාලනයක යෙදෙන්නවුන්ගේ මෙන්ම මුස්‌ලිම් අන්තවාදයේ ගිලී තිබෙන රාජ්‍ය නිලධාරි මාෆියාවේ ජාතිවාදයට ගොදුරු වූ මේ මිනිසුන්ගේ කතාව ලොවට කියන්නට ඇති කදිම සාක්‍ෂි වැනිය.

ක්‍රීඩාංගණය හා ජලයෝජනාක්‍රමය පමණක්‌ම නොව අද නැගෙනහිර සිංහල වැසියන් ජීවත් වන පැල්පත් නිවාස, ගරා වැටුණු ආර්ථිකයත් සමග මතුවී ඇති දුප්පත්කම ආදී වශයෙන් බැලු බැලූ හැම අතම පෙනෙන්නට ඇත්තේ ඒ ජාතිවාදයේ සෙවනැලිය. 

අපේ සගයා රථය පදවමින් සිටී. වේගයෙන් ඇදෙන රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් බර දේශපාලන කතාබහකට වැටී සිටිති. ඔවුන්ගේ මාතෘකාව වී තිබෙන්නේ ජනපති මහින්ද හා චන්ද්‍රිකාගමනය සමග මතුවී ඇති මෛත්‍රී දේශපාලනය ය.

කල්ලාර් පසුකර පැමිණි අප දැන් ළඟා වෙමින් සිටින්නේ රටට විජයග්‍රහණය හිමි වූ අවසන් මානුෂීය මෙහෙයුමේ හෙවත් මිනීමරු ප්‍රභාකරන් අත පුච්චා ගැනීමේ කතාව ආරම්භ වූ මාවිල්ආරු සීමාවටය. තවත් කිලෝමීටර් දෙකතුනක්‌ රථය පැදවූ අපේ ගමන් සගයා ඒ අතීත බිහිසුණු මතකය සිහිවන මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදෙන පටු මඟ සහිත මන්සන්ධියේ රථය නැවතීය. 

මම ඉන් බැස ගතිමි. එදා මේ මන්සන්ධිය පසු කර යමින් ප්‍රදේශයේ වූ කොටි බලය පරදා ත්‍රස්‌ත ග්‍රහණයේ තිබූ මාවිල්ආරු සොරොව්ව යළි විවර කරන්නට අපේ රණවිරුවන් කී දෙනෙක්‌ සතුරා ඉදිරියේ අභීතව සටන් වැද දිවි පිදුවේද? ඒ සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ලෙසින් වූ සියලු වැසියනගේ පවස නිවන්නටය. 

මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්‌ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්‌ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්‌සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්‌ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.

නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්‍රස්‌තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස්‌ සටන අපට භාරදී යළි වඩින්න"යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ. 

එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්‌ඩෝ බලඇණියක්‌ මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්‌ද? රතන හිමි ඇතුළු කණ්‌ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්‌ථාවක්‌ නොලැබිණි. 

එක්‌වරම එල්ටීටීඊ ත්‍රස්‌තයන් එල්ල කළ කාලතුවක්‌කු වර්ෂාවක්‌ මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්‌ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක්‌ මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ. 

මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි. 

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.

"කිරිල්ලවල ටවුර්ස්‌" යෑයි සඳහන් කුඩා බස්‌ රථයක්‌ විනෝද ගමනක යන පිරිසක්‌ ද රැගෙන මාවිල්ආරු මන්සන්ධියේ කටෝර පොළවේ වූ දූවිලි අවුස්‌සා අප පසුකර පිම්මේ ඉගිල යයි. එහි සිටින්නෝ කා, බී ගී ගයමින් ප්‍රීති වෙති.

බස්‌ රථය සේරු නුවර දෙසට ගියේය. මඳක්‌ ඒ දෙස බලා සිටි අපි රට දැය වෙනුවෙන් මාවිල්ආරු බිමේදී දිවි දුන් අපේ විරුවනට හදවතින් පිං දී යළි ගමන ඇරඹීමු. ඉදිරියෙන් ඇත්තේ සේරුනුවර නගරය ය. අපේ මඟ පෙන්වන්නා රථයේ වේගය සුපුරුදු රිද්මයට ගනිමින් සිටී. 

ඒ රිද්මය සමඟ විනාඩි කිහිපයක්‌ තුළ තවත් කිලෝමීටරයක්‌ පමණ ගෙවා දමමින් සේරුවිල නගරයට සේන්දු වන්නට අපට හැකි විය. සේරුවිල නගරයේ යම් කලඑළියක්‌ තිබේ. එහෙත් එයද ඇඟට දැනෙන එකක්‌ නම් නොවේ. අපේ ගමන් සගයා සේරුවිල නගරය මැදින් එහි අන්තයට පැමිණ ඉදිරියේ වූ තුන්මන් හන්දියේදී රථය වමට හැරවීය.

අපි දැන් ගෙවෙන දවසේ යන ගමනින් සැලකියයුතු කොටසක්‌ අවසන් කර සිටිමු. එහෙත් යායුතු මඟ තව බොහෝ දුරය. ඒ මඟ කඩිනමින් ගෙවන්නට රථයේ වේගය ඇඟට නොදැනී වැඩි කරන අපේ සගයා සේරුවිලින් කෙරුණු වමට හැරවුමත් සමඟ මට කතා කරන්නට විය.

අයියේ. ඔයා දැන් කන්තලේ ඉඳන් සේරුවිලට එනකන් හැම දේම ඇස්‌ දෙකට දැක්‌කනේ. දැන් මම ඔයාව ගෙනියන්නේ වෙනම ලෝකයකට. මම ඔයාට කිව්වා හැම දෙයක්‌ම ඇස්‌ දෙකට පෙන්වන්නම් කියලා. මෙතැනින් එහාට බලන්න. හුඟක්‌ දේවල් ඔයාටම තේරෙයි.

සේරුවිල නගරයෙන් වමට හැරවුණු අපේ රථය දැන් මුතූර් දෙසට ඇදෙමින් තිබේ. දෙවියනේ මෙය පුදුමයක්‌ද? මෙතෙක්‌ මා දුටුවේ නොදියුණු බවේ අන්තයටම ගිය කටෝර වූද කර්කශ වූද දුගී මිනිසුන් වෙසෙන ඉසව්වකි. එහෙත් දැන් අපායයි තව්තිසාවයි එකළඟ පිහිටියේදැයි වටහා ගත නොහැකි තත්ත්වයකට මම පත්ව සිටිමි. 

"සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මඟ පියකරු වූ.. සුසුදු වළා කැරළි පලසකි මේ මඟ දි ඇතිරූ.. අහස සූරන මැඳුරූ..." අපේ සොඳුරු කලා මිතුරා රොඩ්නි වර්ණකුල අද වේදිකාවකට ගොඩවූ කල ගයන ඒ පැරණි නාට්‍ය ගීතය මගේ සිහියට නැඟෙමින් තිබේ. කතා දෙකක්‌ නැත සේරුවිලින් හැරුණු කල අප ඇතුළු වූ සහ මගේ නෙත ගැටුණු ඒ පුරවරය විසිතුරුමය. මඟ පියකරුය. අහස සූරන මැඳුරුද ඇත.

පෙරවරුව අවරට හැරෙමින් තිබෙන අප යන මේ දිනයේ අපේ ගමනේ අවසානය ලෙස තෝරාගෙන සිටිනුයේ අද නැගෙනහිර පැතීරී ඇති මුස්‌ලිම් මූලධර්මවාදයේ යථාර්ථය සියෑසින් දකිමින් මුතූර් නගර සීමාවේ රැයක්‌ ගත කිරීමය. අපේ ගමන් සගයා සැඟවුණු භීෂණයක්‌ තිබුණද බියසැක නොමැතිව ඒ රැය ගෙවන්නට අවැසි පරිසරය සහ නියම තැනක්‌ සකස්‌ කර අවසන්ය. 

"අයියේ.. මම ඔයාට කිව්වා මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ අද නැගෙනහිර පළාතේ සන්නද්ධ ව්‍යාපාරයක්‌ ගොඩනැගෙමින් තිබෙනවා කියලා. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි මුතූර්වලදී ඔයාට ඕනෙ නම් ආයුධයක්‌ සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙන එක.

ටී 56 ක්‌ රුපියල් තිස්‌පන්දාහයි.. මිලිමීටර් 9 පිස්‌තෝලයක්‌ රුපියල් 20,000 යි. මිලිමීටර් 3.8 පිස්‌තෝලයක්‌ රුපියල් 15,000 යි. එල්ටීටීඊය පාවිච්චි කරපු මයික්‍රෝ පිස්‌තෝලයක්‌ රුපියල් දහදාහකට ගන්න පුළුවන්.." අපට මඟ පෙන්වන මිතුරු තොමෝ ඒ ඇත්ත මට පහදමින් සිටිති.


මොකද කියන්නේ මල්ලී.. මට ඩීල් එකක්‌ දාන්න පුළුවන්ද..? ඒ කතාව ඔහු කියන විට මම ඔහුගෙන් පෙරලා එසේ ඇසුවෙමි. "මම දැනගෙන හිටියා ඔයා මගෙන් ඒ ප්‍රශ්නය අහනවා කියලා අයියේ.. ඔව් පුළුවන්.. මම ඒකට කෙනෙක්‌ සෙට්‌ කරලා තියෙන්නේ.. අපි මුතූර්වලට ගිහින් ඒ වැඩේ කරමු. 


සෙරුවිලින් හැරී ඒ සුපිරි ලෝකයට පා තැබූ අපි අල්ලෙයි, කිලිවෙඩ්ඩි, තෝපූර්, කට්‌ටපරිච්චාන් සහ සාම්පූර් දක්‌වා විහිදී ඇති නෙක මාර්ග ඔස්‌සේ යමින් හොඳ වටයක්‌ කැරකී අඳුර හාත්පස වෙලා ගනිද්දී මුතූර් නගරයට ළඟා වුනෙමු. 

කියන්නට දෙයක්‌ නැත. අද දවසේ මෙරට ක්‍රියාත්මක කින්නියා විෂන්, මුස්‌ලිම් එයිඩ් ආදී ලෙසින් වූ මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධාන 22 ක්‌ මගින් අරාබි සල්ලි විසි කරමින් ගොඩනඟා ඇති ඒ ලෝකය අති සුන්දරය.

ආරාබි පාසල්, පල්ලි, ජනතා ආයතන, සියලු යටිතල පහසුකම් සමග ගොඩ නැඟුණු ගම්මාන, කාපට්‌ හා කොන්ක්‍රීට්‌ යොදා සකස්‌ කළ මාවත්, කුමකට හැදුවේදැයි සිතා ගන්නට බැරි උස්‌ ගොඩනැඟිලි සමග මූලධර්මවාදී මුස්‌ලිම් ඇඳුමින් සැරසී එහි වෙසෙන මිනිසුන් දකින කල එක්‌වරම හැඟෙන්නේ සෞදි අරාබිය දැන් තිබෙන්නේ නැගෙනහිර ශ්‍රී ලංකාවේද යන්නය.

ඉන්දීය මුස්‌ලිම් ලීගයේ ප්‍රධානියාව සිටි රහමන් අලි චෞද්රි මීට වසර අසූ දෙකකට පෙර 1932 දී අඩ සඳක්‌ සහ තරු දහයක්‌ සහිත ධජයක්‌ සමඟ අප කලාපය පුරා විහිදී ගිය රාජ්‍යයන් දහයකින් සමන්විත මුස්‌ලිම් ලෝකයක සිහිනයක්‌ දුටුවේය.

චෞද්රි දුටු ඒ සිහිනයේ රාජ්‍යයන් අටක්‌ම දිනා ගන්නට අද මුස්‌ලිම් මූලධර්මවාදීහු සමත්ව සිටිති. ඔහුගේ සිහිනයට අනුව ඉතිරි රාජයයන් දෙක සලකුණු කෙරුණේ ශ්‍රී ලංකාව ඉලක්‌ක කර ගිනිමිනි. ඉන් එකක්‌ නම් කරනු ලැබුවේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ බිහි වන නසිරිස්‌ථානය ලෙසිනි. 

කතා දෙකක්‌ නැත. ඒ නසිරිස්‌ථානය දැන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා බිහිවී අවසන්ය. මුතූර්වලට පැමිණි අප රාජ්‍ය ගොඩනැඟිල්ලක කොනක වූ අප සගයා සූදානම් කරන ලද ඒ නවාතැනට ආවෙමු. එය අප වෙනුවෙන් සොයාගෙන තිබුණේ මුතූර් ප්‍රදේශය ගැන හොඳින් දන්නා අප ගමන් සගයා හඳුනන මිතුරෙකි.

"අයියේ.. මම ඔයාට කිව්වනේ සන්නද්ධ ව්‍යාපාරයකට අද මුස්‌ලිම් මූලධර්මවාදය ගමන් කරමින් ඉන්නවා කියලා.. ඔවුන්ගේ ඒ ගිනි අවි සංස්‌කෘතිය ගැන මේ මගේ යාලුවා හොඳට කරුණු දන්නවා.." නම මෙහි සටහන් කරන්නට නොහැකි කලක්‌ මෙරට ආරක්‍ෂක අංශයක සාමාජිකයකු වූ ඒ මිතුරාව අපේ මිතුරා මට හඳුන්වා දුන්නේය. 

මම ඔහු සමග කෙටි පිළිසඳරකට වැටුනෙමි. "මොකද මල්ලි වෙන්නේ මෙහේ.." මේකයි අයියේ.. අද මෙහේ ගොඩ ගැහිලා තියෙන ආයුධ හංගගෙන ඉන්නේ එදා එල්ටීටීඊ එකට සෙට්‌ වෙලා හිටපු මුස්‌ලිම් පොරවල්.. ඒක ලීඩ් කරන්නේ ෂා මොහොමඩ් කියලා එකෙක්‌.. කාලෙකට ඉස්‌සර වෙලා ඔය මොහොමඩ්ගේ ආයුධ වගයක්‌ සීඅයිඩී එකෙනුත් ඇල්ලුවා.. 

ඒත් ඒ සිද්ධියට ඇතුළට ගියේ වෙන එකෙක්‌.. මොහොමඩ් තාමත් එළියේ ඉන්නවා.. මොහොමඩ් අද නැගෙනහිර ධීවර බෝට්‌ටුවලින් ආයුධ ගෙන්වන එකත් කරනවා.. ඒ විතරක්‌ නෙමේ කුඩු ලංකාවට ගෙන්නන ඒජන්ට්‌ කෙනෙක්‌ විදිහටත් මොහොමඩ් වැඩේ කරගෙන යනවා..

හැබැයි ඒ කුඩු බිඳක්‌වත් නැගෙනහිර බෙදන්නේ නැහැ.. මෙහේ ඉන්න මුස්‌ලිම් කොල්ලන්ට කුඩු විකුණලා මොහොමඩ්ට යහතින් ඉන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ දේවල් පල්ලියෙන් තහනම් කරලා තියෙන්නේ.. මොහොමඩ් ගේන කුඩු යන්නේ රටේ වෙන පළාත්වලට.. අද මුතූර්වලින් රට ඇතුළට එන කුඩු තොග කොළඹට පවා යනවා..

ආයුධ ජාවාරමත් ඒ වගේ දරුණුවට යන වැඩක්‌ අද දකුණේ සමහර පාතාල පොරවල් අයුධ ගන්නත් මුතූර්වලට එනවා.. ගන්නේ ෂා මොහොමඩ්ගෙන්.. මොහොමඩ්ට තියෙනවා කොළඹ මාලිගාවත්ත, පුත්තලම, බේරුවල වගේ මුස්‌ලිම් ප්‍රදේශවලට විහිදිලා ගිය සංවිධානාත්මක ජාලයක්‌.. එයත් එක්‌ක ආයුධ සහ කුඩු ජාවාරම මෙහෙයවන තව තුන් හතර දෙනෙක්‌ම නැගෙනහිර මුස්‌ලිම් ප්‍රදේශවල ස්‌ථානගත වෙලා ඉන්නවා.. සියලු දේ අද තියෙන්නේ මහා භයානක තැනක.."

මේ කතා බහ අවසානයේ මම අපේ අලුත් මිතුරා සමඟ අපේ ගමන් සගයා හා එන අතරමඟ දී කතා කළ ඒ ඩීල් එක සඳහා යැමට සූදානම් වූයෙමි. අලුත් මිතුරාට මුතූර්හි මුස්‌ලිම් මිනිසුන් කතා කරන බස හොඳින් හැසිරවිය හැකිය. ඉතින් ගැටලුවක්‌ද නැත. මා ඔහු සමග ඒ ගමන යායුතුව ඇත්තේ ගිනි අවියක්‌ මිලදී ගැනීම සඳහා කොළඹින් පැමිණි පාතාලයකු ලෙසිනි.

"අයියේ.. අපි ඉල්ලන්නේ මයික්‍රෝ පිස්‌ටල් එකක්‌. මොකද මුන් ළඟ ඒකට දාන බුලට්‌ හිඟයි. ඒ නිසා බඩු ළඟට ගෙන්නගෙන බුලට්‌ එක්‌ක දෙන්න කියලා අපිට මාරු වෙලා එන්න පුළුවන්.." අලුත් මිතුරා මට මූලික උපදෙස්‌ ලබා දෙමින් සිටී. 

දවස පුරා පැමි දිගු ගමන හමුවේ ඇඟට දැනෙන වෙහෙස හේතුවෙන් සෙසු පිරිස විවේකයක්‌ ගන්නට සැරසෙද්දී මමත් අලුත් මිතුරාත් නවාතැනින් පිටවී ඒ ගමන ගියෙමු.. ඔහු ජංගම දුරකථනය ගෙන දෙමළ බසින් කාටදොa ඇමතුමක්‌ දෙමින් සිටී.. ඒ අප ගනුදෙනුව සඳහා පැමිණෙන බව දැනුම් දීමටය. අපේ ගමනාන්තය වී තිබෙන්නේ මුතූර් වෙරළ තීරයය. 

දැන් වේලාව රාත්‍රී නවයද පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී ගොසිනි. අඳුර රජයමින් තිබෙන මේ රැයේ මූතූර් නගරය ඔස්‌සේ පයින්ම වෙරළ තීරය දෙසට ඇවිද යන අප දෙදෙනා දෙස වීදිවල සිටින මුස්‌ලිම් මිනිසුන් අමුතු ඇහැකින් බලන අයුරුද මම දුටිමි. එහෙත් අලුත් මිතුරාගේ දැනුම සමඟ කිසිදු වෙනසක්‌ නොමැතිව මුතූර්වල ඉපදුන උන් සේ නගරය ඔස්‌සේ ගිය අපි වෙරළ තීරයට ළඟා වුනෙමු.

මුහුද සිප එන සීත සුළඟ ඇඟට දැනෙමින් තිබෙන වෙහෙස මට අමතක කරමින් සිටී. හාත්පස විපරම් කරන අතරේ රහසේ මෙන් සිංහලෙන් කතා බහ කරමින් අපි මුතූර් වෙරළේ එක්‌ තැනක නතර වූයෙමු. තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ ගෙවී ගියේය. ෂා මොහොමඩ්ගේ ගෝලයෙක්‌ සොපිං බෑගයක දැමූ මයික්‍රෝ පිස්‌තොලයක්‌ ඉන රුවාගෙන අප වෙත ළඟා වූයේ අපටද නොදැනෙන ලෙසිනි.

තවත් කොටසක්‌ ලබන සතියේ 

සමන් ගමගේ
http://www.divaina.com/2014/12/14/feature05.html

පෙර ලිපි -
නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න - 02 එදා කොටින්ගෙන් බැට කෑ අපි අද මූසලු මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා...http://denethharinna.blogspot.com/2014/11/02.htmlනැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු 01http://denethharinna.blogspot.com/2014/11/blog-post_74.html

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

3 comments:

Anonymous said...

@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට කඩේ යන්නද?ඔය කියන බදුද්දීන්ල, හකීම්ල, අතාවුල්ලල නෙමේද ඔය කියන ෂරියා මුස්ලිම් කලාපය ඇතිකලේ?ඇයි ඒකාලෙ සමන් ගමගේ ල මේවට විරුද්ධ උන් නැත්තෙ? රිෂර්ඩ් බදුද්දීන්ල උසවි වලට ගල් ගැහුවෙ, කැලෑ එළි කරල තම්බියො පදිංචි කළේ, හකීම්ල නීති විද්‍යාලයට හොරෙන් ළමයි දැම්මෙ, ඔය කියන ආශ්චර්යමත් දේශප්‍රේමී මහරජාගෙ කාළෙ නෙමෙයිද? බෞද්ධයන්ගෙ ප්‍රශ්න එකකවත් මහරජා විසඳුවද?

@දෙනෙත් හරින්න!, දෙනෙත් වහගෙන කඩේ යන්න එපා!

Anonymous said...

oya kiyana paridhi muslim anthavadayak athnam epilibadava sudusu kriya marga gath yuthu pavathina anduwa noveda? JSU rajaye sitina atharathura koi tharam me anthavadaya gana kivvada rajaya eya prathikshepa kale nadda? rajaya kale me anthavadeenta one hatiyata vada katayuthu karanna deela bala siteema ovunge chanda tika nathiveyi kiyana bayata. dan meva kiyanne me muslim nayakayo My3ta sahaya dena nisada? kohoma vunath My3ta ovunge sahaya epa kiyanna ayithiyak naha ovun niyojanaya karanne lankave muslim jana kotasa. anthavadayak athnam avasya kriyamarga gatha yuththe balayata pathvu pasuwaya.

දෙනෙත් හරින්න ! said...

අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක් වාර්ථා කරමු! මෛත්‍රීගේ කාර්යාල කඩනවාට එරෙහි වූවා සේම නැගනහිර මූසලු අන්තවාදය පිළිබඳවද වූ දිවයින ලිපි පෙල පමණක් උපුටා දැක්වූයෙමු! ඊට සම්බන්ඳිත පැරණි ලිපිද පළ කළෙමු! එහිදී අපට මුල් වන්නේ රටයි.ජාතියයි! නැතහොත් මහින්දද මෛත්‍රීද යන වග නොවේ!

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

- දෙනෙත් හරින්න! -