Pages

Sunday, January 4, 2015

කොළපාට තලප්පා දාගෙන ඉන්න අමුතුම කණ්‌ඩායමක්‌ මේ පැත්තේ ගැවසෙනවා නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...04

ප්‍රභාකරන්ගේ අවසානය දැසින් දකින්නට උතුරු යුද බිමට ගිය ඉකුත් මානුෂීය මෙහෙයුම් සමයේ මම එය දැක තිබුණෙමි. මගේ මතකයේ හැටියට ඒ අපේ රණවිරුවන් එල්ටීටීඊය විසින් තනන ලද විශාලම පස්‌ බැම්ම වූ අක්‌කරායන්කුලම් පස්‌ බැම්ම බිඳ දමමින් පෙරට යමින් සිටි අවස්‌ථාව විය.

එවකට එකී වගකීමේ වැඩි බරක්‌ පැටවී තිබුණේ 57 වන සේනාංකය යටතේ වූ බ්‍රිගේඩියර් රවිප්‍රිය නායකත්වය ලබා දුන් 571 බලසේනාවටය. ඡායාරූප ශිල්පී දිමුතුත් මමත් ප්‍රභාකරන්ගේ ප්‍රහාරක මර්මස්‌ථාන ලෙස තිබී පසුව හමුදාව අත්පත් කරගත් තුනුක්‌කායි, මල්ලාවි පසුකර යමින් එදා යුද බිම වෙත ගිය ගමනේදී සතියක පමණ කාලයක්‌ බ්‍රිගේඩියර් රවිප්‍රිය ඇතුළු රණවිරුවන් සමග සටන් බිමේ රැඳී සිටියෙමු.

ඒ කෙටි නැවතීමේදී 571 බලසේනාවේ බොහෝ රණවිරුවන් අපේ මිතුරන් බවට පත් වූයේ දැඩි සමීප බවක්‌ද සමගිනි. එය කඳවුරු බිමේ සිටි විරුවන්ගේ පටන් ඊට මීටර් සියයක්‌ දෙසීයක්‌ එපිටින් වූ අවසන් යුද පෙරමුණේ සිටිමින් සතුරා සමග සටන් වදින රණවිරුවා දක්‌වාම විහිදී ගිය මිතුරු දමක්‌ විය.

සැබැවින්ම අපි මිතුරන් වීමු. නමුත් පෙර දින එකට බත් කටක්‌ කා දවස නිමාවේ වෙන්ව රැය ගෙවා පසුදාට අවදි වන කල්හි එකී මිතුරන් අතරින් සැලකිය යුතු පිරිසක්‌, සිරුරු කැබලි වී ගොස්‌ පණ සුන් මළ මිනිසුන් සේ අපෙන් සමුගෙන යැමට සූදානමින් සිටින අයුරු ඒ යුද බිමේදී මම දැසින් දුටුවෙමි. එය මා ජීවිතයේ මුහුණ දුන් ඉතාම කටුක වූ වේදනාත්මක අත්දැකීමක්‌ම විය. 

අද මමත්වය සඟවාගෙන යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පවුල්වාදය ආදී ලෙසින් වූ නොයෙක්‌ අවලාද කියමින් රටේ ජනතාවට සුරංගනා ලෝක පෙන්වන අය මෙන්ම ඒ බහට රැවටී හුරේ දමන වුන් කිසිවකුත් ජීවිතයේ කිසි දිනෙක එවන් අත්දැකීමකට මුහුණ දී ඇත්දැයි මම නොදනිමි.

නමුත් එදා කොටින්ගේ අග නගරය යෑයි කී කිලිනොච්චිය ආසන්නයේ ඇවිලී ගිය අක්‌කරායකුලම් සටන එතරම්ම බිහිසුණු එකක්‌ වූවේය. එහිදී ඉතිහාසය විසින් ජාතියෙන් ඉල්ලා සිටි ජීවිත පරිත්‍යාගය අපේ රණවිරුවන් පොකුරු පිටින් කරනු මව්බිමේ නිදහස වෙනුවෙන්මය. 

බ්‍රිගේඩියර් රවිප්‍රිය හා සෙසු විරුවන් සමග එසේ සතියක්‌ ගත කළ අපේ ඊළඟ නවාතැන වූයේ 571 බලසේනාවට තවත් කිලෝ මීටර් 15 ක්‌ පමණ නැගෙනහිරින් ඒ 9 මාර්ගයට සමාන්තරව පෙරට ඇදෙමින් සිටි එවකට කර්නල් ජයසුන්දර යටතේ වූ 572 බලසේනාව විය. ඒ වන විට බිහිසුණු වනගත සටනකට අවතීර්ණ වී සිටි 572 බලසේනාවේ රණවිරුවන් වූයේ එල්ටීටීඊයේ අගනගරය යෑයි කී කිලිනොච්චියේ යෝධ ජල කුලුන ඇස්‌ මානයට පෙනෙන දුර තෙක්‌ සමීපයටම ගොසිනි.

572 බල සේනාව සමග සිටි කාලය තුළ දිනක්‌a මහ වන මැදින් අපේ රණවිරුවන් රැඳී සිටි අවසන් සටන් පෙරමුණ බලා යන්නට මමත් දිමුතුත් පිටත් වූයෙමු. ත්‍රස්‌තයන් වළ දමා තිබූ ජොනී බට්‌ටන් මඟහැර ඒ දුෂ්කර මඟ ගෙවමින් අපි ගිය ගමනේ එක්‌ තැනකදී සතුරු අඩවියට රිංගා ත්‍රස්‌තවාදීන්ට අමතක නොවන ප්‍රහාරයක්‌ එල්ල කර යළි පැමිණෙමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළුන් හයදෙනකු හෙවත් කුඩා කණ්‌ඩායමක්‌ අපට මුණ ගැසුණේ අහම්බයක්‌ ලෙසිනි. 

ඔවුන් පැමිණෙමින් සිටියේ සතුරා සතුව තිබූ අවි රැසක්‌ද රැගෙනය. අපට හමුවූ ඒ වීරයන් අතර සිටි ප්‍රධානියා වූ කෝප්‍රල්වරයා සමග මහ වනයේ ගස්‌ සෙවනක හිඳිමින් මම එදා මොහොතක්‌ කතාබහ කළෙමි. ඒ වන විට එල්ටීටීඊයේ අවසානයට තිබුණේ හරියටම තවත් මාස හතරක පමණ කාලයකි.

"අයියේ.. කොටින්ට තව වැඩි දවසක්‌ මේ ගේම ගහන්න බැහැ.. අපි දැන් මේ එන්නේ උන්ගේ හොඳම තැනකට ඇටෑක්‌ කරලා.." වන මැද සිටිමින් එදා මට එසේ යුද්ධයේ තතු පැහැදිලි කරන්නට වූ හේ එක්‌ අවස්‌ථාවක තම බෑගයේ තිබූ යමක්‌ ගෙන මට පෙන්වන්නට වූයේ මේ ටිකද කියමිනි.

"අපි ඇටෑක්‌ කරපු තැන එල්ටීටීඊ ලීඩර් කෙනෙක්‌ ඉඳලා තියෙනවා අයියේ.. මේ පිස්‌ටල් එකෙන් ඒක ඔප්පු වෙනවා.. මේකට තමයි මයික්‍රෝ පිස්‌ටල් කියන්නේ.. කොටි නායකයන් ළඟ විතරයි මේව තියෙන්නේ.." මා මුල් වරට මයික්‍රෝ පිස්‌තෝලයක්‌ දුටුවේ එදාය. එය මගේ සදාකාලික මතකයේ රැඳුනකි.

මෙදා නැගෙනහිර බිමේ ශාපය සොයා අප ගිය ගමනේදී මගේ ඒ මතකය අලුත් කරමින් ෂා මොහොමඩ්ගේ ගෝලයා අපට දෙන්නට සොපිං බෑගයක ඔතා මුතූර් වෙරළට රැගෙන ආවේද එවැන්නකි. කතා දෙකක්‌ නැත. මෙයද එල්ටීටීඊයේ ප්‍රබලයකු සතුව තිබුණක්‌ විය යුතුය. එහෙත් දැන් එය තිබෙන්නේ ෂා මොහොමඩ් සතුවය. 

මා සමග පැමිණි අපේ අලුත් මිත්‍රයා දැන් ෂා මොහොමඩ්ගේ සගයා හා දෙමළ බසින් කුමක්‌දො කතා බහ කරමින් සිටිති. ඒ අතර වාරයේ මම ඒ ගිනි අවිය අතට ගෙන පරීක්‍ෂා කරන අයුරින් ඒ මේ අත හරවා බලන්නට වූයෙමි. කිසිදු ප්‍රශ්නයක්‌ නැත. මේ මා එදා කිලිනොච්චි කැලයේදී දුටු ආකාරයේම පිස්‌තෝලයක්‌ බව සහතිකය. තරමින් අල්ලක්‌ පමණ වන එහි තවමත් ඇත්තේ අලුත් පෙනුමකි. 

අවසානයේ ඒ ගිනි අවිය නිකමට මෙන් ඇඟිලි අතරට සිර කර ගනිමින් මමද මගේ මිතුරා, ෂා මොහොමඩ්ගේ ගෝලයා සමග කරමින් සිටි කතාවට එකතු වූයෙමි. අප වෙත ආ මොහොමඩ්ගේ සගයා සිංහල බසද යම්තමින් හැසිරවිය හැක්‌කෙක්‌ බව මට වැටහී ගියේ එහිදීය. ඒ ඔහු අප මිත්‍රයා සමග කළ කතා බහ අතරේ මුවින් ගිලිහුණු කැඩුණු සිංහල වචන දෙක තුනක්‌ නිසාය.

ඒ වැටහීම සමග මූතූර් වෙරළට පමණක්‌ සීමා වන සේ තාවකාලික පාතාලයකු වී සිටි මම අවස්ථාවක්‌ බලා ඔහු ඇමතුවෙමි. "මචං අපිට තව ඕන වුණොත් ගන්න මෙහේ බඩු තියෙනවද? ඒ විමසීමත් සමග එකවර කිසිත් නොකියා මා දෙස මොහොතක්‌ බලා සිටි හේ අනතුරුව ඊට පිළිතුරු දෙන්නට වූයේ මෙසේය. 

"යර්ස්‌.. යේකට අපේ සික්‍යරිටි එක මූතූර්වලදී දෙන්ඩ පුළුවාං.. හෙබෙයි එතනින් එහෙට ඔයා බෙලාගන්නඩ ඕනේ.. තව ඕන තරම් බඩු තියානවා මොහොමඩ් නානා ළඟ.. ඒත් මයික්‍රෝ එකට අපි ළඟ දෙනට බුලට්‌ නේ.. ටී ෆිෆ්ටි සික්‌ස්‌, ත්‍රීඑයිට්‌ ඇන්ඩ් නයින් එම්.එම්.වලට නම් බුලට්‌ හෑව්.."

ඔහුගේ ඒ කතාව නිමවන මොහොතේ මුලදීම අප සැලසුම් කරගෙන සිටි පරිදි මේ ගනුදෙනුවෙන් ගැලවී යැමේ උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට මා සමග පැමිණි මිත්‍රයා යුහුසුළු වූයේ ඇඟට පතට නොදැනෙන ලෙසිනි. දැන් වේලාව රාත්‍රි දහයටද ආසන්නව ඇත. මූතූර් වෙරළේ හමා යන ශීත සුළඟ ඇඟ හිරිවට්‌ටන තරමට දැඩි වී ගත දැවටෙන්නේය.

එසේ ගෙවී ගිය තවත් විනාඩි කිහිපයකදී මා මිත්‍රයා සමග දෙමළ බසින් යළිත් මොන මොනවාදො කතා කළ ෂා මොහොමඩ්ගේ සගයා අවසානයේ මා අත වූ ගිනි අවිය රැගෙන නැවතත් සොපිං බෑගයේ ඔතා ඉනේ ගසාගෙන අපෙන් සමුගෙන පිටව යන්නට වූයේ කිසිදු චකිතයකින් තොරවමය.

ඔහු එසේ පිටත්ව ගිය පසු අපි දෙදෙනාද යළි නවාතැන වෙත පැමිණීමේ ගමන ඇරඹුවෙමු. "මචං උඹට තේරුණාද වෙච්ච දේ.. පිස්‌ටල් එක ගන්න නම් මම උගෙන් ඇමෝ ඉල්ලුවා.. ඌ කියනවා කෑලි හයක්‌ හොයලා ආයුදේ ගෙනත් දෙන්නම්. බිස්‌නස්‌ එක කරමු හෙට රැට එන්න කියලා.. මම හා කිව්වා.. ඊට පස්‌සේ තමයි ඌ උඹේ අතින් පිස්‌ටල් එක අරගෙන ගියේ.. අප යළි එන අතරමගදී කරන්නට ගිය ඩීල් එක පිළිබඳ අවසන් කතා බහ සිදුවූ අයුරු මගේ මිත්‍රයා මට එසේ පැහැදිලි කරන්නට වූයේ මුවට නැගුණු සිනහවක්‌ද සමගිනි.

තවමත් මූතූර් නගරය නිදි නැත. ගිය මග යළි ගෙවා ඒ නගරයේ තැන තැන තිබූ සැක මුසු දැස්‌ අතරින් නැවතත් අපි අපේ නවාතැන වෙත ආවෙමු. ගතට දැනෙමින් තිබෙන්නේ දැඩි වෙහෙසකි. නවාතැනේ කොනක වූ වතුර කරාම යකින් ඇඟ පත දොවාගෙන ඉදිරිපස වූ අසුන් කිහිපයකට වී සිටින බන්දු මල්ලීත් කපිල හා චන්ද්‍රසෝම මහතාත් වෙහෙසට බෙහෙත ළඟට ගෙන අප දෙදෙනාද ඔවුනට එක්‌ වන තෙක්‌ ඇඟිලි ගනිමින් බලා සිටිති.

තවත් පමා විය යුතු නැත. වෙහෙස නිවාගෙන මේ රැය සැපසේ ගෙවා දැමිය යුතුය. එහෙයින් යුහුසුළු වූ මාත් මිතුරාත් වතුර පොදක්‌ ඇඟ දමාගෙන දවසේ මහන්සිය සෝදා හරිමින් ඔවුන් සමග එක්‌ වූයෙමු. කටගැස්‌ම නම් එතරම් සැර නැත. එහෙත් "චියර්ස්‌" හඬද සමගින් උගුරෙන් පහතට ඇදී යන මධු බිඳ නම් වෙලාවේ හැටියට අපූරුයෑයි සිත කියන්නේය.

අප මේ සිටින්නේ අද මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි, අලුයට සැඟවී තිබෙන නැගෙනහිර බිමේ මුතූර් නගරයේය. මෙහි ඇති මූලධර්මවාදයට අනුව නම් මධු පානය හරාම්ය. නමුත් ඒ මූලධර්ම වාද යට අදාළ නොවන, දවස පුරා ඇවිද වෙහෙසී සිටින අපට නම් දැන් උගුරෙන් පහළට ඇදී යන බිඳක්‌ පාසා සියල්ල හලාල් ය. ඒ හලාල් යන්න සමග වර්තමානයේ මෙරට ක්‍රියාත්මක සැබෑ "හලාල්" නාඩගමද මගේ සිහියට නැගෙන්නට විය.

අද ශ්‍රී ලංකාව පුරා මුස්‌ලිම් මූලධර්මවාදී වටපිටාවක්‌ සකසමින් සමස්‌ත ලංකා උලේමා සංවිධානය සමාජගත කරමින් සිටින හලාල් සංකල්පය පැහැදිලිවම ආර්ථික, ආගමික ආදී වශයෙන් පැති ගණනාවකින් සමාජ බෙදීමක්‌ ඇති කරන්නක්‌ බව ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක මහතා සිය "අල් ජිහාද් අල් කයිදා" කෘතියේ සඳහන් කර ඇත. එය නියත සත්‍යයකි. මන්ද ඉස්‌ලාමයට විනා මෙරට ඇති අන් කිසිදු ආගමක එසේ ආගමික වදනක්‌ මුල් කර ගනිමින් සියල්ල බෙදා වෙන් කිරීමේ සංකල්පයක්‌ නොමැත. ඇතැමුන් නින්දිත ලෙස ජාතිවාදී ලේබල ඇලවීමට උත්සාහ දැරුවද ඉකුත් කාලයේ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රධාන බොදුබල සේනාව "හලාල්" යන්න ගෙන රට තුළ හඬක්‌ මතු කරනු ලැබුවේද උලේමාවරුන් සිදු කරන එකී බෙදා වෙන් කිරීමේ සමාජ ව්‍යසනයට එරෙහිවය.

එහෙත් ඇතැමුන් එය ජාතිවාදී පිළිලයක්‌ ලෙස දකින්නට වූයේ ජාතියේ අවාසනාවකටය. මෙරට තුළ ඉස්‌ලාම් මූලධර්මවාදය සමග මුස්‌ලිම් ජන ව්‍යාප්තියක්‌ සිදුවෙමින් තිබෙන බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික ඇතුළු පිරිස බොහෝ කලක පටන් දැන සිටින්නකි. ඔවුන් දුටු සියල්ල සත්‍යයක්‌ වෙමින් නැගෙනහිර බිම පුරා අද මුස්‌ලිම් මූලධර්මවාදය මතුවී ඇත්තේ පුපුරා යැමට ආසන්න ගිනි කන්දක්‌ ලෙසිනි.


නමුත් එසේ සත්‍ය දුටු පාඨලීලාට අද සිදුව තිබෙන්නේ කුමක්‌ද? රට ඉදිරියට එන මීළඟ අභියෝගය පිළිබඳ මැනවින් දැනගෙනත් පාඨලීලා අද කොටින්ගෙන් රට බේරා ගත් මහින්ද හරාම් යෑයි කියමින් කෙළවරක්‌ නැති එකමුතුවකට හලාල් සහතික දෙමින් සිටින්නේය. මේ සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? එය වටහා ගත නොහැකිය. 

වෙලාව රාත්‍රි එකොළහටද ආසන්න වෙමින් තිබේ. අප වටවී ආරම්භ කළ කාර්යය දැන් අවසානයටද ළඟා වී ඇත. ඒ අතරේ අද නැගෙනහිර බිමේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳ තවත් තොරතුරු බිඳක්‌ දැන ගැනීමේ අදහස ඇතිව මම අපේ අලුත් මිතුරා ඇමතුවෙමි. "මල්ලි මේ අපි දකින දේවල්වලට වඩා තව මොනවද අද මෙහේ වෙන්නේ.."

"වෙන දේවල් නම් ගොඩයි අයියේ.. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අද මේවා දිහා බලන්න කවුරුත් නැති එකයි.. වේලුපිල්ලේ ප්‍රභාකරන් අවුරුදු තිහක්‌ අපිව වැනසුවේ එදා දොරේ අප්ප මරපු වෙලාවේ එයත් එක්‌ක හිටිය හය දෙනාගේ කල්ලිය සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක්‌ හොයා ගන්න රට කරවපු අයට බැරි වුණ නිසා..

නමුත් අද නැගෙනහිර තියෙන්නේ ප්‍රභාකරන් හය දෙනෙක්‌ගෙන් ආරම්භ කළාට වඩා දුර දිග ගිය වැඩපිළිවෙළක්‌.. අද මේ පැත්තේ ගැවසෙනවා කොළපාට තලප්පා දාගෙන ඉන්න අමුතුම කණ්‌ඩායමක්‌. ඔවුන් ලංකාවේ මිනිස්‌සුද කියන එකත් ප්‍රශ්නයක්‌.. ඔවුන් කණ්‌ඩායම් වශයෙන් හැමදාම හැන්දැවට මෙහේ හැම ගේකටම ගිහින් නිවැසියන් එක්‌ක සාකච්ඡා කරනවා. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. 

රෑ වෙනකොට පාසලකට ගමේ ඉන්න තරුණයෝ සියලු දෙනා රැස්‌ කරලා පූජකයන් වගේ ඉන්න ඒ පිරිස මුස්‌ලිම් මූලධර්මවාදය ප්‍රචාරය කරනවා. ඒ මූලධර්මවාදී රැස්‌වීම්වලට විශාල තරුණයන් පිරිසක්‌ සහභාගි වෙනවා. මොකද මේ ප්‍රදේශවල තරුණ ජනගහනය වැඩියි. ඒ කියන්නේ පූජකයන් වගේ ඉන්න ඒ පිරිස අද නැගෙනහිර බිමේදී රැස්‌වීම් තියලා මූලධර්මවාදය කාවද්දන්නේ ජව සම්පන්න කොටසේ හිස්‌ තුළට. එතනදී ඔවුන්ගේ අරමුණ මොකක්‌ද කියන්න කවුරුත්ම දන්නේ නැහැ..

මේ වෙනකොට නැගෙනහිර ක්‍රියාත්මක වෙන්නේ ඉතාම සැළසුම්සහගත වැඩ පිළිවෙළක්‌ කියන එක පැහැදිලිවම පේන්න තිබෙන දෙයක්‌. ඒකේ කෙළවර කොතනද කියන එකයි ප්‍රශ්නේ.." ඔහු ඒ අවදානමේ කතාව දිගින් දිගටම කියාගෙන යයි. නමුත් ගෙවෙන දවසේ විවේකය ගත යුතු කාලය එළැඹ ඇති බව අපේ ඇස්‌ අපට කියා දෙමින් සිටියි.

ඉතින් අපි එළැඹෙන දවසේ යළි මුතූර් සිට අපේ ගමන ඇරඹීමේ අදහස ඇතිව ඒ දිනයේ කටයුතු නිමා කළෙමු. 

තවත් කොටසක්‌ ලබන සතියේ

සමන් ගමගේ
http://www.divaina.com/2014/12/21/feature09.html

පෙර ලිපි -
මේ අව් අස්‌සේ දිලෙන මූතුර් වල "ගිනි පුපුර්" - නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...03http://denethharinna.blogspot.com/2015/01/03.htmlනැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න - 02 එදා කොටින්ගෙන් බැට කෑ අපි අද මූසලු මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා...http://denethharinna.blogspot.com/2014/11/02.htmlනැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු 01http://denethharinna.blogspot.com/2014/11/blog-post_74.html

සබැඳි ලිපි කිහිපයක් -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

2 comments:

Anonymous said...

@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට කඩේ යන්නද?ඔය කියන බදුද්දීන්ල, හකීම්ල, අතාවුල්ලල නෙමේද ඔය කියන ෂරියා මුස්ලිම් කලාපය ඇතිකලේ?ඇයි ඒකාලෙ සමන් ගමගේ ල මේවට විරුද්ධ උන් නැත්තෙ? රිෂර්ඩ් බදුද්දීන්ල උසවි වලට ගල් ගැහුවෙ, කැලෑ එළි කරල තම්බියො පදිංචි කළේ, හකීම්ල නීති විද්‍යාලයට හොරෙන් ළමයි දැම්මෙ, ඔය කියන ආශ්චර්යමත් දේශප්‍රේමී මහරජාගෙ කාළෙ නෙමෙයිද? බෞද්ධයන්ගෙ ප්‍රශ්න එකකවත් මහරජා විසඳුවද?

@දෙනෙත් හරින්න!, දෙනෙත් වහගෙන කඩේ යන්න එපා!

දෙනෙත් හරින්න ! said...

අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක් වාර්ථා කරමු! මෛත්‍රීගේ කාර්යාල කඩනවාට එරෙහි වූවා සේම නැගනහිර මූසලු අන්තවාදය පිළිබඳවද වූ දිවයින ලිපි පෙල පමණක් උපුටා දැක්වූයෙමු! ඊට සම්බන්ඳිත පැරණි ලිපිද පළ කළෙමු! එහිදී අපට මුල් වන්නේ රටයි.ජාතියයි! නැතහොත් මහින්දද මෛත්‍රීද යන වග නොවේ!

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

- දෙනෙත් හරින්න! -