මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග ක්‍ෂී ජනපතිවරයා ලන්ඩනයේ වීථි සංචාරය කරන විට මේ පශ්චාත්නූතන ඇත්ත ලෝකයේ දසුනක් ද එසේත් නැතිනම් සීත ඍතුවේ සිහිනයක භයානක ජවනිකාවක් දැයි පරීක්‍ෂා කිරීමට කෙනෙකු මදක් නවතින්නට ඇත. විශේෂයෙන් ජනපති ඔබාමා එසේ කරන්නට ඇත. එහෙත් ඒ ඇත්ත ය. තිත්ත ඇත්ත ය. පෙරදා අබිං දී රැවටූ චීනා අද එසේ කළ රැජිනගේ දෑතින් ම දෝළා පෙරහරින්...