Pages

Tuesday, October 6, 2015

දන්තුරේ වෙල්යාය පෘතුහීසි ලෙයින් තෙත් කළ, හෙළ යුධ ශක්තිය ලොවට කියා පෑ, පෙරදිගින් මුල්ම දරුණු පරාජය ලද දන්තුරේ සටනට අදට වසර 421යි

ඓතිහාසික දන්තුරේ සටනට අදට (6 දාට) වසර 421 ක්‌ සපිරේ. 

1594 ඔක්‌තෝබර් 6 වැනිදා කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමේ අරමුණින් පෘතුගීසි සෙන්පති පේදුරු ලෝපස්‌ද සුසාගේ නායකත්වයෙන් පැමිණි පෘතුගීසි සේනාව දන්තුරේ වෙල්යායේදී අන්ත පරාජයට පත්කිරීමට 1 වැනි විමලධර්මසූරිය රජුගේ නායකත්වයෙන් සටන් වැදුණු සිංහල සේනාව සමත් වූහ.

16 වැනි සියවසේ පෙරදිග ආක්‍රමණය කරමින් දැවැන්ත යුද බලයක්‌ ගොඩනඟාගෙන සිටි පෘතුගීසින් දන්තුරේ සටනින් පරාජයට පත්වීම, ඔවුන්ගේ යුද ඉතිහාසයට එක්‌වූ දැවැන්ත අවමානයක්‌ වූ අතර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට තිබු අවස්‌ථාවද ඔවුන්ට අහිමි විය.

1954 ජුලි 6 වැනිදා සිට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා පැවැති දන්තුරේ සටන ලෝක සටන් ඉතිහාසයේ සුවිශේෂී සටනක්‌ ලෙස ඉතිහාස ගතව තිබේ.

රසී වීරසිංහ
http://www.divaina.com/2015/10/06/news11.html

Pic Source & more infor

2 comments:

Anonymous said...

1954 ජුලි 6 වැනිදා සිට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා පැවැති දන්තුරේ සටන ලෝක සටන් ඉතිහාසයේ සුවිශේෂී සටනක්‌ ලෙස ඉතිහාස ගතව තිබේ.

pissu hutan

Bushana said...

මෙම දිවයින පුවතේ සිදුවූ වසර එක් තැනක වැරදි ලෙස සටහන් වෙනවා. එය 1954 නෙමේ 1594 විය යුතුයි. අනිත් අතට සිංහල හමුදා පරංගින්ට දරුනු ලෙස පහර දීම ඇරඹුවේ ඔක්තෝබර් 8 වෙනිදා. උඩරට අතහැර යන්න ඔවුන් තීරණය කරන්නේ 5 වෙනිදා.. සටන පිළිබඳ වැඩිදුර තොරතුරු සදහා http://trisinhala.blogspot.com/