ඕලන්ද ජාතිකයකු හා 1815 අඳින ලද උඩරට නගරය හා රජ මාළිගාවේ සිතියම්ද උදව් විය. රොබට් නොක්‌ස් පරිදි උඩරට රජුට සෙංකඩවල හැර මැද මහනුවර, අළුත්නුවර, නිල්ලඹ, හඟුරන්කෙත, ගලඋඩ යන අතුරු අගනුවරවල් පහක් විය. ඩොයිලි පරිදි උඩගම්පහ හා පල්ලේගම්පහ අදිකාරම් දෙදෙනාට මහනුවර නගරයේ ආරක්‍ෂාව භාර විය. දළදා මැඳුර, රජ මැඳුර හැර ප්‍රධානීන්ගේ නිවාස වැදගත් විය. සාමාන්‍ය ජන නිවාස පැල්පත් විය. මහනුවර ජනගහනය 3000 පමණ විය.
1. දළදා මැඳුර - දැනට ඇති දළදා මැඳුර දෙවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව.1687-1707) තුන්මහල් කර හැදූ මැඳුර නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707-1739) විසින් දෙමහල් කොට සෑදුවකි. 1765 ඕලන්ද ආක්‍රමණයට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) දලදා මැඳුර අලුත්වැඩියා කළේය. දළදා මැඳුරට පත්තිරිප්පුව එකතු කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. (ක්‍රි.ව. 1798-1815) දෙහිගම නිළමේගේ සැලැස්‌ම අනුව දේවේන්ද්‍ර මූලාචාරියා පත්තිරිප්පුව ඉදිකළේය. රජු මහජනයා ඇමතීම සංදර්ශන නැරඹීම, උත්සව බැලීම කළේ මෙහි සිටයි. දළදා මැඳුර වටා වලාකුළු බැම්ම ඇත.
අටවන පත්තිරිප්පුව - දළදා වැඩම වනවිට පත්තිරිප්පුවට වඩා පහතින් තිබූ අටවන පත්තිරිප්පුවේ සිට රජු හා බිසෝවරු පෙරහැර බැලූහ. අද ඒ නැත.
රජ මැඳුර - රජමැඳුර යාවම දළදා මැඳුර සෑදීම අනුරාධපුර කල සිටම සිදුවිය. මහනුවර නගරයේ නැගෙනහිර රජමැඳුර ඇත. ඉංග්‍රීසි ජාතික පයිබස් පරිදි රජමාළිගය උදාරය. පෙනුම ප්‍රෙෘඪය. කුටි රැසක් විය. ඒ සංකීර්ණය තුළ උස තාප්පයකින් වටකළ උයනක්‌ද විය. ඩේවි පරිදි රජමැඳුර යාර 200 තරම් දිගට ඇත. දළදා මැඳුර හා රජමැඳුරට යාමට දිය අගල හරහා උස්‌පහත් කළ හැකි පාලමක් විය. රජමැඳුරට ඉහළින් හා වටේට මිනිසුන්ට තහනම්වූ උඩවත්ත කැලේ විය. උඩවත්තකැලේ එදා බහිරවකන්ද හා හන්තාන, ගන්නෝරුව දිවිදොස් කන්ද එකම කැලෑවක් ලෙස පැතිරී තිබුණි. ලේවැල්ල තොටින් ඇරැඹුණු පල්ලේකැලේ කැලෑව අද රන්දෙනිගල ජලාශය දක්‌වා විය.
එදා රජමැඳුරේ අංග, ගොඩනැඟිලි මණ්‌ඩප 18 විය. මේ 18 අද 5 වඩා ඉතිරි වී නැත. රජ මැඳුර, මඟුල් මඩුව, මැදවාහළ, පල්ලේවාහළ, උල්පැන්ගෙය, වැවමැද ජයතිලක මණ්‌ඩපය, උඩරට කලා සංගමය හා අනගාරික ධර්මපාල මාවතේ කැන්ඩි ක්‌ලබ් ගොඩනැඟිල්ල දක්‌වා රාජ මාළිගා ගොඩනැඟිලි විය. රජමාළිගා ඉතිරි ගොඩනැඟිල්ල 1966 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කටු ගෙයක් විය. මහනුවර රාජ්‍යයේ මුල සිටම මේ ස්‌ථානයේ රජමැඳුර විය. පෘතුගීසී ඕලන්ද හා 1803 ඉංග්‍රීසීන් ඒ ගිනිතැබීම නිසා දැනට ඉතිරිව ඇති රජ මාළිගා මන්දිර ශාලාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අළුතින් ඉදිකර ඉතිරිව තිබූ ඒවා අළුත්වැඩියා කළ බව හැඟෙයි. අද ඉතිරි ගොඩනැඟිල්ලට නැඟීමට පියගැට පෙළකි. ප්‍රධාන ශාලාව අඩි 140 තරම් දිගය. අඩි 50 තරම් පළලය. බිත්තියේ ඉදිරිපස දොර අසළ හංස, සිංහ හා නෙළුම් මල් මෝස්‌තර තිබී මතුකර ඇත. ප්‍රධාන උළුවස්‌ස, දොර කැටයම් කර ඇත. ප්‍රධාන දොර අඩි 8 ක් තරම් උසය. 6 තරම පළලය. පිටුපස දිගටම පටු බරාඳයකි. අඩි 40Ü15 ප්‍රධාන කාමර 3 හා කුඩා කාමර 3 ක් එහි තිබී ඇත. රජ මැඳුරේ ඉහළ තට්‌ටුවක් විය. දැනට ඉතිරි ශාලාව ඇතුළතින් උඩට නැගීමට තරප්පු පෙළක්‌ද පිටතින් නැගීමට පියගැටපෙළක් තිබුණු බව පෙනෙයි. පිටත තිබූ පියගැට දෙකක් තවම ඉතිරි වී ඇති බව සංස්‌කෘතික කැණීම් බාරව සිටි පී, බී. මණ්‌ඩාවල මහතා කියයි. දෙමහල් ගොඩනැඟිල්ල, වහළ පෙති උළු වසා තිබුණි. රජ මැඳුර හා දළදා මැඳුර ආරක්‍ෂාවට පවුර, දිය අගල හා මඩ අඟල විය. ගොඩ වී පස් පිරී තිබූ දියඅඟළ 1947-50 අතර පාදා සැකසුවේ පරණවිතාන මහතා ය. රජමැඳුර පසුකර විෂ්ණු දේවාලය දක්‌වා දියඅගල මතුකිරීම 1963 පසු සිදුවිය. දියඅගල එදා වර්තමාන ජනාධිපති මන්දිරය වටා ත්‍රිකුණාමලය වීදියේ මැද ටි්‍රනිටි විදුහල අවට තිබූ බොර වැව දක්‌වා විහිදී තිබුණි. මඩ අගල අඩි 20 පළල විය. දිය අගලේ එදා නෙළුම්, ඕලු ගහණ විය. දළදා මැඳුර, රජමැඳුරට ඇතුළුවීමට උස් පහත් කළ හැකි පාලමක් විය. ඒ අසල දැවැන්ත නුග ගසක් විය. කුංකුණාවේ හිමිගේ වස් කවියකින් මේ නුගගස ගැළවී පාවී ගොස් බෝගම්බර වැවට වැටුණු බව එයි.
ඕලන්දයින් - ඉංග්‍රීසීන් රජමැඳුර ගිනි තැබීම
ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු අඳුරු කුඩා ළැගුම් ගෙවල් හා කුටි කඩා දැමීම (මේ බව ඩේවි කියයි) ජෝන් ඩොයිලි හා ඉන්පසු ඒජන්තවරුන් පදිංචියේදී පැරැණි ගොඩනැඟිලි කඩා වෙනස්‌කිරීම හා 1875 හැත්වැනි එඩ්වඩ් කුමරුගේ ලංකා ගමනයට මහනුවර වෙනස්‌කම් රැසක් කිරීම නිසා රජගෙදර හා පරිවාර ගොඩනැඟිලි රැසක් විනාශ විය.
4. වීදි - මධ්‍ය ලංකා පුරාවෘත්ති ග්‍රන්ථය මහනුවර එදා වීදි 19 දක්‌වයි. දළදා වීදිය, කවිකාර මඩුව සිටි කවිකාර වීදිය - විෂ්ණු දේවාලය තිබූ වෛකුණ්‌ඨ වීදිය - රිදී වීදිය - එදා රජුගේ ඥතීන් විසූ අෂ්ටවංක හා කුඩාරුප්ප වීදි (වර්තමාන අනගාරික ධර්මපාල මාවත) ඉන් කීපයකි.
5. වාහල්කඩ - එදා වාහල්කඩ 9 විය. මහවාහල්කඩ පියගැට 16 නැග රජමැඳුර හා දළදා මැඳුරට ඇතුළු විය යුතුය. කෝරා - මෝහන - පෑතැටි තවත් වාහල්කඩ කීපයකි. පෑතැටි වාහල්කඩ වේලාව නිවේදනය කළ හැකිවිය.
6. මණ්‌ඩප්ප - මණ්‌ඩප හෙවත් ප්‍රධාන ගොඩනැඟිලි 9 විය. මඟුල් මඩුව - දකින මණ්‌ඩපය, ශාන්ති මණ්‌ඩපය - රන් ආයුධ මණ්‌ඩපය, සුපන් මණ්‌ඩපය ඉන් කීපයකි.
7. මහවාසල - රජ වාසළ තුළ මැඳුර මහවාසල නම් විය. එහි රජු සැතපෙන ගෙය, සළු මණ්‌ඩපය, බිසෝ කුටි, බිහි කුටි, බේත් ගබඩා, විවිධ කුටි විය.
8. මැදවාහළ - රජුගේ කිට්‌ටුම ඥතීන් විසූ මැඳුරය. වෙනස්‌කම් සහිතව දැනට ලෝක උරුම - මහනුවර නගර කාර්යාලය එහි ඇත. මැද මිදුල ඇත.
9. පල්ලේවාහළ - එදා රාජකීය අන්ත(පුරය පල්ලේවාහළ විය. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එන විට මෙහි වූ කැටයම් - ලී කණු 32 ගළවා ඉන් කොටසක් මඟුල් මඩුව දිගු කිරීමට යොදා ලී කණු තිබූ ස්‌ථානවල ගඩොල් කුළුණු ඉදිකර ඇත. මැද මිදුල ඇත. අද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කටුගේ මෙහි ඇත.
10. මඟුල් මඩුව - රාජාධිරාජසිංහ රජු දේවේන්ද්‍ර ලවා අරඹා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල නිමවිය. මුල් මඟුල් මඩුව මෙහිම විය. විසිතුරු ලී කැටයම් කණු ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල ඇමැති රැස්‌වීම් විශේෂ රජකීය උත්සව, මහනඩුව නම් ඉහළම උසාවිය මෙහි විය. ඩේවි පරිදි රජු මද අඳුරේ පහන් එළිය හා සුවඳ දුම් මැද තිර 7 මුවා වී මෙහිදී විදේශ දූථයන් හමුවිය. මුල් ගොඩනැඟිල්ල අඩි 59x55 විය. 1820 අවට මේ ක්‍රිස්‌තු පල්ලිය ලෙස යොදාගෙන ඇත. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එනවිට වටා වූ කෙටි බිත්ති කඩා තවත් අඩි 31 දිගුකර ඇත. පේළි 4 කණු පේළි 12 පැරැණිය. 4 පේළි 3 අළුතින් 1875 සිටුවා ඇත. මඟුල් මඩුවේදී 1815 ගිවිසුම අත්සන් කළේය. මෙයට නැගීමට දෙපැත්තෙන් තිබූ පියගැටපේළි දෙකක් කැණීම්වලදී මතුවිය. මඟුල් මඩුව දෙපස එදා තිබූ ශාන්ති මණ්‌ඩපය හා දකින මණ්‌ඩපය අද වැනසී ඇත. ශාන්ති මණ්‌පය රජුට යාගහෝම ශාන්ති කළ ස්‌ථානයයි. රජු විදේශීය තානාපතීන් හමුවූයේ දකින මණ්‌ඩපයේදීය. පාලි සිරිරාම සංදේශය - කිරල සංදේශය මේ වර්ණනා කරයි.
11. උඩ ගබඩාව - රජුගේ පෞද්ගලික බඩු ගබඩාව විය.
12. අරමුදලේ ගබඩාව - රාජකීය ප්‍රධාන ගබඩාවයි
13. කිරිමුහුද හා වැව් - 1815 වන විට අඩු ලෙස වැව් 5 හෝ 4 මහනුවර විය.
1. දෙවැනි රාජසිංහ රජු කළ බව සිතිය හැකි දැනට බෝගම්බර පිටිය ලෙස ගොඩ කර ඇති පැරණි බෝගම්බර වැව
2. ටි්‍රනිටි - විද්‍යාර්ථ විද්‍යාල අවට තිබූ 1832 වැනසී ගිය බොර වැව
3. දෙවැනි රාජසිංහ රජු කළ වැව් 32 න් එකක් විය හැකි රාජකීයයන් නෑමට ගිය උඩවත්ත කැලේ වැව
4. 1810-12 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් මීගස්‌තැන්න මහාදිකාරම් ලවා ටිගොල්වෙල වෙල්යායේ සෑද වූ කිරිමුහුද (බෝගම්බර අළුත් වැව - කිරිමුහුද - අලකොළ වැව - සෙංකඩගල වැව මෙයට යෙදුණු නම්ය)
5. මහයාය - මාවිල්මඩ අවට පැතිර තිබූ ගබඩා වැව හෙවත් මහඉහවැව මහයියාව
ඉන් කිරි මුහුද නගරයට මනා අලංකාරයක් විය. වැව වටා දියරැළි බැම්ම විය. රජු බිසෝවරුන් සඳහා දළදා මැඳුර ඉදිරිපිට බිසවුන් දිය නෑ උල්පැන්ගෙය විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1857 උල්පැන්ගෙය වසා දෙමහල් පුස්‌තකාලයක් ඉදිකර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී යළි උල්පැන්ගේ මතුකර ඇත. මේ අඩි 40 තරම් දිග අඩි 20 තරම් පළලය. උල්පැන්ගෙය සිට වැව මැද දූපතට යාමට පාළමක් වූ බව හැඟෙයි. එවැන්නක ශේෂයක් උල්පැන්ගේ යට බැම්මේ අල්ලා ඇත. වැව මැද රජුගේ ජයතිලක මණ්‌ඩපය (කුණ්‌ඩශාලාව හෙවත් සීතල මාළිගාව) විය. එහි සිට උඩවත්තකැලේට විහිදුණු උමගක් ගැන කියෑවෙයි. වැව වටා බැම්මේ විසිතුරු ගස්‌වැල් විය.
14. රන් ආයුධ මණ්‌ඩපය - රජුගේ රන් ආයුධ විය
15. මුද්දර මණ්‌ඩපය - රාජකීය නිළ ලාංජන විය
16. හරවක්‌කාර මඩුව - රජු කඩු ශිල්ප - මල්ලව පොර නැරඹූ මඬුවයි
17. කවිකාර මඬුව - රජුට ප්‍රශස්‌ති වන්දිභට්‌ටයන් සිටි ස්‌ථානයයි. (දළ මැඳුරේ තවම කවිකාර මඩුව ඇත.)
18. දෙමළ ඉලංගම්මඩුව - රජු නැටුම් ගැයුම්වලින් පිනවූ නිළියන් සිටි බිමයි.
19. මහාමළුව - දළදා මැඳුර පටන් ඇතැම් විට අද ඔරලෝසු කණුව ඇති බිමට ළං වන තුරු අද ඇති ක්‌වීන්ස් හෝටලය සීමාව ඉක්‌මවා මහමළුව තිබෙන්නට ඇත. ප්‍රධාන උත්සව, සැණකෙළි, පෙරහර, රජු මහජනයා ඉදිරියේ පෙනී සිටීම මහ මලුවේ සිට ඉටුවිය. පසු කල මෙය මහමළුව හා මද්දුම බණ්‌ඩාර උද්‍යානය ලෙස දෙකට බෙදුණි. (දැනට ඇති බෝගම්බර වැවේ වතුර ගලා ගොස් වැටුණු තවත් වැවක් එයට පහළින් වූ බව "උඩරට කැරැල්ල -3" ග්‍රන්ථයේ තෙන්නකෝන් විමලානන්ද කියයි. ඒ දැනට ඩී. එස්. සේනානායක පුස්‌තකාලය අවට බිමේ වූවා විය යුතුය.
20. දේව සංහිඳ - මහදේවාලය (විෂ්ණු) හා නාථ දේවාලය අතර බිමේ විය.
21. යුක්‌තියේ ඝණ්‌ඨාරය - අධිකාරම හෝ දිසාව දෙන ලද තීන්දුවකට විරුද්ධව රජු වෙත අභියාචනා කිරීමට - හැඬවීමට තිබූ සීනුවකි. නාථ දේවාල බිමේ කෙළවර විය. එළාර රජු ගැන කතාවේදී යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන කතාන්දර කීපයක් එයි. එළාර රජුට පසු යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන සඳහන් එකම අවස්‌ථාවයි.
22. ඇතුන් නාවන වළ - තිබූ ස්‌ථානය අප්‍රකටයි.
23. කුණම් මඩුව - රජුගේ කුණම් ගබඩා කර තිබූ තැනයි. අද ඒ වැව රවුමේ උඩරට කලා සංගම් ගොඩනැඟිල්ලයි. දෙවැනි ලෝක යුද්ධය කල මෙහි යුද හමුදා රෝහලක් විය. අද උඩරට කලා සංගමය ඇත.
24. රජුගේ අටුව - අනගාරික ධර්මපාල මාවතේ පිහිටි "Kandy Club" (කැන්ඩ් ක්‌ලබ් නිවස) එදා රජුගේ අටුව විය.
25. රජ මැඳුරේ රජුගේ අසුන් බැඳීමට යෙදූ කණු දෙකක් තවම ඇත.
26. කච්ෙච්රිය පිටුපස උඩවත්ත කැලේ රජ පවුල දියනෑ පිහිල්ලක කොටසක් හා රජ මැඳුරේ වූ ගල් ආසන තුනක් රජගෙදර කටුගේ ඇත. රජු හා බිසවුන් දිය නෑමට ගිය ස්‌ථාන අතර දළදා මැඳුර අසළ උල්පැන්ගෙය, බෝගම්බර වැව ඉස්‌මත්තේ රජපිහිල්ල - ලේවැල්ලේ ගිනිනිල්ල දියඇල්ල (අද නැත) කීපයකි.
27. මල්වත්ත - රජ බිසවුන්ට වෙන්වූ පසු කළ මල්වතු විහාරය ඉදිවිය.
28. නිලමේවරුන්ගේ වලව් - නිලමේවරුන්ගේ වළව් රජමැඳුර අසළ විය. පිළිමතලව්වේ වළව්ව 1817 රජයට ගන්නා ලදුව 1832 ඒ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර මැඳුර ඉදිවිය. අද ඒ ජනාධිපති මැඳුරයි. ඇහැලේපොල වළව්ව අද බෝගම්බර රිමාන්ඩ් හිරගෙදරයි. දුනුවිල වළව්ව මහනුවර නගර සභාව වන අතර දෙහිගම වළව්ව අද දෙහිගම හෝටලයයි.
29. ගම්පළ කල ඉදිවූ නාථ දේවාලයේ රජුගේ නම් පටබැඳීම හා ඉසතෙල් ගෑම විය. විෂ්ණු දේවාලයේ දී රාජාභිෂේක උළෙල විය.
30. පැරැණි බෝගම්බර වැව මායිමේ හිස් ගසා දැමීම හා ස්‌ත්‍රීන් දියේ ගිල්වීම සිදුවිය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක එස්. කේ. ජයවර්ධන
http://divaina.com/sunday/index.php/visheshanga2/1181-2-13

0 comments:
Post a Comment