Pages

Wednesday, April 3, 2013

‘සිංහල කඩ වර්ජනය කරනු, අසමගි සිංහලයා පරදවමු’ – මුස්ලිම් සුරැකීමේ සන්ධානය

සිංහල ව්‍යාපාරික ස්ථාන වර්ජනය කරන ලෙස ඉල්ලමින් ‘මුස්ලිම් සුරැකීමේ සන්ධානය’ නමැති සංවිධානයක් මඟින් ඊයේ දිවයින පුරා සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය රට තුල සැලකිය යුතු මට්ටමින් නොපැවුත්වුන බව වාර්තා වේ.

මෙම විරෝධයේදී සිංහල ජනතාවට විරෝධය පළ කිරීම සඳහා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ඊයේ දහවල් 12.00න් පසු ව වසා දමන ලෙස ඉල්ලා තිබුණ ද, කුරුණෑගල ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන 95% කටත් වඩා ඊයේ දිනය මුළුල්ලේ විවෘත පැවැතුණි.

‘සිංහල කඩ වර්ජනය කරනු – මුස්ලිම් ජීවිත සහ සංස්කෘතික අයිතිවාසිකම්වලට බලපෑම් නො කරනු, අසමගි සිංහලයා පරදවමු – මාර්තු 25 අපේ බලය පෙන්වමු’ යනුවෙන් බැනර් රාශියක් ඊයේ කුරුණෑගල නගරය පුරා ප‍්‍රදර්ශනය කර තිබින.

March 26, 2013 at 1:14 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92353/

ඕස්ටේ‍්‍රලියාවේ මුස්ලිම්වරුන්ට රටින් පිටවෙන්න කියුවත් අපි එහෙම කියන්නේ නෑ - ඕමල්පේ හිමි

මුස්ලිම්වරුන්ට මෙරටින් පිටවන්නැයි නො කියන බවත්. රටේ සංස්කෘතියට අනුව කටයුතු කරන තාක් මුස්ලිම්වරුන්ට කිසිදු ප‍්‍රශ්නයක් ඇති නො වන බවත් ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

අපේ භික්ෂූන් වහන්සේලාට සිවුරු ගලවලා පහර දෙන හෙයින් අප ඉන්දියාවට යෑම වර්ජනය කළ යුතු බව කී උන්වහන්සේ, බෞද්ධයාට වැඳපුදා ගැනීමට තැන් අප රටේ  ඕනෑ තරම් තිබෙන බව ද සඳහන් කළහ.

අපි හලාල්වලට විරුද්ධ නැති බවත්, අප එරෙහි වන්නේ හලාල් සංකල්පය බෞද්ධයන් වෙත බලයෙන් පැටවීමට බවත් සෝභිත හිමියෝ කීහ.

සෝභිත හිමියන් මෙසේ පැවැසුවේ කොළඹ ආනන්ද විදුහල අසල පැවැති බොදු සමුළුව අමතමිනි. ජාතික සංඝ සම්මේලනය සහ බොදු පුබුදුව විසින් මෙම බොදු සමුළුව සංවිධානය කෙරිණි.

එහි දී  ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද පැවැසූහ.

‘අපි හලාල්වලට විරුද්ධ නැහැ. අප හලාල්වලට විරුද්ධ වන්නේ ඇයි? අප ඉස්ලාම් දහමට, ඉස්ලාම් සහෝදරයන්ට විරුද්ධයක් නැහැ. අපට තිබෙන ප‍්‍රශ්නය හලාල් සංකල්පය බෞද්ධයන් වෙත බලයෙන් පැටවීමයි. මේවා ගැන කතා කළා ම අපට ජාතිවාදීන් කියා ලේබලයක් ගහනවා. හලාල් සිද්ධියේ දී අප ජයග‍්‍රහණය කළ බව ඇත්ත. එහෙත් හලාල් සිද්ධිය තව ම අවසන් නැහැ. හලාල් කියන්නේ බරපතළ වංචාවක්.

කැබිනට් මණ්ඩලයේ සිටින සමහරුන් ද මේ ප‍්‍රශ්නය හරියට තේරුම් ගෙන නැහැ. ඔවුන් අපට ජාතිවාදීන් ලෙස හංවඩු ගහන්නේ ඒ නිසයි. හලාල් සහතිකය වෙනුවෙන් අපත් මුදල් ගෙවනවා. කුරානයේ කිසි ම දෙයක් අනිවාර්ය කර නැහැ. හලාල් වචනයත් කුරානයේ නැහැ.

මුස්ලිම් ජාතිකයන්ට මෙරටින් පිටවන්නැයි අප කියන්නේ නැහැ.  ඕස්ටේ‍්‍රලියාවේ එහෙම කියලා තිබුණා. අප රටේ සංස්කෘතියට අනුව කටයුතු කරන තාක් මුස්ලිම්වරුන්ට මෙරට ප‍්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.’

April 2, 2013 at 4:04 am | lanka C news

තමිල්නාඩු ගෝරනාඩුව නිසා 13 දිය යුතු නෑ - ගෝඨා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ඇති වී ඇති තත්වය මෙරට තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදා හැරීමට යැයි නැගෙන ඉල්ලිම ඉවත දැමීමට සාධාරණ හේතුවක් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

එසේම විරුද්ධ පාක්ෂික පළාත් සභා පාලනයක් උතුර පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇති වුවහොත් එය යුද්ධයෙන් පසු ඇති වන සහජීවන ක්‍රියාමාර්ගයට දැඩි බාධකයක් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.මධ්‍යම ආණ්ඩුවට  අවනත නොවන පලාත් සභාවක් පිහිටවීම භයානක දේශපාලන ක්‍රියාමාර්ගයක් බව ගෝඪාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී. ඉංග්‍රීසි පුවත්පතක් සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙ අදහස් පල කර තිබේ.

වැඩිදුරටත් අදහස් පළකරන රාජපක්ෂ මහතා “අපට අවස්ථා ගණනාවකදී අත්දැකීම් තිබෙනවා අපගේ සබඳතාවලට විදෙස් මැදිහත්වීම් සිදුකරපු.අප කිසි විටෙකත් ඉඩ දෙන්නේ නෑ බාහිර බලවේගවලට අපේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි ගහන්න.බටහිර රටවල් විසින් තමිල්නාඩුබ පාවිච්චි කරමින් ඉන්නව මධ්‍යම ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය පරිදි නටවන්න.” යැයිද පැවසීය.

මීට පෙර කිහිප වරකදීම 13 ට එහා යන බලය බෙදීම පිළිබඳ පැහැදිලි විරෝධයක් ආරක්ෂක ලේකම් වරයා විසින් පෙන්වා දී තිබිණ.මෑතකදී ඔහු ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.” දැන් යුද්ධයෙන් පසුව එක එක්කෙනා ලය බෙදීම බෙදීමක් ගැන කතා කරනවා. සමහර බාහිර රටවල් පවා. ඒත් ඒ අය කොහොමද අපේ රටේ බලය බෙදීමක් ගැන කතා කරන්නේ.මේක ස්වෛරී රටක්. අපේ ආණ්ඩු පත් වෙලා තියෙන්නේ ජනතා චන්දයෙන්.බලය බෙදීම අවශ්‍යද නැද්ද යන්න තීරණය කල යුත්තේ මෙරට ජනතාවයි.එසේ නැතිව මේ එක් එක් රටවල බෙදුම්වාදී කල්ලි නොවෙයි.”

මෙරට ජාතික බලවේග පසුගිය කාලය මුලුල්ලේම හඬ නගන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම සිදු නොකරන ලෙසත් දැනට ව්‍යවස්ථා ගත වී ඇති පලාත් බලට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය හැකි වගන්ති වහා අවලංගු කර දමන ලෙසත්ය.එසේ නොවුවහොත් ඉදිරියේදී එල් ටී ටී හිතවාදී බෙදුම්වාදීන් අතට පළාත් සභාවේ බලතල ගියහොත් එය රට බෙදීම දක්වා වර්ධනය විය හැකි අනතුරක් බවද  , රටට හතුරු බලවේග කඩිනම් උතුරු පළාත් මැතිවරණයක් ඉල්ලා සිටින්නේම මේ කරුණ ඔවුන් හොඳින් අවබෝධ කරගෙන ඇති නිසා බවද ඔවුහු පෙන්වා දෙති.

March 30, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92488/

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත‍්‍රණයක් - JHU

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන්නේ යයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ නායක  ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනය මෙසේය.

පැපිලියානේ සිද්ධියට මුවා වී සිංහල-බෞද්ධ පුනරුදය මැඩලීමේ කුමන්ත‍්‍රණයක්

පසුගිය සතියේ පැපිලියාන ප‍්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධව අප පක්ෂයේ දැඩි අප‍්‍රසාදය පල කළ අතර, එම සිද්ධියට සම්බන්ධ පිරිස් හා සංවිධාන පිළිබදව නීතිය අපක්‍ෂපාතීව සිදුකරන ලෙස පොලිස්පතිතුමාගෙන් හා වගකිව යුත්තන්ගෙන් අප ඉල්ලා සිටින ලදි. පැපිලියානේ සිදු වූ එම සිද්ධිය මුල් කරගෙන සිංහල-බෞද්ධයන් අනෙකුත් ජාතීන්ට හිරිහැර කරන බවත්, ජාතීවාදී, ආගම්වාදී ගැටලූවක් නිර්මාණය කරමින් සිටින බවත් ඇතැමුන් මොර දෙමින් ඇත. මේ කිඹුල් කදුළු හෙළන බැටලූ හම් පොරවාගත් වෘක්කයින්ට රුකුල් දෙන ඇතැම් හිමිවරුන්ද සිටීම ජාතියේ අවාසනාවකි. වර්තමානයේ අලූත් තත්වයක් නිර්මාණය කරමින් ඇත. එනම් පැපිලියානේ සිදු වූ සිද්ධිය මුල් කරගෙන නැගී එන සිංහල බෞද්ධ පුනරුදය හා ජාතික ශාසනික ව්‍යාපාරය ලත් තැනම ලොප් කිරීමට ඇතැමුන් සැලසුම් සහගත ලෙස උත්සහයක යෙදෙමින් ඇත. මෙම සිද්ධිය මුල් කරගෙන සිංහල බෞද්ධ නායකයින් හෝ සංවිධාන මර්ධනය කිරීමට හෝ තහනම් කිරීමට කැබිනට් පත‍්‍රිකා ගෙන ඒමට කවුරු හෝ කටයුතු කරන්නේනම් ඊට එරෙහිව ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට අප පසුබට නොවන බව ඉතා අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි. නීතිය කාටත් පොදුවිය යුතුය. ජාතිවාදය හා ආගම්වාදය අපද ප‍්‍රතික්‍ෂේප කරන්නෙමු. ජාතිවාදීන් කවුරුන්ද යන්නත් ආගමිවාදීන් කවුරුන්ද යන්නත් තෝරා බේරා ගැනීමට අපට හැකි විය යුතුය, උත්සුක විය යුතුය. මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදීන් සිංහල – බෞද්ධයන් ප‍්‍රකෝපකළ අවස්ථා බොහෝය. ඒවා පිළිබදව විටින් විට  මහා සංඝරත්නය හා සිංහල-බෞද්ධ සංවිධානයන්, රජය හා පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ දැනුවත් කළ වාර අනන්තය. එහෙත් මේ පිළිබදව ඔවුන්ගේ නිසි අවධානය යොමු වූයේද යන්න ප‍්‍රශ්නයකි. උලමා සංවිධානය නීති විරෝධීව මූලධර්මවාදී ලෙස පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝණය කරමින් 2008 වසරේ සිට සමස්ථ ජාතියම මුලා කර ඇත. මේ පිළිබදව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කළේද?

අපට ආගම්වාදීන් හා ජාතිවාදීන් ලෙස හංවඩු ගසන පිරිසෙන් අප ඇසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. මෑත දී තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉතාම නින්දිත ලෙස ප‍්‍රසිද්ධියේ පහර දෙන දර්ශන මාධ්‍ය මගින් දුටු සිංහල බෞද්ධයන්ගේ සිත් සසල විය. එහෙත් කිසිම සිංහල බෞද්ධයෙක් එකම දෙමළ ව්‍යාපාර ස්ථානයකට හෝ දමිළ ජාතිකයෙකුට හිංසා කළේද? තිස් වසරක් පුරා ඛඔඔෑ ත‍්‍රස්තවාදය සිදුකළ සිංහල-බෞද්ධ සංහාරය හමුවේ සිංහල-බෞද්ධ ජනතාව ඉවසූ ආකාරය සිංහල-බෞද්ධයන් ජාතිවාදී ආගම්වාදීන් ලෙස ලේබල් කරන සමාජවාදීන් හෝ ව්‍යාජ දේශපේ‍්‍රමීන් උවමනාවෙන්ම අමතක කර ඇත. තවද රටේ මේ වන විට නොසන්සුන්තාවයක් ඇතැයි අනවශ්‍ය ලෙස හුවා දක්වමින්, ප‍්‍රකාශ නිකුත් කරමින් බෞද්ධයින් බියවද්දමින් ඇත. අම්පාරේ පැවතුණු දැයට කිරුළ වර්ජනය කරන ලෙසත්, කඩ සාප්පු වසා දමන ලෙසත් කලූ කොඩි ඔසවා හර්තාල් දියත් කරන ලෙසත් මුස්ලිම් ජනතාව උසි ගැන්වූයේ කවුරුන්ද? මරදානේ සිට සිංහල-බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් ජාතිවාදය අවුලුවාලන මුස්ලිම් මූලධර්වාදී පාතාල නායකයින් කවුරුන්ද යන්න මෙරට ආරක්ෂක අංශ සෙවිය යුතුය. ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතුය. කවදත් සිංහලයාට තඩිබෑම තමන්ගේ උරුමය කරගත් වාසුදේව ඇමතිවරයාගේ ඊනියා තප්පුලෑමට මෙරට සිංහල-බෞද්ධයන් සසල වන්නේ නැත. ජාතික, ආගමික සහජීවනය රටතුළ පවත්වාගැනීම සදහා වැදගත්ම කරුණ වන්නේ සිංහල-බෞද්ධ ජනතාව සන්සුන්ව හා සාමකාමීව තබාගැනීමයි.

සිංහල-බෞද්ධ ජනතාව නොසන්සුන්වන්නේ අසහනකාරී ලෙස කටයුතු කරන්නේ ඇයිද යන්නත්, එයට හේතුපාදක වූ කරුණු කාරණා පිළිබදව සොයා බැලීමත් සිංහල-බෞද්ධයන්ට තඩිබාමින් තප්පුුලන ඊනියා සර්වාගමික මන්ත‍්‍රය ජප කරන සියලූ දෙනා විමසා බැලිය යුතුව ඇත. මෙවැනි නොසන්සුන්කාරී තත්වයක් වැලැක්වීම සදහා ගෙනඑනු ලැබූ අන්‍යාගමීකරණ පනත කඩාකප්පල් කරමින් එය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වූ සියලූ දෙනාද අද මේ ඇතිවෙමින් ඇති තත්වයට වගකිව යුත්තෝය. පැපිලියානේ සිද්ධිය ජාතිවාදී කෝලාහලයක් ලෙස හුවා දක්වමින් සිංහල-බෞද්ධ ව්‍යාපාරය අතුගා දමන්නට ඇතැම් මූලධර්මවාදී සංවිධාන සමග අත්වැල් බැදගත් පක්ෂ සංවිධාන හා ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රකාශ නිකුත් කරමින් පෙරමුණට පැමිණ ඇත. පැපිලියානේ සිද්ධියට අදාලව පුද්ගලයින් අත්අඩංගුවට ගත් ආකාරයට මුලූ රටම වෙලාගෙන යන මුස්ලිම් අන්තවාදයට රුකුල් දෙන මුස්ලිම් නායකයින්ට එරෙහිව නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක විය යුතු බව අප පුන පුනා පවසා සිටිමු. අද සිංහල-බෞද්ධ ජාතිවාදයක් ඇතිවෙමින් රට අනතුරේ බව පවසමින් ව්‍යාජ ප‍්‍රචාරයක් සමාජය බිය වැදිදීමට ඇතැමුන් කි‍්‍රයාත්මක වෙමින් ඇති අවස්ථාවක  මෙම බිය වැද්දීම්වලට, උගුල්වලට සිංහල-බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන නොරැුවටී විධිමත්ව, විනයානුකූලව, බුද්ධිමත්ව, සංවිධානාත්මකව ආරම්භ කළ සිංහල-බෞද්ධ පුනුරුදය වෙනුවෙන් තව දුරටත් සෘජුව පෙනී සිටින ලෙස අප ඉතා  ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.

April 3, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92662/

උතුරු පළාත් සභා මැතිවරණය ගැන මතබේද… TNA දෙකඩ වේ

උතුරු පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය නිවේදනය කිරීමක් සඳහා එහි බලය ලබා ගැනීම විශේෂ උනන්දුවක් දක්වන දෙමළ සන්ධානය තුළ දැඩි බෙදීමක් ඇතිව ඇති බව දැනගන්නට ලැබේ.

සන්ධානය තුළ ඇති පක්ෂ 5කට සමාන වගකීම් පැවරීමෙන් එය වෙන ම දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට එහි පාර්ශ්වකරුවන් අතර විවිධ මත පළ වී තිබේ.

එය ලියාපදිංචි කිරීමට සන්ධානය තුළ වූ ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුතු ඉලංකෛයි තමිල් අරසු කච්චි පක්ෂය හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF) අතර මෙකී මත ගැටුම් හටගෙන තිබේ.

ඒ අනුව දෙමළ සන්ධානය තුළ වූ ප්ලොට්, ටෙලෝ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TOLF) හා EPRLF පක්ෂ වෙන ම එක්වීමටත් අවධානය යොමු ව ඇත.

කෙසේ නමුත් දෙමළ සන්ධානය දෙකඩ වීමේ වාසිය රජය වෙත යොමුවීම වැළැක්වීම සඳහා එම පක්ෂ කෙසේ හෝ එක්ව සිටීමේ අවශ්‍යතාව ද ඇතැමෙක් මතු කර ඇත.

April 2, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92619/

IPL ගහන්න ගිය ක‍්‍රීඩකයන්ට රාවණා බලයෙන් අනතුරු ඇඟවීම්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට එක්වීම රටට එරෙහිව ගත් තීරණයක් බව රාවණා බලය සංවිධානය පවසයි.

තමිල්නාඩු  විරෝධතා  මධ්‍යයේ ගත් මෙම තීරණය අනාගත මෙරට ක‍්‍රීඩකයන්ට ද වැරදි පූර්වාදර්ශයක් බව එහි මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පෙන්වා දෙති.

මෙම තීරණය හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට අත්පොළසන් දුන් ජනතාවම ඔවුනට එරෙහිව වීදි බසිනු ඇතැයිද පවසන සද්ධාතිස්ස හිමියන් මුදලට වඩා මවුබිම වටිනා බව එම ක‍්‍රීඩකයන් තරයේ සිහි තබා ගත යුතු බවද කියා සිටිති.

April 1, 2013 at 4:01 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92555/

පන්සල්, පල්ලි ආරක්ෂක අංශ එක්වී ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇතිවීම වළකමු - අභයතිස්ස හිමි

රටේ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා විහාරස්ථාන පල්ලි හා ආරක්ෂක අංශ එක්වී ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පැපිලියාන සුනේත‍්‍රාදේවි පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

ආගම්වාදයක් හෝ ජාතිවාදයක් රටේ ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි රජයේ හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව පැවැසුවේ සුනේත‍්‍රාදේවි පිරිවනේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉතා පරෙස්සමෙන් ජාතික වගකීමක් ඉටුකරන බොදු බල සේනා සංවිධානය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් යම් යම් පිරිස් රටේ ආගම්වාදයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබෙන බව ද උන්වහන්සේ පැවැසූහ.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ ද කීය.

‘‘තිස් වසරක යුද්ධයෙන් මිදුණු ශ‍්‍රී ලංකාවේ ඇති සම්පත් සූරාකන්න, දේශපාලන වශයෙන් බෙදීමට නො හැකි වූ රට ජාති ආගම් ලෙස බෙදා වෙන් කරන්නට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් උත්සාහ කරන බව පෙනෙනවා. එවැනි තත්ත්වයක රටේ ආගම්වාදී ගැටුමක් ඇතිවුණොත් එය ඒ කුමන්ත‍්‍රණකරුවන්ට සහාය දැක්වීමක් වෙනවා. එයින් රටේ සාමයත් නැති වී යාවි. තමිල්නාඩුවේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ප‍්‍රහාර එල්ල කර උත්සාහ කරන්නේත් අපේ ජනතාව කුපිත කර රට තුළ ගැටුම ඇති කරවීමටයි.

සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් මේ රටේ ජීවත්වන ජනතාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන් කවුරුත් එක සමාන බවයි. ජිනීවා සහය දුන්නා. දැන්ම අරගලයක් ඇතිවීම වළක්වා නො ගත්තොත් අපි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට සහාය දුන්නා වෙනවා.”

March 31, 2013 at 12:35 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92534/

ගෝඨාභය සහභාගි වීමෙන් බොදු බල සේනා උද්යෝගිමත් වෙලා - හකීම්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මගින් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට එවැනි සංවිධානවලට රුකුල් දීමක් සිදු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි.

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් ඒ බව කියාසිටියේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමිනි.

බොදු බල සේනා සංවිධානය විසින් ගෙනයමින් තිබෙන ජනතාව අතර “වෛරය, ක්‍රෝධය පැතිරවීමේ” ව්‍යාපාරය පිළිබඳව ආණ්ඩුව ඉක්මන් පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය පළ වීමට ඉඩ තිබෙන බවට ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා අනතුරු අඟවයි.

බොදු බල සේනා වැනි සංවිධාන මගින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල කැඳවන මෙන් තමන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය හකීම් කියා සිටියේය.

සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත්, එය ප්‍රමාණවත් නොවන බව සිය මතය බව, අධිකරණ අමාත්‍යවරයා පවසයි.

- BBC

March 31, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92523/

භික්ෂූන් වහන්සේලා දෙනමට පහරදීම ගැන තමිල්නාඩුවේ 7කට නඩු

ඉන්දියාවේ තමිල්නාඩුහි දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් දෙනමකට පහරදීම සම්බන්ධ ව පුද්ගලයන් හත් දෙනෙකුට විරුද්ධ ව එරට අපරාධ නීතිය යටතේ නඩු දමා ඇති බව පැවසෙයි.

චෙන්නායි නුවර සිදු වූ ප‍්‍රහාරය සම්බන්ධ ව පුද්ගලයන් තිදෙනෙකු ද, කන්ජාඋර් සිද්ධිය සම්බන්ධ ව පුද්ගලයන් 4 දෙනෙකු ද, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් 7 දෙනාට අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇති බව චෙන්නායි නුවර සිටින ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් අමීර් අස්වාඩි මහතා පැවැසීය.

තමිල්නාඩුව තුළ තවදුරටත් ශ‍්‍රී ලංකාවට එරෙහි විරෝධතා සංවිධානය වෙමින් පවතින බැවින් එම ප‍්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔහු ශ‍්‍රී ලාංකිකයන්ට දැන්වීය.

බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධ ව සියලූ කරුණු ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජයට මතු කළ බව ද ඔහු පැවසීය.

March 29, 2013 at 9:50 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92472/

සබැඳි ලිපි
[

ඉන්දියාවේ දී මුහුණ දෙන හිරිහැර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධය!
http://denethharinna.blogspot.com/2013/03/blog-post_3238.html
තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක්‌ එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.html
මෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
මැරුවත් සිවුර ඉවත් නොකල නිසා සාසනය වෙනුවෙන් මම ගුටි කෑවාhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_7255.htmlචීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

කොටින්නට උදවු කල සියල්ලන් හෙළි කරනවා - කරුණා

ප්‍රභාකරන්ට උදව් කළ රටවල් සහ දේශපාලනඥයන් ගැන තමා මුළුමනින්ම හෙළි කරන බව නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුණා) පවසයි.

යුද අපරාධ සම්බන්ධව ‘කරුණා’ ගැන ද විමර්ශන ආරම්භ කළ යුතු යෑයි හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ආසියා අධ්‍යක්‍ෂ බ්‍රැඩ්ලි ඇඩම්ස්‌ කළ ප්‍රකාශය සම්බන්ධව කරුණා එලෙස කියා සිටී.

“කොටින්ට උදව් කළ පාර්ශ්වයන් ගැන දන්නා එකම පුද්ගලයා මමයි. නෝර්වේ ස්‌විට්‌සර්ලන්තය, තායිලන්තය ඇතුළු රටවල් ගණනක මා සංචාරය කළා. ආයුධ වර්ග 409 ක ලැයිස්‌තුවක්‌ බැංකොක්‌ හෝටලයකදී අයිසර් කියන කොටි ආයුධ ප්‍රධානියාට භාර දෙන ලෙස ප්‍රභාකරන් භාර දුන්නේ මටයි. මා නෝර්වේහි ආයුධ සමාගම්වලටත් ගියා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය. වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා යෑයි මා රාජ්‍ය නොවන සංවිධානවලට කියනවා. රාජ්‍ය නොවන සංවිධානත් කොටි සංවිධානයට උදව් කළා යෑයි ඔහු පැවැසීය.

ප්‍රභාකරන්ට වෙඩි නොවදින ප්‍රාඩෝ වාහනයක්‌ පවා සපයා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ යෑයි ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

- Divaina
March 30, 2013 at 8:03 am | lanka C news

මේක රටේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්ණයක්. IPL වර්ජනය කල යුතුයි - අර්ජුන

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමිල්නාඩුවෙහි පැවැත්වෙන තරගවලට හැර ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයින් යැවීමට තීරණය කර තිබීමෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා පිළිගැනීමක් සිදුවන බව හිටපු ක්‍රිකට් නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්,ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි යන අය තමිල්නාඩුවෙහි පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගිකරවා නොගත යුතු බව අවධාරණය කර තිබිණි.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තමිල්නාඩුවේ පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගිකරවා නොගැනීමට තීරණය කරන ලදී.

කෙසේ වෙතත් තමිල්නාඩු නායකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගිවීම සම්බන්ධයෙන් විරෝධය පාන ලද්දේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට හා මෙරට යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමිනි.
එබැවින් තමිල්නාඩුවේ හැර සෙසු ප්‍රාන්තවල තරග සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය හා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කිරීමෙන් තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකා රජය වෙත එල්ල කරනු ලබන චෝදනා සනාථ කිරීමක් සිදුවන බව අර්ජුන රණතුංග මහතා පෙන්වාදෙයි.

එබැවින් ශ්‍රී ලංකාව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග වර්ජනය කළ යුතු බව අර්ජුන රණතුංග මහතා පී.ටී.අයි පුවත් සේවයට සඳහන් කර ඇත.

එහිදී මාධ්‍යවේදියකු විමසා ඇත්තේ පෙරතුව සිටම ප්‍රීමියර් ලීග් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී නොවිය යුතු බව තරයේ ඇදහූ රණතුංග මහතාටත් මිලියන ගණනින් මුදල් ලැබුණේ නම් එය ප්‍රතික්ෂේප කරනු ඇතිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පවසා ඇත්තේ ඩොලර් මිලියන 10 ක් ලැබුණත් තමන් එය නොතකා හරින බව හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සලකන ස්වරූපය පිළිබඳ තමන් සෑහීමට පත් ‍නොවන බවයි.

“මෙය දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ ආත්මාභිමානය පිළිබඳ කාරණයක්” අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Adaderana
March 28, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%B4%E2%80%8D/

බුදු දහමට නිගරු ගල ෆේරියෙල් අෂ්රොෆ් තානාපති සේවයෙන් පන්නන්න - ඥානසාර හිමි

බුදුදහමට හා සිංහල ජාතියට නිගරු වන පරිදි ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපතිවරිය ලෙස සේවයේ නියුතු හිටපු ඇමැති ෆේරියෙල් අෂ්රොෆ් මහත්මිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇය වහා ම ලංකාවට ගෙන්විය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

අෂ්රොෆ් මහත්මිය ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ගෞරවය, අභිමානය, සංස්කෘතිය, ලෝකයට කියා පෑමේ වගකීම හරි හැටි ඉටුකොට නැති බවට ඥානසාර හිමියෝ චෝදනා කරති. උන්වහන්සේ පවසන පරිදි තානාපතිවරිය බුදුදහමට හා සිංහල ජාතිකත්වයට නිගරු වන ක‍්‍රියාවන් තුනක් සිදු කර ඇත.

සිංගප්පූරවේ ශ‍්‍රී ලංකා නිදහස් දින උතසවයේ දී ‘‘මේ සිංහල අපගෙ රටයි’’ හා ‘‘මගේ දේශය – මගේ ජාතිය’’ යන ගීත දෙක විකාශය කිරීම අත්හිටුවීමට නියෝග දීම ඉන් එකකි. එළඹෙන සිංහල අලූත් අවුරුද්ද ශ‍්‍රී ලංකා අලූත් අවුරුද්ද ලෙස නම් කිරීමටත්, වෙසක්, පොසොන් සමයේ දී බෞද්ධ කොඩි එසවීම තහනම් කිරීමටත් අෂ්රොෆ් මහත්මිය කටයුතු කර ඇතැයි ඥානසාර හිමියෝ අනාවරණය කරති.

March 28, 2013 at 10:14 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92422/

මුස්ලිම් රටවල් ජනපති ගැන තබා ඇති විශ්වාසය මකන්න කිසි ම ජගතකුට බෑ - මෂුර් මවුලානා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන මැද පෙරදිග මුස්ලිම් රටවල් තබා ඇති විශ්වාසය පළුදු කිරීමට මොනම ජගතකුටවත් නො හැකි යැයි ජාත්‍යන්තර මුස්ලිම් තරුණ සංවිධානයේ සභාපති මෂුර් මවුලානා මහතා පවසයි.

මැදපෙරදිග මුස්ලිම් රටවල් ශ‍්‍රී ලංකාව සලකන්නේ අතිසයින් ම මිත‍්‍රශීලී රටක් හැටියට යැයි කී මවුලානා මහතා කවුරු කෙණහිලිකම් කළත් මෙරටට ඉදිරියටත් උදවු කරන බව ඒ රාජ්‍ය නියෝජිතයන් තමා සමඟ පැවසුවේ යැයි ද සඳහන් කරයි.

මුස්ලිම් ජනතාව මෙරටේ බහුතර ජනතාවට ගරු කළ යුතු යැයි ද ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් මෂුර් මවුලානා මහතා නිකුත් කළ නිවේදනයක මෙසේ ද සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ බිහිසුණු යුද්ධය වීරෝදාර අයුරින් අවසන් කළ ආකාරය සහ ඊට ලබාදුන් දේශපාලන නායකත්වය ගැන මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයන් සහ ඒ රටවල ජනතාව තුළ ඇත්තේ විශාල ගෞරවයක්. මැද පෙරදිග රටවල් ශ‍්‍රී ලංකාවට උදවු කිරීමට ඉදිරිපත් ව සිටින්නේ මේ අසීමිත ගෞරවය නිසයි. මැදපෙරදිග රටවල් අප රට කෙරෙහි දක්වන ගෞරවය පළුදු කර නො ගැනීමට අප කාටත් වගකීමක් තිබෙන බව ද මා මෙහි දී පෙන්වා දෙනවා.

මුස්ලිම් හා සිංහල ජනතාව වසර 800කට වැඩි කාලයක් තිස්සේ දැඩි සමගියෙන් ජීවත් වුණු ජන කොට්ඨාස දෙකක්, ඒ සමඟිය අදටත් එලෙසමයි. මේ සමගිය දරාගැනීමට නො හැකි වුණු සමහරුන් එය විනාශ කිරීමට විවිධ කුමන්ත‍්‍රණ සිදු කරනවා. මේ කුමන්ත‍්‍රණකරුවන්ට හසු වී ගැටුම් ඇති කර ගැනීම නුවණට හුරු නො වෙයි. ප‍්‍රශ්නයක් තිබේ නම් ඒවා සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගැනීම හොඳ ම ක‍්‍රියාමාර්ගය යි.

March 28, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92416/

උතුරේ ඊළමක් වෙනුවෙන් තමිල්නාඩුවේ ජනමත විචාරණයක්

දෙමළ ජාතිකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව තුල ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉල්ලීමක් කරයි.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සහ ශ‍්‍රී ලංකාවේ සිට විවිධ රටවල් වෙත ගොස් සිටින දෙමළ ජනතාවගේ සහභාගිත්වයෙන් අදාළ ජනමත විචාරණය පැවැත්විය යුතු බව තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේදී ඇය කියා සිටියාය.

දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යය ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවිය යුතු බවත් ජනමත විචාරණයෙන් ලැබෙන ප‍්‍රතිඵලවලට අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සම්මත කරගත යුතු බවත් ඇය සඳහන් කළාය.

March 28, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92414/

උතුරු පළාත් සභාව පිහිටුවන ගැසට් නිවේදනයට සූදානම්


උතුරු පළාත් සභා ඡන්දය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බැවින්, උතුරු පළාත් සභාව පිහිටුවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන ජූනි මාසයේ දී නිකුත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවයිනේ අනෙකුත් පළාත් සභා අට ම ක‍්‍රියාත්මක වුව ද, උතුරු පළාත් සභාව දැනට ක‍්‍රියාත්මක නො වන බැවින්, උතුරේ පරිපාලන කටයුතු ආණ්ඩුකාරවරයෙකු යටතේ සිදු කෙරේ.

උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීමට නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 අ (1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් පළාත් සභාව පිහිටුවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබිය යුතු ය.

1987 දී හඳුන්වා දෙනු ලැබූ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන යටතේ පළාත් සභා අටක් පිහිටුවනු ලැබූ අතර, උතුරු නැගෙනහිර එක් පළාත් සභාවක් වශයෙන් පත්විය.

වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙන ම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් පත්කරමින්, ඊළාම් ධජය එසවීම හේතුවෙන්, එවකට ජනාධිපතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් 1990 මාර්තු මාසයේ දී උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබී ය.

එතැන් සිට උතුරු නැගෙනහිර පරිපාලනය ආණ්ඩුකාරවරයෙකු යටතට පත් කෙරුණු අතර, 2006 වසරේ දී, දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත 2007 ජනවාරි මස 1 වැනිදා සිට උතුරු හා නැගෙනහිර වශයෙන් පළාත් සභා දෙකක් බවට ප‍්‍රකාශයට පත් කෙරිණි.

නැගෙනහිර පළාත් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු ව 2008 වසරේ අපේ‍්‍රල් මස 10 වැනි දා නැගෙනහිර පළාත් සභා ඡන්දය පැවැත්වූ අතර, එම ඡුන්දයට මාස තුනකට පමණ පෙර නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලදී.

March 27, 2013 at 5:44 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92405/

සිංහල බෞද්ධයන්ට ගුණමකු නොවන්න - JHU

සිංහල බෞද්ධ ජනතාවට ගුණමකු නොවන ලෙස ජාතික හෙළ උරුමය මුස්ලිම් සහෝදරත්වයෙන් ඉල්ලා සිටී.

එම පක්‍ෂ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

මුස්ලිම් ජනතාවට සිදුවනවා යැයි කියන ඊනියා හිරිහැර වලට විරෝධය පල කිරීම සදහා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මුජුබර් රහුමන් මූලිකත්වයෙන් මුස්ලිම් සහයෝගීතා සංවිධානය දියත් කරන ලද හර්තාලයට බහුතර මුස්ලිම් ජනතාව සහය පල කර නැති බව පෙනී යයි. මුස්ලිම් අන්තවාදියෙකු හා ජාතිවාදියෙකු වන මුජුබර් රහුමන්ගේ ඉල්ලීමට ඔහු සමග අත්වැල් බැදගෙන ඇත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදීන්ට යටත් වූ නගර කිහිපයකි. කාන්තක්කුඩි, කල්මුනේ, අක්කරපත්තුව, සමන්තුරේ, කින්යා, මූතූර් යන ප‍්‍රදේශවල කඩ සාප්පු වසා මුස්ලිම්වරු හර්තාලයට එක්වී ඇති බව දැනගන්නට ඇත. කොළඹ මාළිගාවත්තේ සිට සිංහල විරෝධී, බෞද්ධ විරෝධී හර්තාල් සදහා නියෝග දෙන මුස්ලිම් අන්තවාදීන්ට අනුකූලතාවය පල කර ඇත්තේ නැගෙනහිරට අරක්ගත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සහ ඔවුන්ගේ දේශපාලන කල්ලි බව මෙයින් පෙනී යයි.

කිසිදු පදනමක් නැති චෝදනා මුල් කර ගනිමින් දියත්කරනු ලැබූ මෙම හර්තාලය මුස්ලිම් ප‍්‍රජාව අතර මුස්ලිම් පේ‍්‍රමීන් හා වීරයන් වීම සදහා වඩ වඩාත් සිංහල බෞද්ධ විරෝධී වෙමින් කි‍්‍රයාකරන්නට පටන්ගෙන ඇත. ඒ තම පටු දේශපාලන උවනමනාව හා තම පංගුව බේරාගැනීම සදහා විය හැක. අප දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටියේ නැගෙනහිර ගිණිකොණ කලාපය මුස්ලිම් මූලධර්මවාදයට හා අන්තවාදයට ගොදුරුවෙමින් තිබෙන බවයි. මෙම ප‍්‍රදේශ පදනම් කරගෙන මුස්ලිම් නිජබිම් සංකල්පයද කරළියට පැමිණෙමින් තිබේ. හර්තාලය සාර්ථක වූ ප‍්‍රදේශවලින් කියා පාන්නේ එයයි. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර වලින් මුස්ලිම් ජනයා පළවා හරිද්දී පල්ලිවල මුස්ලිම් ජනයා ඝාතනය කරද්දී උතුරෙන් අනූදාහක් වූ මුස්ලිම්වරු පලවා හරිද්දී හර්තාල් විරෝධතා නොපැවැත්වූ අසාද්සාලිලා මුජුබර් රහුමන්ලා වැනි කාඞ්බෝඞ් වීරයින් එදා සිටියේ කොහේදැයි සිංහල ජනතාව නොව මුස්ලිම් ජනතාවම ඔවුන්ගෙන් විමසිය යුතුය. රාවුෆ් හකීම් ප‍්‍රභාකරන් සමග ගිවිසුම් ගසා මුස්ලිම්වරුන් පාවා දෙද්දී එයට විරෝධය පළකරන්නට, මුස්ලිම් අයිතිවාසිකම් ගැන කතා කරන්නට ඔය කාඞ්බෝඞ් වීරයින් ඉදිරියට ආවේද? මනිරාසකුලම් මුස්ලිම් ගම්මානය කොටි අල්ලා ගනිද්දී හකීම්ලා, අසාද්සාලිලා, මුජුබර් රහුමන්ලා සිටියේ කොහේද? එමෙන්ම නැගෙනහිර නිදහස් කරගත් 2008 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට හකීම්ලා ඇතුළු මුස්ලිම් අන්තවාදීන් දැරූ උත්සහය ජාතිය කිසිවිටක අමතක නොකරන බව මෙම අන්තවාදීන්ට මතක් කර දිය යුතුව ඇත.

කොටි ත‍්‍රස්තවාදයට විරෝධය පළ කිරීම සදහා එය පරාජය කිරීම සදහා අබ ඇටයකින්වත් සහය නොදුන් මේ කාඞ්බෝඞ් වීරයින්ට හා මුස්ලිම් අන්තවාදීන්ට කිව යුත්තේ 26,000ක් සිංහල තරුණයින් ජීවිත පූජාකර ත‍්‍රස්තවාදය පරදවා උදා කරගත් නිදහස, සාමය සුවසේ භුක්ති විදිමින් ඒ නිදහස තුළ හර්තාල් දියත් කරමින් සිටින මේ මුස්ලිම් අන්තවාදීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සිංහල බෞද්ධයින් අදිටන් කරගත යුතුය. මෙම මුස්ලිම් අන්තවාදීන්ගේ පට්ටපල් බොරුවලින් පිරි සාහසික ප‍්‍රකාශයන්ට හා කි‍්‍රයාවන්ට එරෙහිව පෙළ ගැසෙන ලෙස මධ්‍යස්ථ මුස්ලිම් සහෝදරත්වයෙන් ඉල්ලා සිටින අතර සිංහල බෞද්ධ ජනතාවට ගුණමකු නොවන ලෙසද අප ඉල්ලා සිටිමු.

March 27, 2013 at 4:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92404/

[
සබැඳි ලිපි -
හර්තාලය සාර්ථක නො වූයේ පොලිසිය බියවැද්දු නිසා – මුජිබර් රහුමන්http://denethharinna.blogspot.com/2013/04/blog-post.html
]

ඉන්දියානු දෙමළ 842,323ක් එක්ක කච්චතිව් දෙන්න – ලක් බල සේනා

තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට කච්චතිව් දුපත යලි ලබා ගැනීමේ දොළදුකක් ඇතිවී ඇත්නම් එය ආපසු ඉන්දියාවට ලබාදෙන ලෙසත් ඒ සදහා එකම එක කොන්දේසියක් පමණක් ඉන්දියානු රජයට ඉදිරිපත් කරන ලෙසත් ලක් බල සේනා සංවිධානයේ සභාපති වෛද්‍ය සුදත් ශ්‍රී මල්ලිකාරච්චි මහතා පවසයි.

එම කොන්දෙසිය නම් ලංකාවේ සිටින ඉන්දියානු දෙමළ 842,323 දෙනා ද නැවත රැගෙන යන ලෙසයි.

ඉන්දියානු රජය ඒ සදහා කැමතිනම් නොපමාව ඒ සදහා කටයුතු යොදන ලෙසත් තේ වතු වල සේවය සදහා දකුණු චීනයේ යුවාන් පළාතෙන් හෝ  වියට්නාමයෙන් හෝ ලාඕසයෙන්  බුදු දහම අදහන තරුණියන් මෙරටට ගෙන එන ලෙසත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.

March 27, 2013 at 3:20 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92401/

[
සබැඳි ලිපි -
‘කච්චතිවු ඉන්දියාවට පවරාගනු’ – ජයලලිතා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_2.html
]

හලාල් සහතිකය නිකුත් කිරීම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන්

ජ්‍යෙෂ්ඨ ආමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විසින් තීරණය කර ඇත්තේ හලාල් සහතික නිකුත් කිරීමේ කටයුත්ත මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ සිදුකළ යුතු බවයි.

මෙහිදී අදාළ සහතික නිකුත් කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයට බලය නොමැති බව තීරණය වී ඇති අතර මෙකී නිර්දේශ අඩංගු කෙටුම්පත් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදීමටද තීරණය වී ඇත.

හලාල් සහතිකය සහිත ආහාර ලබාගැනීම හා නො ගැනීමට කෙනෙකුට ඇති අයිතිය මෙහි දී පිළිගෙන ඇති අතර වෙළෙඳපොළ තුළ අදාළ දෙවර්ගයේ ම භාණ්ඩ පැවැතිය යුතු බව නිගමනය විය.

විශේෂයෙන් අපනයන වෙළෙඳ පොළ තුළට භාණ්ඩ යැවීමට හලාල් සහතිකය අත්‍යවශ්‍ය බව හා ඊට එම රජය යටතේ පවතින මුස්ලිම් ආගමික අමාත්‍යංශය කටයුතු කළ යුතු බව තීරණය වී ඇත.

March 27, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/92398/

‘කච්චතිවු ඉන්දියාවට පවරාගනු’ – ජයලලිතා

1974 දී ඉන්දීය මධ්‍යම රජය හා ශ‍්‍රී ලංකා රජය අතර, අත්සන් කළ කච්චතිවු ගිවිසුම අවලංගු කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත යුතු බව තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් පවසයි. එවකට අගමැති වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිවු ¥පතේ අයිතිය ශ‍්‍රී ලංකාවට හිමිවිය.

මෙම ගිවිසුම හේතුවෙන් ඉන්දීය ධීවරයන්ට ද ශ‍්‍රී ලංකාව තුළ කරන හිරිහැර වර්ධනය වන බවත්, වහා ම එම ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළ බවත්. ජයලලිතා සඳහන් කරයි. එසේ ම එවැනි ක‍්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු නො කළහොත් එයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවත් මහ ඇමතිනිය කියා සිටී.


March 27, 2013 at 1:46 pm | lanka C news

හර්තාලය සාර්ථක නො වූයේ පොලිසිය බියවැද්දු නිසා – මුජිබර් රහුමන්

මෙරට මුස්ලිම් ජනතාවට සිදු වෙන පීඩාවන්ට එරෙහිව සංවිධානය කළ දීපව්‍යාප්ත හර්තාලය කොළඹ අවට ප‍්‍රදේශවල සාර්ථන නො වුණේ එම ප‍්‍රදේශවල ජනතාව පොලිසිය විසින් බියවැද්දීම බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් අහුමන් මහතා ප‍්‍රකාශ කරයි.

කඩ වසා දමා හර්තාලයට සහාය දෙන ව්‍යාපාරිකයන්ට සදාකාලිකව සිය ව්‍යාපාර කරගෙන යා නො හැකි වනු ඇති බවට සෙනසුරාදා (23) හා ඉරිදා (24) දිනවල පොලිසිය තර්ජනය කර ඇති බවට හෙතෙම පැවැසීය.

විවිධ ගුවන්විදුලි නාළිකා ඇතුළු ජනමාධ්‍ය භාවිත කර මුස්ලිම් පූජකයන් ලවා හර්තාලයට සහභාගි නො වන ලෙස ජනතාවට පණිවුඩ නිකුත් කිරීම ද කොළඹ හා දකුණු පළාතේ හර්තාලය අසාර්ථක වීමට තවත් එක් හේතුවක් බව ඔහු පවසයි.

March 27, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92386/