Wednesday, May 25, 2016
Tuesday, May 24, 2016
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය බරපතළ ලෙස මැදිහත්වීම
ඊට අදාළ ජෝන් චිල්කොට් වාර්තාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.
එහෙත් බ්‍රිතාන්‍ය කොන්සවටිව් හා ලේබර් පක්ෂ දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ජන සංහාරයට ලක්වූ බව කියමින් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා සිටී.
එසේ වූනත් මේ තක්කඩි දේශපාලනඥයන් ප්රභාකරන් ප්රමුඛ කොටි සංවිධානය නිසා විපතට පත්වූ ජනතාව ගැන හඬක් නගන්නේ නැත.
පසුගිය මැයි 18 දා බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂ නියෝජ්‍ය සභාපති රොබට් හැල්පොන් ප්‍රකාශයක් කරමින් මුල්ලිවයික්කාල් ජන සංහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය අවශ්‍ය බව කීවේය.
දසදහස් ගණනක් ද්‍රවිඩයන්ගේ ජීවිත විනාශ වූ බවත් ද්‍රවිඩයන්ගේ හිමිකම් පිළිගෙන එම හිමිකම් ලබාදීමට ක්‍රියාකළ යුතු බවත් ඔහු තවදුරටත් පළ කළේය.
අනතුරුව ලේබර් පක්ෂයේ නායක ජෙරමි කොල්බින්ද ද්‍රවිඩයන්ට යුක්තිය මෙන්ම ස්වයං පාලනයද හිමිවිය යුතු බව කියා සිටියේය.
එම ආක්‍රමණයට එක්සත් ජාතීන්ගේ අනුමැති පවා ලැබී නොතිබිණි. එහෙත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස සිතමින් අගමැති ඩේවිඩ් කැමරන්ගේ සිට ජෙරමි කොල්බින් දක්වා දේශපාලනඥයන් හඬ නගති.
මේ දේශපාලඥයන් පිටුපස සිටින්නේ බ්‍රිතාන්‍ය ඊලම් ජාලයයි. ඒ බව සනාථ වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රිතාන්‍ය ඊලම්වාදීන් සමඟ එක්වූ ඡේම්ස් බැරී සහ බොබ් බ්ලැක්මන් නමැති මන්ත්‍රීවරු දෙදෙනා අගමැති කැමරන්ගේ කාර්යාලයෙන් පිටතදී ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නැගීමයි.
බ්‍රිතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම්වී ඇතත් කොටි ධජ ප්‍රදර්ශනය කිරීමට ලන්ඩන් පොලිසිය අවසරදී තිබිණි. මෙහිදී ප්‍රකාශයක් කළ ඡේම්ස් බැරි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා වගවීම සහ සංහිඳියාව ගැන දක්වා ඇති ප්‍රගතියක් නැතැයි කීවේය.
බොබ් බ්ලැක්මන් නැමැති මන්ත්‍රීවරයාද ඊට සම්බන්ධවෙමින් ශ්‍රී ලංකාව නිවැරදි වගවීමක් පෙන්නුම්කර නැතැයි පලකෙළ්ය.
ඉන් කියාසිටින්නේ මානව හිමිකම් උල්ලංඝණය කළවුන්ට දඬුවම් කර නැති බවයි.
එසේනම් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට බරපතළ ලෙස සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් නැමැති යුද අපරාධකාරිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය පියවරක් ගෙන තිබේද?
ඇයට නඩු පැවරිමක් හෝ දඬුවම්දීමක් සිදුවී ඇද්ද? කොටින්ට අවි ආයුධ ලබාගැනීමට මුදල් සැපයූ ටී. ආර්. ඕ. සංවිධානයේ ප්‍රධානි රෙජි පවා සිටින්නේ බ්‍රිතාන්‍යයේය. ටී. ආර්. ඕ සංවිධානයේ අර්ජුන එදිරිවීරසිංහම් නමැත්තාද බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියි.
මොවුන් කොටින්ට ආයුධ සැපයීමේ වරදට වගවී තිබේද?
මෙලෙස බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ හා කොන්සවට්ව්පක්ෂ දේශපාලනඥයන් ශ්‍රී ලංකාව අභූත චෝදනා නගද්දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මන්ද?
මෙයට වසර කීපයකට පෙර හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්‍රැන්සිස් හැරිසන් ග්රන්ථයක් ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් 147,000 ක් අතුරුදන්වී ඇති බව කියා සිටියාය.
එහෙත් ලන්ඩන් නුවර පසුගිය 18 දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති රැලියේදී අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 177,000 සිට 146,679 දක්වා අඩුවී තිබිණි. ඉන් කියා සිටින්නේ අතුරුදන්වූවන් 21 ක් සිටින බවද?
එසේ වුවත් බ්‍රිතාන්‍ය දේශපාලකයන් මෙරට කටයුතුවලට බරපතළ ලෙස මැදිහත්වන බව තහවුරුවී ඇත.
කොළඹ බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්ගේ ක්‍රියාකලාපයෙන්ද ඒ බව සනාථ වේ.
එසේ වූවත් අපේ විදේශ කටයුතු බලධාරීන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වන්නේ මන්දැයි මේ දක්වා විමසා නැත.
මෙය පුදුමයක් නොවේද? චැනල් ෆෝ රූපවාහිනියේ අධ්යක්ෂ කැලම් මැක්රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි වීඩියෝ පටය රජයේ විද්‍යුත් නාලිකාවල විකාශනය කරන්නැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.
මේ අන්දමට අල්කයිදා නායක බින්ලාඩන් ඝාතනය දැක්වෙන වීඩියෝ දර්ශන ඇමරිකානු රූපවාහිනි නාලිකාවල ප්‍රදර්ශනය සඳහා ඔබාමා පාලනය ඉඩදෙනු ඇතැයි සිතිය හැකිද?
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/05/24/feature02.html
ශ්‍රී ලංකාවට එරෙහි සැබෑ කුමන්ත්‍රණය
මේ රට හදන්නට නම්, පළමුවෙන්ම සාම්ප්‍රදායික දේශපාලන වැරදි පුරුදු, ක්‍රම සහ විධි, සිතුම් පැතුම්වලින් බැහැර වන්නට සිදු වෙනවා ඇත. එමෙන්ම අපගේ අනන්‍යතාවන් ආරක්ෂා කරගන්නට දේශීය සම්පත්වලින් උපරිම ඵල ලබන්නට, අපේකම්වලට ගැළපෙන සියලු දේ ආරක්ෂා කරගන්නට මෙන්ම යහපත් ඉලක්ක සහ අරමුණු ඉටුකර ගන්නට වගබලා ගත යුතු වනවා ඇත. එසේ නොමැතිව මෙතෙක් වගතුවක් නොවුණ දේශපාලන වැරදි පුරුදු ක්‍රම සහ විධි සිතුම් පැතුම් සහ සැබෑ නොවන සිහින තුළ රැඳී සිටීමෙන් සිදු වන්නේ දශක හයකට වැඩි කාලයක් එකතැන පල්වෙන්නට සිදුවූවා සේ තවදුරටත් සියල්ල විකෘති වී ඉතාමත්ම සංකීර්ණ මෙන්ම ව්‍යාකූල වූ තත්ත්වයකට මෙම රට පත්වීම පමණි. එපමණක් නොව ගෝලීය ආර්ථික සහ කලාපීය ආර්ථිකය කඩාවැටෙන කාලයක අප පමණක් කෙළින් සිටින්නේ කෙසේද? වැනි බොළඳ සහ මුසා බස් දොඩමින් ප්‍රශ්නවලින් මඟහැර යන්නට සහ නිදහසට කරුණු කියන්නට පෙළඹීමෙන් වැළකී සිටිය යුතු වනවා ඇත. ඒ මන්ද යත් මුළු ලෝකයටම හෝ කෙබඳු කලාපයකට හෙණහුරා ලබා තිබුණත් ඒ කිසිදු රටකට නැති සොබාදහමට කේන්ද්‍රගත පිහිටීමක්, විවිධාකාර වූ ස්වාභාවික ආපදා අනතුරු අවම වූ කාලගුණික දේශගුණික මෙන්ම දින 365 ම වැඩ කරන්නට හැකි යහපත් වටපිටාවක්, භූමි ප්‍රමාණයට සරිලන සම්පත් සහ ජනගහනයක් සතු, ගොඩනැඟෙන්නට (ස්වයංපෝෂිත වන්නට) ඉතාමත්ම පහසු දේශයක් අප සතු වන නිසාය.
එනිසා අප ජාතියක් ලෙස අලුතෙන් සිතන්නට අවශ්‍යය. නිර්මාණශීලී වන්නට අවශ්‍යය. අපට වැරදුණු බොහෝ තැන් ගැන අවබෝධ කරගන්නට අවශ්‍යය. ඒ අනුව නිවැරදි වන්නට වෙනස් වන්නට අවශ්‍යය. ඒ සඳහා යථාර්ථවාදීව සිතන්නට අවශ්‍යය. එනිසා දේශපාලනමය වශයෙන් මෙතෙක් අප ගත් තීන්දු තීරණ 99% ක්ම වැරදි බව තේරුම් ගත යුතුය. 1948 දී අපට නිදහස ලැබුණු දා සිට රටක් ජාතියක් ලෙස අපගේ අනන්යතාවන්ද රැකගෙන ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැඟෙන්නට අපට අවස්ථාව සහ වටපිටාව නිර්මාණය විය. එහෙත් අපට ආවේණිකව ගොඩනැඟෙන්නට තිබූ සියලු අවස්ථාවන් අප මඟහැර ඇත. අප සතු සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම අමතක කර ඇත. වවාගෙන කෑම අතහැර පහසුවෙන් ආනයනය කර කෑමට පුරුදුව ඇත. වවාගෙන කන්නට වුවද ගත් තීන්දු තීරණවල බොහෝ අඩුපාඩුකම් ඇතිවිය. එනිසා වැඩි වැඩියෙන් ණය වෙන්නට සහනාධාර මත යෑපෙන්නට පුරුදුව ඇත. එහෙත් මෙලෙස වැරදි පුරුදුවලට පෙලැඹෙන්නට හේතුව වූයේ මේ රටේ වෙසෙන අහිංසක සිවිල් ජනතාවගේ නොවුවමනාව, නිවටකම, දීනබව හෝ අලස බව නිසානම් නොවන බව පිළිගත යුතුය. ඒ සඳහා දේශපාලනඥයන්ට නිවැරදි දැක්මක් නොතිබූ බව සහ ඔවුන් විසින් ගත් වැරදි තීන්දු නිසා එසේ සිදු වූ බව පිළිගත යුතුය. එමෙන්ම සද්භාවයෙන් වුවද අපගේ දේශපාලනඥයන් මෙතෙක් ගත් සියලු දේශපාලන තීන්දු තීරණ ඉතාමත්ම සංකීර්ණ බරපතළ මෙන්ම වැරදි තීන්දු තීරණ බව යථාවබෝධ කරගත යුතුය. එනිසා රටක යහපැවැත්මට වැදගත් සාධකය වන ප්රජාතන්ත්රවාදය සහ සමාජවාදය කෙළෙසී ඇත. ඇති නැති පරතරය වැඩි වී ඇත. අසමතා සහ විෂමතා වැඩි වී ඇත. මානව හිමිකම් කඩ වී ඇත. අවිශ්වාසය අසහනය වැඩි වී විවිධ සමාජ ස්ථරයන් තුළ යුද වදින තරමටම අසමගිය වැඩි වී ඇත. වන සතුන් අතරවත් නොමැති තරම් ආත්මාර්ථකාමී තරගකාරිත්වයක් නිර්මාණය වී ඇත. එනිසාම ජාතියක් ලෙස සියලු අභියෝග අර්බුද සහ ගැටලු හමුවේ නිරුත්තර වන්නට සහ අසරණ වන්නට සිදු වී ඇත.
එහෙයින් රට ජාතිය වෙනුවෙන් අපගේ දේශපාලනඥයන් මෙතෙක් කළ කී දේ සහ නොකළ නොකී දේ ගැන ආපසු හැරී බැලිය යුතුව ඇත. ඔවුන් ඒ අනුව කළේ මොනවාද? කිසිදු අනාගත දැක්මක් නොමැතිව, ඉලක්කයක් අරමුණක් නොමැතිව, පරගැති සිතුම් පැතුම්වලට වහල්ව කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැඩි දියුණු කරනු පිණිස කෙටිකාලීන මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් විවිධාකාර දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කළේය. විවිධ යටිතල පහසුකම් වැඩි දියුණු කළේය. ඒ අතර ගල්ඔය මිනිපේ මහවැලි වැනි ව්‍යාපෘතිද, ගම්උදාව ඇඟලුම්හල්, මහ කොළඹ ආර්ථික වැනි ව්‍යාපෘතිද, ගුවන් තොටවල් නැව් තොටවල් අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති ද නිම කළේය. ඒ සඳහා විවිධ ණය සහ ආධාර ගත්තේය. හඳෙන් හෝ හාල් ගෙනැවිත් කන්න දෙන බව පැවසීය. ආශ්චර්යමත් රටක් ගොඩනඟන බව පැවසීය. එවැනි තවත් වහසිබස් කීවේය. එහෙත් ආපසු හැරී බලන කල අපට සිදු වූ යහපතක් නැත. එසේ ගත් ණය සඳහා පොලිය ගෙවීමට තරම්වත් රටේ ආදායම මදි වී ඇත. හත්මුතු පරම්පරාවකටවත් එම ණය ගෙවන්නට නොහැකි වී ඇත. ගත් ආධාර වෙනුවෙන් ගැතිකම් කරන්නට සහ ණයහිමියන් ඉදිරියේ හැම මොහොතකම දණින් වැටෙන්නට සහ උන්ගේ බෙර පදවලට අනුව නටන්නට සිදුව ඇත.
එසේ වන්නට හේතුව අන් කිසිවක් නොව ගනු ලැබූ ඔලමොට්ටල දේශපාලන තීන්දු තීරණවල වැරැද්දමය. එනිසා රටක් ජාතියක් ලෙස අභියෝග, අර්බුද සහ ගැටලු ඉදිරියේ අසරණ වී ඇත. කෝකටත් තෛලය බඳු වන ආර්ථික ශක්තිය අපට නැත. අනන්‍යතාවන් රැකගෙන එම අභියෝගය ජයගන්නට ද නොහැකි වී ඇත. එපමණක් නොව කෙසේ හෝ එය ජයගන්නට ද හැකියාවක් නැත. එයටද එක හේතුවක් ඇත. ඒ හේතුව කුමක්ද යන්න අපගේ දේශපාලනඥයන් හඳුනාගෙන නැත. අපේ කමට අනුව ජීවත් වන්නට වැඩි දියුණු වන්නට සරල සහ සෘජු ක්‍රම සහ විධි ඔවුන් විසින් හඳුනාගෙන නැත. අපට රත්‍රං ආකර සහ ඉන්ධන නිධි නැත. අපට ඇත්තේ කෘෂිකර්මාන්තයට ආවේණික භූමියක් සහ පරිසරයක් පමණි. එහි වපසරිය සහ රැකියා වෙළෙඳපොළ විශාලය. ඒ ආශ්රිත කර්මාන්ත බිහි වූ කල එය අති විශාලය. ඕනෑම රටක රාජයක හෝ සමාජයක වෙසෙන මිනිසුන්ට ජීවත්වන්නට රැකියාවක් අත්‍යවශ්‍යමය. එනිසා සැවොම රැකියාවක් කළ යුතුය. ඒ සඳහා අවස්ථාව තිබිය යුතුය. කිසිවෙකුත් නිකමෙකු ලෙස ජීවත් නොවිය යුතුය. සමාජයට සාධාරණයක් සිදුවන්නේද එලෙසින්මය. එනිසා එම රැකියාව ද තම හැකියාවට සහ සුදුසුකමට ගැළපෙන සහ එතුළින් තෘප්තියට පත්විය හැකි රැකියාවක්ම විය යුතුය. දේශීය කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත තුළින් එම රැකියා ඉල්ලුම් සම්පූර්ණ කිරීම කිසිසේත් අපහසු නැත.
රැකියාවක් තුළින් එම තෘප්තිය ලැබෙන්නට හොඳම සාධකය වන්නේ ඒ සඳහා හොඳ වටිනාකමක් ලබාදීම පමණි. එනිසා එදා මෙදා තුර ගනු ලැබූ ඔලමොට්ටල දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජාතික ඵලදායීතාව නමැති කොඳුනාරටිය සිඳී බිඳී ගොස් ඇති බව පැහැදිලිය. අද පොල්වතු කම්කරුවෙකුට ගෙවන දෛනික වැටුප කීයද, තේ වතු කම්කරුවෙකුට ගෙවන වැටුප කීයද, ගොවියකුගේ වී කිලෝ එකකට ලැබෙන වටිනාකම කීයද, කිරි ගොවියකුගේ කිරි ලීටරයට ලැබෙන මිල කීයද, අල බතල එළවළු ධාන්‍ය හෝ වෙනත් කෘෂි නිෂ්පාදනයකට ලැබෙන මිල කීයද, කෙටියෙන් කියනවා නම් දහදිය බිඳුව කොතරම් අවතක්සේරු වෙලාද, එය තීරණය විය යුතු වන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුවද, හාම්පුතුන්ගේ වුවමනා එපාකම් අනුවද, නිකමුන්ගේ මනදොළ පිනවීම පිණිසද, එසේත් නැත්නම් වෘත්තීය සමිතිකාරයන්ගේ වුවමනා එපාකම් අනුවද, එසේත් නැත්නම් එය සිදු විය යුතු වන්නේ එම රැකියාලාභියාගේ මූලික අවශ්‍යතාවන් පමණක් නොව ලියලන සාධාරණ වුවමනා එපාකම් පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් වන පරිදි නොවේද?
එනිසා මේ රට ගොඩනඟන්නට නම්, සේවා අංශ පුළුල් නොකර, අම්මාවරු දූවරු සහ ජවසම්පන්න තරුණ ශ්‍රමය රැකියා සඳහා අපනයනය නොකර, දේශීය වශයෙන් විරැකියාව ජයගන්නටම සිදුවනවා ඇත. එසේ නොමැතිව ආර්ථිකය කඩාවැටීම, මානව හිමිකම් කඩවීම, සමාජ අරගල නිර්මාණය වීම, බාහිර බලපෑම් එල්ල වීම, වැනි බරපතළ අභියෝග ජයගන්නටද, තැනින් තැන දිනෙන් දින හතු පිපෙන්නා සේ හට ගැනෙන අර්බුද සහ ගැටලු නිරාකරණය කරගන්නට ද නොහැකි වනවා ඇත. එනිසා රට ඉදිරියේ ඇති පළමු අභියෝගය වන විරැකියාව ජය ගන්නට නම් ශ්‍රම බලකායෙන් 99% ක් රැකියා නියුක්තිකයන් බවට පත්විය යුතුය. එම බළකායෙන් 80% කට වැඩියෙන් ශ්‍රමය වගුරන්නන් බවට පත්විය යුතුය. එය කැමැත්තෙන් සිදුවිය යුතුය. එය කැමැත්තෙන් සිදුවන්නට නම් ඒ සඳහා හොඳ වටිනාකමක් ලබාදිය යුතුය. හොඳ මිලක් ලබාදිය යුතුය. ඒ සඳහා වටපිටාව සකස් කළ යුතුය. එහෙත් කවදාවත් දේශපාලනඥයන් ඒ ගැන කතාකර නැත. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැත.
එනිසා සැකහැර එලෙස අපි වෙනස් විය යුතුමය. නැතහොත් මේ රට ගොඩනොනැඟෙන බව සක්සුදක් සේ පැහැදිලිය. මේ රටේ වැඩකරන මිනිසුන්ගේ අතට වැඩියෙන් මුදල් යනවාය කියන එකේ තේරුම මිනිසුන් තවත් වැඩි වැඩියෙන් වැඩ කරනවාය යන්නය. මිනිසුන් වැඩි වැඩියෙන් වැඩකරනවාය යන්නෙහි තේරුම ජාතික ඵලදායිතාව වැඩි වීමය. ජාතික ඵලදායිතාව වැඩි වීමෙන් සිදුවන්නේ අප ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීම පමණක් නොව ණයට නොකන ජාතියක් බවට පත්වීම, වැඩි වැඩියෙන් ආනයනය නොකරන ජාතියක් බවට පත්වීම, මෙතෙක් ගෙන ඇති ණය සඳහා පොලිය පමණක් නොව වාරික ගෙවීමටද වටපිටාව සකස් කර ගැනීමය.
එනිසා කම්කරුවකුට දෛනිකව රු. 2000 වැනි මුදලක් ගෙවීම වී කිලෝ එකකට, කිරි ලීටරයකට රු. 100 ක් පමණ නිගමනය කිරීම, ආදී වශයෙන් සියලුම අංශ සහ ක්ෂේත්රයන් ආවරණය වන පරිදි දේශීය නිපැයුම් සඳහා වැඩි වටිනාකම් නිගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වනු ඇත. එවිට විවිධ පැතිකඩ ඔස්සේ සියලුම පාරිභෝගිකයන් නිෂ්පාදන කාර්යයෙහි දායකත්වයක් උසුලන හෙයින් ඔවුන්ට ද වැඩි වටිනාකමක් ලැබෙන හෙයින්ද, පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යැමේදී එය දරා ගැනීමේ හැකියාව පිළිබඳ ගැටලුද මතු නොවනු ඇත. එනිසා එවන් තීන්දු තීරණ ගන්නට නොහැකිද, එය තවත් ව්‍යසනයක්ද, ආදී වශයෙන් අපගේ අමනෝඥ දේශපාලනඥයන්ට පෙනෙනවා නම්, දැනෙනවා නම්, හැඟෙනවා නම් හෝ අවිනිශ්චිත නම්, රත්‍රං හෝ ඉන්ධන වැනි සම්පත් නැති, හරිහමන් භූමි පිහිටීමක් නැති, අවුරුද්දෙන් 3/4 ට වඩා වැඩකරන්නට වටපිටාවක් නැති, ස්වාභාවික විපත් සහ ආපදාවලින් ලොව තුළ වැඩියෙන්ම බැටකන, සංවර්ධනයේ හිණිපෙත්තටම ළඟාවුණ, දශක හයක් තුළ ආර්ථික උද්ධමනය බිංදුවට ආසන්නව පවත්වාගෙන එන, ජපානය දෙස හැරී බලන්නට ඒ පිළිබඳ අධ්‍යයනය කර බලන්නට අපගේ දේශපාලනඥයන්ට සිදු වනවා. ඇත. ජපන් ජාතිකයන් දශක හයකට පෙර වැඩකරන ජනතාවට මුල්තැන හිමිකර දීම, වැඩි වටිනාකමක් ලබාදීම හේතුවෙන් රටක් ජාතියක් ලෙස ස්වාභාවික විපත් සහ ආපදා හැරෙන්නට සියලු අභියෝග ජයගෙන අනෙකුත් අර්බුද සහ ගැටලු නිරාකරණය කරගෙන ඇති බවත් ඉදිරියේදී එම තත්ත්වයන් යහතින් පවත්වාගෙන යන බවත් පැහැදිලි කරගන්නට හැකි වනවා ඇත.
මේ රටේ ගුවන් තොටවල් නැව් තටාකාංගන ක්‍රීඩාපිටි අධිවේගී මාර්ග ආදිය ප්‍රමාණයටත් වඩා වැඩිය. යටිතල පහසුකම් අනුව වැඩිකළ යුතුව ඇත්තේ සැමට විදුලිය ජලය සහ කුඩා පාරවල් ටික පිළිසකර දීම පමණි. ඒ හැරෙන්නට මේ රට ගොඩනඟනු පිණිස තවදුරටත් කරන්නට ඉතිරිව ඇත්aතේ වැඩකරන මිනිසුන්ගේ ශ්‍රමය දහදිය බිඳුව සහ නිපැයුම අගැයීම පමණි. එය ආයාසයකින් තොරව පහසුවෙන් කළ හැකි දෙයකි.
ලංකාවේ දේශපාලනඥයන් තවදුරටත් කළ යුත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කටමැත නොදොඩවා රට ආපස්සට ගෙන යන සැබෑ කුමන්ත්‍රණ හඳුනාගෙන ඒවා ජය ගැනීමය.
බී. එම්. එස්. බාලසූරිය
http://www.divaina.com/2016/05/24/feature01.html
Monday, May 23, 2016
වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට ඊයේ (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව ඊයේ (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
අත් අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.
http://www.colombotoday.com/44485548455995-2/
සබැඳි ලිපි -
[
විපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියති
http://denethharinna.blogspot.com/2016/05/3.html
මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_32.html
මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි
http://denethharinna.blogspot.com/2016/05/blog-post_22.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/.../02/blog-post_9237.html
මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.html
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
කිසිවිටකත් සිංහලයා ජාතිවාදියෙකු නොවේ! ජාතිආලය, දේශප්‍රේමය සහ සැබෑ ජාතිවාදයේ වෙනස හඳුනා ගනිමු!

Photo Courtsey
සබැඳි ලිපි -
[
විපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියති
http://denethharinna.blogspot.com/2016/05/3.html
මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_32.html
මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි
http://denethharinna.blogspot.com/2016/05/blog-post_22.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/.../02/blog-post_9237.html
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
සබැඳි ලිපි 2 -
[
මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.htmlජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.htmlTNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.htmlයළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.htmlදකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]
සිංහලයා උතුම් ජාතියක්! දකුණේ හින්දු කෝවිල් වලට බෞද්ධයා කිසි දිනක එරෙහිවී නෑ. TNA බෞද්ධ විරෝධය ජාතිවාදයක්! - හින්දු සම්මේලනය
සමහර මන්ත්‍රීවරු විසින් දෙමල ජනතාව අවුස්සා විරෝධතා ගොඩ නගන බවට චෝදනා කර සිටින අරුනකාන්තන් මහතා උතුරු නැගෙනහිර බහුතර දෙමළ ජනතාවක් සිටින බැවින් බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම නොකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය සිදු කරන ප්‍රකාශ පදනමක් නොමැති බවත් අවුරුදු දහසකට ඉහතදී දෙමල බෞද්ධයන් උතුරු නැගනහිර සිටි බව පෙන්වා දෙයි.
දකුණේ හින්දු කෝවිල් ඉදිකිරීමට බෞද්ධයා කිසි දිනක එරෙහිවී නොමැති වීම, සිංහල ජාතිය ලොවෙන් උතුම් ජාතියක් වීම නිසාවෙන් බව ප්‍රකාශ කර සිටින ඒ මහතා TNA බෞද්ධ විරෝදී ප්‍රතිපත්තියට තමන් එකග නොවන අතරම ජාතිවාදය ඇවිස්සීම නවතා දමන ලෙස ඉල්ලා සිටියි.
http://www.colombotoday.com/6565665-2/
Pic Source
සබැඳි ලිපි -
[
මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?http://denethharinna.blogspot.com/2016/05/blog-post_60.htmlනාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.htmlජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.htmlTNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.htmlයළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.htmlදකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]
සබැඳි ලිපි 2 -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.htmlසිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
මුසලු හින්දු ආගමික දිනවල අරලියගහ මැදුරේ වතාවත් බොදු තෙමඟුල් දින නැත්තේ ඇයි? නරපාලයකයන් බොදුනුවන්ට මෙතරම් වෛර කරන්නේ ඇයි?
සුළු ජාතිකයන්ගේ අන්‍ය ආගමිකයන්ගේ සියළු උත්සව මහ ඉහලින් සමරන මේ නරපාලක යමපාලකයන් බොදුනුවන්ගේ අත්‍යන්ත ගෞරවයට ලක්වන බොදු තෙමඟුල් වෙසක් උත්සවයේ කිසිඳු ආගමික වැඩසටහනක් අරලිය ගහ මැඳුරේ ඉටු නොකිරීමට වග බලාගත්හ. ඒ වෙනුවට ඉන්දුයානු බ්‍රාහ්මණයෙකුගේ දේශණයක් සංවිධානය කර තිබුණි.මුසලු හින්දු ආගමික දිනවල අරලියගහ මැදුරේ කරන වතාවත් බොදු තෙමඟුල් දින නැත්තේ ඇයි? මේ නරපාලයකයන් බොදුනුවන්ට මෙතරම් වෛර කරන්නේ ඇයි?
මේ පිළිබඳව දෙනෙත් හරින්න අපේ කණ්ඩායමේ බලවත් කනස්සල්ල මේ ජහපාලකන්ට මෙසේ පළකර සිටිමු!
පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි
ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යත්මික නායකයෙකු වන රවි ශංකර් තුමා විසින් පැවැත්වූ විශේෂ පූජාවක් අරලියගහ මැදුරේදී පැවැතිවිණි.
එයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එම එහත්මිය, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය.
පසුගිය රජය සමයේදී සැම පොහොය දිනකදීම අරලියගහ මැදුරේදී පැවති පෝදා වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇති බැවින් දැන් නොපැවැත්වෙයි. අනෙකුත් ආගමික උත්සවවලට සමගාමීව අරලියගහ මැදුරේදී විශේෂ වැඩසටහන් සංවිධානය කළද මෙවර වෙසක් පොහොය වෙනුවෙන්ද කිසිදු වැඩසටහනක් එහි සංවිධානය කර නොමැත.
මේ අතර දිවයිනේ සංචාරයක නිරතව සිටින රවිශංකර් පූජකතුමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර නුවරඑළිය, සීතාඑළියේ පිහිටි අම්මාන් කෝවිලේ විශේෂ ආගමික පූජාවකටද සහභාගී විය.
http://www.colombotoday.com/59522326998712-2/
ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි!
දිවයිනේ සංචාරයක නිරත වී සිටින ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන ශ්‍රී රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවුණා. ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.
ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවූ ඔහු විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කර තිබෙනවා.
ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන රවිශංකර් යුද්ධය පැවති සමයේ ත්රස්තවාදයට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයෙකු ලෙසද ප්රකටයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් රවිශංකර් විසින් පැවැත්වූ දේශනයක් අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබුණා.
කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ සෑම පෝය දිනකම පැවැත්වූ බෞද්ධ ආගමික වැඩසටහන නවතා දමා ඇති පසුබිමක ඉන්දීය ආගමික දේශකයෙකු ගෙන්වා අරලියගහ මැදුරේ පූජා පැවැත්වීම සම්බන්දයෙන් අගමැතිවරයාට දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.
වෙනත් ආගමික උත්සවලට සමගාමීව අරලියගහ මැදුරේ ආගමික වැඩසටහන් සංවිධානය කෙරුණද මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කිසිදු ආගමික වැඩසටහනක් අරලියගහ මැදුරේ සංවිධානය කර නොමැති බවයි වාර්තා වන්නේ.
http://www.colombotoday.com/26269262324211-23/
බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ ජාතියට අමතකව යන ජනරජ දිනය!
1948 සෝල්බරි ව්‍යවස්ථාව කරපින්නාගෙන , රාජ්‍යයේ ප්‍රධානත්වය බ්‍රිතාන්‍ය රැජින වෙත තබා තිබියදී අපට ලබා දුන් නිදහස, සක්‍රීය කරගැන්මට එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් නොවිණි. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අධිරාජ්‍යයවාදය කරපින්නාගෙන යාමය . 1956 පෙරළියෙන් පසු මේ ක්‍රමය වෙනස් කිරීමට එස් . ඩබ්ලිව් .ආර් .ඩී .බණ්ඩාරනායක අගමැතිවරයාටද ඉඩක් නොලැබුණි .
එහෙත් 1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට මේ පිළිබඳව සැබෑ වුවමනාවක් තිබුණි . වෙසෙසින්ම ලංකා සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ , දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙය වීම සැබෑ සන්ධාන ගතවීමේ ජනතා ජයග්‍රහණකි. ඒය අදටත් ආදර්ශයකි . ආචාර්ය කොල්වින් ආර් .ද සිල්වා ස්වකීය දේශපාලන පරිනතභාවයේ ප්‍රතිපලය ජාතිය හමුවේ තැබුවේ මේ ජනරජ ව්‍යවස්ථා සකස්කිරීමේ බාරධුර වගකීමට මූලිකත්වය ලබා දෙමිනි .
1972 මැයි 22 දහවල් 12 .56 ට යෙදුණු නැකත් වේලාවෙන් ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත්කළේ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි . සමගි පෙරමුණ ආණ්ඩුව සෝවියට් ක්‍රමයකට නැඹුරුවක් තිබුණ ද බණ්ඩාරනායක අගමැතිණිය නොබැඳි නායකයින්ගේ සමුළුවට නායකත්වය දී 1976 අගෝස්තුවේ ජගත් නොබැඳි මහා සමුළු ව කොළඹ දී පත්වන්නට සමත්වූවාය . එහෙත් ඊට වසරකට පසුව 1977 මහා මැතිවරණයෙන පරාජයට පත්වන ඇයට අභූත චෝදනා එල්ල කරමින් ඇයගේ ප්‍රජා අයිතිය නැතිකිරීමට තරම් එවකට පාලන බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය සැහැසි විය . එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ අදත් එම පක්ෂයම නියෝජනය කරමින් ආණ්ඩු බලය පවත්වාගෙන් යන්නේ බණ්ඩාරනායක අගමැතිනියගේම දෙටු දියණිය චන්ද්‍රිකාගේ ද පූර්ණ ආශීර්වාදයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කණ්ඩායමකගේද සහයෙන් වීම අපගේ අවධානයට යොමු විය යුතුය .
– දක්ෂිණ බෝධිනායක විසිනි.
http://www.colombotoday.com/17485-23333/
Pic Source
විපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියති
පසුගිය දින කිහිපයේ පැවති අපදා තත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් රටේ බහුතර ජනතාව සහෝදරත්වයේ දෑත දිගුකලේ කිසිදු ජාති බේදයක් නැතිවයි. නමුත් තවුහිදී ජමාත් සංවිධානය ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරු ජාතිවාදී මානසිකත්වයෙන් යුතුව සිංහල ජනතාව බලා සිටිද්දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් උදව් උපකාර කිරීමේ ව්‍යාපාරයක් ගෙනගියේ තමන්ගේ ජතිවාදිත්වය ප්‍රදර්ශනය කරමින්.
එවැනි අවස්ථා කිහිපයක් colombotoday.com රට හමුවේ තැබූ අතර එම හෙළිකිරීම් හේතුවෙන් අප ආයතනයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ ව්‍යාපාරයක්ද සමහර පිරිස් ගෙනයනු දක්නට ලැබුණා.
“මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කලා.
http://www.colombotoday.com/54454565454-2/
කැළනි ගඟ පිටා ගලා ඇති වූ ගංවතුර තත්වයේදී ආපදාවට පත් ජනතාවට උදවු කිරීමට පැමිණි එජාප මන්ත්‍රී මරික්කාර් මහතා මුස්ලිම් ජනතාවට පමණක් මූලිකත්වය දුන් බව කොලොන්නාවේ වැසියෝ කියති.
ගං වතුර ආපදාවට ලක් වූ කොලොන්නාවේ පුද්ගලයෙක් මන්ත්‍රිවරයාට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අයුරු සඳහන් වීඩියෝව සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.
http://lankacnews.com/sinhala/news/143751/
සබැඳි ලිපි -[මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!http://denethharinna.blogspot.com/2016/05/blog-post_32.htmlමනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයිhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_22.htmlලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.htmlසිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
Sunday, May 22, 2016
බුදු දහම රටින් රට ව්‍යාප්ත වූ හැටි!

එදා දඹදිව යනුවෙන් නම් කරනු ලැබූ රට අද ප්‍රචලිතව ඇත්තේ ඉන්දියාව යනුවෙනි. ඉපැරණි දඹදිව පුරා දෙසැටක් මිථ්‍යා විශ්වාසයන් හා ඇදහිලි ව්‍යාප්තව තිබූ සමයෙක බුදුරජාණන් වහන්සේ පහළව බුද්ධ ධර්මය ඒ අතර දේශනා කරන්නට යෙදුණි. ආගම් විශාල සංඛ්‍යාවක් රට පුරා පැතිර තිබිය දී අභිනවයෙන් ඇති වූ බුද්ධ ධර්මයට අභියෝග රැසකට මුහුණ පාන්නට සිදු විය. එසේ ම බුද්ධ ධර්මය දේශනා කළ ශාස්තෘවරයාට, ධර්මයට, ශ්‍රාවක පිරිසට, දායක දායිකාවනට නව ධර්මය සමඟ ඉදිරියට ගමන් කරන්නට සිදුවූයේ ඉතාම පරෙස්සම් සහගතවය.
ප්‍රථමයෙන්ම බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සිදුවූයේ ඉන්දියාවේ මධ්‍ය දේශය කේන්ද්‍ර කරගෙනය. එසේම එදවස බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් වැඩි කාලයක් වැඩ වාසය කර ඇත්තේ ද මධ්‍ය දේශයේය. කජංගලා නියම්ගම නැගෙනහිරින් ද සල්ලවතී නදිය දකුණු දිගට හා සේනකරණිය නියම්ගම දකුණටද ථූපනම් බමුණුගම බටහිරින් ද උශිර පර්වතය උතුරින් ද සීමා වූ බිම් පෙදෙස මධ්‍ය දේශය ලෙසට පැරැණි දඹදිව තුළ පිළිගැනුණි. බුද්ධ චරිතයට සේම බෞද්ධ සාහිත්‍යයට ද සම්බන්ධ කජංගලා, පාඨලී පුත්ත, වේසාලි, සාවත්ති, චම්පා, රාජගහ, ගයා, කාසි, නාලන්ද මෙම නගර හා ගම්ද ලිච්ඡවී, වඡ්ජි, විදේහ, මල්ල, භග්ග, කෝසල වැනි රාජධානින් මධ්‍ය දේශයට අයත් ප්‍රදේශ හැටියට සටහන් ව ඇත. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලය තුළ උන්වහන්සේගේ ධර්මය පිළිගත් අයගෙන් බොහෝ දෙනකු විසුවේ ද මෙම ප්රදේශවලය. සාවත්ථි හෙවත් සැවැත්නුවර ඡේතවනාරාමයත්, කොසබෑ නුවර ඝෝෂිතාරාමයත්, පූර්වාරාමයත් වැනි ප්‍රසිද්ධ බෞද්ධ පූජනීය ස්ථාන පිහිටා තිබුණේ ද පෙර සඳහන් මධ්‍ය දේශයේ ය. මෙම කරුණ නිසා මෙම පූජනීය ස්ථාන මුල්කරගෙන බෞද්ධාගමත් බෞද්ධ සංස්කෘතියත් ව්‍යාප්තව තිබූ බවට සාධක පෙනෙන්නට තිබේ. බුද්ධ ධර්මය උසස් දර්ශනයක් රැගත් ආගමක් වුවත් විශාල ශ්‍රාවක පිරිසක් හා අනුගාමික රාජ රාජ, මහාමාත්‍යවරුන්, බ්‍රාහ්මණ පිරිස් සිටුවරුන් ඒ මගෙහි ගමන් කළත් බුද්ධ ධර්මයට මධ්‍ය දේශය ඉක්මවා යැමට (පැතිර යැමට) එදා තිබූ ඉඩකඩ අල්ප විය.
එදා තත්ත්වය එසේ වුවද බුද්ධ ධර්මය විශාල අයුරින් ව්‍යාප්ත වූයේ අශෝක අධිරාජයාගේ කාලයේදී යෑයි සඳහන් කළහොත් එය නිවැරැදිය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ උසස් බෞද්ධ දර්ශනය හා ජීවන මාර්ගය ඔස්සේ ගමන් කළ අශෝක අධිරාජයා එම ධර්ම මාර්ගය හොඳින් අවබෝධ කර ගෙන එය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු මැනවින් සංවිධානය කළේය. එම ක්‍රියාමාර්ගය අනුව ඒ වනවිට බුදුදහම පැතිර නොතිබූ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බුදුදහම ප්‍රචාරය කිරීමට දූතයන් යෑවීම සුවිශේෂ ඥනාන්විත ක්රියාමාර්ගයකි. එහි ප්‍රතිඵල ලෙස කාම්බෝජය, රාෂ්ටි්රක, ගන්ධාර, පිතාහිකා, භෝජ, ආන්ද්‍ර ආදී ප්‍රදේශවලටත් ඉන් නොනැවතී ශාක්‍ය පුත්‍ර, කේරළ පුත්‍ර, පාණ්ඩ්‍ය, චෝල ආදී ප්‍රදේශ රැසකටත් දූතයන් යවා ඉනුදුනොනැවතී භාරතයෙන් වෙන්ව පිහිටි ලංකාව, බුරුමය වැනි රටවලටත් බුදුදහම දූතයන් මඟින් යෑවීමෙන් එතුමා ගත් ක්‍රියාමාර්ගවල උසස් බව පෙනී යයි.
අශෝක අධිරාජයාගේ කාලයේ දී භාරතයෙත් ඉන්පිටත රටවලත් බුදු දහම ව්‍යාප්ත කළත් වෙහෙස දැරුවත් බුදු දහම ආරම්භ වූ පෙදෙස්වල තරම් භාරතයේ වෙනත් ප්‍රදේශවල එම දහම දක්නට නැත. ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ පහළ වූ බුදුදහම දහතුන්වන ශතවර්ෂය වනවිට පැවැතුණේ ඉන්දියාවේ පෙරිස්සාව, බෙංගාලය, ඇසෑම් හා දකුණු දිග ප්‍රදේශ කීපයක පමණි. තත්ත්වය මෙසේ වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ මෝගල්වරුන් භාරතය ආක්‍රමණය කිරීමය. මෙම ආක්‍රමණය නිසා බුදුදහම භාරතයෙන් බොහෝ දුරට තුරන් වූවාට සැක නැත. බුදු දහම පමණක් නොව බෞද්ධ සංස්කෘතියද මෙම හේතුව නිසා තුරන් විය.
එසේ වතුදු එම අවාසනාවන්ත තත්ත්වයට පෙර බුදුදහමේ ද බෞද්ධ සංස්කෘතියේ ද දීප්තිමත් ලක්ෂණ පෙනෙන්නට තිබිණි. එදින බෞද්ධාචාර්යවරුන් බුද්ධාගම මහායාන, හීනයාන වශයෙන් වෙන් කරගෙන බෞද්ධ දර්ශනය කෙරේ දැක් වූ ගවේෂණාත්මක උනන්දුව නිසා බුදුදහම පිළිබඳ විශාල විප්ලවයක් භාරතයේ පැතිර තිබිණි. මෙම බෞද්ධාචාර්යවරුන් ඔවුන්ගේ අධ්‍යාපනය හා පර්යේෂණාත්මක කටයුතු කොපමණ උසස් මට්ටමක තිබීද යන්න එදා සමාජයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නාලන්දා, වික්‍රමශිලා, ජගත්දලාබිදම්, පොකරි වැනි විශ්වවිද්‍යාල වලින්, උසස් අධ්‍යාපන ආයතනවලින් මොනවට පැහැදිලි වේ. ඒ අතර කලාත්මක කෘතීන් නිර්මාණයෙහිලා බෞද්ධ සංස්කෘතියෙන් භාරතයට ලොකුපිටිවහලක් ලැබිණි. මථුරා, අමරාවතී, ආන්ද්‍ර යන ප්‍රදේශවල තිබූ කලා නිර්මාණ (කලා සම්ප්‍රදායන්) භාරත බෞද්ධ සංස්කෘතියේ ශේ්‍රෂ්ඨත්වය කියාපායි. අශෝක, කනිෂ්ක මේ ආදී රජවරුන්ගේ ක්‍රියාකලාපයන් දෙස, පාලන තන්ත්රය කෙරෙහි විචාරශීලීව නිරීක්ෂණය කරන විට බෞද්ධ සංස්කෘතිය කොතෙක් දුරට බලපෑවේ ද යන්න පැහැදිලි වේ. පසු කලෙක බෞද්ධ සංස්කෘතිය භාරත දේශයෙන් තුරන් වෙලා ගියද ඉතා දියුණු මිල කළ නොහැකි මාහැඟි බෞද්ධ සංස්කෘතියක් තිබුණු වග නටබුන්වලින් මොනවට පැහැදිලි වෙයි.
භාරත දේශය කේන්ද්‍රස්ථානය කොට ගෙන බුදුදහම පැතිර ගිය බුරුමය, සියම, කාම්බෝජය හා ලාවොස් යන රටවල අද දක්වාම බුදුදහම සුරැකිව තිබේ. ඒ රටවල ථෙරවාදී බුදුදහම උසස් ලෙස පවතී. අග්නිදිග ආසියාවේ රටවලින් ථෙරවාදී බුදුදහම පැවතුණු ප්‍රධාන රට බුරුමයයි. අප රටේ ඉතිහාස ග්රන්ථ ලෙස සැලකෙන දීපවංශය හා මහාවංශය අනුව බුරුමයට බුදු දහම ලැබී ඇත්තේ අශෝක අධිරජ සමයේ දීය. එසේ වුවත් බුරුමයේ බුදුදහම පැතිර ඇති බව දැකගත හැක්කේ එකොළොස්වැනි සියවස සිටය. බුරුම රටෙන් දැනට ලැබී ඇති බෞද්ධ පුරාවස්තු අනුව එරටට බුදු දහම පැමිණීම පිළිබඳ තොරතුරු සත්‍ය බව තහවුරු වේ. තවද හත්වැනි සියවස දී ඉන්දියාවට පැමිණි චීන සංචරකයෙක් වූ ඉටි - සිං බුරුමයේ මූලසර්වාස්තිවාදය පැවති බව කියයි. එසේ වුවත් එකොළොස් වැනි සියවස සිට ථෙරවාදී බුදුදහම බුරුම රටේ ව්‍යාප්තව ඇත. බුරුමයේ සිටි වැදගත් බෞද්ධ රජෙකි, අනවරථ. අදටත් බොහෝ ප්‍රසිද්ධියට පත් ශ්වේදගොන් චෛත්‍යයද ඉදිකළේ මෙරජ සමයේ දීය. තවද අද පවා බෞද්ධ සංස්කෘතියත් බුරුම රට වැසියාත් (රාජ්‍යත්වයේ සිට) අතර පවතින්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවකි. ඒ බව බුරුම දේශයේ ගොඩනංවා ඇති චෛත්‍ය සංඛ්‍යාවෙන් ම පැහැදිලි වේ.
තවද සියම් රටට බුදු දහම පැතිර ගියේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත සේවාව නිසා යෑයි සිතිය හැක. එදින බුරුම රටට ධර්මය ගෙන ගිය සෝණ, උත්තර දෙනමගේ මාර්ගයෙන්ම සියම් රටේද බුදු දහම පැතිරුණ බවට මතයක් පවතී. එරට ථෙරවාද බුදු දහම ප්‍රචාරය කරන්නට උනන්දුව කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා වීම විශේෂ කරුණකි. එපරිද්දෙන් බුරුමයේත්, සියමේත් බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත විය. මෙතැන්හි දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ සියම් රටේ පාලකයා බෞද්ධයකු විය යුතු යෑයි පිළිගැනීමක් ගොඩනැඟී තිබීමයි. එසේම රජයත් බුදුදහමත් අතර තිරසාර බැඳීමක් අචල විශ්වාසයක් අදටත් පවතී. එසේම ලොව අන් කිසිදු රටක නැති බෞද්ධ භික්ෂු සංවිධානයක් පවතින්නේද සියම් රට හෙවත් තායිලන්තයේ ය. බෞද්ධ කලා කෘති අතර සියම් බුදුපිළිමයට ලැබෙන්නේ විශිෂ්ට අගයකි.
කාම්බෝජය හා ලාවොස් යන දෙරටේ පැතිර තිබෙන බෞද්ධ සංස්කෘතිය තුළ මහායාන හා හීනයාන බෞද්ධ විශ්වාස දෙක ගැන නොයෙක් මතභේද වෙයි. එසේ වුවත් දැනට මෙම දෙරටේ වැසියෝ බහුලව ථෙරවාදී බුද්ධාගම අදහති. හිමාලය කඳු වැටිය අසල පිහිටි නේපාලය, ටිබෙට්, භූතානය හා සියම් යන රටවල ද බෞද්ධ සංස්කෘතිය හා ආගම ව්‍යාප්තව ඇත. මෙම රටවල ව්‍යාප්තව ඇත්තේ මහායාන ධර්මයයි. මහමත් භක්තිකයන් වැඩි පිරිසක් පැතිර සිටින ජාවා, සුමාත්‍රා, බාලි, බෝර්නියෝ, ලුම්දූපත්, ඉන්දුනීසියාව ද බෞද්ධ සංස්කෘතිය, ආගම පැතිර ගිය රටවල් හැටියට සලකනු ලබයි. දැනට මෙම රටවල ප්‍රධාන වශයෙන් බුද්ධාගම නැතත් එහි ඇති පුරාවස්තුවලින් බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය කොතෙක්ද යන්න පැහැදිලි වේ. චීන වාර්තාවල එන හැටියට ගුණවර්ණම් නම් භික්ෂුනමක් ඉන්දුනීසියාවේ බුද්ධාගම පිහිටු වූ බවට විශ්වාසක් පවතී. අටවැනි සියවසේ දී ශෛලේන්ද්‍ර වංශිකයන්ගේ හා ශ්‍රී විජය අධිරාජ්‍යයෙහි බලයෙන් ඉන්දුනීසියාවේ බුදුදහම පැතිර ගිය අයුරු පැහැදිලිය. අදටත් කලා ශිල්ප රැසක් ඉන්දුනීසියාවෙන් ලැබී ඇති අතර මෑත දී ආක්‍රමණයට ලක්වූ ලෝක ප්‍රකට බෝරෝ බුදූර් පූජනීය ස්ථානය (බාමියන් බුදු පිළිමය) පිහිටා ඇත්තේ ද ඉන්දුනීසියාවේය. තවද ඉන්දුනීසියාවේ හා ජාවා රටේ ඇති මෙම පිළිම ලොව ශේ්රෂ්ඨ කලා කෘති ලෙස නම් දරයි. මේ සා සුවිසල් පිළිමයක් ලොව නැති බවට පිළිගැනීමක් පවතී.
චීන රටේ බුදුදහම ආරම්භය ඉතාම පැරණිය. කාල වකවානුවත් අපැහැදිලි මුත් බොහෝ ඈත කාලයේ සිටම එරටේ බුදුදහම පැවති බවට තොරතුරු සොයාගෙන ඇත. ෂෙන්ෂි නම් භික්ෂුවකගෙන් එරට බුදු දහම ආරම්භ වී පසුව ක්‍රිස්තු වර්ෂ පනස්හතේ දී එරටට පැමිණි ධර්ම දූත කණ්ඩායමක් ගැනද සඳහන් වේ. කෙසේ හෝ භාරතීය හා චීන ධර්ම දූත පිරිස් දෙරට සංචාරය මඟින් චීනය පුරා බුදු දහම පැතිර ගොස් ඇත. චීනයේ එවක පාලකයන් වූයේ ටානිග් නම් වූ රාජ වංශිකයන්ය. බෞද්ධ පොතපත චීන බසට පෙරළීම චීනයේ බුදුදහම ව්‍යාප්තියට බෙහෙවින් බලපා ඇත. ක්‍රිස්තු වර්ෂ හතරවැනි පස්වැනි සියවස්වල විසූ කුමාරජීව, බුද්ධභද්ර විමල වැනි මහායානික තෙරවරු මෙලෙස පොතපත චීන බසට නැඟූහ. චීනයේ එදා පැතුරුණු බෞද්ධ සංස්කෘතිය චීනයෙන් කොරියාවටත් එරටින් ජපානයටත් ව්‍යාප්තව ගිය බව පිළිගත් මතයකි. මේ අනුව බලන විට බෞද්ධ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් ජපානයට හිමිවෙයි. ක්‍රිස්තු වර්ෂ පන්සිය පනස් දෙකේ දී පමණ ජපානයට බුදුදහම ලැබුණු බව සලකයි.
ජපානයෙහි බුදු දහම ව්‍යාප්ත කිරීමට කුඩාරාහසෙයි මෙස් නමැති කොරියාවේ සිටි රජ ප්‍රමුඛස්ථානය ගෙන ඇත. ඒ සඳහා රනින් නිමවූ බුද්ධ ප්‍රතිමාවකුත් මහායාන පොත්පත් කිහිපයකුත් එරජු ජපානයට යෑවීය. මෙපරිද්දෙන් බුද්ධාගම ජපානයට ගිය අවස්ථාවේ එවකට ජපානයේ තිබූ සිංටෝ ආගම සමඟ තරග කරන්නට සිදුවිය. ඉන්පසු බෞද්ධ අධ්‍යාපනයත් එරට දියුණු වූ අතර බෞද්ධ සංස්කෘතිය අනුව එරට ජනයා ජීවිත රටාවද හැඩගස්වා ගත්හ. මෙසේ පෙරදිග පමණක් නොව අපරදිග රටවලටද බුදු දහම ව්‍යාප්ත වුවත් පෙරදිග රටවල තරම් එම රටවල බුදු දහම ව්‍යාප්ත වූ ස්වභාවයක් ආකාරයක් දක්නට නැත. සිරියාව, පලස්තීනය, ඊජිප්තුව වැනි රටවල බුදුදහම පැතිර තිබූ බවට ප්ලිනි නමැත්තාගේ ඉතිහාස පොතක සඳහන් වේ. මේ අතර බැබිලෝනියාවට ද ගී්රසියටද බුදුදහම ව්‍යාප්ත වූ බවට සාක්ෂි හමුවී ඇත.
අශෝක අධිරාජයාගේ ධර්මදූත සේවාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීම සුවිශේෂ සිද්ධියකි. එදා බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කොට බුදුදහම දායාද කළද එය ස්ථාපිත වූයේ නැත. එහෙත් අශෝක අධිරාජයා එවූ මිහිඳු හිමි ප්රමුඛ ධර්මදූත පිරිස මෙරට රාජ්‍ය පාලකයා ඇතුළු රටවැසියාට දහම් දෙසා මෙරට බුදුදහම මැනැවින් ස්ථාපිත කළා පමණක් නොව එය අද දක්වාම ආරක්ෂාවීම උසස් සිදුවීමකි. මිහිඳු හිමියන්ගේ ආගමනයට පසුව සඟමිත් තෙරණිය ඇතුළත් පිරිස දඹදිව ජයශ්‍රී බෝධිරාජයාගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙරටට වැඩමවා එය රෝපණය කොට රටවැසියාට දායාද කිරීම උතුම් ක්‍රියාවක් විය. මෙම කරුණුත් සමඟ බුදුදහම හා සංස්කෘතිය මෙරට ජනයාගේ ජීවිතය හා බද්ධව සෑම කරුණකදීම බෞද්ධ ලකුණ සටහන්ව ඇත. නිර්මල ථෙරවාදී බුදුදහම මෙරට පවතින අතර එය ලෝකයේ බොහෝ රටවලට බෙදාදීම සඳහාද කටයුතු නිරන්තරයෙන් සිදුවන්නේය.
අද දවස වන විට ලෝකයේ රටවල් රාශියක බුදුදහම අඩුවැඩි ලෙස ව්‍යාප්තව පවතී. ඇතැම් රටවල ජනයා බෞද්ධ දර්ශනය අගය කරමින් ආත්ම විමුක්තිය පතා ක්‍රියා කරන අතර එයින් බැහැරව බෞද්ධ වත් පිළිවෙත්වලට මුල්තැන දෙන ජනයාද රටවල් ද තිබේ. මහායාන, හීනයාන ධර්මය ඔස්සේ ගමන් කරන ජනයා සිටින රටවල් ඒ කෙරේ විශ්වාසය නවතී. මෙම හැමදෙනාගේම අවසාන අරමුණ ආත්ම විමුක්තියයි.
ශාස්ත්‍රපති මුතුමානි රාජහෙට්ටි
http://www.divaina.com/2016/05/21/feature02.html
Pic Source
සක්විති සැපතටත් වඩා උතුම් වූ සෝවාන් ඵලය!
මිනිස් සමාජය ගත්කල ලොව අති උතුම්ම සැපත වන්නේ සක්විති රාජ සම්පත්තියයි. මුළු ලෝකයටම අධිපති වීම සක්විති රාජ සම්පත්තියේ ස්වභාවයයි. සුද්ධෝදන රජතුමාගේ අරමුණ වූයේද තම එකම පුතු වූ සිද්ධාර්ථ කුමාරයා සක්විති වෙනවා දැකීමයි. නමුදු සිද්ධාර්ථ කුමරු එම සැපත මුවින් හෙළ කෙළ පිඬක් සේ සිතා ඉවත් කොට බුදු බව පතා පැවිදිවීම උදෙසා රජ ගෙදරින් පිටත් වූ ආකාරය බුද්ධ චරිතය තුළ ප්රකටය.දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රය තුළින් සක්විති රාජ සම්පත්තියෙහි ස්වභාවය පැහැදිළි කොට ඇත. එහි සඳහන් පරිදි පෙර දැහැමින් රාජ්‍ය කරවන මුළු ලොවටම අධිපති සියලු සතුරන් දිනූ සත් රුවනින් යුත් දල්හනෙමි නම් සක්විති රජෙක් පිළිබඳ කරුණු අනාවරණය වේ. සක්විති රජවරුන්ට චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිණායක රත්නය නම් වූ සප්ත රත්නයක් භුක්ති විඳීමට ලැබෙනු ඇත. එය සාමාන්‍ය සැප සම්පතක් නොවේ.
එම සූත්‍රයේ සඳහන් පරිදි එම සක්විති සැපත අංග සම්පූර්ණ කර ගැනීමට නම් දස සක්විතිවත් පිරීම අනිවාර්ය වේ. එසේ නොවන්නේ නම් සප්ත රත්නය අතුරුදන් වනු ඇත. එම දස සක්විති වත් නම්,
1. දස කුසල ධර්මයෙහි පිහිටා එය ගරු කරමින් අඹු දරුවන්ද ශීලයෙහි යොදවා ඔවුන් රැකගැනීම.
2. බල සෙනඟද බලයෙහි පිහිටුවා සංග්‍රහ කොට රැක ගැනීම.
3. ක්ෂත්රීයයන්ද ශීලයෙහි පිsහිටුවා රැක ගැනීම.
4. බ්‍රාහ්මණ ගෘහපතියන් ද එසේම රැක ගැනීම.
5. නියම්ගම් ජනපද වාසීන්ද ශීලයෙහි පිහිටුවා රැක ගැනීම.
6. මහණ බමුණන්ද කළ යුතු සංග්‍රහ කොට රැක ගැනීම.
7. සිවුපාවුන්ද පක්ෂීන්ද රැක ගැනීම.
8. ස්වකීය රටෙහි අධාර්මික ක්‍රියාවන් ඇති නොවන ලෙස කටයුතු කිරීම.
9. දුප්පතුන්ට දන්දීම.
10. ගුණවත් මහණ බමුණන් කරා පැමිණ කරුණු විමසා ඔවුන්ගේ අවවාද අනුව දහම්හි යෙදී වාසය කිරීම.
සියලුම රජවරුනට අධිපති වූ සක්විති රාජ සම්පත්තිය ලැබීම පහසු කාර්යයක් නොවේ. එයට බොහෝ පින් කොට තිබිය යුතුය. කඨින චීවර පූජාව පිළිබඳ විස්තර වන තැන්හි නාගිත හිමි පවසා සිටින්නේ,
ආරපථෙ ආරපථෙ - චක්කවත්ති සිරිංලභෙ
අසීතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අහොසහං
එක ඉඳිකටු පාරක් පාරක් පාසා සක්විති රජ වන්නට හේතු සම්පත් තිබුණද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් 84 වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි. ඒ අනුව සලකා බැලීමේ දී චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය සඳහා බලගතුම පිංකම් කරගත යුතු බව පැහැදිලි වේ.
එසේ වුවද බුදු හිමි දේශනා කොට ඇත්තේ එම කුමන යස ඉසුරින් පිරි සක්විති රාජ සම්පත්තියටත් වඩා සෝවාන් ඵලය උතුම් බවය. ඒ බව ධම්මපදයේ ලෝක වග්ගයට අයත් 12 වැනි ගාථාව තුළින් පැහැදිලි වේ.
පථව්‍යා එකරඡ්ඡේන - සග්ගස්ස සමන්නෙ වා
සබ්බ ලොකාධිපච්ෙච්න - සෝතාපත්ති එලං වරං
සක්විති රජයට වඩා දෙව්ලෝ යැමට වඩා සියලු ලොවැ අධිපතිකමට වඩා සෝවාන් ඵලයම උතුම් වේ.
එයට හේතුව මිනිස් දිවියේ උසස්ම සැපත වූ සක්විති රාජ සම්පත්තිය වුවද වෙනස් වීමය. එයින් නැවත දුක හටගැනීමය. නමුදු ආධ්‍යාත්මික ගුණ වගාවන් එසේ වෙනස් නොවනු ඇත. සෝවාන් වූ කෙනකු කිසි කලෙක අපාගත නොවනු ඇත. සුගතියක පමණක්ම ඉපදේ. එසේ ඉපදුනත් වැඩිම ආත්ම හතක් පමණි. සෝවාන් පුද්ගලයන් වශයෙන් තිදෙනෙක් ඇති බව පැහැදිලි වේ. එනම්,
1. ඒක බීජ (දෙවන භවයේදීම රහත් වන පුද්ගලයා)
2. කොලං කොල (2-7 අතර ආත්මයක දී රහත් වන පුද්ගලයා)
3. සත්තකඛත්තුපරම (සත්වන භවයේදී රහත්වන පුද්ගලයා)
සෝවාන් වීම යනු සසරින් එතෙර වීමේ පළමු පියවරයි. පඩිපෙළවල් 4 ක් අවසානයේ දී නිමාව නැත්නම් ඉලක්කය ඇත්නම් එහි පළමු පඩිය වන්නේ සෝවාන් මාර්ගයයි. එතුළින් සෝවාන් ඵලය සිදුවේ. එය නිවන් මගේ පළමු පියවරයි. එය අසීරු කටයුත්තකි. නමුදු කෙසේ හෝ පළමු පියවර තැබිය හැකි නම් එහි අවසානය දක්වා ගමන් කිරීම අසීරු කර්තව්‍යයක් නොවේ.
සෝවාන් වීම පිළිබඳ කතා කිරීමේදී සෝතාපත්ති සිත යනුවෙන් නම් කළ හැකිය. සෝත යනු දිය පහරයි. නිවන් නමැති මහ සයුරට නැඹුරුව ගමන් කරන දිය පහරක් හෙයින් එයට බැස ගැනීමේ (සොත + ආපත්ති) අර්ථයෙන් එහි මුල්ම සිත ඒ නමින් හැඳින්වේ. එම මගට බැස ගැනීමේදී බැහැර කෙරෙන කෙළෙස් මළ කීපයක් ඇත. ඒවා දස සංයෝජන නමින් හැඳින්වේ. සංයෝජන නමින් හැඳින්වෙන්නේ සසර බැඳ තබන හෙයිනි.
1. සක්කාය දිට්ඨි (ආත්ම දෘෂ්ටිය විනාශ නොවන (සත්) භවගාමී ආත්මයක් ඇති යන මිථ්‍යා දෘෂ්ටියයි. මගේ අපේ යනුවෙන් අල්ලා ගැනීම ද ඉන් ගම්‍යමාන වේ.)
2. විචිකිච්ඡා - (සැකය - එනම් බුද්ධාදී අට තැන සැකයයි. බුද්ධ, ධම්ම, සංඝ ශික්ෂා, පූර්වාන්තය, අපරාන්තය, පූර්වාන්ත අපරාන්තය, පටිච්ච සමුප්පාදය යනාදී අට ගැන සැකයයි.)
3. සීලබ්බත පරාමාස (සසරින් මිදීම උදෙසා අනවබෝධයෙන් අත්ථකිලමතානු යෝගය වැනි ඒ ඒ සිල් හා ව්‍රත අනුගමනය කිරීමෙන් ඇති කර ගන්නා චංචල ස්වභාවයයි.)
සක්විති සැපතටත් වඩා සෝවාන් ඵලය උතුම් වන්නේ නිවන් මගෙහි පළමු පියවර එය බැවිනි. සක්විති රජුත් මියගොස් අපාගත වීමට පුළුවන. එම සැපත විඳින කාලය තුළම නැවත නොයෙක් තාඩන, පීඩන, දුක්, කරදර වලට පැමිණීමට පුළුවන. එම සැපත අහෝසි වීමට පුලුවන නමුදු සෝවාන් වූ උත්තමයා නැවත කිසිදු ආත්මයක නරක , තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෝත්පත්තියකට පත් නොවනු ඇත. අටවැනි ආත්මයක් ඔහුට උරුම නැත. සක්විති සැපත හෝ වෙනත් කුමන සැපතක් ලබන කෙනකු වුවද සසර තව බොහෝ කල් ගමන් කිරීමේ ප්‍රවණතාවය සුලබය.
බුදුන් දවස සත් හැවිරිදි වයසේදීම විශාකා සිටු දියණිය සෝවාන් වීම, ඊට අමතරව ඒ ඒ අවස්ථාවලදී සෝවාන් වූ අය ලෙස සේ ඡත්ත මානවක ඇතුළු පිරිස, ගැරඬියකු පෙළු ළමුන් පිරිස, සැවැත් නුවර වෘද්ධ බමුණා ප්රමුඛ දරුවන් පිරිස, රඡ්ජුමාලා, අනේපිඬු සිටුගේ පුත් කාල සිටු, මිගාර සිටුතුමා ආදීන් දැක්වීමට පුලුවන. ප්රඥව මුහුකුරා යැමත්, පෙර පිං බලයත් ආදී හේතුන් මත නිවන් මගෙහි පළමු පියවරට ඔවුහු පත් වූහ.
අද ලෝකය තුළ සෝවාන්වීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇත්තේ ඇලීම්, බැඳීම්, ගැටීම්, අන්ත ලෙස පවත්වාගෙන යැම හේතුවෙනි. කාම ලෝකයේ අන්ධ වී සිටින සත්ත්වයාට සසර දුක නොතේරේ. ලෝකය හා සත්ත්වයා දෙස ප්රඥවෙන් දැක දැන බෞද්ධ ප්‍රතිපදා ඔස්සේ ගමන් කොට සෝවාන් වීම කළ යුතුව ඇත. ඒ සඳහා බුදුන් දෙසූ උතුම් දහම් මග පහුරක් කර ගත යුතුව ඇත. සදා නොවෙනස් උතුම්ම සැපත වූ නිවන් මගට යන ගමනේ එහි පළමු පියවර වූ සෝවාන් මාර්ගය ප්‍රගුණ කොට එහි ඵලයට පැමිණීමට සියල්ලෝම උත්සාහවන් වෙත්වා..........!
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, ගලගෙදර රතනවංශ හිමි.
http://www.divaina.com/2016/05/21/feature04.html
Pic Source
මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!
මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්‍රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් වෙහෙසෙනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන අමාත්‍ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්‍රජාවගෙන් එකතු කරගත් ආධාර ද්‍රව්‍ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.
මේ අතර තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය සංවිධානය කොළඹ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කළ අතර එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් තෝරාබේරා ගනිමින් සහන සැලසීමට වගබලාගෙන ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට කොටුවී සිටි සිංහල පවුල් කිහිපයක් මගහැර මුස්ලිම් ජාතිකයන් පමණක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී එම බෝට්ටු තමන් භාරයට ගත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම පවුල් කිහිපය මුදා ගැනීමට කටයුතු කර ඇත.
රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගනිද්දී මුස්ලිම් නායකයන් සහ සංවිධාන මෙලෙස ජාතිවාදීව හැසිරීම ලැජ්ජාසහගත වන අතර විශේෂයෙන් රජයේ ඇමතිවරයෙක්, සහ මහජන නියෝජිතයෙක් තම ප්‍රදේශයේ අසල්වැසි ප්‍රජාවට පිටුපා, මනුෂ්‍යත්වයට පෙර ජාතිවාදයට මුල්තැන දී කටයුතු කිරීම මනුෂ්‍යත්වය අගයන කාගෙත් පිළිකුලට ලක්වනවා නොඅනුමානය.
නිලාන් සමරවිර - CT
පලිඇතැම් ඔලමොට්ටල සහජීවනයින්ට | මුසලු උන්ට ජාතිවාදී වීම හොඳය. අපි එය හෙළිකිරීම මහා ජාතිවාදයකි!
Pic Source
සබැඳි ලිපි -[මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයිhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_22.htmlලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.htmlසිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]
Subscribe to:
Posts (Atom)






