1948 සෝල්බරි ව්‍යවස්ථාව කරපින්නාගෙන , රාජ්‍යයේ ප්‍රධානත්වය බ්‍රිතාන්‍ය රැජින වෙත තබා තිබියදී අපට ලබා දුන් නිදහස, සක්‍රීය කරගැන්මට එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් නොවිණි. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අධිරාජ්‍යයවාදය කරපින්නාගෙන යාමය . 1956 පෙරළියෙන් පසු මේ ක්‍රමය වෙනස් කිරීමට එස් . ඩබ්ලිව් .ආර් .ඩී .බණ්ඩාරනායක අගමැතිවරයාටද ඉඩක් නොලැබුණි .
එහෙත් 1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට මේ පිළිබඳව සැබෑ වුවමනාවක් තිබුණි . වෙසෙසින්ම ලංකා සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ , දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙය වීම සැබෑ සන්ධාන ගතවීමේ ජනතා ජයග්‍රහණකි. ඒය අදටත් ආදර්ශයකි . ආචාර්ය කොල්වින් ආර් .ද සිල්වා ස්වකීය දේශපාලන පරිනතභාවයේ ප්‍රතිපලය ජාතිය හමුවේ තැබුවේ මේ ජනරජ ව්‍යවස්ථා සකස්කිරීමේ බාරධුර වගකීමට මූලිකත්වය ලබා දෙමිනි .
1972 මැයි 22 දහවල් 12 .56 ට යෙදුණු නැකත් වේලාවෙන් ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත්කළේ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි . සමගි පෙරමුණ ආණ්ඩුව සෝවියට් ක්‍රමයකට නැඹුරුවක් තිබුණ ද බණ්ඩාරනායක අගමැතිණිය නොබැඳි නායකයින්ගේ සමුළුවට නායකත්වය දී 1976 අගෝස්තුවේ ජගත් නොබැඳි මහා සමුළු ව කොළඹ දී පත්වන්නට සමත්වූවාය . එහෙත් ඊට වසරකට පසුව 1977 මහා මැතිවරණයෙන පරාජයට පත්වන ඇයට අභූත චෝදනා එල්ල කරමින් ඇයගේ ප්‍රජා අයිතිය නැතිකිරීමට තරම් එවකට පාලන බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය සැහැසි විය . එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ අදත් එම පක්ෂයම නියෝජනය කරමින් ආණ්ඩු බලය පවත්වාගෙන් යන්නේ බණ්ඩාරනායක අගමැතිනියගේම දෙටු දියණිය චන්ද්‍රිකාගේ ද පූර්ණ ආශීර්වාදයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කණ්ඩායමකගේද සහයෙන් වීම අපගේ අවධානයට යොමු විය යුතුය .
– දක්ෂිණ බෝධිනායක විසිනි.
http://www.colombotoday.com/17485-23333/
Pic Source
0 comments:
Post a Comment