කච්චතිව් දූපතේ නාවික කඳවුරක් ඉදිකරන්නේ යෑයි ඉන්දියාව නගන චෝදනාව නාවික හමුදාව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
මේ අතර තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජෙයරාම් මහත්මියද කච්චතිව් දූපතේ නව පල්ලිය ඉදිකිරීම් පිළිබඳව සිය විරෝධය පළකර ඇත. තමිල්නාඩු ධීවරයන්ගේ දැනුවත්වීමකින් තොරව සිදු කරන මෙම ඉදිකිරීම් නීති විරෝධී බවත් ඇය ප්‍රකාශ කර ඇත.
කච්චතිව් දූපතේ සිදු කෙරෙන නව ප්‍රතිසංස්‌කරණ කටයුතු පිළිබඳව විරෝධය පළ කරමින් තමිල්නාඩු මහ ඇමැතිනිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක්‌ද යවා ඇත.
කච්චතිව් දූපතේ 1974 දී ශ්‍රී ලංකාවේ අයිතියට පවරා දෙනු ලැබිණි.
කච්චතිව් දූපත් යාපනය දිස්‌ත්‍රික්‌කයට අයත්වන අතර ඩෙල්ෆ් උපදිසාපති කොට්‌ඨාසයට අයත් වේ.
චතුර පමුණුව
http://www.divaina.com/2016/05/16/news03.html
Pic Source
0 comments:
Post a Comment