Pages

Thursday, May 26, 2016

නාවික නිලධාරියාට අසැබි වදනින් බිනූ මූසලු මහ ඇමැට්ටයාට ත්‍රිවිධ හමුදා කඳවුරු දොර වැසේ!

පසුගිය දිනක සාමිපූර් ව්දුහලේ පැවති පාසල් බෑග් ඛෙදාදීමේ උත්සවයකට පැමිණි නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් මහතා විසින් සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාට ඉතා සැර පරුෂ අන්දමින් බැන වැදීම අද වන විට සමාජ ජාලා වෙබ් අඩව් තුල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව ඇත.

නාවික හමුදා නිලධාරියා එම පලාතේ ආරක්ෂාව සබැදිව ක්‍රියා කරන පුද්ගලයකු වන හෙයින් ඔහුට බැන වැදීම සමස්ථ ආරක්ෂක අංශයන්ටම අපහාසාත්මක කරුණක් යන්න උක්ත කොට ගනිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා මහතා විසින් අදාල මහ ඇමති වරයා කිසිදු යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර ගැනීම තහනමි කර ඇති බව යුධ හමුදා අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයි.

මේ අතර නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතාට නාවික, ගුවන් හෝ යුද හමුදා කඳවුරකට ඇතුළු වීම තහනම් කර ඇති බව නාවික හමුදාවද ප්‍රකාශ කර තිබේ.නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පැවසුවේ, නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ය. ඊට අමතරව නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සහභාගීවන කිසිඳු උත්සවයකට යුද, ගුවන් හා නාවික හමුදාව සහභාගී නොවීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

http://www.colombotoday.com/26454154154556-23/

Pic1 Source
Pic2 Source

0 comments: