Pages

Monday, May 16, 2016

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කෝටි හතරේ බදු නොගෙවා වාහනේ අරන් ගිහින්

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රේගුවට අයවිය යුතු රුපියල් හාරකෝටි දහසය ලක්‍ෂ හැටනවදහස්‌ එකසිය හැටක (41669160.00) බදු මුදලක්‌ නොගෙවා එක්‌සත් රාජධානියේ සිට ගෙන් වූ අති සුඛෝපභෝගී වාහනයක්‌ නිදහස්‌ කර ගෙන ඇත.

මෙම සුඛෝපභෝගී ජීප් රථය එක්‌සත් රාජධානියේ මිල මෙරට මුදලින් රුපියල් එක්‌කෝටි හැට හත් ලක්‍ෂ අසු හතර දහස්‌ දෙසිය හතළිස්‌ හතරකි. (ස්‌ටර්ලිං පවුම් 78600) එහෙත් එම වාහනය මෙරට රේගු තක්‌සේරු කමිටුව විසින් තක්‌සේරු කර ඇත්තේද ඉතා අඩු මිලකටය. අදාළ ලිපි ලේඛන අනුව රේගු තක්‌සේරු කමිටුව එය තක්‌සේරු කර තිබෙන්නේ රුපියල් අසූ අට ලක්‍ෂ විසිපන්දහස්‌ හයසිය අටයි ශත විස්‌සක්‌ (ස්‌ටර්ලින් පවුම් 41330) වැනි මිලකටය. ඒ අනුව රුපියල් හැත්තෑ නව ලක්‍ෂ පනස්‌ අටදහස්‌ හයසිය තිස්‌පහකට අදාළවද රේගුව විසින් මෙම වාහනයට බදු අය කර නොමැත.

ඒ අනුව මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද යටතේ නොගෙවු බදු මුදල රුපියල් හාරකෝටි දහසය ලක්‍ෂ හැට නව දහස්‌ එකසිය හැටක මුදලට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන පෙළේ වෘත්තිය සමිතියක නිලධාරී මහතෙකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

අදාළ වාහනයට එකතු විය යුතු බදු මුදල් වන්නේ ඪAඔ 7821960.00, භඊඔ 1042928.00, ඞෂD 29488467, DAඛ 663159.00 සහ ක්‍ෂD 2652,636.00 යන බදුය.

කෙසේ වෙතත් අදාළ වාහනය වෙනුවෙන් මන්ත්‍රීවරයා රේගුවට ගෙවා ඇත්තේ රුපියල් 1750 ක මුදලක්‌ පමණි.

මේ ආකාරයටම පසුගියදා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට (ඒකාබද්ධ විපක්‍ෂයේ) මන්ත්‍රීවරයෙකුද රුපියල් 1750 ක්‌ පමණක්‌ රේගුවට ගෙවා රුපියල් කෝටි ගණනක්‌ වටිනා සුඛෝපභෝගී වාහනයක්‌ රුපියල් අසූනම ලක්‍ෂයක තක්‌සේරු මිලකට රේගුවෙන් නිදහස්‌ කරගෙන ගොස්‌ ඇත.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/05/15/news05.html

Pic Source

0 comments: