Pages

Sunday, May 8, 2016

මුලතිව් සම්බෝධි විහාරයට අකුල් හෙළන දේවදත්තලා කවුරුද?

දේදුනු විප්ලවයත් සමඟම කටහඬට පණ පෙවුණු ප්‍රකට දෙමළ දේශපාලකයෝ දෙදෙනෙක්‌ වෙති. ඒ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන්ය. විපක්‍ෂ නායකවරයා කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම පිළිබඳව මහත් ආන්දෝලනයක්‌ ඇති වුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වයෝවෘද්ධ සම්බන්ධන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. මුස්‌ලිම් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සංවත්සර 

රැස්‌වීමට සහභාගි වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ එදා සම්බන්ධන් මහතා ගියේ දෙමළ ජනතාවට අයත් ඉඩම් බැලීමට බවයි. සම්බන්ධන්ගේ කිලිනොච්චි ගමන පිළිබඳව ජනමාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදීම පිළිබඳව යහපාලන ආණ්‌ඩුව එතරම් කැමැත්තක්‌ නැත. උතුරේ සිදුවන බලහත්කාරකම් ප්‍රචාරය කිරීම හැකි තරම් වාරණය කිරීම දේදුනු විප්ලවය ඉදිරියටත් පවත්වාගෙන යැමට ඉවහල් වන බව ආණ්‌ඩු ප්‍රධානීන්ගේ අදහසයි. 

විපක්‌ෂ නායක සම්බන්ධන් සිංහල විරෝධී මතයක නොසිට මැදහත්ව කටයුතු කරන්නෙක්‌ වුවද උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් නම් සිංහල විරෝධියකු බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී උතුරේ කිසිම රාජකාරියක්‌ නොමැතිව සිටින හමුදා භටයන් කානු ශුද්ධ කිරීමට යෙදිය යුතු යෑයි පවසා වක්‍රව හමුදාව නිග්‍රහයට ලක්‌ කිරීමට උත්සාහ කළේය. 2013 ඔක්‌තෝබර් 07 වැනිදා දිවුරුම් දුන් දිනයේ පටන් හමුදාව උතුරෙන් පලවාහැරීම විග්නේෂ්වරන්ගේ ප්‍රමුඛ උපාය විය. 

කොටි හිතවාදී ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය නිරන්තරයෙන් කෝකිලායි ප්‍රදේශයේ පිහිටා ඇති මුලතිව් සම්බෝධි විහාරය ගැන පුවත් ඉදිරිපත් කරයි. ටැමිල්නෙට්‌ වෙබ් අඩවියට තොරතුරු සපයන චරපුරුෂයන් නිරන්තරව මෙම විහාරය අවට සැරිසරන්නේ දැයි සැක සිතෙන්නේ එහි විහාරාධිපති තිස්‌සපුර ගුණරතන හිමියන් එම පන්සලේ කවර ඉදිකිරීම කළද එය ටැමිල්නෙට්‌ වෙබ් අඩවියට ප්‍රමුඛ පුවතක්‌ වන හෙයිනි. පසුගිය මාර්තු මාසයේ බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමියන් ඇතුළු පිරිසක්‌ මෙම විහාරයත් අසල ඇති කෝකිලායි ධීවර ගම්මානයත් බැලීමට ගිය අවස්‌ථාවද ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට ප්‍රමුඛ පුවතක්‌ විය. ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ හමුදා නිලධාරීන් මෙන්ම නාවික හමුදා නිලධාරීන්ගේද සහාය මත දැඩි මතධාරීන් භික්‌ෂුන් පිරිසක්‌ මෙම විහාරයට පැමිණ එහි ඉදිකිරීම් දිගටම කරගෙන යැමට සහාය දක්‌වා ඇති බවත්, කොටි හිතවාදීන්ගේ වෙබ් අඩවිය මුලතිව් සම්බෝධි විහාරයේ සෑම ක්‍රියාකාරකමක්‌ම නිරීක්‍ෂණයට ලක්‌ කරන අතරතුර උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මෙම විහාරය ඉවත් කර දමන්නැයි පොලිසියට නියෝග කර ඇත. විග්නේෂ්වරන් කටයුතු කරන්නේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ උපදෙස්‌ පරිදි දැයි විටෙක අපට සැක සිතේ. නමුත් විග්නේෂ්වරන්ගේ අණ පරිදි මේ විහාරය ඉවත් කිරීමට කවරකු හෝ සැරසුණහොත් එයින් සිදු වන්නේ කුමක්‌ද? සංහිඳියාවට පාර කැපීමද? ජාතිවාදී ගැටුමකට පාර කැපීමද යන්න සියලු බලධරයන් හොඳින් අවබෝධ කරගත යුතු කාරණයකි. කෝකිලායි මුහුදුබඩ පත්තුව මෙම විහාරය හරහා සිංහලකරණය විය හැකි යෑයි කොටි හිතවාදීහු බියෙන් පසුවෙති. සෑම දෙමළ ගම්මානයක්‌ අසලම කෝවිලක්‌ ඉදිවන්නේ නම් මුස්‌ලිම් පවුල් කිහිපයක්‌ පදිංචි වූ සැණින් කුඩා පල්ලියක්‌ ගොඩනැඟෙන්නේ නම් මෙම විහාරය ඉදිකිරීමේ වරද කුමක්‌ද? එහෙත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා නම් මේ සම්බෝධි විහාරයට ගල් පෙරළන බව පෙනේ. උතුරේ බෞද්ධ විරෝධී නූතන කාලිංඝ මාඝ ගැන රටම හොඳ අවබෝධයෙන් සිටිය යුතුය. සංහිඳියාව වෙනුවෙන් මුලතිව් සම්බෝධි විහාරයද ඉවත් කරමු යෑයි ඉදිරියේදී රටට කියන්නට කේවට්‌ටයන් ඉදිරිපත් වෙයිද? 

ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ මෙම විහාරය ඉදිකිරීමට පසුගිය රාජපක්‌ෂ ආණ්‌ඩුව මෙන්ම වර්තමාන සිරිසේන ආණ්‌ඩුවේද සහාය හිමිවන බවයි. සැබවින්ම එය සිදුවිය යුත්තකි. කෝකිලායි ගම්මානයේ වෙසෙන්නේ සිංහල කතෝලිකයෝ වුවද ඔවුන් මේ විහාරය ඉදිකිරීම ගැන බෙහෙවින් සතුටු වෙති. පසුගිය අප්‍රේල් මාසයේ දී නාගදීප විහාරයේ අඩි 61 ක බුදු පිළිමයක්‌ ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව දෙමළ සන්ධානය බලවත් සේ ප්‍රකෝප විය. බාලචන්ද්‍රන් ගජතීපන් හා චින්තන් කනගරත්නම් යන මන්ත්‍රීවරු දෙදෙනා මේ බුදු පිළිමය ඉදිකිරීමට එරෙහිව උතුරු පළාත් සභාවට යෝජනාවක්‌ද ඉදිරිපත් කළ අතර මෙම ඉදිකිරීම හරහා නාගදීප දූපතේ දෙමළ ජනයාගේ අනන්‍යතාවට තර්ජනයක්‌ වන බව ප්‍රකාශ කළහ. බාලචන්ද්‍රන් හා චින්තන් යන පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනා නාගදීපයේ බුදු පිළිමයේ ඉදිකිරීම් නිරීක්‍ෂණයට ගොස්‌ තිබුණේ ටැමිල් නෙට්‌ චරපුරුෂයන් සමගය. 2009 සිට සිංහල බෞද්ධයන් දහස්‌ ගණනින් නාගදීපයට පැමිණීම පිළිබඳව දෙමළ සන්ධානයේ කොටි හිතවාදීන්ට බලවත් ප්‍රශ්නයක්‌ මතුව ඇති නමුත් සාමාන්‍ය දෙමළ වැසියන්ට එය ප්‍රශ්නයක්‌ වී නැත. කොටි හොල්මන් නාගදීපයට ඔරෙව්වා සේම දැන් මුලතිව් සම්බෝධි විහාරස්‌ථානයට එරෙහිව අවි අමෝරා ඇත. දැ හිතකාමී බෞද්ධයන් මේ ගැන හොඳ අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය. 

මුලතිව් සම්බෝධි විහාරය පිළිබඳව ඉකුත් අප්‍රේල් 28 දා ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළවූ දීර්ඝ ලිපියේ එම විහාරයේ ඉදිකිරීමට යන ගොඩනැඟිලි සැලැස්‌මේ ඡායාරූපද ඇතුළත් කර ඇත. සම්පත් බැංකුවේ සහාය ඇතිව ගුණරතන හිමියන්ට මුලින්ම කුටියක්‌ සාදා දුන් බවත්, එය ඉදිකරනු ලැබුවේ හමුදා සෙබළුන් විසින් යෑයි තවදුරටත් සඳහන් වේ. මෙම විහාර භූමියේ නළ ළිඳක්‌ ඉදිකර එය පින්තාලිය ලෙස සඳහන් කර ඇති අතර දෙමළ වැසියන්ටද එයින් ජලය ලබාගත හැක. පින්තාලිය අසල යුද්ධයේදී මියගිය සිංහල සොල්දාදුවන් දෙදෙනකුගේ සිහිවටන සවිකර තිබීමත්, කොටි හිතවාදීන්ට බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇති බව එම ලිපිය කියෑවීමේදී අපට හැඟීයයි. උතුරු පළාතේ අසරණ සිහලුන් ඉලක්‌ක කරගෙන සිදු කෙරෙන ඉවැන්ජලික ආක්‍රමණය ගැන දෙමළ සන්ධානය නිහඬය. මේ ඉවැන්ජලික ආක්‍රමණය ගැන වඩාත් කනගාටු වූයේ අභාවප්‍රාප්ත හින්දු කටයුතු ඇමැති ටී. මහේෂ්වරන් පමණි. ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන් වර්තමාන රජයේ නියෝජ්‍ය ඇමැතිවරියක්‌ වූවත් මේ ආක්‍රමණ ගැන කතා කරන්නේ නැත. සියලු දෙනාට ප්‍රශ්නය වී ඇත්තේ මේ කුඩා බෞද්ධ විහාරය පමණි. එහෙත් දෙමළ සන්ධාන දේවදත්තලාට සම්බෝධි විහාරයට ගල් පෙරළීමට ඉඩ දිය යුතු නැත.

චතුර පමුණුව
http://www.divaina.com/2016/05/08/feature21.html

සබැඳි ලිපි -
[

නාගදීප බුදු පිළිමය නිසා දෙමළ අනන්‍යතාවය බිඳ වැටේලු! සිංහල බෞද්ධ බහුතර පෙදෙස්වල කෙතෙරම් පල්ලි කෝවිල් තිබේද? සැබෑ ජාතිවාදීහු කව්ද? මෛත්‍රීට බොදුනුවන් අරහංද?http://denethharinna.blogspot.com/2016/04/blog-post_9.htmlසම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?http://denethharinna.blogspot.com/2016/03/blog-post_28.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

ජාතිවාදයේ නොනිමෙන අක්මුල් යළි යළිත් පසක් කරමින් TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි!http://denethharinna.blogspot.com/2016/04/tna_47.html
TNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2016/04/tna.html
යළි නැගිටින කොටි ගාල්ලෙන් යාපනේ ගිය බසයට යාපනය-අරියාලේ හිදී පහරදීලා!http://denethharinna.blogspot.com/2016/04/blog-post_23.html
දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_5.html
]

0 comments: