රවුෆ් හකීම් අධිකරණ ඇමැති වූවාට පසු නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වැඩිවෙලා
නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර
චනක්‍ය ජයගොඩ
රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය.
කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික විද්වත් සභාව පෙරේදා (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් කියා සිsටියේය.
ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
නීතියේ න්‍යායන් අතර තිබෙනව කොතැන හෝ අයුක්‌තියක් තිබේ නම් සමස්‌ථයම අයුක්‌තියට ලක්‌වන බව. අප දක්‌වන්නේ මුස්‌ලිම් විරෝධයක් නොවේ. විභාගයෙන් සමත් වූ සියලු දෙනා සිංහල වුණා නම් එයත් වැරදියි.
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හුදෙක් සරල දෙයක් නොවේ. ඉතාම තරගකාරීයි. වසරකට විසිදහසක් (20000) පමණ ඉල්ලුම් කරන හත්දාහක (7000) ට ආසන්න සංඛ්‍යාවකට සාමාන්‍යයෙන් විභාගයට පෙනී සිටීමට ලැබෙනා දෙසිය විසිහපක් (225) පමණ උපාධිය හැදැරීමට බඳවා ගන්නා ඉතාම තරගකාරී තත්ත්වයක්.
නීතිඥ වෘත්තීය උසස් රැකියාවක් ලෙස සැලකෙනවා. විශාල ආදායමක් ඔවුන්ට උපයන්න පුළුවන්. මේ අනුව එම නීතිඥ සාමාජිකයා නියෝජනය කරන පවුල් සමාජයේ ඉහළට පැමිණෙනවා. තම නිලය, බලය හා ධනය යොදවලා පටු ජාතිවාදී වැඩපිළිවෙළක් නීති ප්‍රවේශ විභාගයට යොදනව නම් ඉතා බරපතල තත්ත්වයක්. යුක්‌තියේ ක්‍රියාවලිය කඩා වැටෙනවා. නුසුදුස්‌සන් පත්වෙනවා.
ඇතැම් අය රැකියාවලින් ඉවත් වී මේ විභාගයට පෙනී සිටින්නේ. මොනරාගල හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතුකර මෙම විභාගයට ඇතැම් අය මුහුණ දෙන්නෙ.
2004 වර්ෂයේදී අංක 491 දරන ප්‍රකාශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේදී අගවිනිසුරුවරිය දන්වා තිබෙනවා. යුක්‌ති සහගතව හා නිරවුල්ව නීති ප්‍රවේශ විභාගය පවත්වන ලෙස යනුවෙන් විමලසුරේන්ද්‍ර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික විද්වත් සභාවේ සභික නීතිඥ ප්‍රියදර්ශන ගමගේ මහතා අදහස් පළ කරමින් මෙසේ කියා සිටියේය.
2011 නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵල අස්‌වාභාවිකයි. විභාග අංකය අපහැදිලි වන ආකාරයට සංකේත අංකයක් එකතුකර තිබෙනවා. අප සංකේත අංක ඉවත්කර ගවේෂනය කළා. එක ළඟ විභාග අංක තියෙන මුස්‌ලිම් ළමයි විසි දෙනෙක් සමත්වී තිබෙනවා. සහෝදරයෝ දෙදෙනෙක් නීති විභාග ප්‍රවේශ විභාගයෙන් සමත් වුණොත් නීති විද්‍යාලය ඒ පිළිබඳ විශේෂ සමීක්‍ෂණයක් කරන්නේ යෑයි ඒ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
නීති ප්‍රවේශ විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයකු වූ රම්සි බාඩා මහතා අදහස් දක්‌වමින් මෙසේ කියා සිටියේය.
අප සිංහල ජනතාව සමග සංහිඳියාවෙන් කටයුතු කරනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා ජාතිවාදී අඳුරු තත්ත්වයකට රට රැගෙන යනවා. අක්‍රමිකතා සිදුකොට නීතිඥයන් වන ඇතැම් අය විනිසුරුවරුන් ලෙස පත්වේවි. ඔවුන් කොහොම යුක්‌තිය ඉටුකරයිද?
අප මේ අක්‍රමිකතාවයට විරෝධය දක්‌වමින් පෙත්සමක් සකස් කොට මේ සඳහා විරෝධය දක්‌වන අයගේ අත්සන් ලබාගෙන රජයට ඉදිරිපත් කරනවා. උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාමටත් සැලසුම්කර තිබෙනවා. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සංවිධානයක් පිහිටුවා මෙම අක්‍රමිකතාවයට එරෙහිව අඛණ්‌ඩව කටයුතු කරනවා.
නැවත විභාගය පවත්වන ලෙස අප ඉල්ලා සිටිනවා. රහස් පොලිස් පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. ප්‍රශ්නපත්‍ර කලින් පිටවීමක් සිදුවූයේද යන්න හා උත්තර පත්‍ර සඳහා ලකුණු දීමේදී මේ අක්‍රමිකතාවය සිදුවුණාදැයි සොයා බැලිය යුතුයි.
ඒ මහතා විසින් 2011 හා 2012 වසරවලට අදාළ නීති ප්‍රවේශ විභාගයේ දත්ත වාර්තාවක්‌ද ඉදිරිපත් කරන ලදී. නීතිඥ සමුදු හේවගේ මහතාද මෙහිදී අදහස් දැක්‌වීය.
භාෂා මාධ්‍ය / පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව / සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව
2011 2012 2011 2012
දෙමළ 606 390 73 78
සිංහල 5011 6764 133 191
වසර / පෙනී සිටි මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාව / සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව
2003 208 05
2004 212 03
2005 269 07
2006 249 09
2007 247 04
2008 261 08
2009 242 14
2010 237 09
2011 238 51
2012 309 78
2012 වසරේ ප්‍රථම ස්‌ථාන 3 ම මුස්‌ලිම් ලබ්ධිකයන් වන අතර පළමු 10 දෙනාගෙන් 6 දෙනෙකුම මුස්‌ලිම් ලබ්ධිකයන්ය. පළමු ස්‌ථාන 50 න් 28 ක් මුස්‌ලිම් ලබ්ධිකයන්ය.
මූලාශ්‍රය - දිවයින
සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
3 comments:
Maha thanage puthath maha thanath horata wibhaga pass kara gannakota anith ewa gana kumana kathada?
M.R.thamanta balaye inna mulu ratama unath anathure dawi.
Maha thanage puthath maha thanath horata wibhaga pass kara gannakota anith ewa gana kumana kathada?
M.R.thamanta balaye inna mulu ratama unath anathure dawi.
නියම මධ්‍යස්ත මතදාරීයා යනු, සමාජය අන්තවාදයට ඇදී යනවිට කිසිදු පැත්තක් නොගෙන ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිස ඕනෑම දෙයකට කට වහගෙන ඉන්නා නිවටයෙකු හෝ සිංහල බෞද්ධයා අතින් මිස් ෆයර් එකක් ගිය විට පමණක් සරම කරට ගන්නා ඊනියා මධ්‍යස්ත මතදාරීන්ට නොවේ.
Post a Comment