
උතුරු පළාත් සභාව දිවුරුම් දීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් පළාත් සභාවලට රජයේ ඉඩම් සම්බන්ධ කිසිදු බලයක් නැතැයි තීරණය වීම සැබවින්ම දෛවෝපගත සිද්ධියකි. මෙය කිසිසේත්ම සැලසුම් කර කරන ලද්දක් නම් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. පහසුව සඳහා "සෝලෙයිමුත්තු රාසු" නඩුව හැටියට හැඳින්විය හැකි මෙකී නඩුව අවුරුදු 18 ක් පමණ උසාවි පද්ධතිය තුළ ඒ මේ අත ගිය පැරණි නඩුවකි. මෙය මුලින්ම උසාවියට ගියේ 1995 දීය. ඒ අවස්ථාවේදී රාජ්‍ය වැවිලි සංස්ථාව ඔවුන්ට අයත් ඉඩමක...