
වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු 2x2 පොල්ලක් ගෙන පාරට පැන කිරි පැකට් කොම්පැණිකාරයන්ගේ හිස පලන්නට උත්සාහ කළත්, පාරිභෝගික අධිකාරිය මේ රටේ තිබෙන බහුජාතික කිරි පිටි සමාගම් පැය 24 පුරාම වටලාගෙන හිටියත් සැබෑ තත්ත්වය මෙයය. අපේ රටේ වාණිජ සංස්‌කෘතිය තුළ වැඩි වීම මිස අඩු වීමක් ගැන කල්පනා කරන්නට වෙළෙන්දා උත්සාහ කරන්නේ නැත. පාන් පිටි කිලෝවක් රුපියලකින් මිල ඉහළ ගිය විට පාන් රාත්තලක් රුපියල් 5 කිනුත් බනිස් ගෙඩියක් රුපියල් 7 කිනුත් ඉහළ දැමීමට වෙළෙන්දා කැමැති ය. එහෙත් පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් මිල අඩු වුවත් පාන් රාත්තලක් හෝ බනිස් ගෙඩියක් සත 50 කින්වත් මිල අඩු කිරීමට වෙළෙන්දා කැමැති නැත. සීනි කිලෝවක් රුපියල් 5 කින් ඉහළ නගින විට ප්ලේන්ටියක් රුපියල් 5 කින් මිල ඉහළ දැමීම වෙළෙන්දා කරන්නේ එය ඔහු සතු සමාජ වගකීමක් සේ සලකාය. සීනි කිලෝවකින් අඩුම ගණනේ ප්ලේන් ටී 50 ක් සෑදිය හැකිය. ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් මිල ඉහළ ගිය විට ආප්පයක මිල කෙළින්ම රුපියල් 5 කින් නගී. හෝටල් කාරයා කල්පනා කරන්නේ ගෑස් සිලින්ඩරයකින් ආප්ප 20 කට වඩා සෑදීමට බැරි බවද? විවෘත ආර්ථිකයක් සහ තරගකාරී වෙළෙඳාමක් පවතින රටක තත්ත්වය වන්නේ අමුද්‍රව්‍ය මිල වැඩි වූ විට නිෂ්පාදිත භාණ්‌ඩවල මිල ද ඉහළ යැම ය. එහෙත් ලංකාවේ භාණ්‌ඩ මිල ඉහළ යන ආකාරය අනුව පෙනෙන්නේ එය පෘථිවියට අයත් නොවන ලෝකයක පිහිටි රටක් ලෙස ය. එරාන් වික්‍රමරත්න විසින් පැහැදිලි කරගත යුතු වැදගත්ම කාරණය වන්නේ කවුරු බලයට ආවත් තත්ත්වය මෙයම බව ය. මෙය 1948 සිට මේ රටේ ජනයා අත්දුටු තත්ත්වයකි. මතු යම් දවසක රනිල් වික්‍රමසිංහ බලයට ආවත් භාණ්‌ඩ මිල අඩු කිරීමට ඔහු පොළඹවා ගැනීමට එරාන් වික්‍රමරත්නට බැරි වන්නේ ය. බලයට පැමිණි පසු සියලු දේශපාලනඥයෝ තම බඩ හැර ජනතාවගේ බඩවල් අමතක කර දමති. මෙය ඉතා දරුණු අමතක වීමකි.
http://www.divaina.com/2014/06/09/editor.html
Pic Source
සබැඳි ලිපි -
[
කිරිපිටි මාෆියාවhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7891.html
]
0 comments:
Post a Comment