
ප්‍රහාරයේදී තවත් 15 දෙනකු තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්‌තවාදීහු 10 දෙනෙක් ද වෙති.
ප්‍රහාරය මුළුමනින්ම මර්දනය කළ බව මේජර් ජෙනරාල් රිස්‌මාන් අක්‌තාර් පැවසීය. මෙහිදී මගීන්ට හානියක් සිදුවී නැත.
පෙරේදා (8 දා) රාත්‍රියේ ආරක්‍ෂක හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් මෙම ත්‍රස්‌තවාදී පිරිස ගුවන්තොටුපළට ඇතුළු වී ඇත. මෙම කරච්චි ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.
ප්‍රහාරයට විදේශීය ත්‍රස්‌තයන් පිරිසක් ද සම්බන්ධ බවට සැක කෙරේ.
ඊයේ (9 දා) අලුයම ගුවන්තොටුපළේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මැෂින් තුවක්‌කු පහක්, බෝම්බ ඇඳුම් තුනක් හා රොකට්‌විදින දෙකක් හා පෙට්‍රල් බෝම්බ 12 ක් ද හමුවී ඇත.
මෙහිදී ගුවන් යානා දෙකකට හානි සිදුවී ඇත.
මෙම ප්‍රහාරයට ටෙහෙරික් තාලිබාන් කණ්‌ඩායම සම්බන්ධ බව හෙළිවිය. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තයන් ගුවන් යානාවක් පැහැරගැනීමට ද සැලසුම් කර තිබූ බවයි.
මේ අතර ටෙහෙරින් තාලිබාන් ප්‍රකාශක ෂයිදුල්ලා අහිම් පැවසුවේ තම සංවිධානය වගකීම භාර ගන්නා බවයි.
පාකිස්‌තාන් හමුදාව තමන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඔහු පවසා තිබේ.
http://www.divaina.com/2014/06/10/news11.html
Pic1 Source
Pic2 Source
[
අල්ලා දේව කැමත්ත??? පාකිස්තාන කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙඩි ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2014/06/blog-post_5452.html
]
0 comments:
Post a Comment