මෙම කමිටුවේ ප්‍රධානත්වය සඳහා එක්‌සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු වූ කොෆී අනන් හා ඕස්‌ටේ්‍රලියාවේ නීතිවේදියකු වන මිචෙල් කිබ්රි නමැත්තන් පත්කිරීමට තීරණය වී ඇත.
ඉදිරි මාස අටක කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකාව හා ආසියානු පැසිපික් කලාපීය රටවල මෙන්ම බටහිර රටවල් වෙත සංචාරය කරමින් අදාළ විමර්ශනය සඳහා තොරතුරු රැස්‌කිරීමේ යෙදෙනු ඇත.
මෙහිදී ගෙවී ගිය හත් වසරක කාලය තුළ හා යුද්ධයේ අවසන් සමයේ මෙරට සිදුවූ පුද්ගල පැහැරගැනීම්, ඝාතන, වධබන්ධනයන්ට ලක්‌කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය වීම් මොවුන් පුළුල් විමර්ශනයක යෙදෙනු ඇතැයිද වාර්තා වේ.
මෙම විමර්ශන කටයුතු සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකහමාරක් පමණ වන අතර සිය විමර්ශනයේදී වීඩියෝ දර්ශන, වාචික සෘජු සාක්‌ෂි ඇතුළු අංශ කිහිපයක් කෙරේ මෙම කමිටුවේ අවධානය යොමු කෙරෙන බවද සඳහන් වේ.
ඉකුත් මාර්තු මාසයේ පැවැති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාව විසින් ගෙන එනු ලැබූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අනුව මෙරට මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා අදාළ විමර්ශන කමිටුව පත් කෙරේ.
සමන් ගමගේ
http://www.divaina.com/2014/06/03/news24.html
Pic Source






0 comments:
Post a Comment