ඉකුත් දා නිකුත් කෙරුණු රේගු දෙපාර්තමේන්තුවේ මාණ්‌ඩලික ශ්‍රේණීන් සඳහා බඳවා ගැනීමේ ගැසට් නිවේදනයට අනුව ඒ සඳහා වන තරග විභාගයට අයෑදුම් කළ හැක්‌කේ වයස අවුරුදු 28 දක්‌වා වූ උපාධිධාරින්ට පමණි.
එසේම ඉදිරියේදී නිකුත් වීමට නියමිත ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීටෙම් ගැසට් නිවේදනයට අනුව එහි වයස් සීමාව සඳහන්ව ඇත්තේ අවුරුදු 30 දක්‌වා වන උපාධිධාරින් ලෙසින් බව රජයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල වසා දැමීම් වැනි විවිධ හේතූන් නිසා මෙරටදී උපාධියක් ලබා ගැනීමට ගත වන කාලය සමග සසඳන විට අදාළ තනතුරු සඳහා වැඩි අවස්‌ථාවක් හිමි වනුයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගන්නා පිරිසට බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය අනාගතයේදී මෙරට තුළ අර්බුද රැසක් නිර්මාණයට හේතු වන්නක් බව එම නිධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
සමන් ගමගේ
http://www.divaina.com/2014/06/01/news10.html
Pic Source






0 comments:
Post a Comment