Pages

Thursday, June 19, 2014

පහර දෙන විට නිවටයන් සේ බලාගෙන සිටිය යුතු නැහැ - සිංහල රාවය | ඔව් හිමිවරුන්ට සහ නිරයුධයන්ට පහර දෙන විට වැඳවැටෙන්නද?


පසුගියදා බේරුවල හා අලූත්ගම ප‍්‍රදේශයන්හි ඇති වූ ගැටුම් අනුමත නොකලද කිසිවෙකු පහර දෙන විට නිවටයන් සේ බලාගෙන සිටිය යුතු නැතැයි සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.


දෙහිවල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡවකදී උන් වහන්සේ මෙසේද පැවසූහ.

‘අලූත්ගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ආරාධනාව මතයි අප එම ස්ථානයට වැඩියේ. රැස්වීමේ වැඩ කටයුතු අවසන් වෙලා අප එම ස්ථානයේ සිට අයගම සමිත හාමුදුරුවෝ පෙරහැරකින් වැඩමවාගෙන දර්ගා නගරය හරහා උන්වහන්සේගේ පන්සලටයි ගියේ. නැතිව මුස්ලිම් ජනතාව ප‍්‍රකෝප කරවන්න හෝ ඔවුන්ට පහර දෙන්න නොවෙයි.

පන්සල තිබෙන්නේ දර්ගා නගරය හරහා වැටී ඇති මාර්ගයේ. එම මාර්ගයෙන් නොයා විපක්ෂ නායක ඉන්න කුරුදුවත්ත පාර හරහා ද අපි යන්නේ. රටේ වගකීමක් දරන විපක්ෂ නායක තුමා වගේ කෙනෙකු කරුණු කාරණා ගැන සොයා නොබලා දේශපාලන වාසි ගනිමින් තමන්ගේ ජනතාව පාවා දෙමින් මේ ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කිරීම වැරදියි.

පසුව අපි පෙරහැරින් යන විට දර්ගා නගරයේ දී අපිට ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ ප‍්‍රහාරය එල්ල වන විට සිංහල තරුණයෝ අප සමඟ සිටියේ නැහැ. ඔවුන්ට පෙරහැරේ එන්න විශේෂ කාර්ය බලකායේ සෙබළු ඉඩ දුන්නේ නැහැ. අපිට එල්ල වන ගල් මුල් ප‍්‍රහාර හා වෙඩි ප‍්‍රහාර නිසා තමයි ඔවුන් අප ඉන්න තැනට දුවගෙන ආවේ. එවිට තමයි මේ ගැටුම ඇති වුණේ. මේක තමයි ඇත්ත’

http://lankacnews.com/sinhala/news/117690/

සබැඳි ලිපි -
[
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

1 comments:

Anonymous said...

ඔව්නෙ..බුදු හාමුදුරුවෝ කිව්වෙත් ගැහුවොත් ගහපන් කියලනෙ..නහී වේරේන වේරානි කියල කිව්වෙ ඒකනෙ..