Pages

Monday, September 8, 2014

වැඩසිටි භික්ෂූන් 5000කගේ බෙලිකපා, මූසලුවන් ගිනිබත් කළ, වසර 800 කට පසු යළි ඇරඹුණු නාලන්දා විශ්වවිද්‍යාලය

වසර 800 කට පසු සැප්තැම්බර් 01 වැනිදා නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ වීම ගැන බෞද්ධ ලෝකයම සතුටු විය. මෙහි අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ සිසුන් 15 දෙනෙකුගෙනි. එම පිරිසට ජපාන හා භූතාන ශිෂ්‍යයන් දෙදෙනකුද ඇතුළත් විය.

මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේද අතීත නාලන්දා විශ්වවිද්‍යාලය පැවති ස්‌ථානයට නුදුරේය. ඒ බිහාර් ප්‍රාන්තයේ රාජගිර්හිදීය. වසර 800 කට පසු විනාශ වූ විශිෂ්ට බෞද්ධ අධ්‍යාපන උරුමය ගොඩනැගීමට හැකිවේද යන්න සෑම දෙනාගේ සිත තුළම පැන නැගුන ප්‍රශ්නයකි.

අතීත නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ පස්‌වැනි සියවසේ ගුප්ත රාජවංශය රජකරන සමයේදීය. මෙම අදීන උරුමය විනාශ කෙරුණේ ක්‍රි. ව. 1193 දී භක්‌තියාර් ඛල්ජි නම් මුස්‌ලිම් ආක්‍රමණිකයා මෙහෙයවනු ලැබූ 500 දෙනකුගෙන් යුත් අශ්වාරෝහක සේනාවක්‌ මගිනි. එදා මේ ආක්‍රමණිකයෝ භික්‌ෂූන් වහන්සේ පන්දහසකගේ බෙලි කපා දමා ලොව විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ගිනි තබා වැනසූහ.

නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්‌තකාලය මාස තුනක්‌ තිස්‌සේ දැවුණු බව ඉතිහාසයේ සඳහන් වේ. එදා ගිනිගත් සහල් අද ද නාලන්දා විශ්වවිද්‍යාල කෞතුකාගාරයේ දක්‌නට ඇත.

ගඩොලින් නිර්මාණය කරන ලද නාලන්දා විශ්වවිද්‍යාලය හෙක්‌ටයාර 14 ක භූමියක්‌ පුරා පැතිරී තිබිණි. නාලන්දා විශ්වවිද්‍යාලය ලොව ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලයයි. එහි නේවාසිකාගාරවල දස දහසකට නවාතැන් පහසුකම් තිබිණි. හියුන්සෑන්ගේ වාර්තාවලට අනුව මෙහි විසූ ශිෂ්‍ය පිරිස 3000 ත් 5000 ත් අතර වේ.


බෞද්ධ ඉතිහාසය අනුව නාලන්දා ප්‍රදේශයට බුදුන්වහන්සේ වැඩම කර ඇති අතර එය සැරියුත් මහ රහතුන්ගේ උපන්ගමය. ශුන්‍යය සොයාගත් නාගර්ජුනද මෙහි ආචාර්යවරයෙකි.

කොරියාව, චීනය, ටිබෙටය, ශ්‍රී ලංකාව මෙන්ම ඉරානයෙන්ද තුර්කියෙන්ද මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයන් පැමිණ ඇත. ඇත්තෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලය මහායාන බෞද්ධ දර්ශනය ඉගැන්වූ තැනක්‌ විය. නාලන්ද විශ්වවිද්‍යාලයේ පුස්‌තකාලය හඳුන්වනු ලැබුවේ ධර්මගංගා ලෙසය. එය සුවිශාල ගොඩනැගිලි තුනක පිහිටුවා තිබිණි. ඒවා රත්නසාගර, රත්නදාදි හා රත්නරන්ජක යන නම්වලින් හඳුන්වා තිබිණි. මේවායේ අර්ථය වන්නේ මැණික්‌ සාගරයක්‌ යන්නයි.

මේ ග්‍රන්ථවල වටිනාකම එයින්ම වැටහේ. තට්‌ටු නවයක්‌ උසැති මේ ගොඩනැගිල්ලක මෙම ග්‍රන්ථ තැන්පත් කර තිබිණි. ව්‍යාකරණ, තර්ක ශාස්‌ත්‍රය, සාහිත්‍ය, නක්‌ෂත්‍ර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මෙන්ම අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථද මෙම පුස්‌තකාලයේ රැස්‌කර තිබිණි.

මේ සියල්ල විනාශ කර දැමීමට මුස්‌ලිම් ආක්‍රමණිකයෝ සැහැසි වූහ. ඔවුන් මුලින්ම මේ විශ්වවිද්‍යාලයට පහර දුන්නේ එය බලකොටුවක්‌ යෑයි සැක සිතා බව ඉතිහාසයේ සඳහන් වේ. චීන දේශාටක හියුන්සෑන් භික්‌ෂුව 7 වැනි සියවසේදී මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස කටයුතු කර ඇත.

වර්තමානයේදී නාලන්දා විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීම සඳහා මූලික පදනම වැටුණේ හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් බිහාරයේ පැවැති උත්සවයකදී යළි මේ විශ්ව විද්‍යාලය නගා සිටුවිය යුතු බවට කළ යෝජනාව සමගය. ඒ අනුව 2010 දී නාලන්ද විශ්වවිද්‍යාල පනත සභාවට ඉදිරිපත් කෙරිණි.

නාලන්දා විශ්වවිද්‍යාලය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ජපානය හා සිංගප්පූරුව ආධාර ලබා දුන් අතර ඒ සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන සියයකි. බිහාර ප්‍රාන්ත ආණ්‌ඩුව මෙම විශ්වවිද්‍යාලය සඳහා අක්‌කර 443 ක්‌ පවරා දුන්නේය.

මෙහි දැනට සේවය කරන ආචාර්යවරුන් ගණන 11 කි. මෙහි කුලපති වන්නේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමාත්‍ය සෙන් වන අතර උපකුලපති ලෙස ගෝපා ශබ්රාවාල් මහත්මිය කටයුතු කරයි.

මෙම විශ්වවිද්‍යාලයට මුලින්ම තෝරාගත් ශිෂ්‍යයන් 15 දෙනාගෙන් 5 දෙනෙක්‌ කාන්තාවෝය. නාලන්දා විශ්වවිද්‍යාලය විවෘත කිරීමෙන් පසු උපකුලපතිනි ගෝපා ශබ්රාවාල් ප්‍රකාශ කළේ සැබවින්ම සිහිනයක්‌ සැබෑවූ බවයි.

චතුර පමුණුව

http://www.divaina.com/2014/09/06/feature03.html

සබැඳි ලිපි -
[
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

2 comments:

Anonymous said...

Allah huakbar.

Mohandas Kumaralal said...

Api harima sathuti,